09. වන කොටස.
මියෙදෙන තුරා…
*පුස්තකාලයට තමා අම්මේ*
*මේ තරම් පරක්කු. වෙනදට මෙහෙම පරක්කු වෙන්නෑනේ.*
*මම චුට්ටක් පරක්කු වුනාම තමා අම්මටත් පෙන්නේ.*
කවදාවත් නැතුව මම අම්මව නොක්කාඩු කියන්න වුනා . අම්මටත් පුදුම බව මට මුනින්ම තේරුනා .
* ඒ වුණාට ළමයෝ අපි බයේ හිටියේ. ලොකු දූ ගිය ගමන්ම වගේ විජී අයියා කියන ඒකා ගියා. කාර් ඒක තිබුනා නම් මම ඒවෙලෙම ඒනවා.*
*ඒ මනුස්සයා මාව අදුරන් වත් නැද්ද කොහෙද බැලුවේ වත් නෑ ගියා*
* හරි. හරි ලොකු දූ ඔයා දැන් ගෙදර අාවනේ. *
*මම යනවා උඩට*
මම ලැබුන අවස්ථාවෙන් ඒතනින් ඉවත් වෙලා ඉහළ මහට ඒන්න පඩි පෙළ නැග්ගා. මම ඒන්නත් කලින් සිගිති කාමරයට අැවිත්.
*ලොකු බේබී.හ්හ්*
*මොකද සිගිතියෝ*
*විජී අයියා හම්බුනා නේද? හ්හ්*
*ඔව් ඔව් . සිගිති මම හිතපු තරම් ඒයා නපුරු නෑ.*
*ඒකනේ ලොකු බේබි හීනෙන් බය වුනාම මම හිනා වුනේ.හ්හ්*
මම සිගිති ඒකක විතරක් වුන සිද්දය කිව්වා.
* ඒකනේ.. ලොකු බේබී.හ්හ්*
* සිගිතියෝ….. ඔයා කොහොමද විජී අයියා ගැන ඔය හැටි දන්නේ.*
*අා… මේ.. ඒහෙමට දන්නෑ. හ්හ්. හොදයි කියලා දන්නවා.හ්හ්.*
ඒක අැහුවම සිගිතියි ඒතනින් මගහැරලා යන්න ගියා. ඊට පස්සේ මගේ හිතේ තිබුනේ රිපොට් වල මොනවා තියේවිද කියලා. මම නිතර ඒ ගැන කල්පනා කලා. නිතර දෙවෙලේ මිදුලේ තිබුන අඹ ගස සෙවනේ ගල් බංකුවට වෙලා මම බලාගත් අත බලන් හිටියා. සිගිති නිතරම වත්තේ පිටියේ වැඩ කල නිසා මගෙත් ඒක්ක කතා කරන්න උත්සහා කලා. මම ඒහෙම කතා කරලා හිත සනස ගන්න වත් උවමනාවක් තිබුනේ නෑ.
කෙමෙන් කාලය ගෙවී ගියා. දවසක් මම උදෑසන දහයට විතර මිදුලට ඒන්න හිතාන පඩී පෙළ බැහැගෙන අාවා..
*ලොකු දූ පොඩ්ඩක් මෙහාට ඒන්න*
*අැයි අම්මේ*
නෑණා සේනාදීයි, පුංචී නංගී, අම්මයි, අප්පච්චී සෙටියෙ වාඩී වෙලා වට වෙලා කතා කරමින් සිටියා. මමත් ඒ කිට්ටුවට ගිහින් නතර වුනා.
* නංගිගේ කටයුත්ත ශාලින්ද පුතාලගේ ගෙදරින් හදිස්සි කරනවා.*
අම්මා ඒහෙම කියද්දී මගේ හිතට අාපු හැගීම මටවත් වටහා ගන්න බැරි වුනා. මම නිහඩව අහගෙන හිටියා.
* අනේ සොරි ලොකු අක්කී . මම ශාලින්දට කිව්වා අක්කි රට ගියා අපේ වෙඩින් ඒකට ඒන ඒකක් නෑ කියලා.*
*හ්ම්ම්ම්ම්*
මම සුසුමක් හෙලලා කල්පනා කරන්න වුනේ මගේ පවුලෙම මිනිස්සු වුනත් මේ මිනිස්සු දරන අාකල්පය මට තේරුම් ගන්න බැරී අැයි කියලා.තමන්ගේ ලොකු දුව වැඩකාරියක් කියන්න මේ මිනිස්සුන්ට පුලුවන් වුනානේ. කමක් නෑ මම මැරෙන්නනේ ඉන්නේ . මම සදහටම යන්නම්. මගේ හිත හඩා වැටුනා.
* අනේ ලොකු අක්කී දැන් මම කියපු බොරුව හදන්න ගියොත් ඒ මිනිස්සු මම ගැන මොනවා හිතයිද?*
*හරි ඒකට කමක් නෑ පුංචි නංගී. මම කොහොමත් අාස නෑනේ උත්සව වලට ඔයාලා වෙඩින් ඒක හොටෙල් ඒකේනේ ගන්නේ. මම ගෙදරට වෙලා ඉන්නම්.*
*ඔය ළමයා දැන් දීගෙක යන්නැද්ද අපිටම වදදිදී හැමදාම ඉන්නද කල්පනාව. අපි හොයන ඒක්කෙනෙකුටවත් කැමති වෙන්නෙත් නෑ.*
අප්පච්චී කෙලින්ම මගේ දිහා බලාගෙන කිව්වා. මට කියන්න හුගක් දේ හිත අැතුලේ පොර කෑවත් මම නිහඩ වුනා.
*අැත්තට ලොකු දූ කසාදයක් කරගන්න අදහසක් නැද්ද?*
අම්මා නැවතත් ඒ ප්රගශ්නයම අහද්දී මට තවත් නිහඩව ඉන්න බැරි වුනා.
*මම තීරණයක් අරන් ඉන්නේ . මම තවදාවත්ම මැරි කරන්නෑ. කවුරුත් මගේ ගැන හිතන්න ඒපා. පුංචි නංගිගේ වෙඩින් ඒක ගැන කතා කරන්නත් මම ඔනේ වෙන්නේ නෑ. මම යනවා.*
මම කදාවත් නැතුව ගෙදර අයට මෙහෙම කතා කරන ඒක ඒයාලට ලොකු ප්‍රශ්නයක් වුනා. මට ජීවත් වෙන්න අාසාවක් නෑ මගේ හිත කිව්වෙම ළගදිම මම මැරෙයි කියලා. කල්පනා කරන නිසාද මන්දා නිතරම පපුවේ වේදනාවත් අැති වුනා. මට හිතුනෙම ඒ වගේ වෙලාවක මම ඒහෙන්මම මැරෙනාවනම් හොදයි කියලා.
*ලොකු දූ මොකද ඔය ළමයට වෙලා තියෙන්නේ.*
*මොකුත් නෑ අම්මේ මම යනවා.*
මම කෙළන්ම ප්‍රධාන දොරෙන් ඒළියට අාවා. සිගිති ඉදිරිපස අලංකාරයට වවා තිබූ ගස් වල අලුතින් වැවී තිබුන කොටස් ඒක මට්ටමකට වෙන්න කපනවා. මම සිගිති ළගට ගිහින් නතරවුනා.
*ලොකු බේබී .. අැයි කේන්තියෙන් වගේ..හ්හ්*
* සිගිතියෝ මම යනවා යන්න මෙහෙන්*
*අප්පෝ ලොකු බේබී කොහේ යන්නද?හ්හ්. මොකද වුනේ කියන්නකෝ…හ්හ්*
*ඒ්වා කියලා වැඩක් නෑ. මට ඔන් ඔක දෙන්න*
*මේ ගස් කපන කතුර…හ්හ්*
*ඔව් ප්‍රශ්න කරන්නැතුව ඔක මෙහාට දෙන්න සිගිතියෝ*
*ලොකු බේබිට මොකටද මේක..හ්හ්*
*අායි ප්‍රශ්න කරනවා. මල් ගස් කපන්න තමා.*
*අනේ අනේ ලොකු බේබී මම කපන්නම්…හ්හ්*
*මෙන් මෙහෙ දෙනවා.*
මම සිගිතිගේ අතේ තිබුන මල් ගස් කපන කතුර උදුරලා ගත්තා .අරන් කෙලින්ම ගියේ මම හිටවපු රෝස ගහ ළගට. සිගිති හිටි තැනටම වෙලා බලං ඉන්නවා. මම රෝස ගහ කෑලී කෑලී වලට කපලා දැම්මේ මගේ තියෙන කේන්තියට. සිගිති ඉක්මනට මගේ ලගට දුවන් අැවිත් මාව නතර කරන්න උත්සහා කලා.
*ලොකු බේබී මොකද ඔය කරන්නේ නවත්වන්න ඔක.හ්හ්*
*මේ ගහ තව දුරටත් මෙතන තියෙන්න ඔනේ නෑ. මගේ ජීවිතේ වගේම මේ ගහෙත් කවදාවත් මල් පිපෙන්නෑ*
*ලොකු බේබී ඔක නවත්වන්න. හ්හ් පිස්සු හැදිලද? හ්හ් කවුරු හරි මොනවා හරි කිව්වද? හ්හ්*
* මට පිස්සු. මේ ගහ වගේම මමත් මේ ජීවිතෙන් විජහටම අෑත් වෙයි.*
*මොනවා කියනවද මන්දා ලොකු බේබී..හ්හ්*
මම කේන්තිය නිමෙනකන් ගහ පොඩි කෑලී වෙනකන් කපලා දැමුවා. මම ඔලුව උස්සලා බලද්දී අම්මයි අප්පච්චී ඉස්සරහා දොර ගාවට අැවිල්ලා හිටියා මගේ කෑගිල්ල අැහිලා. මගේ හැසීරීම හැමෝටම පෙහේළිකාවක් වුනා. මම ඊට පස්සේ කතුරත් බිම දාලා දුවගෙන මගේ කාමරයට යන්න අාවා.
*ලොකු දූ මොකද වෙලා තියෙන්නේ.*
*මට මොනවා වෙන්නද?*
මම අම්මයි අප්පච්චී පහු කරගෙන ගියා.
*ලොකු දූ ඔහොම තවතින්න කිව්වම*
මම නෑහුන ගානට පඩිපෙල නැගලා ඉහළ මහලට ගියා. කාමරයට ගිහින් දොර අැතුලිනුත් අගුලු දමා ගත්තා.
*ලොකු බේබී … ලොකු බේබී… අනේ දොර අරින්නකෝ*
*මට පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ*
ලීලම්මා දොර අරින්න කියලා අැවිටිලි කරද්දී මම අැදේ අැලවෙලා කොට්ටයේ මූන හොවා ගත්තා.
*අැයි ලොකු බේබී කවදාවත් නැතුව ඔහොම හැසිරෙන්නේ. කවදාවත් දොර අැතුලින් ලොක් කරන්නෙත් නෑ. මොකද වුනේ කියන්නකෝ.*
*මට මොකුත් වෙලා නෑ පාඩුවේ ඉන්න දෙන්න ලීලම්මේ.*
*ලීලා මොකද ඔතන. මක් වෙලාද ලොකු බේබීට.*
*අනේ දන්නෑ ලොකු නොනා.*
*හිතුවක්කාර නම් ඉන්න අරින්න*
අම්මා අැවිත් ලීලම්මට දොස් කියනවත් මට අැහුනා. ඒදා දවසම මම කාමරේ දොර අැරියේ නැහැ.දවස් කීපයක්ම ගෙවිලා ගියා මම කාමරයෙන් ඒළියට ගියෙ නැහැ. ලීලම්මා කෑම බීම සේරම කාමරයට ගෙනාවත් මට කන්න තරම් පිරියක් තිබුනේ නෑ. ලීලම්මයි, සිගිතියී මම මෙහෙම ඉන්න හේතුව අැහුවත් මම මොකුත්ම කිව්වේ නෑ. ගෙදර අනිත් අය නම් මම ගැන හොයලා බැලුවේ වත් නෑ. අම්මා දවසක් කාමරයට අැවිත් ප්‍රශ්න කලා. ඒ අැරෙන්න වෙන කවුරුත් මගේ ගැන හෙව්වේ නෑ.
දවස් කීපයකට පස්සේ මට මිදුල පැත්තට යන්න හිතුනා. මම හිමින් සැරේ ගෙයින් ඒළියට ගිහින් පුරුදු විදියටම අඹ ගස සෙවෙනේ වූ ගල් බංකුවේ වාඩී වුනා. සිගිතිවත් පේන හරියක හිටියේ නැති නිසා ලොකු පාලුවක් දැනෙන්න ගත්තා. මම දැක්කා ගේට්ටුවේ මුරට ඉන්න මනුස්සයා ලිව්ම් වගකුත් අරගෙන ගේ පැත්තට යනවා. මට නිකමට හිතුනා රෝහලෙන් ලිපිනය ගත් නිසා ලිව්මක් ඒවලා තියේවිද කියලා. මම ඉක්මන් ගමනින් මුරකරු ඉදිරියට ගියා.
*ලිව්ම්ද?*
*ඔව් ලොකු බේබී.*
*මගේ නමට තියෙද?*
ඊ ළග කොටසින් හමු වෙමු..