14

##නිම්හිම් සේයා ##
14
යුවතියක් පාරේ ගමන් කරමින්සිටින්නීය..ඒත් සමගම පාරේ එහා පැත්තේ සිටිනා කොලු රෑනක් ඈ හට මුකුලු කරති..වාහනයක් එන හඩක් ඇසේ..කුඩා බලු පැටවෙකු පාර හරහා ගමන් කිරීමට උත්සහා දරයි…දැන් බලු පැටවා හැප්පෙන්නට ඔන්න මෙන්නය…යුවතිය කෑ ගසාගෙන පාරට පනින්නීය…
‘අන්න චූටී නැන්දි ,මල්ලි මෙන්නෝ..
කෝ ඉතින් සුදු බෝලෙ ඉතුරු ටික කියන්න දුන්නෑනේ..චූටි නැන්දි බලන්න තියෙන ආසාව..එදා විශුවල් එකෙන් පස්සෙ පාරෙ බැහලා යන්නෙත් අමාරුවෙන්..සැරින් සැරෙ ටීවී එකේ යන හින්දා කොහෙ ගියත් සැලකිලි..ඕන් ආයේ නෑ සේයා දැන් නිලියක් ආ..රිදෙයි ඈ…
අද මගෙ උපන්දිනය..අද සේයා අවුරුදු විසි හතර පන්නුවා..
ටිකෙන් ටික තුරුනු විය
නිමාවී යයි මෙලෙස
අහෝ ඉරකි තිතකි
නෑ සේයා තවම ලැදැරියකී….
චූටි නැන්දී…මේන් ..මෙහෙත එන්නෝ..කවුඩ ඇවිල්ලො..
ඉපදුනා කියලවත් සැනසීමෙ නිදාගන්නත් නැති හැටියක්…
For you
My little fairy..
Dns…
මටත් වඩා ලොකු ටෙඩි පූ බෙයා කෙනෙක්..රෝසමල් පිරුන කූඩයක්.. ,,,,,,,,,, මගේ අතේ තිබුනු පුන්චි චිට් එක කේතු ඇවිත් උදුරගත්තා..ඒ මූනේ අවේ මහා වල් පාට හිනාවක්..

මොකෝ

හා හා අපිටත් කොලේ වහනවා නේ චූටී මැනිකෝ..ඔහොම යන් ඔහොම යන්..

කොහොම යන්ද..අනේ යනවා මෝඩී මෙතන එහෙම දෙයක් නෑ හරිද..

එහෙනම් කෝම දෙයක්ද..මෙහෙම තෑගී එවන්නෙ..ආව්ස් අප්පා..නිසල් අයියාවත් මට මේ වගේ තෑගි දීලා නෑ..පෙනවනී අපේ තිසරුව යට වෙලා පූ බෙයාට..

පොඩි එකා පූ බෙයාගෙ ඇග උඩ නැගලා..පේන්නෙත් නෑ තමයි සුදු බෝලෙව..

කවුද මේ ඩීනෙස්..
අහ්..කියනවකෝ බීඑන් එස්ලා වගේද

මන් දන්නෙ නෑ වදේ..මේ මල යකා කලුද සුදුද මිටිද උසද..මනුස්සයෙක්ද අවතාරයක්ද මන් දන්නෙ නෑ..

මොකා උනත් ශෝයී ..වාව් මේ මල් ටික..

චූටී නැන්ඩී ආයේ බෙල් ගහනෝ..

මන් ගිහින් දොර ඇරියා..ඒ පාර මොකාද..

මිස් සයින් කරලා ගන්න..

අයියෝ මොක්කු එවනවද මන්දා..ඒ පාර ලොකු චොකලට් කේක් එකක් ,ඒකේ මැද නිල්පාට ගවුමක් ඇදපු බාබී කෙනෙක්..මගේ නමත් අයිසින් කරලා..තවත් පාර්සලයක් ..නිල්පාට ගෝල්ඩ් වලින් වැඩ දාපූ අර බාබී වගේම ගවුමක්..අහ් දැන් මට පිස්සු වගේ..තවත් තියෙනවා ..පොත්..අහ් මේ අවුරුද්දේ ස්වර්ණපුස්තක සම්මානෙට තේරුනු සේරම පොත්..

dns ,dns,dns
මොකාද මේ මලයකා..මාව අවුල් කරන..කරවන්නම් අද හොද වැඩක්..සේරම තෑගී පැත්තකට වීසී කරලා මන් කාමරේට දිව්වා..මට තරහයි මේ යකා මගේ ඉස්සරහට එන්නැති හැටි..තෑගි දීලා මොනාද දන්නෑ බලාපොරොත්තු වෙන්නෙ..කලු ඩෙනිමයි..නිල් ඉරි වැටුනු ටී එකයි..කැප් එකයි..මගේ සයිඩ් බෑග් එකයි..අහ් පෝන් එක..අද නම් ඔය පිස්සු ඩී එන් එස් ව දකින්නෙ නැතුව එන්නෙම නෑ ගෙදර..

කෝ මට එදා දුන්නු කාඩ් එක..

අහ් මේ තියෙන්නෙ..මේ තියෙන්නෙ මේන් ඔෆිස් එක..අද ඩී එන් එස්..ඔයා ඉවරයි..ඔයාට මේවට උත්තර බදින්න වෙයි හරිය..ඩීdns im coming..

බයික් එක හැටට පාගලා ආවා ..පොලිසියට අහු උනානම් විසිපන්දහකුත් ගෙවන්න වෙනවා..අහ්..මෙහෙම හිටන්..

දැන් මන් ඉන්නෙ සුවිසල් සාප්පු සන්කීර්නෙක නමවෙනි තට්ටුවෙ..මේ සේරම ඩී එන් එස් ප්‍රෝපටී..

දනහිසට අගල් දෙකක් විතර කොට ස්කර්ට් එකක් ඇදපු ලස්සන ගර්ල් කෙනෙක් රිසිප්ශන් එකේ..මන් එතනට ගියා..

excuse me..can i meet to your charmen..mr dns pls..

කෙල්ල මගේ දිහා කන්න වගේ බලන් උන්නා..පස්සෙ මූනේ පුරා ලෙන්ගතු හිනාවක් ඇදුනා..

මැඩම් සේයා නේද..

අප්පද බොල මගෙ නමත් දන්නවා..

හැපි බර්ත් ඩේ මැඩම්..

මොකක්..
අහ් තැන්ක් යූ..මට මිස්ට ඩීඑන් එස් ව හම්බෙන්න ඕනී ඉමීඩියට්ලී..

හරි මැඩම් ඔතනින් ඉදගන්න ටිකක්..මන් බොස්ට කියන්නම්..

මේ අන්ඩර් දෙමලෙ මට තේරෙන්නෙ න්නෑ..මගෙ නම නම් ටීවී එකෙන් දැනගත්තා කියමූ..ඒත් බර්ත් ඩේ එක..

මා දිහා සැරින් සැරෙ බල බල රිශිප්සහ්න් කෝල් එකේ..ඔලුවත් වැනුවා..මූනත් වෙනස් වුනා..අහ් පෝන් එක තිබ්බා..

ඒ පාර එනවා..මෙයාලවනෙ පශන් ශෝ වලට යවන්න ඕනී නියම cat walk..පැද්දෙන හැටි..

සොරි මැඩම්..සර් මීටීන් එකක..මැඩම්ව විසිටින් රූම් එකට එක්කන් යන්න කිවා..

හ්ම්ම්..

මා ඇයත් එක්ක ඒ රූම් එකට ගියා..පුන්චි මාලීගාවක් වගෙ කාමරයක්..නියමයි..එහෙ මෙහෙ ඇවිදින්න ගිහින් මේකේ තියෙන දියකිදුරිව තව පොඩ්ඩෙන් මගෙ අතින් කැඩෙනවා..

ටිකකින් දහදොලොස් දෙනෙක් රූම් එකට ආවා..ලොකු කේක් එකක් එක්කම..මේ ස්ටාෆ් එක වෙන්නැතී..

මට නම් මුකුත් තේරෙන්නෙ නෑ මේ තරම් සැලකිලි මට..හැමෝම මට විශ් කලා..ටිකකින් රූම් එකම තෑගි වලින් පිරුනා..මට මේ කිසිම දේකින් වැඩක් නෑ..ඕන dns බලන්න විතරමයි..මන් ආයෙමත් රිසිප්ශන් ලගට ගියා..

සොරි මිස් සර් එලියට ගියා..

මොකක්..

හ්ම්ම්..මිස් කන්න..

රූම් එකටම කෑම එවලා..මට මොකටද අයියෝ මේවා..මේ මිනිහා මොනා හිතන් මේවා කරනවද ..ඇයි මගෙ ඉස්සරහට එන්නෙ නැත්තෙ..

සැරින් සැරෙ එක එක්කෙනා ඇවිත් කන්න බොන්න ගෙනත් දෙනවා..මට මොකටද අයියො මේවා..මට ඕනී මේ අත්බූත කෙනාව බලාගන්න විතරමයි..

මන් යනවා..කොයි වෙලේක හරි ආයේ ඒවීනේ..මන් ඉන්නවා එලියට වෙලා..අද මන් මේ බහූබූතයව හම්බෙලාමයි යන්නෙ..

මැඩම්..

මන් යනවා..ඔයාලගෙ බොස් එනකම් එලියෙන් ඉන්නවා..අද මන් ගෙදර යන්නෙ නෑ..

අහස කලුකරන් හීන් වැහි පොද කඩන් වැටෙනවා..පහත් පහුවෙලා ..මේ ශොපින් මෝල් එකේ ගේට් එකත් තා චුට්ටෙන් වහයි..අහ්..එකින් එක වැහි බින්දු වැටෙනව..මන් බයික් එක උඩ ඉදන් බලන් උන්නා..මොන යකෙක් වත් ආවෙ නෑ.

හීනීයට වැටුනු වැහි පොද සට සට ගාලා ගල්බනිස් වගෙ කඩන් වැටෙන්න වැඩි වෙලා ගියේ නෑ..මේ බූතයෙක් නිසා උපන්දිනේ දා මන් තෙමෙනවා..අහ්..

අන්තිමට ඔෆිස් එකෙන් පිටවෙන කෙනත් එලියට ආවා..හ්ම්ම්..ඒත් කමක් නෑ..මන් අද හම්බෙලාමයි යන්නෙ..ඒ තමයි අන්තිම තීරනේ..සන්නිය හැදිලා මැරිලා වැටුනත් …

පන්ඩිතයා වගෙ මුරන්ඩුකමට උන්නට තවත් නම් ඉන්න බැ..සීතයි..මාව වෙව්ලනවා..පාරෙ හිගන්නියක් වගෙ තෙමී තෙමී ඉන්න මන් දිහා මිනිස්ඩු බල බල ගියෙ පිස්සියෙක් කියලා වෙන්නැති..සිකියුරිටි එකෙන් සැරින් සැරෙ ඇවිත් මාව බලලා යනවා..ඇයි වදේ ඔය මොක උනත් ටිකකට මට මූන පෙන්නන්න බැරි..ඇයි මේම මාව අවුල් කරන්නෙ..

මේ වැස්ස අඩුවෙන පාටක් නෑ..තව ටිකක් තෙමුනොත් මට නිව්මෝනීයා හැදිලා තමයි නවතිනෙ..මුරන්ඩූ නොවී ඇතුලට වෙලා උන්නනම් එකක්..උදේ ඉදන් බඩට මුකුත්ම වැටුනෙත් නෑ..වැස්සෙ තෙමිලා දැන් මගෙ ගන්න දේකුත් නැ..අමිමිලා දන්නවනම් …

කලුපාට ජීප් එකක් ඇවිත් මගෙ ඉස්සරහා බ්‍රේක් ගැහැව්වා..කුඩේකුත් අරන් මේ එන්නෙ උදෙ උන්නු රිශිප්ශන්..

මැඩම් නගින්න..

මට බැ..මට අද මන් ගෙදර යන්නෙ නැ..ඩීඑන් එස් බලන්න ඕනී..ඇයි එයා හැන්ගිලා ඉන්නෙ..ඇයි මට මූන පෙන්නන් නැත්තෙ..

සේරටම බොස් උත්තර දේවි..එන්න යන් තව උන්නොත් මැඩම් ලෙඩ වෙයි..

ඔව් එයා උත්තර දෙන්න ඕනී තමයි ..හේතුවක් නැතිව මට තෑගි දෙනා,මාවම හොයන්නෙ ඇයි කියලා..

හරි යන් මැඩම්..

බයික් එක..

සිකියුරිටි එකෙන් බලාගනි..යන් මිස්..ඔයා තෙමිලා හොදට

මාව ගැහෙනවා ආයේ නෑ පරණ ලදරම් බස් එකක් වගෙ..පැය බාගයක් යද්දි අපි කොලඹ තරුපහෙ හෝටයක් වගෙ ගෙයක් ඉස්සරහා ..ගෙයක් නෙමී රජමාලීගාවක්..මන් තෙත බේරන ඇදුම් වලින් පෝටීකෝව යට හිටන් උන්නා..

යන් මැඩම්..

ඇස් දෙක කරකෝලා දැන් නම් ඇහැ ඉගිල්ලිලා යනව..මෙහෙමත් ගෙයක්..මේ වගෙ ගෙයක් දැකලා තියෙනවා සුරන්ගනා කතාවල,හින්දි ෆිල්ම් වල..

සේයෝ..

යන් මැඩම්..

යුවතිය මාව රූම් එකකට එක්කන් ගියා..මට ශෝටකුයි අත් දිග ශර්ට් එකකුයි ගෙනත් දුන්නා..

මට මේවා අදින්න බෑ..එයා බලන්න ඕනී..

හරි මිස් ටිකකින් එයි..මේවා ඇදගන්න..

සීතයි තෙත බරියම් වෙලා..මාව වෙව්ලනව..දුන්නු ඇදුම් ඇදන් මන් සෙටියෙ දිගා උනා..කවුරු හරි මගෙ නල්ලට අත තියනවා වගෙ දැනුනා..ඒත් ඇස් අරින්න්න ආමාරුයි..

දැන් හරි..

මොනාද හරි..ම
මගෙ නල්ලට අත තිබ්බෙ කවුරු උනත් මන් ඒ අත හයියෙන් අල්ල ගත්තා..මොකාද මේ..

එකපාරටම අදුර ගන්න අමාරු මූණක්..අලුත් විදියට මූන් පුරා වැව්ව රැවුලකුත් එක්ක මන් දිහා ආදරෙන් බලන් ඉන්න මූනක්..මූන නුපුරුදු උනත් ඒ ඇස්..ඒ නිල්පාටා ඇස්..

අවුරුදු හතරක් මන් බලන්න පෙරුම් පුරපු ඇස්..ඒ මූන පුරා මන් මගේ අත් යැව්වා..හීනයක් නෙමී ඇත්තක්..

මන් එහෙම්ම ඇදෙ ඉදගෙන ආයේ මාව දාලා යන්න බැරි වෙන්න ඒ නිල් ඇස් හිමිකාරයව බදාගත්තා..

ඔව් ඩීඑන් එස්..මගේ ඩී එන් එස්

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *