13

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

**දහ තුන්වන දිගහැරුම**

භානූ ඇයි මොකද ඔයාට හෙඩෙක් එකක්ද…? මගෙ ළග ටැබ්ලට්ස් වගයක් ඇති…ඉන්න මං ගෙනත් දෙන්න….

නෑ…නෑ…අවශ්‍ය නෑ ශෙහාරා…ඕඩිකොලෝන් ටිකක් දාපුවාම ඇති…

හරි එහෙනම් ඉන්න මං ඔලුව පොඩ්ඩක් මසාජ් කරලා දෙන්න යැයි පවසා ශෙහාරා දැහැම් වෙතින් ඕඩිකොලෝන් බෝතලය ගන්නට සැරසුනා…

එහෙත් පුදුමයකට මෙන් දැහැම්ට මේ වෙලාවේ භානුක තමාගෙන් කල ඉල්ලීම අහක දමන්නට තරම් සිතක් නොවීය…
ඇය ඉක්මණින් ඕඩිකොලෝන් බිදු කිහිපයක් සිය අල්ල මතට දමාගෙන භානුකගේ හිසෙහි ගල්වා පිරිමදින්නට විය…

ශෙහාරා දැහැම් වෙත රවා බලා එතැනින් යන්නට ගියේ යලි කිසිදු කතාවකින් තොරවමයි….

භානුකට දැනුන සතුට කියා නිම කල නොහැකි තරම්…ඔහු ආදරය පිරී යන දෑසින් දැහැම් දෙස බලා නැවතත් දෑස් පියා ගත්තේ දැහැමිට පහසු වන සේ හිසත් පහලට නැඹුරු කර ගනිමින්ය…

ඇගේ දිගු අතැගිලි භානුකගේ හිස පුරා දිව යද්දී ඔහුට අමුතුම සුවදායී හැගීමක් දැනෙන්නට විය…භානුක දැහැමිත් සමග සිතින් බොහෝ දුරකට ගොස් සිටින්නට වුනා…

සෑහෙන වේලාවක්ම භානුකගේ හිස පිරිමැදි දැහැම් භානුකට ඇමතීය…

අයියා…දැන් අඩුයිද….මං දැන් ගිහින් ඇදුම් මාරු කර ගන්නද…අනිත් අය ඇදගෙනත් ඉවරයි…අයියත් ඉක්මනට ගිහින් ලෑස්ති වෙන්න…

එක්වරම පියවි සිහියට පැමිණි භානුක දැහැම් දෙස බලා ඇයගෙන් සමාව අයදින්නට විය..

සොරි දැහැම්..සනීපෙට මගෙ ඇස් පියවේගෙන ආවේ.. යන්න තෙත ඇදුම් පිටින් ගොඩක් වෙලා ඉන්න එපා…ඉක්මනට ගිහින් චේන්ජ් කර ගන්න…සොරි දරුවෝ..මට අමතක උනා…

අනේ අයියේ ඒකට කමක් නෑ.. අයියට දැන් අඩුයි නේද…මං අරෙහෙට යන්නම්…දැහැමි භානුකගෙන් පිළිතුරක් අපේක්ෂා නොකරම යන්නට ගියා…

****************************

අනුරාධපුරය වෙත සවස් වන විට පැමිණි පිරිස ශ්‍රී මහා බෝධියට යාමට සූදානම් වූයේ සුදු පිරුවට සැරසිලයි…

භානුක තනි සුදු පැහැති කලිසමට සුදු පැහැති ටී ශර්ට් එකකින් සැරසී සිටි අතර දැහැම් උන්නේ දෙපතුල් දක්වා දික් වූ තනි සුදු පැහැති ගවුමකින් සැරසී පින්බර උවැසියක සේයී….ඇය තුලින් දිස් වූයේ සිත නිවී යන සුන්දරත්වයක්..
භානුක දැහැම් තුලින් අපේක්ෂා කලේද ඒ සරල චාම් සුන්දර බවයි….

ශෙහාරා අනෙත් මිතුරුයන් සමගින් දැහැම් පෙන්වා සමච්චලයට සිනා සුනේ ගොඩේ පෙනුමයි යනුවෙන් පවසායි….

අනූපමාට නම් කට පියාගෙන සිටීමට අසීරු වෙලයි ඇය පසු වූයේ…ඇය හොදාකාරවම දැක තිබුනා ශෙහාරලා ඔවුන් දෙස බලා සමච්චලයට සිනා සෙන අයුරු…
මෙය පූජා භූමියක් නිසා ඇය බොහෝ දුරට ඉවසන්නට කල්පනා කලා….

භානුක මිතුරන්ගෙන් මිදී හනිකට ගොස් සුදු පැහැති නෙළුම් මල් මිටි දෙකක් රැගෙන විත් එකක් සිය නැගෙනිය අත තබා නැවතත් අනූපමා අසලට විත් ඇයට දිගු කලා…

අනූපමා භානුකට හිසෙන් ඉගි කොට දැහැමිව පෙන්වූවා…

ඔයා දෙන්න…මං දුන්නොත් ගන්නෙ නැතිවෙයි නංගි….එයා තාම ඉන්නේ හිත වෙනස් කර ගන්න බයෙන්…ඒත් නංගි මං දන්න එක දෙයක් තියෙනවා…ඔයා බලන් ඉන්න දැහැම් මට කවදා හරි ආදරේ කරනවා….
භානුක ලොකූ බලාපොරොත්තුවකින් පැවසුවා….

එහෙම වෙනවා නම් කොච්චර හොදයිද භානු අයියේ….
මේ මං පොඩ් වැඩක් කරන්නද….ඔයා ශේප් එකේ දැහැම් ගාවට යන්න…මං කට්ටිය එක්ක ඔයාල දෙන්නව මගාරින්නම්…ඔයාගේ ආදරේ වෙනුවෙන් පොඩි බොරුවක් කලාට මේ පූජා භූමියේ මට පව් පිරෙන්නෙ නැතිවෙයි භානු අයියේ…හැබැයි දැහැම් කොහෙවත් තනියෙන් යන්න දන්නෙ නෑ…ඔයා කෙල්ලට ඇහැ ගහගෙන ඉදලා අහම්බෙන් දැක්කා වගේ ළගට යන්න හොදද….මං සෙනග වැඩි හරියක් බලලා ශේප් එකේ නංගිත් එක්ක මාරු වෙන්නම්…හැබැයි අර කොයිවෙලෙත් ඔයාගේ කරේ නගින්න දගලන ශෙහාරා ගැන නම් මට බලන්න බෑ…ඒකට ඔයා මොකක් හරි කරන්න…
ඇය අවසානයේ පැවසුවා…

අනූ නංගි thanks ලමයෝ..මං ඒ ගැන යාලුවෝ එක්ක කියලා ශේප් කරන්නම්….ඔහු සතුටු මුහුනින් මිතුරන් සොයා ගියා….

දැහැම් දෙන්නද උඹේ අතට සුදු නෙළුම් පොකුර..මේකත් අතට ගත්තම උඹ පර්ෆෙක්ට්…

මොකක් කිව්වා….

නෑ…බං උඹ ඉතින් උපාසක අම්මා වගේ පිරුවට ඇදලා ඉන්න එකේ මල් පොකුරත් අතට ආවම තමයි හොද…ඒකයි….

අනේ අනූ විකාර කියවන්නේ නැතුව ඉදින්..උඹට ගෙනියන්න බැයිනම් දියන් මං ඕක ගන්න…බෑ කියලා කෙලින් කියපන්..වෙන ජාති නොකියා…
දැහැම් අනූපමාට චෝදනා කරන්නට විය….

අනූපමා කල් යල් බලා දැහැම් දෙස බලන්නට විය…

දැහැම්…මගේ පොඩ් පර්ස් එක නංගි අතේ..උඹ ඔතනම පොඩ්ඩක් හිටපන් මං ඉල්ලන් එන්නම් ඉක්මනින්…එයාලා පිටි පස්සේ…අනූපමා මදක් හෝ පමා නොවී දැහැම්ව මග සිටුවා ආපසු හැරී යන්නට විය…
ඇය යන අතර තුර භානුකට ඇයව හිසින් දක්වා රම්‍යා මහත්මිය සහ අනෙත් අය අසලට යන්නට විය…

නැන්දා අර පැත්තේ සෙනග…හැරෙන්නවත් බෑ…අපි මේ පැත්තෙන් යමු..අනූපමා ඔවුන්ට වෙනත් මාර්ගයක් පෙන්වා ඔවුන් සමග එදෙසට පිය මනින්නට වූවා….

මේ කිසිවක් නොදැන සිටි දැහැම් පෙර මග බලා සිටියේ අනූපමා නැවත එන තෙක්‍ ය…මේකි මාවත් දාලා කොහේ ගියාද මන්දා..තාමත් නෑ…ආපහු යන්නත් බෑ…මගෑරුනොත් එහෙම…මං ෆෝන් එකත් රූම් එකේ දාලා ආවේ…අයියෝ තාමත් නෑ…කොහේ ගියාද මන්දා….
දැහැම් කළුවර වැටෙමින් තිබුනු නිසා බියෙන්ම බලා සිටින්නට වුනා….

භානුක මිතුරන්ට සියල්ල පවසා දැහැම් දෙස බලා සිටියේ ආදරයෙන් වගේම අනුකම්පාවකින්…

පව් කෙල්ලගේ මූණ හරිනෑ…හොදටම බයවෙලා ඉන්නේ…මට වෙන කරන්න දෙයක් නෑ කෙල්ලේ…මං ඔයාට ආදරේ හින්දමයි මෙහෙම කරන්න උනෙත්…ඔයා එහෙම නැතුව කීයටවත් මට ළං වෙන්නේ නෑ කියලා මං දන්නවා…
භානුක එසේ සිතමින්ම දැහැම් වෙත ඇවිද එන්නට වුනා….

එක් වරම පිරිස අතරින් දැහැමි භානුකගේ රුව හදුනා ගත් අතර ඇගේ මුහුනට සැනසුමක් එක් විය…

භානුකද දැහැම්ව අහම්බෙන් දැකි සේ එදෙසට පිය මැන්නා…

දැහැම් කෝ අනූ….ඇයි මෙතන ඉන්නේ….

බලන්නකෝ අයියේ…අනූ ආපහු ගියා පර්ස් එක දාලා ආවා කියලා තාමත් නෑ…මට මෙතන ඉන්න කියලා දැන් ගිහින් ගොඩක් වෙලා…මං බයේ හිටියේ අයියේ…
දැහැම් භානුකගේ හද දැවී යනසේ අහිංසකව පැවසුවා…

බයවෙන්න එපා…මාත් ඉන්නවනේ…අපි බලමුකෝ තව ටිකක් වෙලා….
භානුක පවසන්නට විය…

අයියේ ඔයා අතේ ෆෝන් එක තියෙනවද…අපි අනූට කෝල් එකක් දීලා බලමුද…
එවර දැහැම් විමසුවා…

ශිට්…ඒකේ බැට්රි ලෝ වෙලා ඕෆ් උනානේ දැහැම්…මේ බලන්නකෝ…ඔහු කලින්ම විසන්ධි කරගෙන පැමිණි ජංගම දුරකථන ඇය හට පෙන්වා පැවසීය…

දැන් අපි මොකද කරන්නේ අයියේ….අනූ ආවොත් එහෙම…දාලා යන්නත් බෑ…මාව හොයයි…

අනූ අතේ ෆෝන් එක තිබ්බා නම් එයා කාට හරි කෝල් කරලා හොයා ගනී…අපි රෑ වෙන්න කලින් යමු දැහැම්..බෝධිය ගාවට ගියාම කොහොමත් කට්ටිය හම්බෙනවනේ…

භානුක දැහැම්ට බොහොම අමාරුවෙන් කරුණු පහදා දී අවසානයේ ඔහු සමග යාමට කැමති කරවා ගත්තා….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *