11. වන කොටස.

මියෙදෙන තුරා…

*හා යමුකෝ. ඔයා ඒක්ක යනවා නම්, මම ඒනවා*

*නියමයි*

නංගි සන්තෝෂයෙන් කෑ ගැහුවේ ඉන්න තැනිනුත් නැගිටලා.

*හැබැයි ඔන් ඔයාගේ විකාර අැදුම් නම් මට අදින්න බෑ.*

* අපෝ මම කැමති ඒ්වා අදින්න ඒපා. අක්කා අදින විදියට මටත් අදින්න කියලා ශාලින්දගෙන් බේරුමක් නෑ.*

*ඉතින් අදින්නකෝ.*

*මගේ ළග ඒක දිග අැදුමක් වත් නෑනේ.*

*මම දෙන්නම් . මගේ තාම අැදපු නැති ඒවත් තියෙනවා.*

*ඔය අැත්තටමද?. අනේ අද මාත් ඔයා වගේ අදිනවා. ලොකු අක්කි යමුකෝ අැදුමක් බලන්න.*

අැය මගේ අතින් අදින ගමන් අැවිටිලි කලා. මටම පුදුමයි මට මතක අැති දවසක පුංචී නංගී මගේ කාමරයට අැවිත් නෑ. මම ඒයාගේ කාමරයට යන්නෙත් නෑ. ඒ තරමට අපි දුරස් වෙලා ජීවත් වුනේ. අනේ දෙවියනේ මම සමු ගන්න ඉන්න මොහොතේ මාව මේතරම් පව්ලේ අයට ළං කරන්න ඒපා . මම නැති දාට ඒයාලට දුක දරා ගන්න බැරි වෙයි. මටත් දාලා යන්න හුගක් දුක හිතෙයි. මම හිතින් දෙවියන්ගෙන් ඉල්ලීම් කලා. මම පුංචි නංගී ඒක්ක කාමරයට යන්න නැගිට්ටා. නංගි මාව අැදගෙන වගේ ගේ පැත්තට අාවා.

*අානේ මෙන්න ලොකු බේබී පුංචී බේබී යාලු වෙලා.හ්හ්*

*අපි තරහා වෙලා හිටියේ නෑ .යාළු වෙන්න.*

අාලින්දය මද්දදයෙන් යද්දී සිගිති කියපු කතාවට නංගිට පොඩ්ඩක් විතර කේන්ති ගිය බව මට වැහුනා. මගේ කාමරයට වැදුනු අපි, මුලු අල්මාරියෙම රෙදි අැද මතට අැද දැමුවා. නංගි දැන් නොයෙක් අැදුම් අැගට තබමින්. වඩා හොද අැදුමක් තෝරනවා.

*පුංචි නංගී මට උදව්වක් කරනවද?’*

* ඒ මොකද්ද අක්කේ.*

*මට පුස්තකාලයට යන්න ඔනේ.*

*අයියෝ පොඩි දෙයක්නේ පොඩ්ඩක් කලින් යමු. මමත් කාලෙකින් සිංහල නවල් ඒකක් කියෙව්වේ නෑ මටත් ඒකක් තෝරලා දෙන්න.*

*පුදුමයි පුංචී නංගී නවල් කියවනවා.*

*මමත් දැන් ඔයා වගේ වෙන්න ඔනේ. මොකද ශාලින්ද කැමති ඔයාගේ වගේ ගතිගුන තියෙන කෙල්ලෙක්ට.*

*අා… ඒක තමා වෙනස. ශාලින්ද මල්ලී නැතුවම බෑ වගේ මෙයාට.*

මං වගේ වෙන්න පතන්න වත් ඒපා මගේ නංගී. උඩින් හිනා වුනාට මම හිත අැතුලින් මොන තරම් පිච්චනවද දන්නේ මම විතරනේ. මගේ හිත කෑ මොර දීලා කිව්වා.

* ලොකු අක්කී මේක ලස්සනයි නේද?*

තැබිලි පැහැති සිහින් රැලි සහිත සාය පුරා සුදු මල් වැල් තැනින් තැන විසිරුන සායක් ඉනට තියාගෙන පුංචි නංගී සතුට පිරුනු අැස් දල්වා ගෙන මගේ දිහා බැලුවා. මට අැත්තට සතුටුයි, මගේ නංගී ශාලින්ද මල්ලී නිසා හරී වෙනස් වුන ඒක. මගේ හදවත සොම්නසෙන් පිරී ගියා.

*පුංචි නංගිට කොයි ඒකත් ලස්සනයි. සුදුයි, අැගත් ගානට නිසා.*
*ලොකු අක්කිත් සුදුයිනේ ඉතිංන්*

*ඒත් බලන්නකෝ කොටු අැග.*

*හොදට කනවා. විටමින් ඒකක් වත් බොන්න. *

මේ මැරෙන්න ඉන්න ටික කාලෙට මොන විටමින්ද? ඒ ටික කාලය මට අද වගේම සතුටු කාලයක් වුනොත් හොදයි. මම තනියම සිහිපත් කලා.

* ලොකු අක්කේ මේක මට හුගක් උසයි නේ. *

*මගේ හැම අැදුමම උය ගාන උසයි. දෙපතුල වැහෙන්නම නොතිබුනොත් කැතයි අනේ.*

*මේක මට හොදයි නේද?*

*හොදයි ළමයෝ ඔකට සුදු බ්ලව්ස් ඒකක් අදින්න. ඒතකොට තවත් චාම් පාටයි.*

*අයියෝ .. ලොකු අක්කි මගේ ළග සුදු පාට බ්ලව්ස් නෑ. ටී ෂර්ට් , ස්කිනීස් විතරයි තියෙන්නේ.*

*ඉන්න මගේ තිබුනා.*

මම අල්මාරිය අැදලා සුදු පාට හැට්ට කීපයක්ම නංගී අතට දුනනා.

* මේවා ඔයාට නම් ගානට තියේවී මට නම් ලොකුයි.*

*මේක හොදයි ලොකු අක්කි. ඉක්මණට අැදන් පහළට ඒන්න. මම අම්මිටත් කියන්නම්.*

ඒහෙම කියලා පුංචි නංගී අැදුමත් අතේ දාගෙන කාමරෙන් පිට වෙලා ගියා. අැයි දෙවියනේ මට සතුට දෙන්න, දුක මං ළගට ඒනකන්ම වුන්නේ මගේ හිත දෙවියන්ට චෝදනා කලා. මම නානකාමරයට ගියේ මුන අතපය හොද ගන්න. මම අැදුමක් තෝරලා අැද ගත්තා . දම් පැහැති තට්ටු ගනනාවක් අැති සායක් මම අැද ගත්තේ. ඉන ළග ඉදන් කෙමෙන් පහලට යද්දි ලා දම් වර්ණයේ සිට තද දම් වර්ණය දක්වා, තට්ටුවෙන් තට්ටුවට වර්ණය ගලපා තිබුනා. පුංචී නංගිත් අදින නිසාදෝ සුදු පැහැ හැට්ටයක් අැදිමට මට සිත් වුනා. කෙසේ නමුත් සුදු වර්ණයට මම බොහෝ සෙයින් ප්‍රිය කලා. මා ළග වු සෑම අැදුමකම සුදු වර්ණය තිබීමට ඒය හේතුවක් වන්නට අැති. දිග කොන්ඩය හකුලා කටුවක් ගසන්නට උත්සහා කරමින් සිටියදී ලීලම්මගේ කට හඩ අැහුනා.

*ලොකු බේබී්. *

*අැයී ලීලම්මේ ඒන්න අැතුළට.*

*අා.. ලොකු බේබී කොහේ හරි යන්නද?*

ලීලම්මා කාමරය අැතුලු වෙමින් අසා සිටියා.

* ඔව් ලීලම්මේ නංගී ඒක්ක පොඩි ගමනක් යන්න.*

*අා මම අහගෙන පුංචී බේබී අම්මා ඒක්ක කියනවා. පරිස්සමින් ලොකු බේබී මට නම් පුංචි බේබිගේ වෙනස අල්ලන්නෑ.*

*ඒහෙම නෑ ලීලම්මේ ශාලින්ද මල්ලී නිසා නංගී හුගක් වෙනස් වෙලා.*.

* හරි ලොකු බේබී පරිස්සමින් ගිහින් ඒන්නකෝ.*

හිස පීරා අහවර කර ගත් මා කැඩපතට ඒබි බලා අැදුම් අල්මාරියට දමන්න වුනා.

*ලොකු බේබී මොනවද ඔය කරන්නේ ඔහෙම ඉන්න. මම ඔක අස් කරන්නම් .ලොකු බේබී යන්න.*

*ඒහෙම හරි නෑ ලීලම්මා පවු.*

*පිස්සු කෙල්ල අනිත් අය ගැන විතරක්ම හිතන්න ඒපා.*

ලීලම්මා ඒහෙම කියලා අැදුම් ටික නමන්න වුනා.

*මම ගිහින් ඒන්නම් ලිලම්මේ.*

මම පුස්තකාල පොත් ටිකත් අරගෙන පහළ මහළට ගියා. නංගී මම දුන්න අැදුමත් අැදගෙන පහළට වෙලා බලාන ඉන්නවා. අැත්තටම නංගිට ඒ අැදුම් ගොඩක් ලස්සනට තිබුනා.

* අනේ ලොකු අක්කී මට මේවා අැදන් අැවිදින්න බෑ.පැටලෙනවනේ.*

*ඔයාට පුරුදු නැති නිසා . ටිකක් වෙලා යද්දී හරියයි.*

*යමු ඒහෙනම්. ඩ්‍රයිව අංකල් වහෙන් අැත්තේ දැන්.*

නංගී දිග සාය අත් දෙකෙන් අල්ලා උස්සගෙන යන තාලේ දැක්කම මට හිනත් ගියා. මමත් පිටි පස්සෙන් ගිහින් කාර් ඒකට නැග්ගා.

*දෙන්නම පරිස්සමින් ගිහින් ඒන්න.*

අම්මා ඉස්සර දොර ළගට වෙලා අපිට අාශිර්වාද පැතුවා. මමයී නංගීයී මුලින්ම ගියේ පුස්තකාලයට ශාලින්ද මල්ලි ඒන්න තව වෙලා තියෙන නිසා නංගීයී මායී පුස්තකාලය පුරා සැරි සරමිතන් කාලය ගත කලා.

* නංගී මේ අලුත් පොතක්. අනේ මම මේ පොත ඒනකන් මයි බලන් හිටියේ.*

අාපු සතුටට මම පොත අරන් තුරුලු කර ගත්තා. මගේ මුනේ තිබුන සතුට දැකලද කොහෙද නංගී පුදුමයෙන් මගේ දිහා බලන් හිටියා.

*මොකද්ද ලොකු අක්කේ ඔය පොත .කෝ දෙන්න බලන්න.*

*…..නිල්ල පිරුනු මිටියාවත…. ඒස්. ඒම් .වී. පසන් සෝමවංශ. මේ කවුද ලොකු අක්කි අලුත් ඒක්කෙනෙක්ද?*

*ඔව් නංගී නවකයෙක් .ඒත් ලියන ඒවා මාරම ලස්සනයි. තවම පොත් පහයි ලියලා තියෙන්නේ මේ පස්වෙනි පොත. මීට කලින් අාවා ….සිටු විමන…. කියලා, මේ කතාවේ මුල් කොටස්.*

*ලොකු අක්කී ඒයාගේ පොතක් නෑර කියවනවා වගේ.*

* අනිවාරෙන් *

*ලොකු අක්කි දැන් යමුද? තුන හමාරටත් කිට්ටුයි.*

අපි පොත් ටික කාඩ් ඒකේ ලකුණු කරලා අරගෙන නැවතත් කාර් ඒකට නැගුනා. නගරය කරා අැදී ගිය කාරය විශාල හොටෙල් සංකීර්නයක් ඉදිරිපස නතර වුනා.

* ලොකු අක්කී බහින්න.*

මම කාර් ඒකන් බැහැලා නංගි ඉන්න පැත්තට ගියා.

* ඩ්‍රයිව අංකල් ඔයා ගෙදර යන්න . ශාලින්ද මහත්තයා අපිව ගෙදරට අැරලයි.*

*හොදමයි පුංචී බේබී .*

රියදුරු මහතා කාර් ඒක හරවන් නොපෙනී ගියා.

*ඒන්න යමු.*

නංගී මගේ අතින් අැදගෙන් හොටෙල් ඒකේ ප්‍රධාන දොරටුව කරා ගියා. ලා නිල් පැහැති අැදුමකින් සැරසුන දොර අභිමුව වුන් පුද්ගලයා වීදුරු වලින් නිමවු දොර හැර අාචාර කරනු ලැබුවා. නංගී ගමන් කලේ මෙය අැයට හුරු පුරුදු තැනක් අයුරිනුයි. නිතර නිවසින් ඒළියට නොඒන මට නම් මෙය අලුත් අත්දැකීමක් වුනා. පසුව කෘතිමව ස්වාභාවික පරිසරයක් සෙල සෑදූ ස්තානයකට අපි පිවිසියා.

ඊ ළග කොටසින් හමු වෙමු… — 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *