08

~~සමනල වසන්තය ~~~
08 කොටස
එදා ඉදලා ටික දවසක් යනකන්ම සදූ මාත් එක්ක කතා කරන්න ආවේ නැහැ …. කොහොමත් ඉතින් මට එයා එක්ක කතා නොකර ඉන්නත් බැහැනේ ….. තරහා වෙන්නයි යාළු වෙන්නයි ඉතින් මට කියලා සහෝදරයෝ දහයක් පහළොවක් නැහැ නේ ..ඉන්න එකම එක්කෙනා සදූ විතරයි …එයා එක්ක තරහා වෙලා කොහොමද ඉතින් …. කොහොමද දැන් මෙයාව යාළු කරගන්නේ …. මම කල්පනා කලේ සදූව යාළුකරගන්න විදිහක් ගැන …මගේ මෝඩ මොලේට අයිඩියා එකක් එනවා කියලාද මේ වගේ අවස්ථාවක
‘මොනවා හරි කරපන් හිරූ …… මොනවද කරන්නේ …ම්ම්ම් … හරි අයිඩියා …. ’
ඉස්කෝලේ ඇරිලා එන්න පාරට බැස්සට පස්සේ තමා මට අදහසක් ආවේ …
‘පුජනී … මාත් එක්ක පොඩි බඩුවක් ගන්න එනවාද …’
‘හරි උබ කියනවා නම් ඉතින් අපායට හරි එන්න එපෑයි …’
‘ අපායට ….පිස්සුද බන් මම කවදාවත් උබලා එක්ක අපායට යන්නේ නැහැ … එහෙ ගිහිල්ලාවත් මට නිදහසේ ඉන්න බැරි වෙයි …’
‘ හරි හරි අපි දැන් කොහෙද යන්නේ කියාන්කෝ …’
‘අපි යනවා ෂොපින් ….’
‘හරි එහෙනම් යමුකෝ ..’
නුගේගොඩ ටවුන් එක පුරාම රස්තියාදු ගහලා මම තෝරාගත්තේ සදූ ගොඩක් ආශාවෙන් හිටිය පත සයිස් ටෙඩියෙක් … සදූ ගොඩක් දවස් ඉදලා අම්මාගෙන් ටෙඩියෙක් ඉල්ලුවත් අම්මා එයා කිව්ව දේ එච්චර ගණන් ගත්තේ නැති නිසා අන්තිමේට එයා ඒ ඉල්ලීම කරන එක නවත්තලා දැම්මා ….. එයා ආශා කරන දෙයක් දුන්නොත් නම් සදූ පැනලා මාත් එක්ක යාළු වෙයි …
අම්මා පොකට් මනි වලට දුන්න සල්ලි වලින් මම එකතු කරගෙන තිබ්බ රුපියල් පන්දාහක් වියදම් කරන්න මට කිසිම ලෝභ කමක් තිබුනේ නැහැ …. අපි දෙන්නා ලොකු ටෙඩියා තිබ්බ බෑග් එකත් තුරුළු කරගෙන එළියට බහිද්දී දිව ගිලෙන්න සයිස් එකට වතුර තිබහා ඉවසන්න බැරි තරමටම ….
‘මැක්‍රින් එකෙන් අයිස් ක්‍රිම් කමුද ….’
‘ඒ අදහස නම් නරකම නැහැ ..’
‘එහෙනම් යමු …’
දෙන්නත් එක්ක මැක්‍රින් එක පැත්තට යන්න හැරිලා අඩි පහක් හයක් යන්න හම්බවුනේ නැහැ හුරු පුරුදු මුහුණක් යාළුවෙකුත් එක්ක අපි ඉස්සරහින් යන්න හදනවා …
‘ඒයි උලමා ..’ එක පාරම දිනිතගේ නම මතක් උනේ නැති නිසා මට එහෙම කියවුනා … දිනිත එකපාරම හැරිලා බැලුවේ හරියට එයාගේ නම උලමා වගේ …. ඩෙනිම් කලිසමකට අත්කොට ලාකොළ පාට ෂර්ට් එකක් ඇදගෙන හිටිය කොල්ලා වෙනදාටත් වැඩිය හැන්ඩි …
‘කවුරු කිව්වා ..’ දිනිත එහෙම ඇහුවේ ඇස් කරකවන ගමන්මයි …
‘මේ ..මේ …මම කිව්වේ මොකක්ද … මම කිව්වේ දිනිත කියලා ..නැද්ද පුජනී …මම කිවේවේ එහෙම නේද ..’
මම පුජනිවත් ඇදගත්තා අපේ කතාවට …. ඒකිත් ඔළුව හෙල්ලුවේ ඒක ඇත්ත බව කියන්න වගේ ..
‘හ්ම්ම්ම්ම් … ඇයි මට කතා කලේ …’
‘කතා කලේ …. කතා කරන්න …ඔව් ..ඔව් කතා කරන්න …’
‘මොනවද කතා කරන්නේ අපි …’
‘දන්නේ නැහැ …ඒත් ..මට හිතුනා කතා කරන්න ඕන කියලා ..’ දිනිත ඉස්සරහා මගේ මොළේ අච්චාරු වෙනවා නේ දෙවියනේ … මොනවා කියන්නද කියලා මටම තේරෙන්නේ නැහැ …
‘මට ඔයාත් එක්ක කතා කරන්න දෙයක් නැහැ .. කියන්න දෙයක් තියෙනවා නම් මේ දැන් කියන්න …ඉක්මනට ‘
දිනිත අත් ඔරලෝසුව දිහා බැලුවේ කවුරු හරි එයා එනකන් බලාගෙන ඉන්නවා පරක්කු වෙයි කියන්න වගේ … අපෝ මේ වගේ මැටි පුසෙක් …මම වගේ කෙල්ලක් කතා කරද්දී මග ඇරලා යන්න හදන්නේ ..
‘මට දැන් මතක් වෙන්නේ නැහැ නේ …’
‘එහෙනම් ඔයාට මතක් උන වේලාවක කොලේක ලියලා තියාගෙන … ආයෙම මාව හම්බවුන දවසක කියන්නකෝ ..’
දිනිත එහෙම කියලා කට ඇද කරලා අපි එතන ඉද්දිම යන්න ගියා …
‘මෝඩයා ..උලමා …මැටි පුසා …. උනහපුළුවා …. ‘මම එක දිගට සුපුරුදු නම් ටික කියාගෙන කියාගෙන ගියා ..
‘මොකක්ද බන් උබ ඔය කියන නම් …. ඌ ඔය එක සතෙක් වගේවත් නැහැ නේ ..’
‘නැත්තේ මොකද මුහුණේ හැටි පේන්නේ නැද්ද …. උලමෙක් වගේ …’
‘හරි දැන් කියපන්කො උබ උලමෙක් දැකලා තියනවාද …’
‘මොකද නැත්තේ …දැන් ටිකකට ඉස්සරලා මෙතන ඉදලා ගියේ .. ඌ නියම උලමෙක් නේ ..’
‘හිරූ වෙලාවකට උබ නම් පිස්සියක් …මෙන්න මෙහෙ වරෙන් යන්න …දැන් අපේ බස් එක තියෙනවා ඒක ගියොත් පැයකට බස් එකක් නැහැ ..’
‘එතකොට අයිස්ක්‍රීම් …’
‘අයිස්ක්‍රීම් එක ක කා හිටියොත් බස් එක මිස් වෙයි ….අයිස්ක්‍රීම් පස්සේ කමු …දැන් මෙන්න මෙහේ වරෙන් යන්න .’
පුජනි මාවත් ඇදගෙන ඉස්සරහට ඇවිදගෙන ගියා …

මම ගෙදර ලගින් බස් එකෙන් බහිද්දී යාන්තමට කළුවර වැටීගෙන එනවා … ගෙදර ගේට්ටුව ගාව ඉදලා සදුත් එක්ක පාර දිහා බලාගෙන හිටිය අම්මා දැක්කාම තමා මට මතක් උනේ මම පරක්කු නිසා අම්මා හොදටම බය වෙලා ඇති කියලා ..හදිස්සිය නිසා සදුටවත් කියාගන්න බැරිවුනානේ අද පරක්කු වෙනවා කියලා ..
‘කොහෙද මෙච්චර වෙලා ගියේ …’ අම්මාගේ මුහුණ දැක්කාම මට හිතුනා එයාට හොදටම කේන්ති ගිහින් කියලා …
‘මම මේ ටවුන් එකට ගියා අම්මා …’ මම එහෙම කියන ගමන් සදු දිහා බැලුවා එයා මගේ බැල්ම මග ඇරලා ගේ දිහාවට යද්දී මම අම්මාගේ අතක එල්ලුනා ….
‘යන තැනක සදූට කියලා යන්න දන්නේ නැද්ද …ඔයා නම් වැඩ කරන්නේ කිසිම බරක් පතලක් හිතන්නේ නැතිව ….ඇයි හිරූ මේ විදිහට වැඩ කරන්නේ …’ අම්මාගේ කටහඩේ තිබ්බේ පුදුමාකාර වේදනාවක් …
‘සොරි අම්මා මම එච්චර හිතුවේ නැහැ ….. ආයේ කවදාවත් මම ඔයාට කියන්නේ නැතිව කොහෙවත් යන්නේ නැහැ ..සත්තයි ..’
අම්මාගේ ඔළුවේ අත තියලා මම එයාට පොරොන්දුවක් දුන්නා ….
‘මම තේ හදාගෙන එන්නම් ..දැන් ඔයා ගිහින් ඇග හොදාගන්න …’
අම්මා කුස්සිය පැත්තට යද්දී මම බෑග් එකෙන් ටෙඩියා අතට අරන් සදූව හොයාගෙන ගියා ..පාඩම් මේසේ වාඩිවෙලා එයා පොතකට ඔළුව ඔබාගෙන ඉන්නවා …
‘සදූ … ‘ මම ටෙඩියා මුහුණ ඉස්සරහින් තියාගෙන සදූ ලගට ගියේ කටහඩ වෙනස් කරන ගමන්මයි …. කෙල්ල බෙල්ල හරවලා බලද්දී ටෙඩියා දැක්ක පාර ඇස් දෙක නලලේ තියාගත්තා …
‘කොහෙන්ද ඔයාට ඕක …’
‘ කාගේවත් නෙවෙයි මේක ඔයාගේ …….. මේක මම ගත්තේ මගේ ආදරණිය සහෝදරියට තමා … ‘ මම එහෙම කියද්දී සදූ හූ කියාගෙන මගේ ලගට දුවගෙන ආවා ….
‘ තෑන්ක් යූ …තෑන්ක් යූ …. තෑන්ක් යූ …. උම්ම්ම්ම්ම්ම්ම්ම්මා …… මම කොච්චර ආශාවෙන්ද හිටියේ මේකට …… ’ කෙල්ල හැම අමනාපයක්ම අමතක කරලා දාලා ටෙඩියා අතට ගද්දි මගේ හිතටත් සතුටුයි ….
‘ එහෙනම් …… මම වොෂ් එකක් දාගෙන එන්නම්කෝ .. ‘
‘හැබැයි හිරූ ආයේ එහෙම අර වගේ නෝටි වැඩ කරන්න එහෙම එපා ..’ නාන කාමරය පැත්තට යන්න ගිය මට සදූ වොර්නින් එකක් දෙන්න අමතක කලේ නැහැ …

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *