13වන දිගහැරුම.

කොහොම හරි තුන්දෙනාත් එක්කම ලෙශර් වර්ල්ඩ් එකේ හවස් වෙනකම්ම සෙල්ලම් කලා ….විනෝද උනා හිතේ හැටියට….
හවස් වෙලා කටියම නවතින්න ආවෙ පුවක්පිටියේ සුන්දර පරිසරයක පිහිටල තිබුණ විලා එකකට….ඒ පැත්තේ කොහොමත් තෙත් කලාපය නිසා පරිසරයේ තියෙනේ අමුතුම ස්වභාවික සුන්දරත්වයක්…..
චිනූනම් ඉතින් වාහනේ පස්සටම ගියා යද්දිත් හිතලාම…
වාහානේ යනගමන් කේල්ල ග්ලාස් එක ටිකාක් ඇර ගත්තා….
පරිසරය විදගන්න ආස හිතුන නිසාම…..

“ඒයි බටු ඇටේ පිස්සුද තමුසෙට ආ…වහනවා ඕක…එලියෙන් එක ජරාව ආවම මේකේ ඉන්න බෑ ….”

“අනේ මේ දිගංචියෝ …එහෙනම් ඔක්කොන්ටම කලින් ඔයා බහිනවා එලියට….”

“ඒ මොකද?මගෙ වාහනෙන් මම බහින්නෙ…?”

“ආ ඉතින් එලියේ ඉදලා ආව ලොකුම විශබීජෙ ඔයානෙ ඉටිම්…….😂😂

කියමින් කෙල්ල හයියෙන් හිනාවුනා….සෙව්මිනීටත් හිනා මේකට….කෙල්ල පොඩි එකෙ වගේ කියලා තමයි සෙව්මිනීට හිතුනෙත්….අනික මේ වගේ පොඩි කෙල්ලෙක් සෙනේශ්ට ගැලපෙන්නේ නෑ කියලත් හිතුණා…
සෝනුටනම් ඉතින් කේන්තියි ටිකක මේකි එයාව සෙව්මිනී ඉස්සරහත් පල් කරනකොට…..😬😬😬

කට්ටියම ආවේ ඩොන්ස් ලේක් රිසෝට් නම් විලා එකකට…..කන්දක මුදුනේ වගේ ඉදලා පහලට වෙන්න තැනින් තැන විලා හදලා තිබුණා හරිම ලස්සනට….

කොල්ල විලා එකක් බුක් කරද්දී හිතලාම ගත්තේ රූම් දෙකක් විතරක් තියෙන විලා එකක්….ඕන උනේ චිනූ කරන දේ බලන්නයි….

නිවස ඇතුලට ඇවිත් කෙල්ල බෑග් එහෙමත් ඔහේ දාලා අතපය දිග ඇරලා සෝෆාවට වැටුනේ කොල්ලාව හිනා ගස්සමින්…..

“මෙකිටනම් තියෙන්නෙ පුදුම ගායක්….”
හිතින් හිතමින් කොල්ලා ඉක්මන්ට කාඅරයක් තෝරගෙන ගියා….කෙල්ල ටිකක ඇවිදලා බැලුවා….තට්ටු දෙකක් තිබුනත් උඩ එක කාමරයයි පහළ එක කාමරයයි තිබුණේ….කෙල්ලත් හොදට පැටළුනා…
තමන් සෙව්මිනි ව සෙනේශ් ට ජෝඩු කරන්න හදද්දී කෝමද සෝනුත් එක්ක එක කාමරේ ඉන්නේ කියලා….

සෙව්මිනී ත් බලාගෙන හිටියා වෙන්නේ මොනවද කියලා…

චිනු සෙව්මිනිට හිනාවක් දාලා සෝනු හිටපු කාමරේට රිංගගත්තේ හොර පූසියෙක් වගෙයි….
කොල්ලානම් දැන් චිනූ හැරෙද්දි දන්නව කරන්න යල මැටි වැඩවල තරම…

“කෝ බටු ඇටේ බෑග් එක අරන් එනවා ඉතින්….”

සෝනූ කීවේ ගානක් නැතුව….

“මේ අයියේ….මේ මේ……”

“මොකද ඕයි තෙපරබාන්නේ…..කියනවකෝ කියන දෙයක්…..”

“මේ ….සෙව්මිනී ත් ඉන්න නිසා කාමරේ…..අපි..දෙන්..නා ඉන්න.එක….”

සෝනු හිතුවා හරියටම හරි…මේකි එන්නේ හිතුව කාරණාවටම තමයි….සෝනුට ආවේ කේන්තියක් මේ මෝඩ කෙල්ලට්ජ් එක්ක…..
ඇදෙන් නැගිටගත්ත සෝනු කෙල්ල්ගෙ අත් ගොබ දෙකෙන් අල්ල ගත්තෙ තරහින්..

“ආව් අයියෙ…අතාරිනවකෝ…..”

“අතාරින්න….”

සොනූ එහෙම්මම කෙල්ලව අල්ලගෙන බිත්තියට තිබ්බා….තියලා කෙල්ලගේ මූණටම එබුනා….
ටිකක් වෙලා ඒ ඇස් දිහාම බලා හිටියේත් තරහින්….
චිනූ බිම බලාගත්තේ ඒ තරහා දරා ගන්න බැරි නිසයි….

“අහනවා ….තමුසේ මගෙ වයිෆ්….තමුසේ කැමති උනත් අකමැති උනත් ඒක එහෙමයි….අර එලියේ ඉන්නේ කවුද?මගෙ සෙකට්‍රි…..මගෙ සේවකයෙක්…වෙන කවුද?මගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද නෑ…නෑයෙක්ද නෑ…..සේවකයෙක් විතරයි…..තමුසේ කරන්නේ පඩි වැඩ චිනූ……මේ කාමරේ අස්සට ඒකිව දාලා මාව යකෙක් කරන්න හදන්න එපා….තමුසේ මගේ කේන්තිය හරියට දැකලා නෑ තාම….තේරුණාද?”

සෝනු කියන් ගියේ අත්ගොබ තවත් මිරිකමින්…කෙල්ලට රිදුනා ගොඩාක්…ඒත් වෙනදා වගේ කිවගෙන යන්න බය හිතුනා…කෙන්තිය නිසා ඔහුගේ…..ඒ ඇස්වල කදුළු සෝනු දැක්කත් ඒක ගනන් ගත්තේ නෑ…

“කරුණා කරලා ගිහින් බෑග් අරන් එනවා….”

“එහෙම නෙවෙයි මම කරන්න හැදුවේ….”

කෙල්ල වචන අහුලගත්තා අමාරුවෙන්…

“එහෙනම්….”

“එයයි මායි එක රූම් එකේ ඉන්නයි හිතුවේ…”

“ආයේ ආයේ කියන්න තියන්න එපා යකෝ මට…..උඹයි මගෙ ගෑනි…..”😠😠😠😠😠

එවරන්ම් කීවේ කෑගහලා…..කෙල්ල ඇස් පියගත්තා තද කරලා ගහයි කියලා බයටම…..😣😣😣😣

ඒත් කොල්ලා එහෙම කලේ නෑ….උන දේනම් චිනූට හිතාගන්නවත් බැරි උනා….

අත් අතඇරපු සෝනු කෙල්ලගේ කම්මුල් දෙපැත්තෙන් අත් යවලා චිනූගේ කොපුල් තදින් අල්ල ගත්තා…ඒත් එක්කම කෙල්ලගෙ දෙතොල් වලටයි බර උනේ…..මෘදුව මොලොක්ව නෙවෙයි තදින් ඒ දෙතොල් සිපගත්තේ සෝනු……කෙල්ලගේ ඇස් බෝල ගෙඩි දෙකක් වගේ උනා….දෑතින්ම ඔහුව තල්ලු කලත් ඔහු හෙලවුනේවත් නෑ…..විනාඩි කීපයක්ම ඒ දොතොල් අල්ලන් ඉදලයි අතෑරියේ . . ……

කේල්ල ට කර කියගන්න දෙයක් නැති උනා….කිසිදාක නොලද පහසකි ඈ මේ ලැබුවේ… හිතට දැනුනේ නුහුරක්…..කියාගත නොහැකි…..

“චිනූ….මේක ආදරේට නෙවෙයි දුන්නේ……මතක තියාගන්නවා මේක මගෙ අයිතිය…….ටිකයි ගත්තේ……හැබයි සීමාව පැන්නොත් තව දුරට යයි…..සෝ ප්ලීස් චිනූ මාව ඒ තැනට ගේන්න එපා…..මගෙන් අයින් උනොත් ආදරේ කරන කෙනාට ඕව දෙන්න ඕන ඇතිනේ……පරිස්සම් වෙනවා මගෙන්….”

සෝනු කීවෙ කෙල්ලව බය කරන්නත් එක්කමයි…..තර්හින්ම එලියට ගිය සෝනු සෙව්මිනිට අනෙක් කාමරය පෙන්වා කෙල්ලගේ බෑගය දෙනැවිත් දැම්මා ඈ ළගට…..කෙල්ල උන්නේ තාමත් බිම බලන්…..

සෝනු බැලුවේ ඒ දෙතොල් දිහා……රෝස පාට තොල් රතුම රතු වෙලා තිබ්බා…..තමන් නපුරු උනා වැඩිදෝ කියලත් හිතුණා…..
සෝනු ඈට ළං උනා…..

“නංගී රිදුනද?සොරි මට කේන්ති ගියා…..”

කොල්ල කෙල්ලගෙ උරේකට අත තියලා කීවේ දුකෙන්….කෙල්ල ඇස් උස්සලා බලලා නැගිටලා ගියා ටවල් එකත් අරන් බාත් රූම් එකට…….

💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

🍇 මතු සම්බන්ධයි 🍇

Leave a Reply

Your email address will not be published. Required fields are marked *