15

##නිම්හිම් සේයා##
15
නුඹේ සුවිසල්
පපු ගැඹුර තුල
හොවාගන්නම්
මගෙ හදවත..
යලි නොයන්නට
හැරදමා දුර…
විනාඩියක්,පැයක්,පැය දෙකක් අනේ මන් දන්නේ නෑ අවුරුද්දක් නෑ අවුරුදු හතරක්..ඔව් අවුරුදු හතරක ඇරියස් යන්නම මන් ඒ පපුවෙ මූණ හොවාගෙන ඇති වෙනකම් ඇඩුවා..එයා කලේ එකම එක දෙයයි..පුන්චි දරුවෙක් සනසන තාත්තා කෙනෙක් වගේ මගේ නල්ලට තොල තියාන එක් අතක් මගේ පිටෙන්ද ,අනික් අත මගේ හිසකෙස් අතරද යවපු එක..
ඊඩෝරය ඉවර වෙන්න වැහපු වැස්ස වගේ කඩා හැලෙන කදුලු බින්දු මගෙ හිතේ මෙච්චර කාලයක් හන්ගන් උන්නු ඒ ආදරා හැගීම,විරහව,තරහව,බලාපොරොත්තුව,,දුක සතුට හැම දෙයක්ම මිශ්‍ර වෙලා දියවැල් වගේ ගලා ගියා…
අඩේ යෙප්පා ,මාර සීන් කෝන් තමා,,ෆුල් රොමැන්ටික්
කවුද මේ ප්‍රේම දඩයම මැදට පැන්නු කබීර් ගොයියා…
අම්මට සිරි ශේන් ..උඹත් මරු වෙලේට එන්නෙ..
මාව හොදටම දන්න කෙනෙක් වගේ ශේන් හිනාඋනා..මාත් ඉතින් දුන්නා රෝසමල් හිනාවක් හදවත ඇඹරිලාම යන්න..
ආව්ස් අප්පා..මන් ඒත් මොකද බැලුවා..අවුරුදු හතරක් මූ කටු කෑවෙ ඇයි කියලා..මේ සෝසමල් හිනාවටනේ..පොටෝ වලට වඩා කිරි කෑල්ලනී..මූ පිරිටන් බීව ලෙඩා වගේ මත් වෙලා ඉන්න ඇත්තේ ඔය දිමුතු දසන් විහිදා නැගෙන කින්කිනි හසරැල්ල්ට වෙන්නැති..
කවුද අප්පා මේ මැස්සා..
මගෙ හිත තේරුම් ගත්තා වගේ දෙනෙත් අයියා ශේන්ව අල්ලන් මන් ලගට එක්කන් ආවා..
මේ මගේ යාලූ ෆිට් එක..දුකට සැපට බකට් උස්සන බකට් දාන වන් ඇන්ඩ් ඔන්ලී ශේන්..ඔයා වගේම මට ඉන්න එකම යාලූවා,නෑයා,නොනෑයා හතුරා මිතුරා
හෝව් හෝව් අපි කැපෙනවා හාද..මන් යනවා සීනී ආන්ටිගේ කිචන් එක පැත්තෙ නගා බායී ඒනම් මුගෙන් අහන්න තියෙන සේරම අහගන්ඩෝ..
හම්මෙ වැස්සක් වැහලා පෑයුවා වගේ…
ඉතින් dns

දැනගන්න දේවල් ගොඩයි..කොතනින්ද මන් පටන් ගන්නෙ..

මගේ සුදු මැනිකෝ..අහන ප්‍ර්ශ්නයක් මොනාහරි කාලා අහන්න..

අහ් මට අමතක උනානේ..මෙයා හිත් පරික්ශක කියලා..මොනාවත් හිතන්න හොද නෑ..

“ඔව් ඔව් හිතන්න එපා…ඉස්සෙල්ලාම කමු ..මගෙ මැනිකෝ..

මට කන්න එපා..මට කියන්න ..දෙන්ත් නිම්සර ජයසුන්දර කෝමද ඩී එන් එස් උනේ කියලා..අවුරුදු හතරක් ඇයි මාව බලන්න ආවෙ නැත්තෙ කියලා,මෙහෙම හැන්ගිමුත්තන් කලේ ඇයි කියලා..

අනේ මගේ සුදු අම්මියෝ කියන්නම් කියන්නම්..සීනී ආන්ටී කන්න ගේන්නෝ..

ටිකක් තරබාරු කරුනාවන්ත මැදිවියේ ගැනූ කෙනෙක් කෑම ට්‍රෝලියක් තල්ලු කරන් ආවා..වෙන වෙනම වෑන්ජන දාපූ පුන්චි දීසී..බත්..සුවදයි..බඩගිනී ඇත්තටම ..ඒත් මට හැමදේම දැන්නගන්න ඕනී..

එපා ඔයා මට හැමදේම කියනකම් මන් කන්නෙ නෑ..

ඒවා කොහිද ඉන්නකො මන් කවන්නම්..

දෙනෙත් අයියා නෑ සොරි ඩී එන් එස් හරි ලස්සනට බත් එකක් බෙදාගත්තා..මන් ආසම දේවල් එක්කම..ඉස්සෝ..පරිප්පු..තව ඒවා ඕන්නෑ කියන්න ගියාම කෙල ගිලෙනවා වෑඩී..හරි ලස්සනට ඒක අනනවා..දැන් නම් ඉවසන්න අමාරූයී..ඒත් බෑ..පොඩි ඇක්ටින් එකක් දාන්න ඕනී..නැත්තම් මන් පරාදයි ..

මට කන්න බෑ..ඔයා මට කියන්න ඕනී..

හරි මැනිකෝ ..ඔයා කන්න..මන් කවන ගමාන් කියන්නම් හා.ද..

හා..

මෙයා දන්නවැයි දැන් මට තියෙන බඩගින්න..බත් එක උදුරන් කන්න තරම් බඩගිනි..ඇයි අප්පා උදේ ඉදන් බඩගින්නෙ..මේ ඩී එන් එස් නිසා..

ඒ පාර හිනාවෙනව..ශෑ මුකුත්ම හිතන්න හොද නෑ..මේ පිස්සට තේරෙනවනී සේරම ..

කියන්නකෝ..

හා වස්තුවේ හා..

(මෙතන ඉදන් කතාව යන්නෙ ඩී.එන්.එස් ගේ වචන වලින් හරිය..ඒ හින්දා පටලෝ ගන්න එපෝ..)

මගේ පුන්චි මැනික නිදියන් ඉන්න ලස්සන ..අනේ තව චුට්ටකින් මට මේ බෝනික්කි දාලා යන්න වෙනවා..දන්නෙ නෑ ආයේ දකින්න ලැබේද කියලවත්..තව ටික දවසකින් පෝරකේට නියම වෙන්න වෙයිද කියලවත්..ඒත් මේ චූටී දගකාරි..මගේ හිත හොල්ලපූ දේවතාවි..හ්ම්ම්..කොහොමද මන් ආදරෙයි කියන්නෙ ..මගෙ ජීවීතේ වත් මට ශුව න්නෑ..එහෙව් එකේ මේ දගකාර පුන්චි හුරතලීට දුකක් දෙන්න බෑ..දැන් සැහැල්ලුවෙන් සමනලියෙක් වගේ ඉන්න මේ රෝසමල..මට දැනෙනවා මට ආදරෙයි කියලා..ඒක වයසට ඇති වෙච්චි ආකර්ශනයක් ද දන්නෙත් නෑ..ලෝබයි අත් හරින්න වස්තුවේ..

මන් දණ්ඝහගෙන ඇද් ළග මේ රෝසමල දිහා බලන් උන්නා..අහ් චූටී ලිප්ස්.මේ පිස්සි හීනෙනුත් දගකාරයිද කොයිද..ඇදේ වත් එකම විදියකට ඉන්න බැරි හැටියක්..හපන්නමයි හිතෙන්නෙ..මගේ රෝසබෝනික්ක්කි..

මන් කෙල්ලගෙ මේසේ උඩින් කෙල්ල කවි කතා ලියන පොත අතට ගත්තා..පොතෙත් එන්නෙ ඒ රෝසීගේ සුවද..අහ් මේ තියෙන්නෙ මැද පිටුව..හිතේ තියෙන හැමදෙයක්ම ලිව්වා..මේ මෝඩී හොරා වගේ බලන් ඉන්නවාඩ්ද මන්දා..

ආයේ පාරක් හැරිලා බැලුවා ඇද දිහා..ඒ පාර හැකරැල්ලෙක් වගේ වකුටු වෙලා..සුදු බන්ඩිත් එලියේ..අම්මියෝ ඕවා බලන්න ගියොත් තුන් වෙනි සිල් පදෙත් කැඩෙනවා ..

රායිට් හරි..දැන් මේක මෙතනින් තියනවද..නැත්තම් කොට්ටෙ යටින්..ඒත් බෑ..මේ කෙල්ලව ගෙදර අය මැනික වගේ ආරක්ශා කරන්නෙ..උදේ පාන්දරට කී දෙනෙක් නම් එනවද..මන් මෙතනින් තිබ්බොත් ගෙදර අයත් දැනගනිවී..එතකොට කෙල්ලටයි හොද නැත්තෙ..දවස් පහක් කොල්ලෙක්ව රූම් එකේ තියන් උන්නයි කියලා..ඊටත් වඩා මන් පොලිසියෙන් හොයන සැක කාරයෙක්..රට්ටු කියන විදියට තාත්තව මරපු මීනීමරුවෙක්..

අහ් මතක් උනා..ටෙඩී බෙයාලා..මන් දැක්කා අර ලොකුම බෙයාගේ අස්සෙ කෙල්ල එක එක ඒවා හන්ගනවා..එතන අනිත් අය දන්නෙ නෑ..කෙල්ල මිසක්..

මන් ලියපු කොලෙ තුනට හතරට නවලා ඒ ටෙඩියගෙ සාක්කුවට එබුවා..අහ් පෝන් එක රින්ග් වෙනව..

හෙලෝ මචන් ..

වරෙන්..මන් පල්ලෙහා..

රයිට් කෙල්ලට කියලා එන්නම්..

හරි හරි ඉක්මනට ..කෙල්ලගෙ බලු කුක්කද කොයිද එකසිය ගානට බුරනවා..

රෝස් තොල් දෙකට හාදුවක් දෙනත් හිතයි..ඒත් බෑ..මන් ඒ නලල හිමින් කිස් කලා..උනුහුම දැනිලද කොයිද කෙල්ල නැගිටින්නයි යන්නෙ..

අයියා

මන් යනවා මැනිකෝ ..

ඒ ඇස්වල කදුලු..මට බෑ..ඒ කෙල්ලගෙ හිත පාරන්න දැන්..ලියුම දැක්කලා කෙල්ල කතා කරවිනෙ මට..

අකමැත්තෙන් උනත් කෙල්ලට සමූදීලා කෙල්ලගේ රූම් එකට ආව විදියටම ආපහු බැස්සා..ටොම්ස් ගෙට ගහලා හින්දා හොදයි..

ශේනා ඇවිත්..හ්ම්ම්.කෙල්ල උඩ ඉදන් බලන් ඉන්නවා..දවස් පහක් නෙමී ආත්ම ගානක් ලගින් උන්නා වගේ දැනෙනවා..මන් යන්නෙ හිතකින් නෙමී මගේ මැනිකෝ..මගෙ හිත ඔයා ලගින් තියලා යන්නෙ..හෙට උදේ ඔයා බලද්දි දැනෙයි..මමත් ඔයාට..මගෙ චූටී දගකාරිට ආදරෙයි කියලා..ඔයා කතා කරනකම් මන් බලන් ඉන්නම් පැටියෝ..

මොකෝ බන් ..ආව වෙලේ ඉදන් කල්ප්නා කරන්නෙ ..

මුකුත් නෑ..

අනේ පල පල ඩෝ..මන් උඹේ යාලූවා ..උඹට ටොයිලට් යන්න අමාරුද ආ

පලයන් බන් යන්ඩ..

හරි හරි චූටී බබීව දාලා යන්ඩ බෑනී..දවස් පහක් උඹ හිටියනි..කෝමද ආ..

අනෙ බන් ඒකී පව් ඕම හිතන්න එපා..ඒ දේවතාව්‍යක්..

අම්මද බොල..දැන් ඒකී දේවතාවියක් ආ..මදැයි කොලා..

කට වහන් හිටහන් ඩෝ..

මේ උඹ ඕකීට ඔච්චර පැලෙන්නෙ ඇයි..මන් දැක්ක විදියට නම් ඒකී අම්මි කුක්කු බොන ජුන්ඩි නන්ගියෙක් වගේ..පව් සිද්දවෙයි ඩෝ..බාල අපරාද ඕවා..

උඹට පිස්සු..ඒකීට විස්සක්..ඔහොම හිටියට මේ බලහන්..

මන් කෙල්ලගේ පොටෝ එකක් පෙන්නුව..කෙල්ල උඩ නැගන් ඉන්නේ ඒකේ දැන් වැටෙයි මේන් වැටෙයි කියලා හිතෙන..

අප්පා ශා ශා..ශා ලොක්කා ශා..ඇත්තටම ලස්සනයි ආ..වයස පේන්නෑ බන්..ලදරු පාසලෙන් උස්සන් ඇවිත් වගෙ නිකම්..හුරතල් ආ…උඹත් අම්මා හැන්ගෙන්න ගිහිනුත් මලක් කඩා ගත්තා එහෙනම් ..

මන් මල් කැඩුවෙ නෑ බන්..ඒත් මන් ආදරෙයි ඒකීට..

උබ කීව්වද

නෑ..ලිව්වා..ඒකී කෝල් කරයි මට..එතකන් අයි ඈම් වේටින්..

මම් සූටීන්..

හ්ම්ම් දැන් ඒ ගැන හිතුවා ඇති බම්..ටිකක් කටවහන් යම..මට නිදිමතයි ..

මාත් ශේනුත් ශේන්ලගෙ ගෙදරට ආවා..ශේන් ඉන්නෙ අනුරාදපුරේ..රුවන්වැලි සෑය පේන මානේ..හිත නිදහස් කරගන්න යන්න ඕනී වෙලාවක..

(මතු සම්බන්දයි .)

මන් එකපාරම කතාව අවුරුදු හතරකට ඉස්සරහට යවද්දි ක්කට්ටිය ඇහුවනි ඇයි කියලා..මේන් මේ වෙනසටයි එහෙම කලේ..ඉතින් අවුරුදු හතරක දේවල් කියන්නැත් එපැයි..ඊලග කොටසින් ඕන් ඔක්කොම කියන්නම්.. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *