13

~ ~ ** සිහිනයකි ඔබේ ආදරේ ** ~ ~
13 කොටස
සිදුවූ සියල්ලමන් සිදු වුවේ මගේ කැමැත්ත හෝ විමසා නොව …. තරිදුගේ පාර්ශ්වයේ කැමත්ත මත සියල්ල තීරණය වෙමින් පැවතුනි …මා ඇදිය යුතු ඇදුමේ පටන් මධුසමයට යා යුත්තේ කොයිද යන්න පවා තීරණය කලේ ඔවුන්ගේ කැමැත්ත මතය …. අන් මනාළියන් තමා කැමති ලෙස සියල්ල තීරණය කරනවා මා දැක තිබුනද මට එලෙස නොවිණි … මා ඔහේ උන්නා පමණි ….

‘නිකිණි මේ සාරිය ඔයාට ගැලපෙනවා නේ ….’

තරිදුගේ මව මා සමගින් සාරි බැලීමට ගොස් ඇගේ සිත් ගත් සාරියක් මා ගතේ දවටමින් පවසද්දී මා කලේ හිස සොලවා එය එලෙසම බව එකග වීම පමණි ..

‘නිකිණි මේ පාට තමා ඔයාට ගැලපෙන්නේ … ලස්සනයි නේද …’
එය මා කිසිදා ප්‍රිය නොකළ පැහැයකි
‘ ලස්සනයි …’ මා එය පැවසුවේ මගේ සතුට එය නොවන බව නොපවසමිනි
මෙය මා අකැමැති මංගල්‍යයකි …ඉතින් අන් සියල්ල මා කැමති පරිදි විය යුතු නොවේ ..

‘බබී මේ හෙයාර් ස්ටයිල් එක ඔයාට ගැලපෙනවා ….’
තාත්තා විවාහ ප්‍රදර්ශනයකින් රැගෙන ආ සගරාවක් මා දෙසට පාමින් පවසද්දී මා කිසිදු උනන්දුවකින් තොරව එදෙස බලා හොද යැයි පැවසුවෙමි …

‘ මම සැලෝන් එකට යනවා …. ඊට පස්සේ කාර්ඩ් ගහන්න දෙන්න යන්න ඕන …දෙවෙනි මනමාලිට සුනේත්‍රා අක්කාගේ දුව හොදයි නේ …මම අක්කා හම්බ වෙලා දුවට කියන්නම් ලැහැස්ති වෙන්න කියලා .. ප්ලවර්ස් ගර්ල්ස් ලා එක්කෙනෙක් හිටියොත් ඇති … ’
තාත්තා සියල්ලට දුවන්නේ පනින්නේ තනිවමය ….කිසිදු දෝෂාරෝපණකින් තොරව ඔහු සියල්ලම කරයි …ඒ තම එකම දියණිය ධනවත් පැලැන්තියක බේබදු බෑනෙකුට විවාහ කරදීමටය … ඔහු දැන හෝ නොදැන සිදුකිරීමට යන්නේ සිය දියණිය අපායකට තල්ලු කර දැමීම නොවේද ..

ඔයා ගෙදරට වෙලා ඉන්න …කොහේ හරි යන්න ඕන නම් මම්මා එක්ක යන්න ’
තාත්තා විධානය කර ගෙයින් පිටව යයි ….
තාත්තා තවමත් මා දෙස බලන්නේ සැකයෙනි .. ඔහු තනිව මට පිටතට යන්න නොදෙන්නේ මා සිහින අයියා අමතා ඔහු හමුවීමට මාර්ගයක් සකසා ගයි කියා සිතා විය යුතුය …

සිහින අයියා ඔහු මතකයට නාවා කිවොත් බොරුය ..අදහන්න ගෙවෙන හැම මොහොතකම මට සිහිවුවේය …ඒ ආදරයයි … අපේ සිහින සියල්ල බිදී විසිරෙන දිනය ලගදීම උදාවෙනවා නොවේද ..ඉතින් මා එක්කෝ හිත හදාගෙන මේ සියල්ලට සුදානම් විය යුතුය …නැති නම් සිදුවන දෙයක් සිදු උනාවේ යැයි සිතා නිවසින් පැන යා යුතුයි … විශ්වාශ කරන්න මා උන්නේ දෙගිඩියාවෙනි …. මා කරන ඕනෑම දෙයකින් කබලෙන් ලිපට වැටිය හැකිය ..

****
දින ගෙවුනේ ඒ භයානක දිනය ලංවෙමිනනි ….අවසර තිබුනා නම් ඒ රූපලාවන්‍යගාරයට යෑමට පමණි … අයියා උව නිවසට පැමිණියේ බොහෝ කලාතුරකිනි …. එයට හේතුව උවේද තාත්තා ඔහුගේ පෙමට එකහෙලා විරුද්ධ වීම විය යුතුය …
‘බබී මට රුවිනි ඕන ….. තාත්තා මම ලස්සනට ජිවත් වෙනවාට කැමති නැද්ද ..’
නිවාඩුවට ගෙදර පැමිණි අයියා කතා කරන්නේ බොහෝ කලකිරීමෙනි … ඉතින් මා සනසවා ගත නොහැකි කල මා ඔහු සනසන්නේ කෙලෙසද …මද සිනාවක් පෑවා පමණක්මය …

‘අයියා ….. අපි පොඩ්ඩක් එලියට ගිහින් සෙට් වෙමුද … ’

මා හමුවීමට නිවසට පැමිණ උන් තරිදු අයියා සමගින් කාරයෙන් ඉගිලී යනතුරු බලා උන් මා අයියාගේ කාමරයට එබුනෙමි …. ගලවා තැන තැන විසිකර තිබු ඇදුම් පිළිවෙලට අසුරා තැබූ මා අයියාගේ ගමන් මල්ල අතට ගත්තෙමි .. විශ්වාස කරන්න එහි පුරවා තිබුනේ මත්පැන් බෝතල්ය ….දුම්වැටිය….. පපුව නොදන්නා රිද්මයකට රිදෙද්දී …ලොකු කදුළු බිංදු ගොඩක් කම්මුල් තෙමද්දී හුස්ම හිරවෙන්නා මෙන් දැනුනේ අයියා විනාශ වෙන අයුරු දෑසින් දැකීමට මා පව් කර තිබීම නිසාය ..
අයියා ඔහු ලස්සනය …. ගුවන් හමුදා නිල ඇදුමෙන් සැරසුණු විට ඔහු ප්‍රතාපවත්ය …එවන් අයියා අද කෙට්ටු වී ඇදී ගොස්ය… ඔහු දුක් විදිනවා ඇත ..ප්‍රේමය නමින් බොහෝ දුක් විදිනවා ඇත …. අප දෙදෙනාම අද අසරණ වී ඇත්තේ ..තාත්තාගේ දරදඩු ප්‍රතිපත්ති නිසා නොවේද …

මා දෑස රිදෙනකම් බලා උන්නෙමි … සැදෑ අදුර සමග තරිදුගේ කාරය ගේට්ටුවෙන් ඇතුළු වෙද්දී මා පෙර මගට දිව ගියෙමි .. අයියා කාරයෙන් බැස්සේ වැනෙමිනි …

‘ඔන්න නිකිණි අයියාව පරිස්සමට ගෙනත් ඇරලුවා …’
තරිදු උන්නේ බෙහෙවින් බිමත්වය …. මතින් මත් වූ ඒ මුහුණ දෙස බැලීමට අපුලකි මට ඇති උනේ …
‘මම යනවා අයියා ..’
‘හරි මස්සිනා ගිහින් වරෙන් …’
අයියා බිමත් හඩින් පවසද්දී කාරය හරවා ගත් තරිදු යන්න ගියේ මා දෙස අසංවර බැල්මක් හෙළමිනි ….
වැනෙමින් උන් අයියා අතකින් අල්ලාගෙන කාමරයට රැගෙන ගිය මට අයියා කෙරේද ඇති වුවේ කෝපයකි …
පසුදා අයියා යන්න ගියේ මා හමුවකින් හෝ තොරවය … මගේ වේදනවා දෙගුණ තෙගුණ වුවේ අයියාගේ මේ හැසිරීමටය ….මට මදක් හෝ ආදරයෙන් සැලකුවේ අයියය … ඔහුට අසන්නට තිබුණි .. බබී ඔයා සතුටින්ද කියා පමණක් …එසේ නම් මට හිත සැහැල්ලු වන තුරු ඔහුට හෝ මගේ දුක පැවසිය හැකිව තිබුණි .. නංගි කොල්ලා හොදද කියාවත් නොඅසා ගිය අයියා ගැන මගේ සිත තුල ඇති වුවේ කලකිරීමකි .. ඔහුට ප්‍රශ්න ඇති බව මා දනිමි . …එහෙත් මගේ හිත මදක් හෝ සනසා අයියාට යන්න තිබුණි …

******
මා ඉවසීම හොදින් ප්‍රගුණ කරමින් උන්නෙමි ….. මම්මා තාත්තා මා වෙනුවෙන් මගේ මංගල්‍යය සදහා කැපවී උන් අයුරු දුටු විට මා සියල්ල වෙනුවෙන් ඉවසා දරාගත ගෙන ඔහු හා යා යුතු බව හිත පැවසිය … එක විටක සිත පැවසුවේ සියල්ලගෙන් පලිගැනීමට ඔහු හා විවාහ වී මා විනාශ වූ විට හෝ තාත්තාට මා ගැන අනුකමපා සිතේවි කියාය . ඉතින් මා සිත හදාගත්තෙමි දෛවයට ඉඩ දී සිදුවන්නක් බලා සිටීමට ….

ඉතින් දිවා කාලය ඔවැනි දේවල් සිතුවාට රැයේ නින්දට ගිය විට සිදුවුවේ අන් දිනවලටත් වඩා සිහින අයියා සිහිවිමය …..මා ඔහුට පෙම් කලේ වෙනකෙකුගේ පතිනිය වීමට සිතා නොවේ …. සිහින අයියාට මා පෙම් කලේ හිතේ අන් කෙනෙකු වෙනුවෙන් දීමට හිඩැසක් හෝ තබාගෙන නම් නොවේ .. අප පෙම් කලේ කොතරම් බාධක මැද්දේ ද …සැවොටම රහසේ මධ්‍යම රාත්‍රියද පසුවෙන තුරු අප දොඩමින් උන් දින කොතරම් තිබුනාද … ඒ සියල්ල අමතක කල නොහැකිය …. ඔහු වෙනුවෙන් මේ හිත තුල වෙන ප්‍රේමය තුරන් වීමට නම් මා මෙලොවින් චුත විය යුතුය …. කිසිවෙකුගේ හිත හැදීමට පෙර මට මගේ හිත හදාගත යුතුය …ඔහු නම්න් මා සිතේ පෙම මකා දැමිය නොහැක …. කවුරු හිත රිදවා ගත්තත් මට කිරීමට හැකි දෙයක් නැත …මා අප නමින් ජිවත් විය යුතුය ….දිවා කාලයේ තිබු සියලු සිතුවිලි අතුරුදහන්ව මා සිත තුල සිහින අයියා පමණක්ම රජ වී උන්නේය ..

ඇයි දෙවියනේ සිහින අයියා මට ඔහු හා එන ලෙස නොපවසන්නේ … මා දහස් වර එලෙස සිතුවෙමි .. නමුත් සිහින ඔහු බොහෝ අසරණ බව මා දැන උන්නෙමි …. ඔහුට අම්මාට තාත්තාට පෙම් කලේ දිවි දෙවෙනි කොටය …. ඔහු ඉන්න තත්වය නිසා ඔහුට කිසිම හදිසි තීරණයක් ගත නොහැකිය …. කුලී නිවාස වල ජිවත් වූ ඔවුන්ට ජීවත්වීමට තම්න්ගේ කියා නිවසක් හෝ ….. ස්ථිර රැකියාවක් නැත …. ඔහු පිළිබද සිතට ආ අමනාපය බිදී ගියේ මා ඔහු උන් තත්වය හොදින්ම දැන උන් නිසාය ..

*****.
‘සමාරා …. ‘

හදිසියේම නිවසට පැමිණි යෙහෙළිය දුටු මගේ සිතට දැනුනේ සතුටකි …ඇගේ මාර්ගයෙන් හෝ මට සිහින අයියා ගැන තතු දැන ගත හැකිවෙයි යැයි ක්ෂණික සිතුවිල්ල මගේ සිතට එක් කලේ ප්‍රීතියකි …හිරකාරියක් ලෙස උන් මට එයද සැනසීමකි ..

‘කොහොමද කෙල්ලේ … ‘’
ඇය වැළදගෙන මොහොතක් උන් මා ඈ දෙස බැලුවෙමි ..සමාරා යනු ටෙක් එකේ මා සමග එකට ඉගෙනගත් යෙහෙළියකි ….

‘ හොදයි … මම අපායට යන දවස ලංවෙනවා සමාරා …’
ඈ ඇදගෙන කාමරයට පැමිණි මා කතා කරද්දී කටහඩ බිදී තිබෙන්න ඇත ..
‘පිස්සි …. එහෙම හිතන්න එපා …බලන්නකෝ …. දුලාන් මාව හොරෙන්ම බැන්දා …අම්මා මොකුත් දන්නේ නැහැ අපේ තාත්තා මට හැමදේකටම හයියට හිටියේ .. තාත්තා තමා අපිට සල්ලි දුන්නේ ’
ඇය උන්නේ බොහෝ සතුටෙනි …ඇය අප සමග ඉගෙන ගත් දුලාන් නම් තරුණයා මිතුරුව උන් බව දැන උන්නද එය මෙතරම් දුර ඒ යැයි මා සිතුවේ නැත …සමාරා වාසනාවන්තියකි … මට නැති ඒ සතුට ඇයට ලැබීම ගැන මම හදවතින්ම සතුටු උවෙමි ..
‘ඔයා වාසනාවන්තයි සමාරා … ඔයාගේ තාත්තා ඒ අතින් කොච්චර හොදද .. බලන්නකෝ අපේ තාත්තා ඒකට හිට්ලර් වගේ එයා නම් …’
සමාරා මා දෙස බලමින් හිල්ලුවාය ….
‘දුක් වෙන්න එපා කෙල්ලේ …. ඔයාට දුකක් වෙන්නේ නැති වෙයි …..ඕනෑම දේකට මට කතා කරන්න මේ මගේ නම්බර් එක මට කතා කරපන් …’

ඈ යන්න ගියේ තම සැමියා සමග නැවත එන බව පොරොන්දු දෙමිනි …. සිහින අයියා ගැන අසන්න අමතක වූ බව මට සිහිවුවේ පසුවය …
සිහින අයියාට මා රැගෙන යන ලෙස කරදර කල නොහැකිය ඔහුට ප්‍රශ්න රාසියක් ඇත …ඉතින් මා සිතුවෙමි … මගේ ජීවිතය විනාශ කරගැනීමට වඩා මේ නිවසින් පැන ගොස් තනිව ජිවත් වීම යෙහෙකි යැයි කියාය ..

****

‘ බබී කෝල් එකක් ..’

මම්මා මා ඇමතුවේ මා නිවසින් පිටව යෑමට ක්‍රමයක් සිතමින් ඉන්න විටය … මේ වෙලාවේ මා අමතන්නේ කවුද කියා නොදැන මා දුරකතනය අතට ගත්තෙමි …

‘හෙලෝ …. නිකිණි ..’ එහා පසින් ඇසුනේ සමාරාගේ හඩයි …

‘සමාරා … ’

‘ කෙල්ලේ මම දුලාන් එක්ක ඔයාලාගේ ගේට් එක ලග ඉන්නේ …. පුළුවන් නම් පොඩ්ඩක් එළියට වරෙන් … ‘’

‘හිටපන් මම එන්නම් …’

දුරකථනය මම්මා අතට දුන් මා ඇයට රහසින් හොර බැළලියක සේ මිදුලට බැස්සෙමි …. කිසිවෙකු පේන්න නොසිටි මොහොතක මා ගේට්ට්ටුවෙන් එලියට පැන ගතිමි …

‘ මොකද මේ දුවගෙන ආවේ . …බයවෙලාද ඉන්නේ ..’
ඇය මගේ මුහුණේ ස්වරුපය දැක බියවෙන්න ඇත ..
‘උබ දන්නවානේ …ගෙදර ඇය මන් ගැන සෙවිල්ලේ ඉන්නේ …. පොඩ්ඩක් එහාට මෙහාට වෙන්න බෑ … සමාරා මට ලොකු උදව්වක් … මට නවතින්න තැනක් හොයලා දීපන් …. ‘
‘ එතකොට වෙඩින් එක …’
‘මම ඒ වෙඩින් එකට කැමති නැහැ සමාරා …මම ගොඩක් හිතලා මේ තීරණය ගත්තේ .. මට මේ උදව්ව කරපන් කොහේ හරි මට නවතින්න තැනක් හොයලා දීපන් ..’

‘හරි ටික දවසක් ඉවසපන් … මම ඉක්මනට තැනක් හොයලා කියන්නම් ..’

‘එහෙනම් මම යන්නම් ….කෙල්ලේ …මම්මා මාව හොයයි ..’
මා සමාරාගෙන් මිදී නිවස දෙසට දිව්වේ මහා ලොකු බලාපොරොත්තුවක් හිතට එකතු වෙද්දීය … ලගදීම දවසක ඔහුගේ මනාලියක වී තරිදු හා කුලගෙට යෑමට වඩා නිවසින් පලායාම යෙහෙකි …

ඉන් අනතුරුව එලබී දින කීපයම මා සැලසුම් කලේ නිවසින් පලායාම ගැනය … නිවැසියන් කඩිමුඩියේ වෙඩින් එක සදහා සුදානම් වෙද්දී මා කලේ සමාරා පිලියමක් සොයා දෙන තුරු බලා සිටීමයි … අවසානයේ මම්මා ගේ දුරකතනයට ඇගෙන් මිස් කෝල් එකක් ලැබුණි ඒ ඇය මා හමුවීමට පැමිණි බවට කෙරූ සලකුණයි …. සියල්ලටම රහසින් නිවසින් පිටතට ගිය මා කිසිවෙකුට සැක නොසිතෙන ලෙස විගසින් නිවසට පැමිණියේ විස්තර ලියා දුන් ලිපියද රැගෙනය …..

මම ලබන සතියේ කලම්බු යනවා …ඔයා පුළුවන් නම් එදාට උදේ පාන්දර හයට ස්ටෑන්ඩ් එකට එන්න …. ඔයාට නවතින්න තැනක් හොයා ගත්තා ….ඒ මගේ යාලුවෙක් ගේ ගෙදර … ඉතිරි විස්තර පස්සේ කතා කරමු … මම ඔයා එනකන් බලන් ඉන්නවා …

කාමරයේ දොර වසාගත් මා ඇගේ කෙටි ලිපිය පපුවට තුරුළු කොටගෙන දෑස් පියාගෙන බර සුසුමක් පහලට හෙලුවෙමි ……. සියල්ල නිවැරදිව සිදුවුවේ නම් මා ලබන සතියේ මේ නිවසින් මිදී පලා යමි …
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *