10

මේ ගෙවෙන්නේ තමන්ගේ ජීවිතේ සතුටුම දවස් ටික කියලයි හිරුනිට දැනුනේ..අම්මගේ වෙනස්වීම කෙල්ලට අදහාගන්න බැ….”මොන හේතුවක් නිසා හරි අම්මා මට පොඩ්ඩක් හරි ආදරේ වෙනවා නම් ඊට වඩා සතුටක් කොහෙන්ද මට..”අම්මාගේ ආදරේ හීනයක් විතරක්මයි කියලා හිතාගෙන ඉදපු හිරුනිට අද ඒ ආදරේ හොදටම දැනුනා..ඉඩෝරයට වැටෙන එක වතුර බිංදුවක් වගේ හිරුනිගේ හිතට අම්මාගේ ආදරේ දැනුනේ..කෙල්ල ඒ සතුටත් එක්කමයි ගෙයින් එළියට ආවේ..උඩ පැන පැන නට නට ආපු හිරුනිට කටත් ඇරගෙන ඇස් දෙකත් ලොකු කරගෙන මිදුලට වෙලා එයා දිහා බලන් ඉන්න ස්ංකේත්ව පෙනුනේ නෑ..ඉතිං කෙල්ල ගිහින් නැවතුනේ කොල්ලාගේ ඇගෙත් හැප්පිලා..හොද වෙලාවට සංකේත් හිරුනිව අල්ලගත්තා..නැත්නම් ඉතිං හිරුනි බිමට වැටෙනවා…සංකේත්ව දැක්කම නම් කෙල්ලට ලැජ්ජ හිතුනා..සංකේත් හිරුනි දිහා බලන් ඉදපු විදිහට කෙල්ලට අමුත්තක් දැනුනා..”අනේ මන්දා මේ ගවුම මට හරි නැද්ද මෙයා මේ විදිහට බලන් ඉන්නේ..මොකක් වෙලාද මන්දා…”කෙල්ල අඩුපාඩු හද හද කල්පනා කරා මොකද වෙලා තියෙන්නේ කියලා..සංකේත්ට නම් හිරුනිගෙන් ඇස් දෙක අහකට ගන්නම බැරි තරම්..තාමත් හිරුනි දිහා බලාගෙනමයි ඉන්නේ..ඒ තරම් කෙල්ලගේ ලස්සනට කොල්ලා වශී වෙලා..හිරුනිගෙ වෙනදටත් වඩා හුරුබුහුටි ලස්සන පෙනුමක් තිබුන අද..හිරුනිගේ ලස්සනට හැබෑ වටිනාකමක් ලැබිලා තිබුනා අද…නෙතූ හිරුනිට වැඩිපුරම ඉරිසියා කරෙත් මේ හේතුව නිසාමයි..මේකප් දාලා රටේ නැති විච්චූරන වලින් හැඩ වැඩ උනත් හිරුනිගෙ ලස්සනට සමාන වෙන්න තියා ඒ අහලකටවත් එන්න නෙතූට බැරි උනා..

“මේ මොකෝ ඔහොම මං දිහා බලන් ඉන්නේ…”
“ආ න්..නෑ..නැ.. මුකුත් නෑ..”
“එහෙනම් ඔහොම බලන්නේ..”
“මගේ කෙල්ල අද සුරංගනාවියක් වගේ ලස්සනයි..ලෝබකමේ බෑ..ඉරිසියයි තවත් කවුරුහරි මගේ කෙල්ලගේ ලස්සනට වශි උනොත් කියලා..”
“අනේ යනවා යන්න..මං තරහයි..”
“ඒ මොකෝ..”
“ඔයාට ඉතිං මාව විශ්වාස නෑනේ..”
“මොකක්.කවුද දැන් එහෙම කතාවක් කිව්වේ ..”
“ඇයි ඉතිං දැන් ඔය වහෙන් ඔරෝ කිව්වේ ඒකනේ..”
“අනේ ඇත්තට හිරූ ඔයත් දැන් රණ්ඩු කෙක්කක් වෙලා..පණ්ඩිත ආච්චියේ අපි යමු දැන්..ක්ලාස් එකට පරක්කු වෙයි නැත්නම්..ගිහින් නගින්න කාර් එකට..”
“මොන කාර් එකද..අද තාත්තත් ගෙදර නෑනේ..”
“ඇයි යෝධියේ මගේ කාර් එක..මං ඊයේ කාර් එක ගෙන්නගත්තා..”

එතකොට තමයි හිරුනි දැක්කේ මිදුල අයිනේ නවත්තලා තිබුන සංකේත්ගේ කාර් එක..හිරුනි දුවලා ගිහින් කාර් එකේ ඉස්සරහා ශීට් එකේ ඉදගත්තා…”මේ කෙල්ලට නම් හොදටම පිස්සු …”හිරුනි දිහා බල බල හිනාවෙවී සංකේත් ඇවිත් ඩ්‍ර්යිවින් ශීට් එකේ ඉදගත්තා..

“මොකද හිනා වෙන්නේ අනේ..”
“මේ හිරූ මං දෙයක් අහන්නද ඔයාගෙන්..”
“මොකද්ද…”

හිරුනි සංකේත් දිහා බැලුවේ සංකේත් අහන්න හදන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව…

“නෑ හිරූ මේකයි..ඔයාගේ ඔලුව එහෙම කොහෙවත් වැදුනද අද..”
“මොකක්…”
“එහෙම උනාද කියන්නකෝ…”
“ඔයාට පිස්සුද අනේ..ඇයි එහෙම අහන්නේ..”
“නැ ඉතිං ඔයා අද හරියට පිස්සන් කොටුවෙන් පැනලා ආපු පිස්සියෙක් වගේ..මගෙත් ඔලුව විකාර වෙනවා ඔය මූණ දැක්ක වෙලාවේ ඉදන්..”
“සංකේත්….”

හිරුනි කේන්තිය වැඩිකමට සංකේත්ගේ කණෙන් ඇදලා කොන්ඩෙත් අවුස්සලා දැම්මා…

“ඔයාට පිස්සුද ළමයෝ…පේන්නේ නැද්ද මං වාහනේ ඩ්‍රයිව් කරනවා කියලා….”
“ඔව් ඔව් මට පිස්සු…පිස්සු පිස්සු .හොදටම පිස්සු..කවුද දන්නේ නෑ මාව පිස්සියෙක් කරේ..තව කියවන්නත් එනවා මෙතන..හුහ්..මේක යස වැඩක්නේ…..”

හිරුනි ඉස්සරහා බලාගෙන සංකේත් දිහා හොරෙන් බල බල තනියම කියවනවා…කෙල්ල කියන හැම දේම සංකේත් අහගෙන හිටියේ…හිරූ සංකේත්ට ආදරේ කරන තරමටම දැන් රණ්ඩු වෙන්නත් පටන් අරන්..හැම වෙලාවෙම සංකේත්ව කේන්ති ගස්සවන්න තමයි හිරුනි බලන් හිටියේ..අනිත් අය ඉස්සරහ හිරුනිගේ තිබුන අහිංසකකම සංකේත් ළගදි නම් දැන් ඇත්තෙම නැති තරම්…පුංචී කාලේ ඉදන් මහා ලොකු සීමා මායිම් වලින් වට වෙලා තිබුන හිරුනිගේ ජීවිතේට සංකේත් ළග ඉන්නකොට දැනුනේ පුදුමාකාර නිදහසක්…සංකේත් උනත් හිරුනිගේ මේ දග වැඩ දිහා බලන් ඉන්නේ හරිම ආශාවෙන්..කලින් නොතිබුන සැහැල්ලුවක් සතුටක් හිරුනිගේ ජීවිතේ දැන් තියනවා කියලා හිරුනි දිහා බලන ඕනිම කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන්…සංකේත්ට ඕනි උනෙත් හිරුනිට එයාට අයිති ජීවිතේ ලබාදෙන්න..ඉතිං ඒකට තව එක දෙයයි කරන්න තිබුනේ..ඒ තමයි දෙන්නාගේ කසාදේ..හිරුනි නොදන්නවා උනාට සංකේත් මේ දවස්වල වැඩිපුරම මහන්සි වෙන්නේ ඒ වැඩ වලට…හිරුනිගේ කියවිල්ල තාමත් ඉවර නෑ..සංකේත් කාර් එක පාර අයිනට කරලා නැවැත්තුවා..ඒ උනාට හිරුනිට නම් ගානක්වත් නෑ..අඩු තරමේ නැවැත්තුවේ ඇයි කියලාවත් ඇහුවේ නෑ..සංකේත් ටිකක් වෙලා හිරුනි දිහා බලන් ඉදලා හිරුනිගේ කරට උඩින් අත දාලා හිරුනිව ළගට අරගෙන කම්මුලට කිස් එකක් දුන්නා ..නොහිතපු වෙලාවක සිද්ද උන දෙයක් නිසා හිරුනිට සංකේත්ගේන් මිදෙන්න හිරුනිට බැරි උනා..

“මොනවද මෝඩයෝ කරන්නේ…හරියට ගෙදර ඉන්නවා වගේනේ…”
“කෝ බලන්න දැන් තරහා නෑ නේද…”
“නැත්තේ මොකද…මං තරහයි…”
“ඔය බොරුනේ කියන්නේ…”
“පිස්සුද…”
“ඔන්න බලන්නකෝ..ඔය ඔය..මගේ හිරුනි පැටියා හිනා වෙනවා…”

සංකේත්ගේ කිස් එක නිසා හිරුනිගේ මූණට ආපූ හිනාව හිරුනි නවත්තගත්තේ ගොඩක් අමාරුවෙන්..කෙල්ලට ඕනි උනේ තවත් සංකේත් එක්ක රණ්ඩු කරන්න..ඒත් ඉතින් කෙල්ල කොයි තරම් උත්සහා කරත් ඒ දේ කරන්න හිරුනිට පුලුවන් උනේ නෑ..සංකේත්ගේ වචන වලට හිනාව තවත් පාලනය කරගෙන ඉන්න හිරුනිට බැරි උනා..

“මං කිව්වේ ඉතිං..දැන් තරහා නෑනේ..”
“අනේ මේ ඉක්මනට යමුකෝ..චාමික බලාගෙන ඇති..”
“හරි හරි යමුකෝ…”

චාමික කාර් එකට නැගලත් ටිකක් වෙලා..එත් වෙනදා තොර තෝංචියක් නැතුව කියවන කටට ඉබ්බෙක් දාලා ලොක් කරලා වගේ අද කිසිම සද්දයක් නෑ..හිරුනිට වගේම සංකේත්ටත් මේ වෙනස හොදට තේරුනා..හිරුනි චාමික එක්ක කතා කරන්න හදනකොටම ඊට කලින් සංකේත් ඉස්සර උනා.

“චාමික මල්ලි..මොකද බං වෙලා තියෙන්නේ ..”

සංකේත් චාමිකට කතා කරාට චාමිකට ඇහුනේ නෑ..චාමික හිටියේ එදා වෙච්ච දේ ගැන හිත හිත..”මං කොහොමද හිරූට මේ ගැන කියන්නේ..ඒත් නොකියත් බෑ..මගේ අතින් උනේ ලොකු වැරැද්දක්..මොනවා උනත් මට ඒ විදිහට නැන්දාට කතා නොකර ඉන්නයි තිබුනේ..නැන්දා හිරූට බැන්නද දන්නේ නෑ..මන් කොහොමද ඉතිං මේක මෙයාලාට කියන්නේ..”චාමික හිටියේ කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරුව..

“චාමික..මොනවද ඔය තරම් කල්පනා කරන්නේ….”

චාමික කතා කරන්නේ නැති නිසා හිරුනිත් චාමිකට කතා කරා..

“ආ..න්..නෑ… හිරූ.. මේ…”
“මොකද චාමික වෙලා තියෙන්නේ..මොකද්ද ප්‍රශ්නේ …”
“හිරූ මේ..මේකයි..හිරූ..ඇත්තටම මේකයි…මගේ අතින් ලොකු වැරැද්දක් උනා ඔයාලට..”

“ඒ මොකද්ද චාමික..ඔයා අපිට කිසි වැරැද්දක් කරලා නෑනේ…”

හිරුනිට පුදුම හිතුනා..මොකද මෙච්චර කාලෙකට චාමිකගෙන් කිසිම වැරැද්දක් එයාට වෙලා තිබුනේ නැති නිසා…

“නෑ හිරූ ඇත්තටම මේකයි උනේ…”

චාමික එදා සිද්දිය අකුරක් නෑර හිරුනිටයි සංකේත්ටයි කිව්වා..”එහෙනම්.අම්මා වෙනස් උනේ මේ නිසාද…මගේ අම්මාව මට ළං කරන්නත් හේතු උනේ මගේ හොදම යාලුවද..”චාමික විස්තරේ කියනකොට හිරුනිට මතක් උනා මේ දවස් ටිකේ එයාගේ අම්මාගෙ වෙනස්වීම..චාමික සේරම කියලා ඉවර වෙලා හිරුනි දිහා බැලුවේ බයෙන් වගේ..චාමික බලාපොරොත්තු උන දේ නෙමෙයි එයාට දකින්න පුලුවන් උනේ..හිරුනි හිටියේ ගොඩක් සතුටින්..සංකේත්ටත් හිතාගන්න බැරි උනා ඒ මොකද කියලා..

“හිරූ ඇයි ඔයා හිනා වෙන්නේ..ඇයි මට බනින්නේ නැත්තේ..ඔයාට කමලා ඇන්ටි බැන්නද හිරු..කතා කරන්නකෝ…”
“පිස්සුද ළමයෝ..එහෙම දෙයක් උනේ නෑ…”
“එහෙනම්…”
“ඇත්තටම චාමික ඔයා කරපු දේ හරිද වැරදිද කියන්න මං දන්නේ නෑ..ඒත් ඒකෙන් මට හොදක් උනා කියලා නම් මට විශ්වාසයි ..”
“ඒ මොකද්ද…” චාමිකයි සංකේතුයි දෙන්නම බලන් හිටියේ හිරුනිගේ උත්තරේ දැන ගන්න..ඉට්ජිං හිරුනි එදා සංකේත් එයාලාගේ ගෙදර ආපු දවසේ ඉදන් අද වෙනකල් වෙච්ච හැම දෙයක්ම එයාලාට කිව්වා..

“කොහොමහරි අම්මා නෙතූට ගහලත් තියනවා මං නිසා..හේතුව මොකද්ද කියලා නම් මං දන්නේ නෑ..”
“එත් ඔයා කොහොමද ඒක දැන ගත්තේ.”
“මට ඇහුනා නෙතූ තාත්ති එක්ක කිය කිය මට බනිනවා..කොහොම උනත් ඔයා මට කරේ ලොකු උදවුවක් චාමික..තෑන්ක් යූ සෝ මච්.”

චාමිකගේ හිතට දැනුනේ පුදුම සතුටක්..අන්තිමට සිද්ද වෙලා තියෙන්නේ ගොඩක් හොද දෙයක් කියලා චාමිකට හිතුනා…එදා දවස ගෙවුනේ ගොඩක් සතුටින්..හිරුනි එදා ගෙදර එනකොට සංකේත් එයාට අලුත්ම අලුත් ෆෝන් එකකුත් ගෙනත් දුන්නා..

“සංකේත් ඒත් ඇයි මේ මෙච්චර වටින ෆෝන් එකක් මට…”
“අනේ ඇත්තට ළමයෝ ඔයාට මොකද වෙලා තියෙන්නේ..ඕක මමනේ ගෙනත් දුන්නේ..ඒ හින්දා කට වහගෙන ඉන්න..”
“ඒ උනාට…”
“ඔය ඉතිං ආයෙත් කියවනවා..”
“ආ නෑ නෑ මං මුකුත් කිව්වේ නෑ…”

සංකේත් එක්ක කතා කරලා දිනන්න බෑ කියලා දන්න නිසම හිරුනි කට වහගත්තා..කොහොමින් කොහොම හරි ඒලෙවල් එක්සෑම් එකත් ළං උනා..මුලදි මුලදි ටිකක් බය හිතුනත් හිරුනි ගොඩක් හොදට විභාගෙට මුහුණ දුන්නා..”අම්මෝ ඇති යන්තම් අදින් මේ කරදරේ ඉවරයිනේ…අද ඉදන් පාඩම් කරන්න නෑනේ”විභාගේ අන්තිම දවසේ කෙල්ල ගෙදර ආවේ හරිම සැහැල්ලුවෙන්..

——————————————-

“තාත්තේ ඔයා මොකද්ද මේ කරන්නේ..තව දවස් දෙකකින් අර හිගන්නිගේ කසාදේ..ඔයා මුකුත් නොකර මෙහෙම බලාගෙන හිටියාම හරිද..ඇයි ඔයාට මං කියන දේ තේරෙන්නේ නැත්තේ තාත්තී..මට බෑ අරකිට පරාද වෙන්න..ඒකි මට වඩා ඉහළට යන්න බෑ..මොනවා හරි කරලා මේ කසාදේ නවත්තන්න..අනේ තාත්තී…”

“මං කියලා මොනවා කරන්නද දූ…”

“මොනවද තාත්ති මේ කියවන්නේ..මං ඕකිව මරනවා..තාත්තිට බැරි නම් මං ඔය කසාදෙර් නවත්තනවා…”

“කට වහගන්නවා දෝණි මගේ යකා අවුස්සගන්නේ නැතුව..උඹ කියන්නේ මගේ මේ බිස්නස් සේරම නැති කරගන්න කියලාද..”

“ඒත් තාත්තේ…”

“කට වහගෙන පලයන් යන්න මෙතනින්…”

හිරුනිගේ වෙඩින් එකට තව තිබුනේ දවස් දෙකයි..සංකේත්ට නම් හිරුනි එක්ක කතා කරන්නවත් වෙලාවක් නැ..ඒ තරම් කොල්ලා වෙඩින් එකට ලෑස්ති වෙනවා..කිසිම අඩුපාඩුවක් නැති විදිහට හැම දෙයක්ම ලෑස්ති කරන්නයි සංකේත්ට උවමනා උනේ..හිරුනිව මේ ලෝකේ ඉන්න වාසනාවන්තම මනාලිය කරන්නයි සංකේත් මේ තරම් වෙහෙසෙන්නේ..කාටවත් නොකිව්වාට කමලා හිටියේ පසුතැවීමත් එක්ක හිතට දැනුන සතුටකින්..හිරුනිට සළකපු විදිහ ගැන මතක් වෙනකොට කමලා කාටත් හොරෙන් හොදටම ඇඩුවා..අඩු තරමේ ජයවර්ධනවත් මේ ගැන දැනගෙන හිටියේ නෑ..ඒත් කමලා සතුටු උන දෙයකුත් තිබුනා..ඒ තමයි සංකේත් හිරුනිගේ සැමියා වෙන එක..සංකේත්ගේ මනමාලි වෙලා මේ ගෙදරින් ගියාම හිරුනිට හැම සතුටක්ම ලැබෙයි කියලා කමලා විශ්වාස කරා..ජයවර්ධන මේ කසාදෙට පොඩ්ඩක්වත් කැමති උනේ නැති උනත් ජයවර්ධනට කරන්න කිසිම දෙයක් තිබුනේ නෑ..මොකද ජයවර්ධනට මේ හැම දේකටම වඩා එයාගේ බිස්නස් වටින නිසා..හිරුන්ගේ කසාදේ ළං වෙනකොට නෙතූ නම් හිටියේ වියරුවෙන් වගේ..නෙතූට ඕනි උනේ කොහොමහරි මේ වෙඩින්ග් එක නවත්තන්න..

“හෙලෝ කවීශ්..”

“……………………………”

“අනේ කවීශ් මොනවාහරි කරන්න..මට අරකිගේ කසාදේ නවත්තන්න ඕනි..මට බෑ ඒකි අර ඇමතිගේ ලේලි වෙනවා බලන්න…”

“……………………………………………………..”

“හරි මං කැමතියි..”

“……………………………………….”

“හරි එහෙනම් ඔයා හෙට උදේම එන්න..අම්මයි තාත්තයි හෙට උදේම වෙඩින්ග් හෝල් එක බලන්න යනවා..ඒ හින්දා ඒ වැඩේ කරන්න පුලුවන් වෙයි අපිට..”

“…………………………………..”

“හරි කවීෂ්..බුදු සරණයි …”

“දැන් හරි …බලපන්.හෙට උඹට මොකද වෙන්නේ කියලා..උඹ තාම දන්නේ නෑ මේ නෙතූගේ හැටි…හිතාගෙන ඇති සල්ලි ගොඩක පීනන්න පුලුවන් වෙයි කියලා..හුහ්..ඒවා කිහෙද මං ඉන්නකල්…”නෙතූට එයා කරන්නේ මොනවද කියලවත් තේරුමක් තිබුනෙ නැ…හිරුනිගේ කසාදේ නවත්තන එක තමයි නෙතූගේ එකම අරමුණ.

—————————————–

“අම්මෝ ඇයි මේ මගේ ඔලුව කැරකෙනවා වගේ දැනෙන්නේ ..පුදුම නිදිමතක්නේ..මොකද වෙලා තියෙන්නේ…” හිරුනි ගොඩක් අමාරුවෙන් කාමරේට ගිහින් ඇදේ හාන්සි උනා…

“ආ කවීෂ් ඔයා ආවද..”
“ඔව් පැටියෝ..කෝ වැඩේ හරිද..”
“ඔව් කවීෂ් ..ඒ සේරම හරි….”
‘ආ..මේ තමයි මං අර කිව්ව කෙනා..ඔයා කාමරේ පෙන්නලා එන්න ඉක්මනට..මං ඔයාගේ කාමරේට වෙලා ඉන්නම්.එහෙනම් මචං උඹගේ අතේ තමයි දැන් වැඩේ තියෙන්නේ…”
“හරි බන්..මං ගානට වැඩේ කරන්නම්…”

නෙතූ ඉස්සරහා දොරත් ලොක් කරලා කවීෂ්ගේ යාලුවට හිරුනිගේ කාමරෙත් පෙන්නලා ඉක්මනට එයාගේ කාමරේට ගියා..කවුරුහරි කාමරේට ආවා වගේ දැනුනත් හිරුනිට ඇස් දෙක ඇරගන්නවත් බැරුව හිටියේ…කතා කරන්න හැදුවත් වචන පිට උනේ නෑ වගේ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *