12. වන කොටස.

මියෙදෙන තුරා….

* අර ඉන්නේ ශාලින්ද අයියා.*

පුංචී නංගී කෙළවර අසුනක වාඩී වී සිටි ශාලින්ද මල්ලී පෙන්වමින් කිව්වා .අපි දෙන්නා කෙමෙන් ඒ පැත්තට යද්දී ශාලින්ද මල්ලිට අපිව නෙත ගැටුනා. ඔහු සිනා මුසු මුහුනින් අපිව පිලිගෙන මට අත දිගු කළා. මම සිතුවිල්ලකින් තොරව අත පෑවා. මා අතින් අල්වා දෙකොපුල් මත ඔහුගේ උණුසුමු දෙකොපුල රැදෙව්වා. මා සිතට දැනුනේ අපහසුතාවයක් වගේම ලැජ්ජා මුසු හැගීමක්. පුංචි නංගීගේ සතුට දෑසින්ම කියා පෑවා.

පුංචි නංගිට වඩා සුපුරුදු මෙම සමාජ ක්‍රමය මට නුහුරු වීම නොරහසක් වුයේ මම නිවසින් ඉලියට නොයාමයි. ගෙදර පැවති සාදයකදි වුව මා හැකි තාක් මගහැර ඉන්නට උත්සහා කළ නිසා අමුත්තක් දැනුනා. නුහුරු හැගීමත් සමග අලංකාර කුඩා වීදුරු මේසයක් වට වූ අසුක් අැද වාඩී වුනා.

*මම විශ්වාස කළේම නෑ අක්කා ඒයි කියලා. නිලු කිව්වට.*

*මම කිව්වෝ ඒක කරනවාමයිනේ.*

පුංචී නංගීද කතාවට ඒක් වුනා. මම නිහඩ සිනහවකින් පිළිතුරු දුන්නා.

*ඉතිං අක්කී කොහොමද?*

*මම නම් හොදින් ශාලින්ද මල්ලී.*

*බලන්නකෝ ඒදා නිලූ ඔයා ගැන කිව්ව බොරුව. මට නම් හරිම කේන්තී මෙයා ඒක්ක.*

*ඒක දැන් වෙලා ඉවරයින්නේ හිතන්න ඒපා.*

*ඒත් අක්කී*

*ඔයාට ගොඩක් ස්තූතීයි මල්ලී.*

*ඒ අැයි අක්කී.*

*නංගි හිතන පතන විදිය වෙනස් කලාට.*

*තැනට ගැලපෙන විදියට වෙනස් වෙන්න හැමෝම පුරුදු වෙන්න ඔනේ. තමන් හිතන විදියම හැමෝට හරි යන්නේ නෑ. සිංහල රටක ඉපදිලා රට තාලෙට හිතන පතන ඒක වැරදි.*

*හ්ම්ම්ම්ම්*

ඒවෙලෙහී අප අසලට අා හොටල් සංකීර්ණයේ සේවකයෙකු විසින් අපි වෙත නැවුම් පානයක් පිළිගන්වුවා. පැය භාගයක් පමන කාලයක් කතා කරමින් සිටි අපි බොහෝ සෙයින් මුතුරු වුනා. මා සිත තුල වු පැහැදීම තව තවත් තහවුරු වුනා.

* නිලු අපි අද පොඩි ගමනක් යමුද?*

*කොහෙද ශාලින්ද අයියේ.*

*අපි තුන්දෙනා පංසල් යමුද? ලංකාවට අාවත් හරී තාම පන්සලකට යන්න ලැබුනේ නෑ.*

*ඒක හොද අදහසක් . ලොකු අක්කී කැමතී නේද?*

*ඒක කොච්චර දෙයක්ද. යමු.*

*දෙන්නම මගේ හිත කියවලද මන්දා සුදු පාටින් දිගට අැදලා. පංසල් යන්න හිතානම වගේ අැවිත් තියෙන්නේ.*

ශාලින්ද මල්ලී අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලමින් හිනා වුනා. අැත්තට හේතුව වටහා ගන්නට බෑ මගේ හිත සුදු අදින්නම කිව් නිසා මම අැන්දා විතරයි. මගේ සිත නැවතත් කල්පනා ලොකෙට පිවිසුනා.

පංසල් යන්න ලැබෙන ඒක නම් ලොකු දෙයක් . මගේ අන්තිම කාලය පංසල් ගිහින් පින් දහම් කරගෙන සැනසීමේන් ඉන්න ලැබෙනවා නම්. පෝයට විතරයිනේ මට පංසලට වත් ඒන්න ලැබෙන්නේ. මගේ හිතට අැතුල් වුනේ ඒ පිලිබදව ලොකු දුකක්.

*ඒ කියන්නේ ශාලින්ද අයියා කලින්ම පංසල් යන්න පෑලැන් කරන්ද අාවේ.*

*ඔව් නිලු නැත්තම් මම සුදු අදිනවද?*

*හරිම කපටියෙක් තමා.*

*පිං අතේ වැඩ වලදී කපටි කම් කලාට කමක් නෑ.*

*ඒහෙමද?*

පුංචී නංගීයි, ශාලින්ද මල්ලීයි පොඩි ළමයි දෙන්නෙක් වගේ වචන පටල ගන්නවා මම හිනා වෙවී බලාන හිටියා.

*යමු යමු තව පරක්කු නොවී.*

*අැයි පංසලට යන්න නැකතක් තියෙනවද?.*

*නෑ…. කැන්දන් යන්න නම් නැකතක් තියෙනවා.*

අපි ශාලින්ද මල්ලිගේ සැප පහසු අළුත් කාර් රථය නැගුනා. පැය කාලකින් පමන අපි නිසංසල පංසල් භුමියකට අැතුල් වුනා. ඒය තරමක් ගමක් අැතලකට වන්නට පිහිටා තිබූ පංසලක්. කොළ පැහැ ගස් වලින් සෙවන වූ සෞම්යි පූජා භූමියට අපි අැතුලු වුනේ පාවහන් වානය තුලම තබමින්. කාරයේ පිටුපස හැර ශාලින්ද මල්ලී කවර කීපයක් ඒළියට ගත්තා.

*මෙයා නම් හරිම නරකයි ලොකු අක්කී. මෙයා පන්සල් යන්න පැලෑන් කරගෙනමයි අැවිත් තියෙන්නේ.*

ශාලින්ද මල්ලිගේ අතේ වු මල් කවරය දැකීමෙන් පුංච් නංගී චෝදනා කරන්න වුනා.

*මාට ඔනේ වුනේ ඔයාලව පුදුම කරන්න. ඉතිං නරකද.*

අපි තිදෙනා ඒකටම පා තබමින් සෑ මළුවට පිවිසියා. පංසල් භුමිය මා සිත තුල අැති කලේ සැනසිලි සුවයක්. සෑ මළුව පුරා විසිරුන සුදු පැහැ සිහින් වැලි දෙපයට සුවය ලබා දුන්නා, හමා අා සිලිල් සුවද මල් සුවදත් , හදුන් කූරු සුවදත්, රත් වූ පොල් තෙල් සුවදත් නැහැට ගෙන දුන්නා. සියලුම ස්ථාන වැද පුදා ගත් අපි බෝ සමිදුන්ට මුහුන දී වැලි පොළව මත හිද ගත්තේ තෙරැවන්ගේ අාසිර්වාද ලබා ගන්න. අපි සිහින් හඩින් පන්සිල් සමාදන් වුනා.

*අනේ සුමේධ අයියේ ඔයා මෙහේ.*

*හලෝ ශාලින්ද මල්ලී හුග කාලෙකින්. කොහොමද ඉතින් සුදු වෙලා මහත් වලා. *

පසකින් අැසුනු කතා බහ නිසා මම දෑස් විවර කර බැලුවා. ශාලින්ද මල්ලී අවුරුදු තුනක පමන දරුවෙකු වඩා ගත් අවුරුදු 45ක් පමණ පෙනුමැති අයෙකු සමග කතා කරමින් ඉන්නවා. පුංචී නංගියිත්, මාත් ඔවුන් අසලට ගියා.

*කොල්ලා අපටත් හොරෙන් කසාදයකුත් කරගෙන වගේ.*

*තාම නෑ සුමේධ අයියේ වෙඩින් ඒක ළගයි අයියටත් කියනවා අනිවාරෙන්. *

*හරි. හරි ශාලින්ද මල්ලී අපි ඒනවා අනිවාර්යෙන්.*

* මේ ඉන්නේ නිලූෂා මම මැරි කරන්න ඉන්න කෙනා. මේ ඉන්නේ ඒයාගේ අක්කා නිල්මිණි.*

ඔහු ඒක අතකින් දරුවාද වඩාගෙන අපට අතට අත දුන්නා.

* ඒතකොට මේ ඉන්නේ සුමේධ අයියා . මේ ඉන්නේ ඒයාගේ චූටි දූ..*
ශාලින්ද මල්ලී සුමේධ අයියා අතේ වූ දියනියගේ කම්බුලක් සිනිදුවට මිරිකමන් කියා සිටියා. කුඩා දරුවා ලැජ්ජාවෙන් මුහුණ තම පියාගේ උරහිසේ සගවා ගත්තා.

*සුමේධ අයියේ ලොකු කරදරයක් වුනා කියලා අාරංචී.*

*අනේ ඔව් මල්ලී අවුරුද්දේ දානයත් කිට්ටුයි. මම මේ ඒක මතක් කරන්නත් ඒක්ක පංසලට අාවේ.*

*කවුද සුමේධ අයියේ දරුවෝ බලා ගන්නේ.*

* අම්මා තමා. අම්මාත් දැන් ලෙඩ ගානේ ඉන්නේ. ඒයාටත් බෑ දැන් ළමයි බලන්න.*

*ලොකු දුව කෝ*

*ඒයා ශිෂ්‍යත්ව පංති ගිහින් ශාලින්ද මල්ලී.*

ඔවුන්ගේ කතා බහින් අපිට වැටහුනා දරුවන්ගේ මව මිය ගොසින් වසරක් ගතවී අැති බව. සුමේධ අයියාගේ අතේ වූ දරුවා මා සමග හිනා වන්නටත්, නැවත මහුණ සගවා ගන්නටත් පටන් අරන් තිබුනා. දරුවන් සුරතල් කර පුරුද්දක් නොමැති මා අැය හා සිනා සුනා. ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා ඒ ගෙදරම හිටියත් මම ඔවුන්ව සුරතල් කරනේ නැත්තේ, පොඩි දරුවන් සමග මිතුරු වුන විට මගේ නිදහස නැති වේ යැයි මම සිතුව නිසා.

*චුටි දූ නිල්මිණි නැන්දට කැමතී වගේ.*

* ඒක තමා මාත් බැලුවේ.*

ශාලින්ද මල්ලී සුමේධ අයියයි මගේ දිහා බලලා කතා වුනා.

*නැන්දී ශොයී.*

*චූටි දූ යනවද. ඒනම් නැන්දි අතට.*

*චූටි දූට බා..*

*අැයි ඉතිං නැන්දි ශෝයිනේ.*

*නැන්දී අඩගැව්වේ නා නේ.*

අැගේ සුරතල් කතාවට මගේ සිත අැදී ගියා. ලොකු මල්ලිගේ දරුවන් වුව වඩාගෙන තිබුනේ කිහිප වතාවයි. මම සිගිති දියණිය දෙසට දෑත් දික් කලා.

*ඒන්න චූටි දූ.*

දරුවා මා අඩගහන සැනින් මගෙ දෑතට පැන්නා.

* පුදුමයි ලේසියෙන් කෙනෙක් ළගට මෙයා යන්නේ නෑ.*

අපි වන්දනා කර අවසන් නිසා සියලු දෙනා වහන නවතා තිබූ පෙදෙසට ගමන් කලා. මම දරුවාද වඩාගෙන ඔවුන් සමග ගමන් කලා.

*කියන්න බලන්න චූටී දුගේ නම.*

* මගේ නම… චූටි දූ නේ නැන්දී.*

*අනේ ලස්සන නමක් . චූටි දූ මොන්ටි සොරි යනවද?*

* යනවා. මම මේ නැන්දි ඒක්ක විතලයි කතා කලන්නේ. ඔයා නොටී නැන්දී.*

නංගි ප්‍රශ්න කරද්දි චූටි දූ මගේ බෙල්ල බදා ගනිමින් කිව්වා. සුමේධ අයියයි. ශාලින්ද මල්ලී කතා කරමින් ඉස්සරහින් ගියා.

*ඔයානේ නොටී බබා. ටීචර් ඔයාට කියන නම කියන්න බලන්න.*

*ෂයිනී*

ඊ ළග කොටසින් හමු වෙමු…… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *