10 වන දිගහැරුම

කොල්ලා රදීශ් දිහා බලන් හිටියේ කේන්තියෙන්…..

“හොදට මතක තියාගනින්…මේ මගෙ කසාද ගෑනි….ඒකිට අත තියන්න එක පාරක් දෙපාරක් නෙවෙයි සියපාරක් හිතපන්….උබලා සේරම දන්නවනේ මගෙ හැටි….මතක තියාගනිල්ලා හැමෝම…..”

කොල්ලා කීවෙ තම මිතුරන් දෙසටම ඇගිල්ල දික් කරගෙනයි….කොල්ලාට අප්සට් අම්මයි තාත්තයි වෙනුවෙන් ලෑස්ති කරපු සාදයම මේ විදියට අවුල් උනාට….

“හේයි ගයිස් ….ඒක ඉවරයී ..ඔයාලා එන්ජෝයි කරන්න….ප්ලීස් උන බාධාවට රියලි වෙරි සොරි ….සෝ එන්ජෝයි ප්ලීස්…..”.

කොල්ලා පිරිසගෙන්ම සමාව අරගෙන කෙල්ලවත් අරන් ඉහළ මාලයට ගියා ….මව්පියන් කිසොවෙක් මෙයට අත දාන්නට ආවේ නැත්තේ කොල්ලාට තවත් කේන්ති යන නිසයි ….

සෙනේශ් කෙල්ලව වත්තම් කරන් ආවෙ තම කාමරයට…..
කෙල්ල ඔළුව උස්සන්නෙන නැතුව ඔහුගේ තුරුලට වෙලාම හිටියා..සෝනු බලෙන්ම කෙල්ලව ඈත් කලා…

“අතාරිනවා චිනූ මාව…..”

සෝනුගෙ ආමන්ත්‍රනයෙන්ම ඒ කේන්තිය චිනූ තේරුම් ගත්තා.එනිසාම බ්බලෙන්ම ඔහුව වැලදගෙනම උන්නා….ඒත් කොල්ලා ඈව ඇදලා ඈත් කළා….

“බලනවා මම දිහා බුම්මට්ටෙක් වගේ ඉන්නෙ නැතුව….”

සෝනු සැර දැම්ම නිසා කෙල්ල චුට්ටක් ඔළුව උස්සලා හොරෙන් බැලුවා ..

“හැටි හොර පූසියෙක් වගේ බලන්නේ…..කෝ මන් ඉස්සරහා තියෙන ගට්ස්….කෝ ඒ පූස් පාට්….අරු ඉස්සරහා කට අතපය ලොක් කරන් හිටියේ කන අතගාන්නේ නැතිව….හොටු කෙල්ලේක් නෙවෙයි කීවනේ තමුසේ….කියනවා . කෝ ඉතින් කතාකරනවා…එතන ඌට ඕන දෙයක් කරන්න දීලා බලා හිටියේ කදුලු පෙර පෙර….”😠😠😠😠

කොල්ලා මොන තරම් දේවල් කීවත් කෙල්ල නෙවෙයි කට හෙල්ලුවෙ….😶😶😶😷😷😷

සෝනුට ඒකට තවත් කේන්තියි…

“ඉන්නවා මම තමුසෙව කතා කරවන්නම්…..”

කියමින්ම සෝනු කෙල්ලව ඇදලා ළගට ගත්තා .කෙල්ල නැවතුනේ ඔහුගේ පුලුල් පපුව මතයි…..කෙල්ලට හිතාගන්න බෑ මොනවා කරන්නද සෝනු හදන්නේ කියලා….

“මේකා මට මොනා කරයිද මන්දා අද?”

කෙල්ල හිතුවා විතරයි ඒක කියන්නනම් ගියේ නෑ…
කොල්ලා හිමිට කෙල්ලගෙ බදවටා එක අතක් යවලා තමන්ගේ සිරුරට කෙල්ලව ළං කරගත්තා…කෙල්ලට ඇගට කරන්ට් එකක් වදිනවා වගේ දැනුනා…සෝනු අනිත් අතින් චිනූගේ කම්මුලක් අල්ලගෙන අනෙක් ඇගේ දෙතොලටයි බර උනේ….
මේ වැඩෙන් කෙල්ලට උන් හිටි තැන් අමතක උනා….කෙල්ල සෝනුව හැකි වෙර දාලා තල්ලු කලා…
කොල්ලා කෙල්ලගෙන් ටිකක ඈතට විසික් උනා..

“ආ…මේ දිගංචියෝ එන්න එපා ඕවටනම් ඈ….”

කෙල්ල පුම්බන් කියද්දි සෝනූ කෙල්ලගේ කට දෙපැත්තෙන් අල්ලගෙන ඒ මූණටම ළං උනා…

“දැන් කට තියෙනවා…කො එවලේ කට…..මට විතරක් නෙවෙයි හැමෝ ළගම ඔය ගට්ස් තියාගන්නවා…මම හිතුවේ තමුසේ හෙන චන්ඩි රැජිනක් කියලානේ….”

“මේ අයියේ….ඔයා වගේ ලාවට නෙවෙයි ඌ මාව අල්ලන් හිටියේ….තද කරලා….මම ගැලවෙන්න හැදුවා…ඒය්හ් බැරි උනා…..අනික කෑගහන්න තිබ්බා…ඒක නොකලේ අම්මලේගේ පාර්ටි එක සවුත්තු කරන්න බැරි නිසයි….”

“අනේ මේ බටු ඇටේ මගුලක් කතා කරන්න එපා…තම්න්ගේ චරිතෙට හානි වෙනවනම් ඔය මගුල් ගාන හිතන්න යන්න එපා ආයෙත් තේරුනාද?”

“හ්ම්…තේරුනා….මේ දිගංචියෝ ….මේ…..”

චිනූ ගානින් ගානින් ඔහුට මොනවදෝ කියන්නයි හදන්නේ…ඒක සෝනුට තේරුනා….

“මොනවා කියන්නද තෙපරබාන්නේ තමුසේ…..”

“අයියේ….මේ…මේ….”

“කියනවා අයිසේ පහළට යන්නත් ඕන…..”

“මං හිතුවට වඩා ඔයා ගොඩාක් හොදයි….මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙයි මැරි කරන්න….මන් එහෙම ප්‍රාර්ථනා කරනවා….තෑන්ක් යූ මගෙ අත්ම ගරිත්වෙ ගැන හිතුවට යළුකම් නොබලා….”

කියපු කෙල්ල ඊලගට කළේ කොල්ලා නොහිතුව දෙයක්….
කෙල්ල ටිකක උඩ පැනලා සෝනුගේ බෙල්ලේ එල්ලිලා ඔහුගේ කොපුලක් තදින් සිපගත්තා…කෙල්ල උන්නේ ඔහුගේ බෙල්ලේ එල්ලිලා අමාරුවෙන්….උස නෑනේ ඉතින්….කොල්ලා ඇගේ බද වටේ අත දාලා අල්ල ගත්තා ඈව…
නොසිතුව ලෙස චිනු විනාඩියක් පමණ ඔහුගේ කොපුලකට දෙතොල් තද කරගෙන හිටිය….කොලාට මේ ගැන දැනුනේ පුදුමයක්…
ටිකකින් කෙල්ල ඈත් උන නිසා කොල්ලා ඇගේ බද අතෑරියා….

“බටු ඇටේ….කෝ බලන්න මූන…..”

සෝනු හිනා වෙවී අහද්දී කෙල්ල ලැජ්ජා වෙ අහක බලා ගත්තා….

“චුට්ටි එකෙක් වගේ නංගී ඔයා…මම ඔයාව මේ බැදීමෙන් නිදහස් කරනවා ඉක්මන්ටම….මට ටික කාලයක් දෙන්න….”

“හ්ම්ම් එතකම් කෙල්ලෙක් හොයාගන්නකෝ දිගංචියෝ ….අර සෙව්මිනී හොදයි වගේ ඇත්තටම …හරි සිම්පල් එය….”

“හා හා බලමුකෝ…..”

“මේ…..දිගංචියෝ අද ඉදන් අපි යාලුවෝ වෙමුද?”

කෙල්ල හුරතල් විදියට ඔහට අත දිගු කළා…කොල්ලත් හිනා වෙවීම ඒ අත අල්ල ගත්තා….

“ෆ්‍රෙන්ඩ්ස්…..”

දෙන්නම ටිකාක් වලි වලින් මිදිලා ආයෙත් පහළට ගියේ තම මව්පියන් වෙනුවෙන්…..

💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *