11

##නිම්හිම් සේයා ##
11

නිවාඩු දාට හොදට ඇද බදාගෙන නිදාගන්න එක තරම් වෙන සැපක් නෑ.රෑට නයිටි නැතුව පිජාමා එකක් අදින හින්දම හොදයි..නැත්තම් සර්වාන්ගෙම එලියෙ..
ගේ ඇතුලෙ එකම ගෝට්ටියයි..කේතු උදේ යුද්දෙ පටන් අරන්..අනෙ අම්මපා මේ දගකාරයෝ නම්..ලොකු සුදූට අවුරුදු තුනයි..පොඩි සුදූට දෙකයි..කේතු දිරාපත් වෙන්නෙම මේ සූදූලා එක්ක දවස ඔට්ටු වෙලා..මන්නම් හදලා දෙනවා අම්මිට ඕන් බලාගන්ඩ කියලා..හදන්නත් ඉතින් කෝ තාත්තියෙක්..
සද්දේ වැඩි නිසා මන් ඔලුව උඩින් කොට්ටෙ තියන් නිදාගන්න හැදුවා..අහ් රූම් එකට කවුරුහරි ආවා වගේ..හති දාගෙන..විනාඩි පහක් යද්දි සද්දෙ නෑ..
සේයෝ…
ම්ම්ම්
තිසරු ආවද..
ම් නෑ..
කොයි ගියාද මන්දා .කවන්ඩම බෑ අනේ..
හොද වැඩෙ උඹට..අනෙ සාදූ..පල පල නිදාගන්ඩ දීලා..
හ්ම්ම් හ්ම්ම් ඔයාටත් තේරෙයි..කවදාහරි මෝඩී..
කේතූමතියෝ අනෙ වදේ නිනිදාගන්න දෙනාකෝ..
කේතු කාමරෙ පුරා ඇස් යවලා යන්න ගියා..තිසරු කියන්නෙ ලොකු සුදු.මගෙ කිරි බෝලේ..බෝල ගෙඩියාඇති මගේ රූම් එකේ කොයි හරි..එකම නැන්දියා වශයෙන් ම්ම්මගෙ වගකීම මගේ බෑනලාට උදව් කිරීම…..හා නැද්ද..
කෝ මේ කිරි බෝලේ..
හී හී මන් මේහේ..
මන් ඇදෙන් පැනලා කොල්ලව හෙව්වා..ඇද යට නෑ..අල්මාරිය අයිනෙ නෑ..ඇතුලෙ නෑ.මේසේ යටත් නෑ…වොශ් රූම් එකෙත් නෑ..තව කොයිද හැන්ගෙන්න තැනක් තියෙන්නෙ බෝල හොරාට…

හැන්ගෙන්න කියලා ඉතුරු වෙන තව එකම එක තැනයි තියෙන්නෙ ..රායිට් එතන තමා ඇත්තෙ..

ම්ම්ම්..මේ ඉන්නෙ..

මන් කිරි බෝලෙව අල්ලගත්තා..චූටි හොලා මූණ වහන් අත් දෙකෙන්..

මන් කාද කීන්න..

ම්ම්ම්

කීන්ඩකෝ..

සුපර් මෑන්..

නෑ

චන්ඩි

නෑ

එහෙනම් වීරා

ඒත් නෑ..

බෙන්ටෙන්..

ආන් හලි..

ඔහෝ මොලේ නරක් වෙලා ටීවී බලලම..

මගේ කිරි බෝලයෝ කන්නෙ නෑද..මොකෝ අම්මියට කරදර කරන්නෙ..

ඒවා සස නැ නැන්දි

ඒනම් කවුරු උයන ඒවද රස ලොකු මහත්තයට..

ඊයේ රෑ තාත්ති ගෙනාවෙ චීස් කොත්තු..අන් ඒවා ලාසායී..

අහා කොල්ලත් දන්නවා රස..මමත් ආස ගෙදරින් කනවට වඩා කඩෙන් කන්ඩ..කරවිලයි..අගුනකොලයි..තිබ්බටු අර බටුයි මේ බටුයි..ශැක් කන්න බැ..

හරි අද රෑට කමු..හාද..දැන් හොද පැට්ටා වගෙ ගිහින් කන්න..මන් රෑට ගේන්නම්..

මන් ඒ රෝසපාට සිනිදු චූටි කම්මුල් වලට උම්මා දෙක තුනක් දුන්නා..චූටි මූන බෝනික්කෙක් වගෙ..සෝස කම්මුල්..චබී පැට්ටා..

හලි ගේනානී..

ඔව් මගෙ බෙන්ටෙන්..

පොඩි එකා එයාගෙ දකුනු අතෙන් වම් අතට ගහගෙන මහා උර්ග දැවන්තයා වෙලා දිව්වා..

කාටුන් බලලම කොල්ලට පිස්සු..එයාට පිස්සු කීවට මොකද..මගෙ වැඩෙත් ගෙදර ඉන්නකොට..චූටි බෝල ගෙඩියො බදාන සෙටියේ දිගාවෙලා කාටුන් බලන එක..අපිත් තාම සුට්ටන් කුක්කු බෝල කෙල්ලොනී..

පොඩ්ඩා ගිය්‍යට පස්සෙ මන් රූම් එකෙ දොර ලොක් කලා..වොශ් එකක් දාගන්න ඕනී..ඇත්තටම එතන හැන්ගෙන්න කියාපූ තැන..කාලෙකට කලින් මගෙ හිත හොරකම් කරපු හොරාත් ඔතන තමා හැන්ගිලා උන්නෙ..

මගෙ අයියා ඔයා දැන් කොහෙද ..මේ වෙලාවෙ මොනා කරනවා ඇත්ද..එකම එක වතාවක් වත් ආයේ දකින්න තිබ්බනම්..ඔයා හ්ම්ම්..මාව එක පාරක් වත් ඔයාට මතක් උන්නැද්ද අයියෙ..

මෙතන ඩින්ගක් අස් කරලම වොශ් දාගන්ඩ ඕනී..පව් මගෙ යාලූවො දූවිලි නාගෙන..ගසමු..ඉස්සෙල්ලාම මන් අතට ගත්තෙ ලොකුම ටෙඩීව..මේ බෙයා ලොකු අයියගෙන් ලැබුනු ගිෆ්ට් එකක්..ඌ කොච්චර ලොකුද කියන්නෙ මටත් වඩා ලොකුයි..ඌ උඩට ඇදලා උන්නෙ කහ පාට ටී එකක්..එකේ ලොකු පොකට් එකක් තියෙනවා ..ඉස්සර අයියට හොරෙන් චොක්ලට් හන්ගන්නෙ මෙතන..

ම්ම්ම්..බලමු නිකම් අත දාලා..අහ් චොක්ලට් කොලයක්..,

තව චන්ගූමීගේ පොටෝ එක තියෙන ඩේ කාඩ් එකක්..එතකොට එතකොට මේ මොකක්ද ..

දෙකට තුනට නවාපූ කොලයක්..මොකක්ද මේ..කුරුමිනි අඩු වගෙ අකුරු..

චූටී මැනික

තව ටිකකින් මන් යනවා මැනිකෝ ..මගෙ සුදු දගිච්චි නිදි…ඔය ඇස් වලින් කියන දෙ මට නොතෙර්‍රෙනවා නෙමි..ඒත් මන් ඉන්නෙ ලොකුම ලොකු අවුලක.මන් මේ න්නූල් බෝලේ ලිහ ගන්න ඕනී..දැනටමත් මේ හුරතල් බෝනික්කි මන් හින්දා පටලිලා..තවත් ඔයා පටලවන්න බෑ..සේරම විසදන් මන් එනවා..සමහරවිට ඔයාගෙ පුන්චි වයසට මන් ගැන ඇතිඋනු ලෙන්ගතුකමක් වෙන්න ඇති ඔය හිතෙ තියෙන්නෙ ..එහෙමත් නැත්තම් ඔයා හැමෝටම ඔය වගෙ ආදරනීය වෙන්නැති..මන් දන්නෙ නෑ..මන් ඔයාට ආදරෙයි..මට ඔයාව දැනෙනවා ..

එදා රැ මගෙන් ඇහුවා නේද මන් ආස කරන කෙල්ලා කොයි වගෙ වෙන්න ඕනීද කියලා…ඔයා ඇහුවෙ චුට්ටයිනෙ..අහන් හිටියෙත් නෑ..ඒත් දැන් කියන්නම්..

ආසයි මන් දිග කොන්ඩෙකට..ඒ වගේම උයන්න පුලුවන් කෙල්ලෙක් ට,අහින්සක කෙල්ලක්ට ඒත් ඊට වඩා ආසයි පුන්චි බබෙක් වගෙ දගකරන දගමල්ලකට,මට වෙන දේවල් ගැන හිතන්ඩ බැරිවෙන්ඩ මාව අවුල් කරලා රන්ඩු කරන පුන්චි හුරතලියකට ආසයි..ඒ හැමෝටම වඩා මන් දිහා ආදරෙන් බලන් ඉන්න පුන්චි සමනලියෙක්ට ආසයි..මනුස්සකමින් පිරුනු බොරු සෝබන නැති සුරන්ගනාවියෙක්ට ආසයි..ඒ හැමදේම මන් දැක්කා ඔයා ලග..

දෙනෙත්ගෙ හිතෙඇදුනු සේයාව ඔයයි ..මන් මන් වැරදි ඇති..මනුස්සකමට උදව් කරපු දේවතාවියකට ආදරෙ කරන..ඒත් මැනික ආදරෙයි මන්..මාව මතක් උනොත් මට කෝල් එකක් දෙන්න..0775687878,ඔයාට මාව අමතක උනත් මන් තරහා නෑ..මගෙ දේවතාවි..දවස් හතරක් මාව අම්මා කෙනෙක් වගෙ රැකගත්තු ඔයාට මන් මගෙ ජීවීත කාලෙම නයගැතියි..ආදරෙයි..සේරම ප්‍ර්ශ්න විසදන් මන් එනවා දවසක,එදාට ඔයා මට ආදරෙ උනත් නැති උනත් දුක නැ..මොකද මන් හැබැහින් දැක්ක දේවතාවි ඔයා..හැමදේකටම පින්..ස්තූතී කියලා ඔයාව හෑල්ලු කරන්න බෑ මට,බලන් ඉන්නවා මන් කෝල් කරනකම්..මේ ටෙඩියො වගේම මටත් ටෙඩියෙක් වෙන්න තිබුනනම් ජීවීත කාලෙම ඔයාගේ රූම් එකට වෙලා හැන්ගිලා ඉන්නවා..කෝල් කරන්න මැනිකො මාව දැනෙනවනම්..බුදුසරණයි ..

—–
අහ් මට මේ ලියුම ක්කලින් හම්බුන් නෑන්නි..අනෙ යන්න් කලින් කීවානම් මට,ඒක ආකර්ශනයක් නෙමි අයියෙ..සේයා තාම බලන් ඉන්නව..

අහ් පෝන් නම්බ එක..අවුරුදු හතරක් ගෙවිලා නිසා වැඩ කරාවිද?මන් කෝල් කරනකම් ඔයා බලන් ඉන්න ඇති..ශිට්,,

මන් ඉක්මනට ඒ නම්බ එකට කෝල් එකක් ගත්ත…

ඔබ ඇමතු ඩයලොග් ජන්ගම දුරකතන අන්කය බාවිතයෙ නොමැත…

ශිට් ශිට් ශිට්..මට මා එක්කම තරහයි..අහ් හිතෙ ඇදුනු බලාපොරොත්තුව..ශිට්..අහ්..බැ..බැ..මට බැ..දෙතුන් පාර ට්‍ර්‍යී කලත් එකම උත්තරෙ..අනෙ බෑ අයියො..

සේරම සේරම සේරම මගෙ පිලිවෙලක් නැතිකම,කම්මැලිකම්,මට මාවම මරන් කන්න තරම් කේන්තී..අයියො බෑ..ඇයි මන් මේවා අස් නොකලෙ,අනෙ අයියෙ ආදරෙයි මන්,කෑගහලා අඩන්න ඕනී..අහ්..මන් ඇද උඩ තිවුනු සේරම කොට්ට බිමට විසික් කලා ,,හා අයියො බෑ..ටෙඩියෝ ටිකත් තැන තැන විසික් කලා, අනෙ සේයෝ,,මෝඩි ගෙම්බි..වැඩ කරන්නෙ නෑ අයියො..

මන් ඇදෙ දිගාවෙලා ඇඩුවා..ඇති වෙනක්ම් ඇඩුවා..අහ් කේන්තියි..එපා මේ මුකුත්..එපා එපා එපා, අයියො..ශිට්..

පෝන් එක පොලේ ගහන්ඩ තරම් කේන්තී..අනෙ ඔයා බලන් ඉන්න ඇති..මන් කෝල් නොකරපු නිසා ඔයා එන්න නැතිව ඇති..අහ් අනෙ…තාමත් සේයා ඔයාට ආදරෙයි දෙනෙත් අයියෙ..අනෙ..

ඒ පාර පෝන් එක වයිබ්‍රෙට් වෙනවා..අහ් මට ඕන කෙනා නැතුව වැඩක් තියෙනවද මේ පෝන් එක..ශිට්..මන් පෝන් එක විසික් කලා ඇද යටට..ඕන් නෑ..

චූටී දූ කෝල්.එකක්..

මගෙ පෝන් එකට කෝල් කරපු මලායකා ගෙදර පෝන් එකට අරන්..ශිට් අනෙ ..

(මතු සම්බන්දයි ) 

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *