11

~~~සමනළ වසන්තය ~~~
11 කොටස
බස් එකෙන් බහිනකම්ම මම දිනිත දිහා නොබලා ඉන්න පරිස්සම් උනා … එයාගේ මුහුණේ තිබ්බ නපුරු බැල්ම මගේ හිතට බයක් ගෙනාවේ …. තේජා බස් එකෙන් බැහැලා ගියාට පස්සේ මගේ බය දෙගුණ තෙගුණ උනත් මම බය පෙන්නන්න ගියේ නැහැ …..
‘ බස් එකක යද්දීවත් ටිකක් සංවර විදිහට යනවා …’ මම බස් එකෙන් බහින්න කියලා ෆුට් බෝර්ඩ් එක ලග හිටගෙන බෙල් එක ගහද්දි එයා එහෙම කිව්වේ වෙන කෙනෙක්ට කියනවා වගේ … මට කිය කියා මේ උලමා මොකද දන්නේ නැහැ ෆුට් බෝර්ඩ් එකේ යන්නේ ….
බස් එකෙන් බැහැලා එයා දිහා බලලා මට හිනාවෙන්න ඕන උනත් හිනාවක් නැති ඒ මුහුණ දැක්කාම හිනාව එළියට දන්නේ නැතිව මම එහෙම්ම ගිලගත්තා …
කාමරේට ගියපු ගමන් සුදු ගවුම ගලවලා පැත්තකට දාලා ඇදට පැන්න මම සදූගේ ටෙඩියා තුරුළු කරගත්තා … මට හිතන්න ගොඩක් දේවල් තිබ්බා ..ඒ දිනිත ගැන …
‘හිරූ ඇවිත් කෑම කන්න ..’ තවත් පැය භාගයකට විතර පස්සේ අම්මා කතා කරනකන් මම හිටිය ඉරියව්ව වෙනස් කලේ නැහැ …
‘හිරූ ..හිරූ … කන් ඇහෙන්නේ නැද්ද ළමයෝ …’ මගෙන් ප්‍රතිචාරයක් නැති තැන අම්මා මාව හොයාගෙන කාමරෙටම ආවත් මට ගානක් තිබ්බේ ….
‘ හිරූ යසයි ඉන්න විදිහ … යන්න ගිහින් මුහුණ කට හෝදාගෙන ගවුමක් දාගන්න .. …’ අම්මා කම්මුලක අතක් තියාගත්තේ මම ඇදේ වැටිලා හිටිය විදිහ දැක්කාමයි ….
‘තව චුට්ටකින් කන්නම් අම්මා …මහන්සි මට ..’ මට ඕන උනේ තව ගොඩක් වෙලා දිනිත ගැන හිතන්නයි ..
‘අර දරුවත් එයි දැන් යන්න යන්න ගිහින් ඇදුමක් දාගන්න …’ අම්මා සැර කරලා ටවල් රැක් එකෙන් ටවල් එකක් අරන් මගේ දිහාවට විසි කරා … තවත් මේ විදිහට හිටියොත් අම්මාගෙන් ලුණු ඇබුලුත් එක්කම අහගන්න වෙන නිසා මම ශබ්දයක් නැතිවම බාත්රූම් එකට ගියා …
‘ඔබ එන්න ඇවිත් යන්න එන්න …’
මම ෂවර් එකත් ඇරගෙන මහා හයියෙන් සිංදුවක් කියන්න ගත්තා ….
‘ ඔබ නොදැක බැරිවා ….. ඔබ නැතිව බැරුවා …’
‘හිරූ ඕක ස්ටුඩියෝ එකක් නෙවේ බාත්රුම් එකක් … ඉක්මනට නාගෙන එළියට එන්න ..ගිරිය යටින් කෑ ගහන්නේ නැතිව ..’
අම්මා බාත්රූම් එකෙන් එළියේ ඉදලා කෑ ගහද්දි තමා මට මතක් උනේ මම දිය කාවෙක් වාගේ පැය ගානක් වතුරේ හිටියා කියලා ….

‘කෑම කන්න එන්න හිරූ …මේ අයියත් ඇවිත් ඉන්නේ …’
මම කොන්ඩේ තෙත මාත්තු කරන ගමන් කෑම කාමරේට එබුනා …. නිදුකයියා බත් එකට මුහුණ ඔබාගෙන කෑම කනවා …හොස්ටල් කෑම කන අයියාට අපේ අම්මා අතින් උයන කෑම දිව්‍ය භෝජන වගේ තමා ….
‘මට බඩගිනි නැහැ අම්මා …පස්සේ කන්නම් ..’
එහෙම කියන ගමන් මම නිදුකයියා ලගට ගිහින් එයා ලගින් වාඩිවුනා …
‘මගෙන් ගුටි නොකා කෑම කන්න හිරූ …’ අම්මා ටිකක් සැරට එහෙම කියද්දී නම් මම දන්නවා නොකා බේරෙන්න බැරි බව
‘එහෙනම් අයියා මට කවන්න …’
‘අපෝ අලි බබා …. එනවා මෙන්න මෙහාට …හරි කරදරයි පුංචි අම්මා නංගිගෙන් ..’ අයියා බොරුවට නෝක්කාඩු කියන ගමන් බත් කටක් අනන්න ගත්තා ….
‘අයියාට කරදර කරන්න එපා හිරූ’
‘කමක් නැහැ පුංචි අම්මේ …. මම කවන්නම් ..අපේ අලි බබාව ..’
නිදුකයියා හිනාවෙලා බත් අහුරක් මගේ කටට ලංකලා .. මාත් ඉතින් බෑ නොකියා ආශාවෙන් කන්න පටන් ගත්තා …
‘අයියේ …’
‘ඇයි …’
‘අර බස් එකේදී ඔයත් එක්ක කතා කර කර ගිය බෝයි හරි ඔළුවෙන් නේද ඉන්නේ ..’
‘හෑ …. මම නම් දැකලා නැහැ මිනිහා ඔළුවෙන් ඉන්නවා …මම දකිද්දී නම් මිනිහා හැම වෙලේම ඉන්නේ කකුල් දෙකෙන් …ඇයි ඔයා දැක්කද මිනිහා ඔලූවෙන් ඉන්නවා ..’ නිදුකයියා එහෙම කියන ගමන් මහා හයියෙන් හිනාවෙන්න ගත්තා ..
‘අනෙයියා ..ඔයා නම් හරිම මෝඩයෙක් නේ … ඔළුවෙන් ඉන්නවා කියන්නේ පණ්ඩිතයි කියන එකට ..’
‘හරි මගේ ආච්චි අම්මේ ..කියනවකො මිනිහා මොනවද ඔයාට කරපු පණ්ඩිත කම …’
‘ නැහැ මම කියන්නේ මට පණ්ඩිත කමක් කරාට නෙවෙයි …. ඔයා මම ඔයාගේ නංගි කියලා කියද්දී එයා නිකන්වත් හිනාවුනේ නැහැනේ ..’
‘ඔයා මොකටද ඔය ගැන හිතන්නේ …ඒ මිනිහාගේ හැටි …..’
‘ඒ උනාට මනුස්සයෙක් උනාම ඔහොම පණ්ඩිත වෙන්න හොදද ඈ . ..’ ’
‘හිරූ …මොකද ඔයා දිනිත ගැන ඔය තරම් කියවන්නේ …. මට පේන්නේ එන පොට හොද නැහැ …මම කියන්නද පුංචි අම්මාට ..’ නිදුකයියා හොරෙන් වගේ කනට ලංවෙලා එහෙම කියද්දී මගේ ඉහ මොලත් එක්ක රත්වෙලා ගියා …
‘ඔයා මගේ සුදුම සුදු හොද අයියා නේ …. මම දන්නවා ඔයා කියන්නේ නැහැ කියලා …. ‘’
මම බටර් ටිකක් එහෙම ගාලා අයියාව ශේප් කරගත්තේ මෙයා වැරදිලාවත් මේක කිව්වොත් අම්මාගෙන් අහන්න වෙන කතාන්දර මතක් වෙලා … හිරු ඔයා තාම පොඩි ළමයෙක් මේ වයසට ආදරේ කරන්න ඕන නැහැ …ඔයාගේ කල වයස හරි ගියාම අප්පච්ව් ඔයාට ගැලපෙන කෙනා හොයලා දෙයි .. ඔය විදිහට මහා දිග දේශනයක් දෙයි මගේ අම්මා …
*****
මම කලින් දවසේ වේලාවටම එදාත් ඉස්කෝලේ යන්න පාරට බැස්සේ එයාව අහම්බෙන් හරි දකින්න හම්බවෙයි කියලා හිතාගෙන … එයා මාත් එක්ක කතා නොකෙරුවාට කමක් නැහැ නිකන් හරි ඒ මුහුණ දකින්න තියෙනවා නම් කියලයි මට හිතුනේ …
ඊයේ ආව බස් එකම බස් හෝල්ට් එකේ මගේ ඉස්සරහා නැවැත්තුවාම කොච්චර සෙනග හිටියාද කියලා හිතන්නේවත් නැතිව මම බස් එකට නැග්ගා … ෆුට් බෝර්ඩ් එකට ගොඩඋනාට පස්සේ තමා මම දැක්කේ ඇතුලට යන්න ඉඩක් නැහැ කියලා …. මට ඊයේ දිනිත කිව්ව දේවල් මතක් උනත් ෆුට් බෝර්ඩ් එකෙන් උඩට එක අඩියක්වත් තියන්න බැරි තරමට ස්කුල් ළමයි පිරිලා ….. මම ඔළුව උස්සලා බැලුවේ දිනිත ඉන්නවාද කියලා … මම හිතුවා හරි දිනිත ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද්දට වෙලා හිනාවෙවී හිටිය එයා ෆුට් බෝර්ඩ් එකේ හිටිය මාව දැකලත් නොදැක්කා වගේ යාළුවො එක්ක බර කතාවක …තියෙන ආඩම්බරේ ….. මෙයා හෙඩ් ෆ්‍රිෆෙට් හින්දා වෙන්න ඕන මේ තරම් ඝනකම …. උලමෙක්ම තමා .. මාව ගණන් ගන්නෙවත් නැහැනේ මේ මෝඩයා ….
ඊලග හෝල්ට් එකෙන් බස් එකේ හිටිය දහයක් පහළොවක් බැහැලා ගියාට පස්සේ බස් එකට නැගගන්න ඉඩ හැදුනත් මට බස් එක ඇතුලට යන්න උවමනාවක් තිබුනේ නැහැ …. මාත් චන්ඩියා වගේ වේගෙන් යන බස් එකේ ෆුට් බෝර්ඩ් එකට වෙලා හිටියා …
‘මචං අර ෆුට් බෝර්ඩ් එකේ ඉන්න පණ්ඩිත කෙල්ල නිදුකයා ගේ කසින් නේද …’ දිනිතගේ යාළුවෙක් මාව දැකලා මහා හයියෙන් එහෙම ඇහුවාම මුළු බස් එකේම හිටිය ස්කුල් ළමයි ටික මගේ දිහා බලන්න ගත්තා …. මේ හැලයා මොකාද … මම ඔළුව උස්සලා ඒ කොල්ලාට රවන ගමන් දිනිත දිහා නිකමට වගේ බැලුවා …. මුළු මුහුණම රතු කරගෙන මහා නපුරු විදිහට තමා එයා මගේ දිහා බලාගෙන හිටියේ … ඒ බැල්මට නම් මගේ හිත හෙල්ලිලා යනවා වගේ ….
‘වෙන්න ඇති මම දන්නේ නැහැ ….’ දිනිත එහෙම කියලා හරි ආඩම්බර විදිහට බස් එකේ ඉස්සරහට ඇවිදගෙන ගියේ මාව පේන්නේ නැතිවෙන්න ඕන … දිනිත පේන්න නැතිවුනාම හිතට මහා මුසල හැගීමක් දැනුනත් මම ඒ ගැන වැඩිය හිතන්නේ නැතිව නුගේගොඩ ටවුන් එකෙන් බස් එකෙන් බැහැ ගත්තා …බස් එකෙන් බැහැලා නිකමට වගේ ඔළුව උස්සලා බස් එක දිහා බලද්දී මම දැක්කා දිනිත මගේ දිහාම බලාගෙන ඉන්නවා …. හිනාවෙන්න කියලා කට හදනකොටම මෙයා බලාගත්තේ නැතැයි අනිත් පැත්ත …
‘පුජා ඇත්තමයි …වෙලාවකට මට හිතෙනවා දිනිතගේ උනහපුළු මුහුණට දෙකක් දෙන්න ..’ මම හිතේ තිබ්බ තරහා පිටකලේ පුජනී ඉස්සරහා ඉදගෙනයි …
‘කිස් දෙකක් ද ..’ පුජනී ඇහැක් කාරිය ගහලා එහෙම අහද්දී බලාගෙන ඉද්දි වගේ මගේ මුහුණ රතුවෙලා ගියා …
‘ඔයා නම් හරි නරකයි අනේ … මට ලැජ්ජයි ඔයා ඔහොම කියද්දී … ‘’ පුජනිගේ පිටට හයියෙන් එකක් ගහලා හිනාවෙවිම මම පැත්තකට දිව්වා …
‘ඌයියා මට රිදුනා …… හිටපන් උබටත් දෙන්නම් දෙකක් …’ පුජනී මගේ පස්සේ එලවනවා මම ඉස්සරහින් දුවනවා පන්තිය පුරාම පිස්සු නටලා වගේ පුටු එහාට මෙහාට ඇදලා දාලා ….
‘අල්ලයි කියලා තමා බය …. මාව අල්ලන්න බැහැ හරිය …’ මම එහෙම කියලා පුටුවක් උඩට නැග්ගා ….
එකපාරටම පුටුවේ කකුලක් ඇදවෙලා පුටුවත් එක්කම මාව ඇදගෙන වැටුනේ ඉස්සරහා ඩෙස්ක් එකේ වාඩිවෙලා හිටිය කේතකිගේ ඇග උඩටමයි … මගේ බර නිසා කේතකිත් පුටුවත් එක්කම බිම වැටෙද්දී මම නතරවුණේ එයාගේ ඇග උඩ ….
‘ඌයි ..මගේ කොන්ද කැඩිලා වගේ … අයින් වෙනවා මගේ ඇග උඩින් අහකට . ….’ කේතකි උගුර යටින් කෑ ගහද්දි මම ටකස් ගාලා නැගිටලා එයාට නැගිටින්න අත දික් කළා …
‘අයින් වෙනවා …අයින් වෙනවා ….ඔයා අයින් වෙනවා මෙතැනි . …’ වේදනාවෙන් හිටියත් කේතකි මගේ උදව් ප්‍රතික්ෂේප කලා …. මම අත අහකට ගද්දිම කොහේදෝ ඉදලා දුවගෙන ආපු අශිරා කේතකිට නැගිටින්න උදව් කළා …
‘වරෙන් අපි ගිහින් දීප්ති මිස්ට කම්ප්ලේන් කරමු ….’ බැරි බැරි ගාතේම මට රවන ඔරවන ගමන් කේතකි අශිරා එක්ක එළියට බැස්සේ ස්ටාෆ් රූම් එක පැත්තේ යන්න වෙන්න ඕන ..
‘ හිරූ අද නම් උබ ඉදලා ඉවරයි …. ‘’ පුජනී මාව බය කරා …. ටක් ටක් …ටක් ටක් වේලාව ගෙවිලා යද්දී මම ක්ලාස් එකේ දොර දිහා බලාගෙන හිටියේ දීප්ති මිස් දොරෙන් ඇතුලට එනකන් …
‘පුජනී …’ දිප්ති මිස් පංතියට අවේ දිග වේවැලකුත් අතේ තියාගෙනමයි …
‘මිස් ….’ මම ඉස්සරහාට දුවගෙන ගියේ කිසි වැරද්දක් නොකෙරුව ගානටයි …
‘ මේ කේතකි කියන කතාව ඇත්තද ….’
‘මොනවද මිස් …..’
‘ඔයා මෙතැන කුලප්පු උන මි හරකියක් වගේ දුවලා මේ ළමයාගේ පෙරළුවා කියන්නේ ..’
‘මම හිතලා වැටුනේ නැහැ මිස් මම වැටෙද්දී මෙයා එතැන හිටියා මම දැක්කේ නැහැ …. ‘’
‘කෝ අත දිග අරිනවා …’ තවත් මොකුත් නිදහසට කරුණු මිස්ට අහන්න ඕන උනේ නැහැ
චටාස් පටාස් තවත් වචනයක් කියන්න කලින් හෙන ගෙඩි වගේ වේවැල් පාරවල් පහක් හයක් මගේ අතට කඩාගෙන පාත්වුනා …. කොච්චර වේදනාවක් දැනුනත් මම අඩන්නේ නැතිව හිටියා . ..ඒ මට කේතකිලා ඉස්සරහා අඩන්න ඕනේ උනේ නැති නිසා …
‘දැන් පංතියෙන් එළියට ගිහින් දණගහගෙන ඉන්නවා … ආයේ එහෙම වැරදි කරලා අහුවුනොත් දඩුවම මිට වඩා සැරවෙයි …..’ මිස් එහෙම කියද්දී මම වචනයක්වත් කියන්නේ නැතිව පංතියෙන් එළියට බැස්සේ බිම බලාගෙනමයි ..

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *