12 වන දිගහැරුම 

චිනූට හිනාවකින් සංග්‍රහ කරගෙනම වාහනය පැත්තට ආවෙ වෙන කවුරුත් නෙවෙයි සෙව්මිනි….
සෝනුට හොදටම කේන්තියි….ඒත් පාලනය උනා ….චිනූ කොහොමටය්හ් පණ්ඩිතයෙනෙ…..

“හායි අක්කී….එන්න එන්න…යමු….”

චිනූ හිනාකටින්ම සෙව්මිනී ව පිළිගත්තේ උනුසුම්ව වැළදගනිමින්…

“හහ්…මේකිනම් …..මිනිහට වෙන ගෑනු හොයනවා මදිවට හායි හූයි ගග පිලිගන්න ලස්සන ගොන් අලේ…..”

කොල්ලා හිතිවේ කේන්තියෙන්….

“හා හා නගිනවා දෙන්නම ….මේක මහ පාර….”

සෙව්මිනිටත් ආරාධනා කරගෙනම කෙල්ල හැදුවේ වාහන්‍රෙ ඉස්සරහින් නගින්න පුරුදු ආව විදියටම….
ඒත් සෙව්මිනී ඉකමන් උනා….සූක්ශමව චිනූට කලින් ඉදිරිපස දොරට අත තැබුව නිසා චිනූ නිහඩවම පසුපසට ගොඩ උනා….
සෝනුට හොදටම කේන්ති ආවත් චිනූගේ පණ්ඩිත වැඩවලට තිබුණු තරහා නිසාම ඔහේ කට පියාගෙන හිටියා…

“හොද වැඩේ බටු ඇටේට……වෙන වෙන ගෑනු අරන් ඇවිත් වයිෆ් වෙලාත් පස්සෙන් යන්න උනානෙ…”

කොල්ලා හිතින් හිතුවා….

චිනූ හැමදාමත් අම්මාව පස්සට දාලා තාත්තා එක්කත් වාහනේ ඉස්සරහා තමයි ගියේ…ඒ ඇය ආසම විදිය…..ඒකනායක පවුලට ලේලිය විදියට ඇවිල්ලත් කෙල්ල කසෝනුගේ අම්මව පස්සට දාලා සෝනුගේ තාත්තාගේ වාහනෙත් ඉස්සරහමයි ගියේ….ඒ ඇගේ හැටි….නමුත් අද ඒ තැන සෙව්මිනී අරගෙන නිතරගයෙන්ම….කෙල්ලට දුකක් ආව චූටි….වාහනයේ ඉදිරිපස අසුන නැතිවීම ගැන පමණක් ම….😂ඔන්න චිනූගෙ තරම….

සෙව්මිනී මවාගත්ත ආඩම්බරේකින් හිටියේ…එය හිතන් හිටියේ තමාව ගෙන්න ගත්තෙ සෙනේශ් කියලයි….චිනූ ඉතින් කතා කළේ ඒ වගේනේ….

කොහොම හරි චිනුත් කතා පෙට්ටිය ටිකක වහගෙන ආවා…..තරමක ගමනකට පස්සේ කට්ටියම අවිස්සාවේල්ල පෙදෙසේ කලුඅග්ගල ලේෂර් වර්ල්ඩ් වෙත ආවා….

සෝනූ 3දෙනාටම ෆුල් පැකේජ් එක සහිත ටිකට් 3ක් මිල දී ගත්තා….

කෙල්ල සෙව්මිනී ත් සමග ගැහැණු ළමුන් ඇදුම් මාරු කරන පැත්තට ගිය අතර සෝනු අනෙක් පසට ගියා….

සෝනු ස්විම් කිට් එක ඇදගෙන ඇවිත් බලන් හිටීයේ චිනුල එනකම්….
චිනූයි සෝනුයිනම් යන්නෙ විනෝදගමනක් නිසා කොහේ ගියත් නානා එක ශුවර් නිසාත් ඒවාට සරිලන ඇදුම් අරගෙනයි ආවේ…නමුත් සෙව්මිනී කිසිවක් ගෙනාවේ නෑ….නයිලෝන් හැරෙන්නට අනෙක්වා ඇදන් යාමට නොදෙන නිසා චිනූ නිහඩවම සෙව්මිනී ගේ ඉල්ලිමට ඇගේ ඇදුම් සෙමිනිට දුන්නා….අනේ ඉටිම් චිනූ නේ….😂

සෙව්මිනිත් චිනූට්න් එද්දි සෝනු කට ඇරන් බලන් හිටියේ ඇදන් ආව ඇදුමෙන්ම චිනූ එන නිසා….කොල්ලට තේරුනා උන දේ….

“බටු ඇට්වෙ වගේ තමා….මොලේත් අබ ඇටයක් තරම්වත් නැද්ද කොහෙද මේ හරකිගේ…..”

කොල්ලා හිතුවේ කේන්තියෙන්..

“මොකද චිනූ මේ….”

“මේ අක්කි ස්විමින් කිට් ගෙනත් නෑනේ…..ඉතිම් මම දුන්නා….කමක් නෑ ඔයාලා නාන්න…මම ඉතිම් තාත්ත් එක්ක ගොඩාක් ඇවිත් තියේනේ….සෙව් අක්ක ඇවිත් නෑළු…..පව්නේ..”😊😊

චිනූ කීවෙ බෙල්ල ඇල කරන් ඔහු දිහා බලාගෙන……සෙව්මිනී කළේ ඔහේ බලන් හිටපු එක….

සෝනු හැරිලා ගිහින් ලොකර් එකෙන් ආයෙත් පර්ස් එක අරගෙන ආවා…

“මෙහෙ එනවා….”

චිනූගෙ අතකිනුත් ඇදගෙන කොල්ල ගියේ සෙව්මිනී දිහාවත් නොබලයි…..සෝනු ගියේ එහිම තිබෙන ස්විම් කිට්ස් ඇති ශොප් එකට…මුදල් ගෙවල ඈට ඕන දේවල් ඔහු අරන් දුන්නා….කෙල්ල බලන් හිටියා විතරමයි….මුකුත් කීවෙ නෑ….දැනුනා කොල්ලා ඉන්නේ කේන්තියෙන් කියලා….

“ගොන් හරකි….තමුසෙට පිස්සුද?ඉල්ලන ඕන දෙයක් දෙනවද ඕන එකෙක්ට?”

“එයා ඇදුම් ගෙනාවේ නෑනේ ඒකයි…..අනික මමනේ දිගංචියෝ එක්කන් ආවේ….හරි නෑනේ ඉටිම්…..”

සෝනි නෙවෙයි ගානකට ගත්තේ…. වේගෙන් ගමන් ක්ළා කොල්ලා…කෙල්ල පස්සෙන් ගියේ දුවගෙන වගෙයි….
දුවලා ගිහින් කොල්ලගේ අතේ එල්ලුනා….සෝනු ඇස් කොනින් බැලුවේ මේ කෙල්ලගේ හුරතලේ දිහා….

මොහොතකට හිතුනා අර ඇනයක් එක්කන් අවේ නැත්තම් කියලා….
සෝනු ඉන්නේ තරහෙන් නිසාම කෙල්ල යන ගමන්ම උඩ පැනලා කොල්ලගේ කම්මුලක් සිපගත්තා….😘😘
මේ දේවල් දිහා සෙව්මිනී බලන් හිටියේ….මොකද සෝනුත් චිනු ට්ජ් ඈට පේන මානයෙයි හිටියේ….කොල්ලා ඒක දැක්කා….

සෝනුත් ටිකක නැවතිලා චිනු දිහා බලලා චිනූ නොහිතුව දෙයක් තමයි කළේ…
කෙල්ලගේ ඉනෙනෙ ඇදලා අරන් වටේ ඉන්න පිරිස් ගැනවත් නොතකා සොනු කෙල්ලගේ කොපුලක් තදින් සිප ගත්තා ….ඔහුගේ වැඩුණු රැවුල ඇනුන නිසා චිනූට රිදුනා…

“ඌයියා හරකෝ…..රැවුල් මොටා….”

සෝනුට ඇද කරලා කකුලකුත් පාගගෙන චිනු දුවලා නතර උනේ සෙව්මිනී ගාවට ම ගිහිල්ලා……

කොහොමහරි මුලින්ම කට්ටිය ගියේ ජල ක්‍රීඩා වලට…. අනේ ඉතිම් සෝනුට ගෑනු දෙන්නෙක් බලාගන්න උනානේ….
චිනූටනම් ලොකු බයක් තිබුණේ නෑ සෙල්ලම් වලට…ඒත් සෙව්මිනී ව එක්කන් යන්න උනා සෝනුට…..සමහර ඒවට බයේ සෙව්මිනී හිටියේ සෝනුගේ කරේ…..

තම ආයතන ප්‍රධානියා ඔහුබව ඈට අමතකව ගියා වගෙයි….මේ ඔක්කොම චිනු නිසා කියලයි කොල්ලට හිතුනේ…..😠😠😠

ගෙදර ගිහින් අල්ල ගනයි කොල්ලා හිතන් ඉන්නේ කෝමත්…..

මෙහි මුහුද හා සමානව රැල්ල ලබාදෙන ක්‍රීඩාවක් තිබෙනවා….එයටත් ගියා තුන්දෙනාම…….එහිදීත් ගැස්සීමට සෙව්මිනී හැදුවේ සෝනුව වැලද ගන්න…

“බයනම් ගොඩින් ඉන්න සෙව්මිනී …..”

කියමින් චිනූව ඇදගෙන ගිය්යේ වතුරට….

“දිගංචියෝ සෙව් අක්ක පව්නේ..මට ස්ව්ම් පුළුවන්….”

“මෙහෙ වරෙන් මගුල…”

චිනුගේ බදවටා අත දාගෙනම කොල්ලා හිටියේ හෙල්ලෙන්නවත් බැරුව…..සෝනු චිනූවත් අරගෙන වතුරේ ගැඹුරටම ගියා….කෙල්ල බෙල්ල වටේ අත දාගත්ත නිසා සෝනු ඈව හරහට ඔසව ගත්තා….

දෙඇස් මොහොතකට ගැටුනා…..බලන්න බැරි මොනදදෝ දෙයාක් චිනූට දැනුන නිසාම කෙල්ල සෝනුගේ බෙල්ල අස්සේ මූන තියාගත්තා…..
මේ දෙන්න වටේ අයටනම් පෙනුනේ හරි ආදරණීය යුවලක් ලෙසටයි……
කොල්ලට දැනුනා චිනුගෙ උනුසුම…..ඇය ටිකක ලැජ්ජා වෙලාදෝ කියලත් හිතුනා…..

“චිනු ඔලුව උස්සනවකෝ……”

මේකා චිනූ කියන්නේ හොදකට නෙවේ කියලයි කෙල්ලට හිතුනේ…ඒ හින්දා තදිම ඔහුගේ ගෙල බදාගෙන උන්නා….

“ඔළුව ඉස්සුවේ නැත්තම් බෙල්ල කිස් කරනවා සෙව්මිනී ට පේන්න….”💋💋

එහඅ කියද්දීනම් කෙල්ල ඉක්මන්ට හිස එසෙවුවා…

“ආ ඒ කියන්නේ ඔයා සෙව්මිනී ට කැමති…….”

චෙනායා ඇහුවෙ හිනාවෙලා….😊😊😉

“එහෙමද හිතන්නේ…….’😟😟

සෝනු ඇහුවේ සුසුමක් හෙලලා…

“හ්ම්….හ්ම්….”

මේ දෙන්නගේ හැසිරීම හුරතලේ දිහා සෙව්මිනී බලන් හිටියේ හිස් බැල්මකින්…කිසිම හැගීමක් නැති…….. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *