15වන දිගහැරුම

සෙව්මිනීට තරහකුත් ආවා චිනූ ගැන….තමාව එක්කන් ඇවිත් තමාට පේන්න සේනේශුත් එක්ක මේ විදියට හැසිරීම ගැන….මේ වෙනකොටත් සෙව්මිනීට තේරිලා තිබ්බේ තාමාගේ ආගමනයට හේතුව චෙනායාම මිස සෙනේශ් නෙවෙයි කියලා….

චෙනායා පසුපස නොබලාම ගිහින් නැවතුනේ කාමරයේ ඇදටම වැටිලයි….තෙත පිටින්ම කෙල්ල කොට්ටෙ අස්සේ මූන ඔබාගෙන හිටියේ වෙච්ච් දේවල් වලට තාමත් සිහි එලඹවා ගන්න බැරුවයි….

සෝනුගේ සිපගැන්ම මතක් වෙද්දිත් කෙල්ලගේ හිත ගත දෙකම හිරි වැයෙනවා කියලයි කෙල්ලට හිතුනේ….
ඒත් මේ හැගීම මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්න සෝනුටවත් චිනූටවත් පුළුවන් උනේ නෑ…

“මේක ඇත්තටම ආදරේ නෙවෙයි….නිකම්ම ආකෂණයක් විතරයි….මේ දිගංචියා මට ආදරේ කරයිද…මම ඒ දිගඔචියාට ආදරේ කරයිද?අනේ ඒත් මට….අර්ර්ර්….ගොන් මීමා මාව කෑවනම් හොදයි මීට වඩා…ඒත් ආදරේ කියන්නේ මොකේටද අෆ්ෆා…..සෙව්මිනී ආදරේ ඇති අයියට…ඒකනේ එයා ඉවසීමෙන් බලන් ඉන්නේ මේව දිහා කවදහරි කැමති වෙයි කියලා…..”

කෙල්ල මූණ තද කරන්ම හිතත් එක්කම තර්ක කළා….අන්තිම ආව නිගමනෙත් ඉතිම් මාරයි….සෙමිනී අයියට ආදරේ ඇති..ඕක තමා කෙල්ලගේ නිගමනය…😂😂

සෙනේශුත් උන් තැනටම වෙලා එහෙම්ම ටිකක වෙලා හිටියා…..කොල්ලට දැනුනේ කියාගන්න බැරි හැගීමක්….එයාටනම් හිතුනේ ආයි පාරක් චිනුව කිස් කරන්න තිබ්බනම් කියලයි…

“හහ්….පිස්සු කෝලම….බටු ඇටේ….කට කටර් එකක් වගේ තිබ්බට එක කිස් එකයි දුන්නේ ජම්බු ගෙඩියක් වගේ උනානේ…..මම හිතුවේ ඉස්සර චිනූ ලැජ්ජවක් නැති වලි දාන්න විතරක් දන්න…මගෙ දේවල් උදුරගන්නම ආව එකියක් කියලානේ .අදනේ දන්නේ කෙල්ලෙක් වාගේ ලැජ්ජා වෙන්න රතුවෙන්න දන්නවා කියලා…ඒත් කොහොම මූණ බ්ලන්නද මන්දා?මගෙ ස්ටේටස් ඔක්කොම දැන් කැලේනේ මේකි ළග දැන්….”

එහෙම හිත හිතම සෝනු කාමරේට යද්දී දැක්කේ තෙත පිටින් ඇදට වෙලා ඉන්න චිනූව…..
ඒ නිසාම කොල්ල ගිගින් චිනූට කතා කරන්න හිතාගෙන උරහිසට අත තියද්දීම කෙල්ල ඉද්ද ගැහුවා වගේ නැගිට්ටා….

“මේ එන්න එපා ඕවට …යනවා යන්න දිගංචියා….හිවල් මොටා…. බූරුව … හාල් පෙන්ද….එනවා මෙතන…..”

කෙල්ල ඇදේ තිබ්බ කොට්ටයක් අරන් සෝනුට ගහන ගම්න් රටේම තියෙන නම් කිය කිය බැන්නා….”

“ඒයි යක්ශනී නවත්තනවා ඕක..මම මොන මගුලක්වත් කරන්න හැදුවේ නෑ…බලනවා දැනටම බෙඩ් එක තෙතයි….නිදාගන්නේ කොහොමද මේකේ…ඊටත් මෙහෙට සීතලයි වැස්සියේ….”

කොල්ල පහරවල් වලකගෙන කියාගත්තා…එතකොටයි ලෙල්ලට තේරුනේ ඒක ඇත්ත නේද කියලා…….චිනූ ඇදෙන් බැහැගත්තා..

“මේ බටු ඇටේ මම බලෙන් මුකුත් කළේ නෑ හොදේ…මෙයත් හොදට ඉදලා මෙතන එනවා දැන් මට චෝදනා කරන්න….ඉතින් අවුලකුත් නෑනේ….ඔයා මගෙ වයිෆ්නේ….”

කොල්ලා කීවෙ ඇහැක් ගහලා එහෙම පොඩි මනමාල පාට හිනාවකුත් එක්කයි…

“අනේ මේ නමට වයිෆ්…ද්ණ් ලගදිම එහෙම කෙනෙක් හම්බෙයිනේ….එතකොට මම නිදහස්…”

චිනූ එහෙම කියාගෙනම බාත්රූම් එකට ගියා…කොල්ලාට නිකම්ම සුසුමක් හෙළුනා…

“උඹට ආදරේද නැද්ද දන්නෙ නෑ නංගි මම….ඒත් මොකද්ද දෙයක් තියෙනවා….ඒත් ඔයාට එහෙම මාව ෆීල් වෙන්නෙ නැත්තම් මටත් වැඩක් නෑ……සෙව්මිනී..හ්ම් බලමු……ඔයාගේ කැමැත්තත් ඒකනේ බටු ඇටේ…..”

රාත්‍රී ආහාරවලින් පසුව කට්ටියම ආවේ නිදාගන්න……චිනූ ඉතිම් කෑම මේසේදිත් පුරුදු හුරතල්
වැඩනම් ක්ළා …අඩුවක් නැතිවම….

චිනූ ඇදේ කොනටම වෙලායි නිදාගත්තේ…..කොල්ලට ඉතිම් හිනා….

“ඒයි…මම කන්නේ නෑ….වැටෙයි තමුසේ…ටිකක් මෙහාට වෙලා ඉන්නවා…….”

“බෑ…කෑවේ නෑ….මගෙ ලිප්ස් තාම රිදෙනවා….”

කෙල්ල එච්චර හිතන්නෙ නැතුවයි කීවෙව්…කොල්ලට ටිකක් දුක හිතුනා…..

“අනේ සොරී බටු ඇටේ…..මම මහ මෝඩයෙක්….කෝ එනවා බලන්න…..”

“අපෝ බෑ……”

“එනවා ඕයි කීවම…….”

කොල්ල චිනූගෙ අතින් ඇදලා ළගට අරවගෙන තමන්ගෙ පැත්තට හරව ගත්තා…..ඒ දෙතොල් තාමත් තිබුණ්වෙ රතු පැහැයටමයි……කොල්ලට හිතුනා ඒ දෙතොල් වල පළමු හිමිකාරයා තමන් කියලා……කොල්ල සියුමැලිව ඇගේ දෙතොල් තම ඇගිලි තිඩු වලින් අතගෑවා…….එහෙමම කෙල්ලට ඇස් පියවුනෙ සම්පූර්ණ දිනයම කෙලිදෙලින් ගතකිරීම නිසා ඇති ඇගේ තෙහෙට්ටුවත් හින්දාමයි…..

“ඔයා මගෙ වෙලා ඉන්නෙ නෑ බටු ඇටේ….දෙන්නත් දුකයි ඔය හුරතලේ….ඒත් ඉටිම් යන්නනේ බලන් ඉන්නේ ….යවන්නම් ඉක්මන්ට ඔයාව…..”

චිනූගේ රෝස පාට ම්හුණ දිහා බලන් එහෙම හිතපු සෝනු කෙල්ල පපුවට තුරුල් කරන් ඇස් පියාගත්තා …..

පෙර දිනවල තමන්ට ඇස් දෙකට පේන්න බැරි උන මේ චූටි බටු ඇටේව අද මෙහෙම තුරුල් කරන් ඉන්න තරම් තම වෙනස් උනේ කොහොමද කියලයි කොල්ලා කල්පනා කරන්නේ…..කල්පනාවෙමකොල්ලටත් එහෙමම නින්ද ගියා……..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

පහුවෙනිදා උදෙන්ම නැගිට ගත්ත කට්ටියම යන්න පිටත් උනා උදේ ආහාරත් වෙලා එකෙන්ම අරගෙන.
කෙල්ලට ඕන උනේ වෙන කොහේවත් යන්න නෙවෙයි සූ එක බලන්නයි….කොච්චර ළගපාත උනත් මොනතරම් ගිහින් තිබ්බත් චිනූ පොඩි එකෙක් වගේ සත්තුවත්තට ආස ක්ළා….

දෙහිවලට ආව සෙනේශුත් චෙනායාත් සෙව්මිනීත් සත්තු වත්තත් බලන් එහෙමම ආයෙම මහරගමට ආවා……
එද්දි කොල්ලා සෙව්මිනී සමග මොනාවා හෝ කතා කරනු චිනූ දැක්ක…..

“හහ් මහලොකුවට මට බැන්න එක්ක ආව කියලා දැන් හොදට කයිය….මේ වෙලාවට තමා හිතෙන්නේ කන් ගොට්ට කිරි ගොට්ටක් සයිස් එකටවත් තිබ්බානම් කියලා…..හහ් කමක් නෑ ඉටිම් කාට හරි හරියනවානම්……”

කටක් පැත්තට හරවගෙන කෙල්ල හිතුවේ සෙව්මිනී සහ සෙනේශ් දිහා බලාගෙනයි …..😏😏😏

සෙව්මිනීව ඇගේ බෝඩිම තිබෙනා නාවින්න හන්දියට දමා සෙනේශ් සහ චෙනායා තම නිවෙසට ආවා…

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

……….. 🌸 මතු සම්බන්ධයි 🌸………. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *