16

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 16 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අම්පයා කොල්ලා දිහා බලලා අත උස්සලා කීවේ ඒක විකට් එකක් කියලා..

හිතට දැනුන සතුට එක්ක අමීන් අම්පයාව බදාගත්තේ දරාගන්න බැරි තරම් හයියෙන් කෑගහලා..

කෝලි අටපට්ටම් කරගෙන අවුට් වෙලා යද්දී ජීවන් වගේම ජනිත් හිරුන වගේම කෝච්ගේ මූනෙත් හිනාවක් රැදිලා..

වෙල් ඩන් කොල්ලා..දිගටම යමන් 😏

චන්දිමාල් කොල්ලගේ පිටට තට්ටුවක් දාලා කීවාම කොල්ලගේ මූනෙන් සතුට බේරෙනවා..

ලසිත් මාලින්ග විකට් හතරයි..අමීන් විකට් තුනකුත් ගත්තාම ඕවර්ස් ඉවර වෙනවා..

ලකුනු 267 ඕවර් 50..හිතා ගන්න බැරි තරම් කට්ටියට ප්‍රශර් එකක් දීලා ඉන්ඩියා ටීම් එක ආවේ ෆීල්ඩින් වලට..

මුලින්ම ගියපු බැට්ස්මන්ලා අවුට් වීගන යද්දි අමීන් වගෙම ජීවනුත් ඉන්නේ පුදුම වෙලා..

ජනියා 22 හිරුනයා 20 චන්දිමාල් 60 කුලසේකර 12 හිතා ගන්න බැරි වෙද්දි ඊලගට අමීන් ගේ වාරේ..

කොල්ලා බැට් එකට වැද වැද ග්‍රවුන්ඩ් එකට යද්දි මුලු ග්‍රවුන්ඩ් එකම නිශ්ශබ්ද වුනා..

ආව පලවෙනි බෝලෙට ටුක්කලා එකක් දුවාගත්තේ හදවත් එලියට වැටෙයි කියන බයට..

ඒත් ඊලග පන්දුවෙන් චන්දිමාල් අවුට් උනාම කොල්ලගේ මුලු ගතින්ම දාඩිය දානවා.

ජීවන් ඒ එක්කම ආවම අමීන්ගේ මූනේ මතු වුනේ හිනාවක්..

කොල්ලා ජීවන් එද්දිම ඉස්සරහට යන්නේ අතීතේ මතක් වෙද්දි..

මචන් උබට මතකද බන් පාරුල් අපිව මේ වගේ වෙලාවක😔

පාරුල් වෙනුවෙන් මැච් එක වින් කරමු බන්..මේ ඕඩියන්ස් එකම උබේ නම මගේ නම කියනවා ඇහෙනවා වගේ බන්..😊

අපි කරමු බන්..

දෙන්නම හෑන්ඩ් ශේක් කරලා අමීන් ගියේ බැටින් වලට..

කොල්ලා ඇස් පියාගෙන මොහොතකට හිත ඇතුලේ මවාගත්තේ පාරුල්ව..

ඒ ඇස් ඒ හිනාව හදවත ඇතුලේ ඇදෙද්දී අමීන් ඉන්නේ ඇස් පියාගෙන..

එන හැමබෝලෙකටම කොල්ලා ගහන්නේ හිතා ගන්න බැරි වේගෙකින්..

ඒ.ඇස් ඒ හිනාව මුලු ඕඩියන්ස් එක පුරාම දකින්නේ අමින්..

හා ඒ පාරුල්..පාරුල් අමී අමී අමී කියලා කෑගහනවා ඇහෙද්දි කොල්ලා ජීවන් එක්ක සම්බන්දතාවය 150යි..

එතන ඉන්න අනවුසින් වලින් දෙන්නගේ බැටින්ග් ගැන වර්නනාවක් දෙද්දි අමීන් වගේම ජීවන් ඉන්නේ පට්ටම හැපි එකේ..

තව ඕවර් එකක්..ලකුනු 10ක් ලංකාව මැච් එක වින් කරයිද නැද්ද..ඒ හිත් වල තිබ්බේ කියා බැරි තරම් බයක්..

ඒ එක්කම ජීවන් හයක් ගැහුවාම තව හතරයි ඕන.

ඒත් ඊලග මොහොතේ ජීවන්ගේ විකට් එක කැඩිලා ගියාම මුලු ඕඩියන්ස් එකම මියට පිම්බා වගෙව් වෙනවා..

අදහන්න පපුව ගැහෙන්නේ වේදනාවෙන්..

මැච් එක දිනයිදෝ පරිදීදෝ කියල හිතෙද්දි ඒ හදවත් බයටම මැරෙන්න වගේ දගලනවා.

ඊලගට ආව ලසිත් එක්ක අමීන් එකක් ගැහුවාම තව ලකුනු තුනයි..බෝල් තුනයි..

හිතන්නවත් බැරි වෙලාවක් ඊලග බෝලෙට ලසිත් මාලින්ග අවුට් උනාම පපුව පැලිලා මැරෙයි කියලා අමීන්ට හිතුනේ..

ඒත් ඊලගට ආව සන්තුශ් එක්ක ලගට ගහලා එකක් දුවාගත්තත් තව දෙකක් ගහන්න ඕන..

අවසානම බොල් එක..කෝච් පවා ඉන්නේ පරදි කියන මතේ උඩ..

ඒ එක්කම උඩින් ගියපු බෝල් එක ඉන්ඩියා ටීම් එකේ කොල්ලෙක් උඩපැනලා අල්ලා ගත්තාම මුලු ඕඩියන්ස් එකම කෑගහනවා..

ඒත් ඊලග තප්පරේ ඉන්ඩියාවේ අය ඔලුවට අත් ගහගද්දි ලංකාවේ උන් ටික කෑගහගෙන ග්‍රවුන්ඩ් එකට ඉන්නේ උඩ පැන පැන.

අමීන්ගේ කැච් එක අරන් තිබ්බේ හතරේ සීමාවේ ඉදන්..

ඒත් වාසනාවට කැච් එක ගත්ත කෙනාගේ කකුලක් හතරේ සීමාවෙන් එහාට පැනලා..

අමීන් ඉන්නේ බැට් එක අතේ තියන් පුදුම වෙලා..

ඒ එක්කම කොල්ලගේ නම මුලු ඕඩියන්ස් එක පුරාම යද්දි කොල්ලා ඇස් පියා ගන්නවා..

හිතා ගන්න බැරි තරම් දෙයක් වෙලා.

මුලු රටම දන්න ආදරේ කරන තරුවක් වෙලා..

ක්‍රිකට් ලෝලින්ගේ හදවත් දිනා ගන්න එක බෝලයක් එක ලකුනක් .

අමීන්ගේ පිටට ජීවන් ඇවිත් තට්ටු කරද්දි කොල්ලා ඇස් පියා ගත්තේ අතීත වේදනාවන් එක්ක..

හොදම බැටින්ග්ස් ඇන්ඩ් බෝලින් වලට අමීන් මෙඩ්ල්ස් ගද්දි එතන ඉන්නේ නිවේදනකයා කොල්ලගේන් ප්‍රශ්න අහනවා..

අමීන් තේජාන්..ලංකාවේ ඉපදුන සිංහයෙක්ද..😊

මන් හිතන්නේ තේජවන්ත සිංහයෙක් කියලා..🙂

මේ තරම් අපිව පුදුම කරවලා අලුත් තරුවක් අපිට දෙන්නේ අලුත් හැගීමක්ද..🙂

ඇත්තටම ඔව්..මම සෙල්ලම් කරන්නේ මගේ රට වෙනුවෙන්..😏

අනිත් හැමෝම වගේ ඔයත් අපිව මෙහෙම හැමදාම පුදුම කරනවද අමීන් තේජාන් 🙂

හ්ම්ම්ම් ඔව් මම බලාපොරොත්තු වෙනවා..🙂

ඔයාගේ ශක්තිය ගැන කතා කලොත් 😐

මගේ ශක්තිය මගේ හුස්ම මගෙන්ම ඈතට ගියා..මේ තරගෙට මන් ආවෙත් එයා නිසා..😔

අමීන් තේජාන් සිංහයාගේ හිතේ සිංහ දේනුවකුත් ඉන්නවා එහෙනම් 😏

කොල්ලා මුකුත් නොකියාම ඇස් එසෙව්වේ වේදනාවෙන්..

කොල්ලාගේ ශක්තිය කොල්ලගේ හැමදේම පාරුල්..

පාරුල් ඒ හැමදේම අරන් කොල්ලාගෙන් ඈතට ගිහින්..

ඇස් වලට එන කදුලු පිහාගෙන කොල්ලා මයික් එක අතට ගත්තා..

ඇත්තටම මන් මුලින්ම මගේ අම්මා තාත්තා අප්ප්ච්චි වගේම මගේ පාරුගෙන් සමාව ඉල්ලනවා..

මට ඔයාලට මාව ඔනම වෙලාවට ලග ඉන්න බැරි උනාට..

ඒත් ඒ නැති උන හුස්ම වෙනුවෙන් මේ රට වෙනුවෙන් මන් ඉන්නවා 😊

ජීවිතේම තියන දුක දවස ගානක වේදනාව අවුරුදු ගානක ආදරයක් අහිමිවීම එක්ක වචන් ටිකක්..

වචන ටිකකින් කොල්ලා නිහඩ වෙලා ගියේ ඒ සිංහයා ගැන කුතුහලයක් හිතේ තියන්..

කාලය හරි ඉක්මනට ගෙවිලා යන්නේ ශාමින්දී වගේම සනත් අමන්දා රටින් පිටට අරන් ගිහින්..

සනත් වගේම අමන්දාත් පාරුල්ගේ වියොව එක්ක සදා කාලයටම ලංකාව අතෑරලා ගියා..

කුසුම් තනූජ් උනත් වෙනදට වඩා අමීන්ගේ ලගින් හිටියේ කොල්ලා දුක නොකියා තනියම විදවන නිසා..

සුමනා අම්මා වැලපුන දවස් ගනන් දන්නේ සුමනා අම්මා..

කෙල්ල කොහොමත් ලග සුමනා අම්මාට..

පාරුල් නැති වෙලා අවුරුද්දක් ගත වුනේ අමීන්ව තරුවක් කරලා..

මුලු රටම දන්න මුලු ලන්කාවම ආදරෙ කරන තරුවක්..

අද කොල්ලා මේ හදිස්සියට එහාට මෙහාට පැන පැන ලෑස්ති වෙන්නේ ජීවන්ගේ වෙඩිමට යන්න..

ජීවන් තරුවක් වෙලා. කොල්ලා යාලු වෙලා හිටිය තියා…නිරූපන ක්ශේත්‍රයේ තාරකාවියක්..

අද දෙන්නාගේ විවාහ ජීවිතේ මුල් ගල තියන දවස..

කවදාවත් එපා කියලා අතෑරලා දාපු සතුට කොල්ලා මේ වෙනකන් ලන් කරගත්තෙව් නෑ..

පාරුල් නැති වුනේ ඒ හන්දා කියන හැගීම අවුරුද්දක් ගියත් අමීන්ට දුන්නේ වේදනාවක්..

කොල්ලා ලස්සනට රතු බ්ලේසර්ට් එකට බ්‍රවුන් මික්ස් කලිසම ඇදලා සුදු ශර්ට් එක ඇදලා කොන්ඩේ වැක්ස් කරලා වොච් එක බැද ගත්තා .

ගලධාරි එක ගාවට යනකන් කාර් එකේ ගිහින් කාර් එක පාර්ක් කරලා කොල්ලා ඇතුලට ගියේ තනියම.

එහා පැත්තෙන් ඉන්න පැතුව රූපය අද නැතිව කොල්ලා තාමත් තනි වෙලා..

අමීන් ඇතුලට ගිහින් ජීවන් ගාවට ගියේ විශ් කරන්න ..

ඒත් කොල්ලා යනවත් එක්කම ජීවන් ගාවට තියා ආවේ කෙල්ලගේ හොදම යාලුවත් එක්ක .

ජිවා මේ මගේ යාලුවා..

ආදි..😊

ඒත් එක්කම එතනට ආව අමීන් වගේම ජීවනුත් තියා දිහා බලලා යාලුවා දිහා බලලා ආයම දෙන්නාගේ මූන දිහා බලාගන්නේ පුදුමෙන්..

ඒත් එක්කම ආදි අමීන් දිහා වගේම ජීවන් දිහා බලද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

ම්ම්ම්ම් ඔයාලා කියවලා මොනාම හරි අඩුපාඩුවක් තියනවා නම් කියලා යන්න..😐😐

තන්කූ සෙනූ අක්කා ඔයාගේ කවර්ස් වලට 😘😘😘

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *