08

##නිම්හිම් සේයා##
8
අද දවස පුදුමාකාරයී ..මුලු දවසම දිනෙත් අයියා වෙනුවෙන් වැඩ කලා කීවොත් හරි..එයාට කන්න කෑම එහෙට මෙහෙට ඇදලම හොද පණ ගියා…මේතරම් මන් මන් වෙනුවෙන් වත් මහන්සි වෙලා නැතිව ඇති….
දැන් අම්මියි තාත්තියි ඇවිත් ඉන්න්නෙ..රෑට කන්න දෙයක් අරන් එන එක තමා මගේ ඊලග මෙහෙයුම…
චූටී මැනික …
එනවා තාත්ති…
ම්ම් තාත්තියා ගාවට දුවගෙන ගියා…තාත්ති මාව වටයක් දෙකක් කැරකෙව්වා..නල්ලට අත තියලාත් බැලුවා..
ඇයි තාත්තියෝ..
මන් තාත්ති ඉදන් උන්නු පුටුවෙ ඇන්දෙ වාඩිවෙලා තාත්තිගෙ බෙල්ල බදන් ඇහුවා…
ඔයාට සනීප නැද්ද මැනික ..ආච්චම්ම අද කිසිම කේලමක් කීවේ නෑනි…අම්මිත් කීවා අද කාමරේම උන්නා කියලා..ම්ම්ම්..මොකො ආච්චම්ම බැන්නද මගෙ පැන්චිට..
මන් දැන් මොකෝ කියන්නෙ ..දිනෙත් අයියාට කෑම ඇද්ධා කියන්නැයි.මන් මේ දේ හන්ගලා කරන්නෙ ලොකුම්ම ලොකු වැරැද්දක් බව දන්නවා …ඒත් අර අහින්සකයා පාවා දෙන්න පුලුවන්ද …
මන් මන් අයියා දුන්නු අලුත් පෝන් එකේ වැඩ කෑලි බැහ්ලුවා තාත්ති ඒක ඒක මාරයි..සුපිරි…
මොනාද අප්පෙ ඉතින් දවසම ඕකේ එල්ලිලා කලේ..දොරත් ලොක්කරන්…
ශුව එකටම කවුරුහරි ගෝතයෙක් එක්ක මලක් නෙලන්න ඇති.පව් අප්පා ඒ හිකනලා..මෙයාට අහුවුනොත් සදා සොත්ති බවන්තුතේ තමයි…
හනෙ මේ යනවා…එනවා මෙතන..
මන් අයියට ටොක්කක් දුනා..ඇයි අනේ මන් එඑච්චරම නරකද…

අම්මා රෑට කන්න හදලා තිවුනෙ ඉදිආප්පයි සම්බෝලයි..කිරිහොදියි..කොහොමත් මන් වැඩිය ඉදිඅප්ප කන්න ආස නෑ..ඒ නිසා අම්මි එදාට මට බලකරන්නෙත් නෑ..ඒ හන්දා මන් මගෙ කෑම එක රූම් එකට අරන් ආවා..දිනෙත් අයියා බිම ඉදගෙන කෑම ටික කෑවා..

අහ් කවුරුහර රූම් එකට එනවා වගේ..පව් අතේ ඉදුලුත් එක්ක තව ඉදිආප්ප ටිකකුත් පිගානේ..දිනෙත් අයියා ටෙඩියො මැද්දෙ හැන්ගුනා..මන් ටක් ගාලා පිගාන මගෙ අතට අරන් බොරුවට ඇනුවා..

අප්පා අද සුද්දි ඔක්කොම කාලානේ..මොකො අද බ්බඩෙ හිගන පැටියෙක් වත් ඉන්නවද ..

ඇවිත් ඉන්නෙ අම්මි..රෑට නිදාගන්න කලින් අයියගෙයි මගෙයි රූම් එකට ඇවිත් චුට්ටක් කතා කර කර ඉන්න එක අම්මිගෙ පුරුද්දක් ..කොච්චර මහන්සී වෙලා ආවත් අම්මි අපි වෙනුවෙන් ඒ කාලේ වැයකලා..

හම්මො බන්ඩි ෆුල්..ඇති..අහ්..

කෝ බලමු..

අම්මි මගෙ ටී එක උස්සලා බන්ඩි බැලුවා..අහ් අර මෝඩයටත් පේනවා…සුදු අම්මියෝ…

මොකො දූ ඇඹරෙන්නෙ..

කුචු අම්මියෝ ..

කෝ බන්න්ඩි ෆුල් කීවට බඩ පොත්තටම ඇලිලනි මෝඩී..ඔහොම කාලා හරියන්නැ කවදාහරි මේ චූටී බඩට මගෙ මුනුපුරෙක් දාගන්න ඕනී..එදාට ගොඩාක් අමාරු වෙයි මෙහෙම කෑවොත්..

හා..

හා නෙමී මගේ මෝඩී..උදෙ ඉදන් රූම් එකෙ මොක කලේ..ම්ම්ම්..අද වෙනස් ඔයා..

මොන වෙන්ස්ද අම්මි..මේ මන් වෙනදා සේයාමයි..

මන් ඇද උඩ හිටන් රවුමක් කැරකිලා පෙන්නුව…ඒ ගමන් හොර ඇහෙන් ටෙඩියෝ දිහාත් බැලුවා..ඒක අම්මිත් දැක්කා..

සුද්දි

ම්ම්

අත හෝදගන්න කෙල්ලෙ..

මන් බැලුවෙ අත න්නොසෝදා ඉන්න..

ඒ මෝකෝ..

අපරාදේ අම්මි වතුර බිල වැඩි වෙනානී..අපිට සල්ලිත් නැනී..තව ඉස්සරහට මගෙ දෑවද්දත් හොයන්න එපැයි..ම්ම්ම්..

මන් අම්මියට උම්මා දුන්නා..

යනව යනවා අත සෝදගන්නවා න්නාකී හුරතලේ..

හා මන් ගියාම තේරෙයී..

කොහෙද

මගෙ සූර්‍ය්‍යා එක්ක..

ඔහ්..මට පේන්නෙ දැන් කාලේ හරි වගේ..

අර මොනාටද..

මෙහෙන් යවන්න..

අහ් අම්මිට ඕනී තනියෙන් තාත්තිව අල්ලගන්නනී..ඒවා හරියන්නෙ නෑ දීපීකෝ..

පැහිච්චි ආච්චම්ම ..හ්ම්ම් මන් යනවා..

හරි සුදුඅම්මියො ගුඩ් නයිට්..

අප්පා හරි සුදුඅම්මියො ගියා..

දිනෙත් අයියා දැන් එන්නො..

අම්මි ගියාද

හ්න්ම්..අම්ම්මි පිගාන අරන් ගියා අයියා ..ඔයාට හරියට කන්නත් බැරි උනානේ..

නෑ..ම්මේ හැම දේකටම ස්තූති නන්ගි..

හා ..

ඉතින්

ඉතින්

නන්ගා

ම්ම්ම්

බඩුවක් කියන්නම්..

මොනාද මෙයා මේ ක්කියන්න යන බඩ්ඩ..

ඔයා සෝ සුවිට්..

ආ ඒකතමයි මේ මාව හැම තිස්සෙම කූබී කන්නෙ..මේ ම්මේ හැම තැනම්ම රතු වෙලා..

අහ්..මැට්ටි කොහෙන් කටට එනවද මන්දා වචන ..

මේන් මෙතනින්..

මන් පෙන්නුවෙ නම් මගෙ හිත..ඒත් එයා බැලුවෙ නම් වෙන දිහාවක් ඕන් අහන්න නම් එපා කොහෙද කියලා..

හරි මැට්ටෙක් තමා මෙයා නම්..බලන හැටි..

නන්ගා..

ඒ පාර මොකො..

ඔයා ලියන කවි,කතා ලස්සනයි ..

මොකක්..

ඔහොම ඇස් දෙක ලොකු කරලා බලන්න එපා මැට්ටියෙ..නිකම් ඉද්දිත් ඇස් ලොකුයි..ඔහොම ලොකු කලාම පොල් ගෙඩියක් සයිස්..බය හිතෙනවා ..

ඔයා කවද්ද මන් ලියන ඒවා ඇද්දෙ..ඔයා මගෙ මේසෙත් ඇවිස්සුවද..

අනෙ නෑ..මන් දවස් දෙකක් ඇද යටත් උන්නනි..එතකොට බිම වැටිලා තිවුනු පොතක් අරන් කාලේ ගෙවා ගන්න කම්මැලි කමට කියෙව්වා..ලස්සනයි ඒවා..අපි ලියමුකො පොතක්..

මන්..

ම්ම්

ආස නෑද..

ආසයි ..මන් ආසයි සූජීව ප්‍ර්සන්නාආරච්චි වගෙ වෙන්න..අනික මගෙ සතුට පොත් පොත් පොත්..උම්මා..අයි ලව් යූ බුක්ස්..

හපෝ ඉවරයි

කවුද

ඔයාගෙ කොල්ලා..

හි හා හූ..

මොකො .

මන් තනිකඩ කෙල්ලෙක්
තාම නැ මට කොල්ලෙක්..

වේකන්සි තියෙනවා එහෙනම් නෙ .

මොනාටද..

මුකුත් නෑ..කියමු බලන්න කොයි වගෙ කොල්ලෙක්ටද කැම්මති..

අහ්..අන්න එලකිරි කාලීන ප්‍ර්ශ්නයක් ..මන් අස ලන්කාවෙම ෆේමවුස් ක්කොල්ලෙක්ට..

නලුවෙක්ද..

ම්ම් නලුවෙක්ද ..නැ..ඒත් එයා ටැමිල් නලුවෙක් වගෙ වෙන්න ඕනී..

සුදු?

හපෝ සුද්දෝ එපා..

ඒ ඇස් දීප්තියෙන් බබලනව..

ඒනම්..

දැන් නම් කෙලින් බලන් ඉන්නත් අමාරුයී..ගිලීද..

කලු..කැත කලු නෙමි..පාරේ අතින් අල්ලන් එල්ලිලා යන්න පුලුවන් හැන්ඩි කොල්ලෙක්..ඉගෙන ගෙන තියෙන්න ඕනී..ම්ම්..සරල වෙන්නත් ඕනී..

නියමයි..හරී..

මොනාද හරි..

මුකුත් නැ..

හා දැන් ඔයාගෙ චොයිස් එක කියන්න ..

හා..එයාගෙ කොන්ඩෙ දියඇල්ලක් වගෙ දිග වෙන්න ඕනී..(හපෝ ලකුනු බින්දුවයි..මගෙ කොන්ඩෙ උරහිසට තියෙන්නෙ )රසට උයන්න පුලුවන් වෙන්න ඕනී..(ඒකත් බැ)අහින්සක චුටී දගක්කාරියක් වෙන්න ඕනී..(හපො මගෙ අහින්සක )

හා ඇති මට නිදිමතයි..ගුඩ් නයිට්..

මන් ඇදෙ පෙරලිලා නිදාගත්තා..තව ඇහුවත් ඔච්චර තමයි..නිකරුනෙ හිත රිද්දගන්න බැ..

නන්ගි තව තියෙනවා ..අහන්නෙ නැද්ද

ඕනී නෑ ඕවා අහලා මගේ හිත රිදෙනවා ..අහන්නෙ නෑම්ස්‍යි මන්..මට මොකො එයා කාට කැමති උනත්..මැට්ටා ..මෝඩයා ගෙම්බා..අහු කරලා දෙනවා හෙටම ..ඔව් ඉන්නවකො බදී මෙයාව එතකොට පොලීසියෙන් ගහක..

නන්ගා..

මන් නිදී..

හ්ම්ම්..මන් හිතුවෙ නන්ගා ආස ඇති කියලා ඉතුරු ටික දැනගන්ඩ..

ඕනී නෑ..

හික්ස්..

මොකෝ

මුකුත් නෑ..

මෝඩයා ඉන්නවකෝ මට හිනා වෙන්ඩ..මන් ඇදෙන් පැන්නා ..පැනලා කොන්ඩෙන් ඇද්දා..

හිනා වෙනවද..මට ආ..හිනා වෙනවද..හ්හිනා උනොත් දන්නවද කරන දේ කෝල් කරනවා පොලිසියට…එතකොට ..

මට මොකෝ මේ වෙලා තියෙන්නෙ ..ඇයි මට තරහා යන්නේ..අහ්..මන් ඒ ඇග උඩින් බැස්සා..බැහලා මූන වහගත්තා අත් දෙකින්..

සොරි අයියා..සොරි..

මැට්ටියෙක් මහා..මට ඉතුරු ටික කියන්න දුන්නෑනේ..මේ අහන්න මන් මේ ලෝකේ දැකපු හොදම කෙල්ල ඔයා..කවදාවත් මන් අමතක කරන්නෑ නන්ගිව..නන්ගි ලග තියෙන මනුස්සකම අද කෙල්ලො ලග නෑ..

හ්ම්ම් ..

අයියෙ සොරි ඔයාටරිද්දුවට..ඒත් මට දුක් හිතුනා හිනා උනාම..අයිය නිදාගන්න ..

හ්ම්ම්..නන්ගො අද මගෙ යාලූවා කතා කලා..අනිද්දා උදේ මන් යනවා..

හ්ම්ම්..

අනින්දායින් පස්සෙ අපි මුන ගැහෙන්නෙ නැතිව යයි..ශි එහෙම තියාගෙන මන් බොරුවට තරහා ගත්තා..මැට්ටියෙක් මන් නම්..ඒ පාර මොනාද කල්පනා කරනවා..මන් මහා නපුරියෙක් කියලා වෙන්නැති..කමක් නෑ..එහෙම්ම හිතපු දෙන්..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *