07

~~සමනල වසන්තය ~~~
07 කොටස
තවත් දවස් දෙකක් යනකන් බෙඩ් එකටම වෙලා හිටිය සදූට ඉස්කෝලේ යන්න පුළුවන් උනේ බදාදා … ඒ වෙද්දී කෙල්ල හිටියාට වඩා ගොඩක් කෙට්ටු වෙලා …. පව් කියලත් හිතෙනවා ඒ මුහුණ දකිද්දී …
‘අම්මා …අම්මා බලන්නකෝ මගේ ගවුම ගොඩක් ලොකු වෙලා ..’ සදූ ගවුම කරෙන් පල්ලෙහාට දාලා කන්නාඩිය ඉස්සරහට ගිහින් අඩන්න මුහුණ හදා ගත්තා ..
‘අම්මා .. බලන්නකෝ මගේ ගවුම ගොඩක් ලොකු වෙලා ..’ මම සදුට ඇද කෙරුවේ එයා කියපු දේම ආපස්සට කියලා …. මට ඕන උනේ එයාව පොඩ්ඩක් අවුස්සන්න …පහු ගිය දවස් ටිකේ මෙයා අසනීපෙන් හිටිය නිසා මට කිසිම ගතියක් නැහැ ..මගේ සහෝදරි එක්ක පොඩි රණ්ඩුවක් අල්ලන්නම ඕන මගේ හිතට ෆිට් එකක් එන්න ..
‘ඔයා මේ ..කට වහගන්න …. හැම වෙලේම මට වද දෙනවා ….’
‘ඔයා මේ ..කට වහගන්න …. හැම වෙලේම මට වද දෙනවා ….’
‘අනේ කට වහගන්නවාද ..’
‘අනේ කට වහගන්නවාද ..’
‘අම්මේ ..’ මගෙන් බේරෙන්න බැරිම තැන සදූ අඩාගෙන අම්මා හොයාගෙන ගියා .
‘අම්මේ .. ‘
‘මොකද හිරූ මේ සදූ කියන්නේ …. ‘’ සදූ ආපහු ආවේ අම්මාවත් ඇදගෙනමයි …
‘ඇයි අම්මා එයා මොනාද කියන්නේ … ‘’ මම හොද ළමයා වගේ කොන්ඩ කරලක් ගොතලා පටියක් ගැට ගැහුවා ..
‘එයා කියන දේම ආපහු කියන්නේ ඇයි ඔයා ..’
‘මෙයාගේ බොරු අම්මා …. ඔය මෙයා මට ඔයාට කියලා බන්නවන්න හදන්නේ … අම්මා ඔයා දන්නවානේ මම හොද ළමයෙක් කියලා … ‘
මම හරි අහිංසක විදිහට එහෙම කියන ගමන් බෑග් එක එල්ලා ගත්තේ … ඉක්මනින් මෙතනින් පැනගන්න හිතාගෙන මොකද අම්මා අහන හරස් ප්‍රශ්න වලට උත්තර දෙන්න ගියොත් මාව අහුවෙනවා නේ ..
‘අම්මා මම යනවා .. මට පරක්කු වෙනවා ..’ කොහොම හරි අම්මාට වැදලා මම කාමරෙන් එළියට පැනගත්තා …
‘මේ සදූවත් එක්ක යන්න හිරූ …’ අම්මා කිව්ව දේ ඇහුනේ නැහැ වගේ මම ගේට්ටුවෙන් එළියට ගියේ අර හොල්මන නහයෙන් අඩන එක බලාගෙන ඉන්න අමාරු හින්දා …

‘ගුඩ් මෝර්නින් හිරූ ..’ විශාකා එකේ දේවින්දි මාව දැකලා මාත් එක්ක පෙලට වැටුනා …දේවින්දි ඉන්නේ අපේ ස්කීම් එකේම ගෙදරක ….
‘ගුඩ් මෝර්නින් දේවින්දි ….’
‘සදූ ට දැන් උණ හොදයිද …. ‘ ‘’
‘ඔව් ..දැන් හොදයි …. අද ස්කුල් යයි …’
‘මේ … ඔයාගෙන් කියන්න දෙයක් තියෙනවා …’
‘කියන්නකෝ …’
‘අපේ කසින් රමේෂ් දන්නවානේ එයාගේ යාලුවෙක් ඉන්නවා අනුප කියලා එයා සදූ ගැන අහනවා …. පොර මාර විදිහට කෙල්ලට ලව් ..’
දේවින්දි කියන කතාවේ හැටියට අනුප සදූට ඇත්තටම ආදරේ ..ඒ උනත් අපේ අප්පච්චි කවදාවත් කැමති වෙන්නේ නැහැනේ මැරයෙක්ගේ පුතෙක්ට දුවව දෙන්න ..ඒ නිසා වෙන්න ඕන සදූ කොල්ලව ගණන් ගන්නේ නැතිව ඇත්තේ ..
‘ඌ කොච්චර ලව් කලත් අපේ අප්පච්චී ඕකට කැමති වෙන්නේ නැති වෙයි …. ඔයා රමේෂ්ට කියන්න … යාළුවාට කියන්න කියලා සදූ ගැන හිතන්න එපා කියලා ..’ ඒ වේලාවේ නම් මම ගොඩක් සීරියස් වෙලා හිටියේ ..
‘හ්ම්ම් මම කියන්නම් …. හිරූ මම යනවා එහෙනම් ….. අන්න අපේ බස් එක එනවා ..’ දේවින්දි දුවලා ගිහින් බස් එකේ නැග්ගට පස්සේ මම බස් හෝල්ට් එක ඇතුලට ගියා … තවත් විනාඩි ගානකට පස්සේ සදූ බස් හෝල්ට් එකට එනකන්ම කොහොම හරි අපේ බස් එක ඇවිල්ලා තිබ්බේ නැහැ …

*******
ගීතිකා මිස් අසනීප වෙලා නිසා එදා තිබ්බ සිංහල පීරියඩ් දෙකම අපිට ෆි කෙල්ලොන්ට ඉතින් ඊට එහා දෙයක් නැහැ ….
‘ගැහැණු පිරිමි මල් පලතුරු කරමුකෝ අපි …’ තෙජාගෙන් රික්වෙස්ට් එකක්
‘අනේ මට බෑ ගීතයෙන් ගීතය කරමු ..’
‘බෑ …බෑ …බෑ …අපි අභිරූපනය කරමු … දැන් මම කියන චරිතේ ඔයාලා රගපාන්න ඕන ..’ මම ඉස්සරහට ඇවිත් එහෙම කියද්දී කෙල්ලෝ කට්ටියම මගේ අදහස එකග උනා …
‘හරි හරි අපි රගපාන්නම් ….. ඉස්සරලාම උබ රගපාන්න ඕන අපි කියන විදිහට …’
‘ආ …කියපන්කො … ‘’
‘මිස් ගීතිකා වගේ රගපාලා පෙන්නපන් ..’
‘හරි ….එහෙනම් ඔන්න පටන් ගමු …’
මම ගීතිකා මිස් පංතියට එන විදිහට පොත් මිටියකුත් තුරුළු කරගෙන පංතියට ආවා …
‘ආයුබෝවන් ළමාආයි …. ‘’ පොත් ටික මේසේ උඩ තියලා මම පංති කාමරේට හිටිය ළමයි දිහා බැලුවා …
‘අද මම ඔය ළමයිට කියලා දෙන්න යන්නේ …. සැළලිහිණි සංදේශය ගැන ….ඔය ළමයි දන්නවාද සැළලිහිණි සංදේශය ගැන ….. මේ ඔය දිලිනි මේ පැත්ත බලන්න මොකක්ද ඔය ලමයා කර කර හිටියේ … ඉස්කෝලේ එන්නේ ඉගෙන ගන්න මිසක් සිහින ලෝක වල ඉන්න නෙවෙයි …ඉස්සරහාට එනවා …මේ දැන්ම …මොකද රවන්නේ …. ඉක්මනට එනවා ….’ කෙල්ලෝ ටික ඇස් ගෙඩි උඩ තියාගෙන බලාගෙන ඉන්නවා … දිලිනි බය වෙලා වගේ ගල් ගැහිලා බලාගෙන ඉන්නවා ..
‘මම කිව්ව දේ තේරුනේ නැද්ද හලෝ …. මෙහෙ එනවා නේද කිව්වේ ..’ මේසේ උඩ තිබ්බ චෝක් කෑල්ලක් අරන් දිලිනි දිහාවට විසි කරද්දීම මෙන්න බොලේ මගේ පස්ස පැත්තට වැදුන පාරක් නිසා මාව රත්වෙලා ගියා .. රොබෝ කෙනෙක් වගේ මම ආපස්සට හැරිලා බලද්දී මෙන්න බොලේ දීප්ති මැඩම් වේවැලක් අතේ තියාගෙන ගිනිගන්න ඇස් වලින් මගේ දිහා බලාගෙන ඉන්නවා ….
‘තමුන් ඔය මොනවාද කරන්නේ …’ වේවැල හොලව හොලවාම මිස් මගේ වටේ රව්මක් කැරකුනා
‘අභි ..අභි රූපනය …’මම ගොත ගැහුවා …

‘හරි ශෝක් …මේක DRAMA ෆිරියඩ් එකද අභිරූපනය කරන්න …. දැන් ගිහින් සිංහල පොත් අතට ගන්නවාලා …. ඉස්කෝලේ දෙක වෙන්න කෑ ගහද්දි අනිත් ළමයි ඉගෙන ගන්නේ නැද්ද …’
පස්ස පුපුරන්න වගේ රිදුම් දෙද්දී මම මගේ ඩෙස්ක් එක ලගට ඇවිදගෙන ගියා ….. වාඩිවෙන්න බැරි තරම් පස්ස රිදෙනවා …මොනවා කරන්නද ඉතින් මාත් …..හිරූට තමා හැම දේම වෙන්නේ …
*****
‘හිරූ …..’ ඉන්ටර්වල් එකේදී මෙන්න මගේ සහෝදරි මාව හොයාගෙන ඇවිත් මුහුණ රතු කරගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා … දක්ෂිත් ඉන්නවා එයාගේ සපෝර්ට් එකට …. මෙයා ගින්න දීලා වගේ …මට පේන ව්දිහට
‘මොකද හලෝ ගේමක්ද ..’
‘තමුසේ බලු වැඩ කරන්න එපා හලෝ ..’ කවදාවත් නැතිව සදුට හොදටම තරහා ගිහින්
‘මම බල්ලෙක් නෙවෙයි නේ බලු වැඩ කරන්න … වහෙන් ඔරෝ කියන්නේ නැතිව කෙලින් කියනවා දැන් මොකද වෙලා තියෙන්නේ ..’
‘තමුසේ එදා ක්ලාස් එකට මාව කාලානේ ..’
‘සදු ඔයා දන්නවානේ රත්තරන් මම වෙජිටේරියන් කියලා …මම මිනි මස් කන්නේ නැහැ .. ‘’ මම එයා සීරියස් කියන දේවල් ජෝක් එකට ගත්තා …
‘හැම දෙයක්ම විහිළුවට ගන්න එපා …තමුසේ කරපු දේවල් නිසා ඒ කොල්ලා හිතාගෙන ඉන්නේ මම ඒකාට කැමති කියලා …. එක එකා අතේ මට පණිවිඩ එවනවා …. මහා වදයක් වෙලා මට …ඉන්නවකෝ ..මම තමුසේ කරන වැඩ අද නම් අම්මාට කියනවා …’ හිරුට මාරයා ආවේශ වෙලා වගේ තරහෙන් කතා කරන්නේ ….මෙයාව කුල් කරන එක තමා හොද …ඒත් ඉතින් කොහොමද මේ හොල්මන කුල් කරන්නේ …මාගේ දෙවියනේ මේ බැතිමතිගේ මොළේට අදහසක් දෙනු මැනවි …
‘හරි දැන් පහැදිලි කරනවා මොකද වෙලා තියෙන්නේ කියලා …’ මම ටිකක් සීරියස් ව්දිහට සදූ දිහා බැලුවා තරහා ගිය පාර එයාට ඇඩේන්නත් වගේ … පව් කියලත් හිතෙනේවා අප්පා ..
‘ඔයා මොකද අනුප එක්ක කතා කරන්න ගියේ ‘’
‘කව්ද අනුප කියන්නේ ….’ මම නොදන්න පාර්ට් එකක් දාන ගමන් එහෙම ඇහුවා
‘අනුප කියන්නේ අර අපේ සිංහල ක්ලාස් එකේ කොල්ලෙක් නේ ..’
‘ඉතින් එයාත් එක්ක කතා කරා කියලා මොකද වෙන්නේ …’
‘මොකද වෙන්නේ කියලා අහන්නේ …. ඒ කොල්ලා මගේ පස්සේ එනවා වදයක් වෙන තරමටම … ඔයා මේ කරන වැඩ වලින් වෙන්නේ ඒ කොල්ලා මම එයාට කැමති කියලා හිතන එකයි … මේ වගේ මෝඩ වැඩ කරන්න එපා ආයේ නම් …’ මම තවත් මොකුත් කියන්න කලින් සදු අඩාගෙන දුවලා ගිහින් එයාගේ ඩෙස්ක් එකේ මුහුණ හංගා ගත්තා ..

මතු සම්බන්ධයි 

2 Comments

  1. Hello there, just became alert to your blog through Google, and
    found that it’s really informative. I am gonna watch out for
    brussels. I’ll appreciate if you continue this in future.
    A lot of people will be benefited from your writing.
    Cheers! Escape room lista

Leave a Reply

Your email address will not be published. Required fields are marked *