09වන දිගහැරුම

“මේ බටු ඇටේ තමුසේ ඔය ඇත්තටමද යන්න හදන්නේ”

චිනු යයි කියලා හිතල නෙවෙයි සෙනෙශ් ඒ විදියෙ දෙයක් කීවෙ කෙල්ලට…කොලා හිතුවේ චිනූ සෙව්මිනී ට ඉරිසියා කරනවා කියලයි…..මොන චිනුට ඉරිසියාවක් ගෑවිලාවත් තිබුනේ නෑ…ඒත් දැන් චිනූ හදන්නෙ යන්න….
කොල්ලට දවල් තරු පේන්න ගත්තා….

“දෙවියනේ මේකි මගේ සායම යවයි වගේ….”

“මොනාද දිගංචියෝ මුමුනන්නේ ….අතාරිනවා මාව….මං ආය චැලේන්ජ් එකක් අපතේ යවන එකෙක් නෙවෙයිනේ….”

කෙල්ල එහාට මෙහාට ඇබරෙමින් හැදුවේ සෝනුගෙන් ගැලවෙන්න…සෝනු තවත් හයියෙන් කෙල්ලව බදාගත්තා….
සෝනුගෙයි චිනූගෙයි මව්පියන් මේ දර්ශනය බලා ඉන්නේ සතුටින් වගෙම සෙව්මිනී මේක බලා හිටියේ දුකෙන් තරහින් කලකිරීමෙන්…😞😡😠

“මේ අහනවකෝ…මගෙ හොද බටු ඇටේනේ….මම ආයේත් තමුසෙට බටු ඇටේ නොකියා ඉන්නම්කෝ…ඔයා දිනුම් ..මං චැලේන්ජ් එක ඉල්ලා අස් කරගන්නම්…ඕකේ…. “😆😆😆😆

“බටු ඇටේ කියන්නේ නෑ කිය කියම හොද බටු ඇටේලු…….ඔහෙගේ පොරොන්දුත් දේශපාලන පොරොන්දු වගේ තමා….දිගංචියෝ … දැන් මාව අත නොඇරියොත් සෙව්මිනී ට කියන්න හිටි ඒවට වඩා ඒව කියනවා වගේම.. මෙත්න පාර්ටි එක දෙකක් වෙන්න කෑ ගහනවා මම….දන්නෝනේ මම චිනු ඈ…..”😉😉😉

කෙල්ල කියු දේවලට කොල්ලට එයාව නිකම්ම අතෑරුනා…ඒ සැනින් කෙල්ල ඔහුගෙන් මිදිලා ඇහැකුත් ගහන්ම ටික ටික සෙව්මිනී ට ළං උනා..

“හායි…සෙව්මිනී කොමද ඉතින්…..”

කෙල්ල ටිකක වහෙන් ඔරෝ මිත්‍රශීලීව සෙව්මිනී හා කුලුපග උනා…

“ඒක නෙවෙයි සෙමිනී අක්කි ….මාව මැරි කරන්න කලින් අයිය ඔෆිස් එකේ ගර්ල් කෙනෙක් ගැන හෝප්ස් තියන් හිටියලු….දෙන්නට දෙන්නම ඒ ගැන කතා ක්ළේත් නෑලූ…මටත් කීවේ මැරි කරාට පස්සේ…මට පව් කියලා හිතුනා අනේ දෙන්නම….ඔයා දාන්නවද ඒ ගිර්ල්ව…..”

සෙව්මිනී හිත ගැහෙන්න ගත්තා….ඇය දන්න තරමින් එහෙම එකක උන්නේ නෑ…සෙව්මිනී හිතුවා ඒ තමන්මයි කියලා….එවලෙම සෙව්මිනී හිතට දා ගත්තා චිනුව අයින් කරලා තමන් මේ සල්ලි දේපල සෙනේශ් හැමදේම අයිති කරගන්නවා කියලා…..

“ම්ං දන්නේ නෑ නංගී…”

“ඔව් දෙන්නම කියාගෙන නෑනේ අක්කි….ඒ ගර්ල් උසයිලූ….සාරිලු අදින්නේ…සාමන්‍යයෙන් සුදුයිලු….හරියට ඔයාගේ හැඩරුවමයි නේද?”

චිනූ කීවෙ ඇදල පැදලා..සෙව්මිනී ටය්ජ් ඉතින් ඊට වඩා දෙයක් නෑනේ….
සොනූ මේ දිහා බලා උන්නේ මේ මේ බෝම්බේ මොනවා දොඩවනවාදැයි දන්නේ නෑයැයි සිතමින්….

කෙසේ වෙතත් මේ වන විටත් චිනූ සෙනේශ්ගෙ බෙල්ල වට්වෙ ඔතන්න හොද කඹයක් සූදානම් කරලා ඉවරයි…

සෙව්මිනී ව අත්ත උඩින් තියලා චිනූ සෙනේශ් ට ළං උනා..

“මේ අන්න ඔයාගේ කුමාරී අහස උසට බලාපොරොත්තු පොදි ගහනව….”
කෙල්ල සෝනුට ඇගිල්ලකින් ඇනලා කීවා…
සෝනු කෙල්ලගේ අත පිටුපසට තියලා අල්ලගෙන ඈව තම ඇගට හේත්තු කරගත්තා…

“ආව් දිගංචියෝ රිදෙනවා……”

“රිදෙනවද?දැන් අතනේ…තමුසෙගේ හිත රිදෙයි දවසක …එදාට මම නෑ…..පසුතැවෙයි එක එක ඇන මගෙ කරේ එල්ලුවට……”

කොල්ලා කීවේ ටිකක් තදින් චිනේගේ කනට කරලා
..සෝනුගේ උනුසුම් සුසුම් කනට වැදුන නිසා කෙල්ල හිරිවටිලා ගියා…

“අනේ මේ මං මොකටද හිත රිද්ද ගන්නෙ….යලු වෙනවකෝ…මං තමා ලවු එකට සපෝට් කරන්නේ….”

කෙල්ල කීවේ ඔහුව ගානකටවත් නොගෙන….

“හා බලනවකෝ…..”

පවසමින් කොල්ල ගියේ සෙව්මිනී උන් අසළට…..සෝනූ සෙව්මිනීගේ අතින් අල්ලගෙන ආවේ ඩන්සින් ෆ්ලෝ එකට……සෙව්මිනී ට හරියට ඉහේ මලක් පිපුනා වගෙයි දැනුනේ…

චිනූ මේ දිහා බලන් හිටියේ සිනා පිරි මුවෙන්….

මෙව් අතර චිනු අසළට ආවේ සෙනේශ්ගේ මිතුරෙක්වන රදීශ් ය…

“හායි චිනු.. හබියා ගියානේ ඩාන්ස් කරන්න…යමු අපිත්…”
රදීශ් ආරාධනා කළා චිනූට….ඇය එය පිලිගත්තා….සෙනේශ්ගේ යහලුවන් යම් තරමකට ඈ හදුනනවා වගේම කෙල්ල හරිම සැහැල්ලු චරිතයක් නිසා….

රදීශ් ඩාන්ස් කරද්දී කෙල්ලගේ නිරාවරණය උන අත් ගොබ මිරිකගෙන මෙන් අල්ලගෙනයි හිටියේ….ඔහුගෙව් දෑස ගියේ නටද්දි නිරාවරණය වන ඇගේ කකුල්.වලටත් ඇගේ හැඩැති සිරුර වටාත්‍ ය…

මෙය කෙල්ලත් ටිකක තේරුණා…
ඒ වගෙම සේනේශුත් දැක්කා…..සෙනේශ් සෙව්මිනී ව අතැර දමා චිනූ උන් ස්තානයට ළං උනා..

එවිටම වාගේ කේල්ලත් අමාරුවෙන් ගැලවෙන්න හැදුවත් බැරි උනේ ඔහු තදින් අල්ලන් උන් නිසා….

ඔවුන් ළගට ආව සෙනෙශ් දැක්ක චිනූගේ මුහුණේ හැගීම්…දගකාරියක කටකාරියක මිස ඇය නැහැදිච්ක්ජ එකියක නොවන බව සෙනේශ් හොදටම දන්න නිසා ඔහුට ආවේ ඉහිළුම් නොදෙන කෝපයක්…
එනිසාම කොල්ලා රදීශ්ව ඇදලා අරගෙන හොද අතුල් පහරක් දුන්නා අත දිග ඇරලා…..
රදීශ් සෝනු දිහා බැලුවෙව් තරහින්….

“සෝනු උඹ මට ගැහුවද…උබ ඇකමැත්තෙන් බැන්ද මේ ගෑනි නිසා….ආ යකෝ….”

ඒ වදන් වලටනම් කවදාවත් අඩන්නේ නැති චිනුඉගෙ ඇස් වලට කදුලු පිරුණා…..
ඒ ඇස් දිහා සෝනු බැලුවේ දුකෙන්…

“අකමති උනේ මැරි කරන්න යකෝ …මේකිට නෙවෙයි……හරි එහෙමයි කියලා මගෙ ගැනීව මං උබලට දෙන්න ඕනද?කියපන් යකෝ….”

කොල්ලා තරහින් කෑ ගහන ගමන්ම චිනුව ඇදලා අරන් පපුවට තියලා තුරුල් කරගත්තා….
තනිකමක් දැනුන චිනුට ඒකේන් දැනුනේ මහා ලොකූ ආරක්ශාවක්….රැකවරණයක්….
කෙල්ල තම හිස තවත් ඒ පපුවෙ හංගගත්තා….

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

………🌹මතු සම්බන්ධයි 🌹…….

🐾ඩැන් සතුටුද වත්තුලා…..හෙට ආයි තරහා කරමු ඈ දෙන්නව……🐾

Leave a Reply

Your email address will not be published. Required fields are marked *