16

##නිම්හිම්සේයා##
16
(දැන් කතාව කියන්නෙ dns ඒක මතක තියාගන්න බබාලා..)
මෙහෙට ඇවිත් දැන් මාසයක් ගත උනා..හුස්ම ගන්න හැම මොහොතක් ගානේම ,ජීවත් වෙනවා කියලා දැනෙන හැම තත්පරයක් ගානේම මතකෙට එන එකම නම චූටී මැනික ඔයා විතරයි..ආයෙමත් ඔයාගේ ටෙඩි බෙයාලා ගොඩේ හැන්ගිලා ඒ දගකාර ඇස් දකින්න තිබ්බනම්..
උහ්..
යකෝ කවුද මේ ගල් ගහන්නෙ ..
මොකො බන්..
මොකෝ තමා..උඹේ වැඩෙ දවසම ගල් උඩ නැගන් මනෝ ගහන් ඉන්නවා..
හ්ම්ම්..
මන් ලොකු හුස්මක් ඉහලට ඇද්දා..ඒක ශේනාටත් ඇහෙන්න ඇති..
ඒ පාර පෝන් එකක් ඔබනවා..කෝ මෙහෙට දියන් ඕක..
ශේන් මගේ අතින් පෝන් එක ඉදුරුවා..
අහ් ඒකයි මේ බෝනික්කි පැටියා මතක් වෙලා..රෙද්ද ඔච්චර ඕන්නම් යමකො ගිහින් බලලා එන්න..මොන අහවල් එකකට මැරෙන්න යනවඩ මන්දා..මේ වගේ බෝනික්කියෝ ඕනී තරම් හොයා ගත්තෑකී බම් ..
උඹ ඒකීව දැක්කනම් ඔහොම කියන්නෙ නෑ බන්..ඒ දවස් පහ ඇත්තටම මන් ගොඩක් අමාරුවෙන් උන්නෙ..
අහා ඔය එන්නෙ ඔය එන්නෙ..එකම කාමරේනේ උන්නෙ..හෝ හෝ
උබ කියන අමාරුවක් ගැන නෙමී බන් මන් කියන්නෙ..අවුරුදු විස්සක් උනාට තාම පොඩි බබෙක් වගේ..ඒ දගකාරකම්..හුරතල්..ඒකීව හදන්නෙ මලක් වගේ බම්..උදේ පාන්දර මොකෙක් හරි එනවා ඇහරවන්න..ගෙදර හතර දෙනාම කෙල්ලව බලලා තමයි දවස පටන් ගන්නෙ..ඉස්සෙල්ලම අම්මා..ඊට පස්සෙ තාත්තා..අයියෙක් එනවා ඌත් එනවා..මේ කෙල්ල දන්නෙත් නෑ..ඔක්කොටම හපන් ආක්චි..මේ කෙල්ල ආක්චිට කරන දේවල් ඇහුවොත් උඹට දවස් ගානක් හිනා යනවා ශුව…මාත් හෙන අමාරුවෙන් හිනාව නවත්තන් හිටියෙ..අනේ හුරතල්..ඒ ඔක්කොමට හරියන්න තියෙන මනුස්සකම..එක පාරක් කට ඇරියනම් අද මන් වැලිකඩ..ජීවීතේ මගේ අම්මගෙන් පස්සෙ මන් දැක්ක පර්ෆෙක්ක්ට් වුමන්,හ්ම්ම් ඒත්
ඉතින් මචන් අපි යමු කෙල්ල බලන්න

කවදා හරි මන් මේ ප්‍ර්ශ්න හැම එකක්ම විස්දගෙන තමයි එයා බලන්න යන්නෙ..අනික

අනික..

එයා මට තාම කෝල් කරෙ නෑ බන්.සමහරවිට මාව අමතක කරලා ඇති..උඹ තරම් පාටටවත් උන්න නම්..ඒකී එක්ක මන් බලද්දි මොකෙක්ද කියලා හිතෙනවා..

හ්ම්ම් එහෙනම් අමතක කරපන්..

අමතක කරන්න මම් ආයේ මැරිලා ඉපදෙන්න ඕන යකෝ..හ්ම්ම් ඒකි කොහේ උන්නත් සතුටින් උන්නොත් ඒකම ඇති මට..හ්ම්ම් හරි..අපි දැන් වැඩේට බහිමු..මදැයි මාසයක්ම හීල්ලුවා…

මන් ගල උඩින් නැගිට්ටා..ශේනාගේ කරට අතකුත් දාන් ගේ පැත්තට ගියා..

මගේ ජීවීතේ තියෙන කම් ඒ දගමල්ලට මන් ආදරෙයි ..මට හිමි නැතත් හැමදාම ඒ හිනාව තියෙන්නෙ ඕනී..my little fairy..

මාත් ශේනාත් ලෝයර් කෙනෙක් අල්ලන් පොලිසියට බාර උනා..අර ගෑනි පුන පුනා කීවත් මන් වැරදි කාරයෙක් කියලා ඔප්පු කරගන්න බැරි උනා..නඩුව අවුරුදු දෙකක් ඇදුනා..අන්තිමේදී වැරදි ඔප්පු කරන්න බැරි නිසා මන් නිදහස් උනා..මොනාද කරන්නෙ කියලා හිතලා හිතලා අන්තිමේදී මන් රට යන්න තීරනේ කලා..හැම මොහොතකම මතකෙට ආව එකම කෙනා සේයා හිතේ තිබුනු එකම බලාපොරොත්තුව..සේයා ගැන මතක් වෙද්දි මන් ජීවත් වෙනවා කියලා දැනුනා..

අන්තිම වතාවට සේයව බලන්න ඕනී කියලා හිතිලා ගෙදරට කතා කලා..ඒත් වෙන කෙල්ල්ක් කතා කලේ..ඔයා ජපුරෙ ඉගනගන්නවා කියලා ඒකෙන් දැනගත්තා ක්ලාස් ඇරිලා එන ටයිම් එකට මන් එතනට ආවා..ගොඩක් කෙල්ලො මැද්දෙ ඔයා හොයන එක ලේසි වැඩක් උන්නෑ..ඒත් එවෙලාවෙ පුදුම දෙයක් සිද්ද උනා..එක පාරම ලොකු ට්‍ර්ක් එකක් බ්‍රේක් ගැහුවා..එතන උන්නු හැමෝම වගේම මමත් දිව්වා..පාර මැද කෙල්ලෙක් ජරා බලු පැටියක් තුරුල් කරන් ඉදන් ඉන්නවා…්

හැමෝම කෙල්ලට පිස්සු කියලා බැන්නා..මාත් හිතින් බැන්නා..ඒත් ඒ කෙල්ල ලොකුම ලොකු ජයක් ලැබුවා වගේ නැගිට්ටෙ..කොන්ඩේ ගස්සලා මූණ චුට්ටක් එහාට මෙහාට වෙද්දි මගේ දගමල්ල ..තවත් ලස්සන වෙලා..කොන්ඩෙ දික් වෙලා..හිටියට වඩා තවත් කෙට්ටු වෙලා..ඒත් මූනේ සතුට එහෙම්මමයි..මන් කතා කරන්න කියලා ලගට යද්දිම සුදු ලස්සන කොල්ලෙක් ඇවිත් මැනිකට ටොක්කක් ඇන්නෙ..හිත කඩා වැටුනු තරම්..හැමදෙයක්ම අහිමි උනා කියන හැගීම හිතට ආවා..එහෙම්ම වැටෙන කදුලුත් එක්කම ආපහු හැරුනා..ප්ලේන් එකට නැග්ගෙ ආයේ ලන්කාවට එන්නෙම නෑ කියලා හිතන්..

එහෙ ගිහින් මගෙ ඩිග්‍රි එකට හරියන්න කම්පැනි එකක වැඩ කලා..
ඒ ගමන්
ලන්කාවේ ශෙයා මාකට් එකට ජොයින් උනා..අප්පච්චි පුන්චි කාලේ ඉදලා මගේ නමින් ඉතුරු කරපු කෝටීගානක සල්ලි..මම් ටික ටික දියුනු වෙද්දි මන් තව දේකට ආදරේ කරන්න පටන් ගත්තා..ඒ සල්ලි..සල්ලි හම්බ කලා පිස්සෙක් වගේ..එත් හැමදාම ඔයා ගැන හෙව්වා ඔයාගේ එෆ්.බී එකවුන්ට් එකේ ප්‍රෝෆයි පික් වෙනස් වෙන වෙන පාරට මන් ඒවා අරගත්තා..හැම රෑකම හීල්ලුවා ..ඇති වෙනකම් ඇඩුවා..

එහේ ඉදන් ලන්කාවෙ ශොපින් මෝල් එකක් ඕපන් කලා සේරම මෙහෙ ඉදන් බලාගත්තේ ශේන්..ඒත් කරුමෙ කියන්නෙ මට මගේ නමින් ලන්කාවේ බිස්නස්මන්ලා අතරට යන්න බැරි උනා..දිනෙත් නිම්සර ජයසුන්දර ..තාමත් තාත්ත මරපු මිනිමරුවා..තාමත් සැකකාරයෙක්..මට ඕන උනා අලුත් නමක්..ලන්කාවෙ බිස්නස් හොල්ලන්න දහ අතේ කල්පනා කලා..නිදි මරන් කල්පනා කලා..

ඔයාගෙ පොටෝ එකක් දිහා බලන් ඉද්දි ඔයාගෙ නම ..ඒත් ඒ නම ගෑනු නමක් ඒ නමින් යන්න බෑ ලෝකෙට..හැමෝටම දැනෙන හොද නමක් ඕන උනා..ඔයාටයි මටයි දෙන්නටම නිම් කියන කෑල්ල එනවා..ඔයා නිම්නාදි මන් නිම්සර ඒකත් එකතු කරලා මන් ලෝකෙට ආවා අලුත් නමකින් ඒ තමයි ඩී එන් එස්..d=deneth
n=nim
s=seeya

dns ඉපදුනා..දෙනෙත් මැරුනා..මගෙ වාසනාවයි ,අප්පච්චි වගේම බිස්නස් වලට තිබ්බ උනන්දුවයි ශේනාගෙ හයියයි,ඔයා ගැන තිබුනු ආදරෙයි නිසා මන් ඉහලටම ගියා..

අවුරුදු දෙකක් යද්දි මන් ලන්කාවෙ බිස්නස් වල නම්බ වන්..ඩී එන් එස්..

එක දවසක් මන් හීනයක් දැක්කා..ඔයා අර බැල්කනිය ලග අඩනවා..ඊට පස්සෙ දවස් ගානක් මට නින්ද ගියේ නෑ..මන් තීරණේ කලා ඈතක ඉදන් හරි ඔයාව එක පාරක් දකින්න ඕනී කියලා..මන් ආවා ලන්කාවට ..එද්දි ශේනා මේ ගේ අරන්..මට හිතුනා ඔයා බලන්න එන්න ..ඒත් හිතට බය හිතුනා..

දුක හිතෙන දෙයක් දකින්න වේදෝ කියන බය හිතට දැනුනා..ඒත් මන් හිතා ගත්තා ඔයා ඉස්සරහට කවදහරි යන්නෙ මගෙ මිනීමරුවා කියන නාමය නැති කරන්මයි කියලා යාලුවෙක් විදියට හරි ලෝකෙට මාව ඔයාව හදුන්නලා දෙන්න පුලුවන් එතකොටයි..

ආවා විතරයි ශේනා මට ලිස්ට් එකක් අරන් ආවා..ඒ මෙහේ මට යන්න තියෙන ෆන්ශන්..ඒවා දැකලා පිස්සු හැදුනා..තව එකක් එදා ඔයාව අන්තිම පාරට දැක්ක විදිය..ඔයා සතෙක් නිසා පාරට පැන්නා..මගෙ හිතේ ඒක කා වැදිලා තිවුනෙ..ඒ හින්දයි ඒ අහින්සක සත්තු වෙනුවෙන් වැඩපිලිවෙලක් පටන් ගත්තේ ..

මට ලන්කාවේ ඉස්සෙල්ලාම කරන්න තිබ්බෙ කෙහෙල් මල් කුමාරියෙක් තෝරන තරගෙක චීෆ් ගෙස්ට් වෙන්න..මන් බෑ කියද්දී ශේනා මාව බලෙන් ඇදන් ගියා..දෙන්නෙක් තුන් දෙනෙක් අර්හෙ මෙහේ පස්ස වන වනා එද්දි මට නිදිමතත් හිතුන..ඔක්කොම්ල්ල ලස්සනයි ඒත් මට වැඩක් නැති නිසා..එහෙම හිතන් මන් බීම එකක් බොන්න ගත්තා..එතකොට තමයි අහලා පුරුදු කටහඩක් ඇහුනේ..දෙවියනේ ඒ මගෙ දගකාරි..දකින්නෙ හීනයක්ද කියලත් හිතුන නෑ හීනයක් නෙමී..ඇත්තටම ඒ ඔයා..මගෙ දගකාරි..විස්තර කියලා ඉවර වෙලා මන් ඉන්න පැත්තට අත වැනුවා..මන් හිතුවා වැඩෙ හරි තමයි අදුරගත්තා නේදෝ කියලා ..ඒත් ඇස් වලින් කාටහරි කතා කරනවා වගේ දැනුනා..මන් එහෙම්ම පිටිපස්ස හැරිලා බැලුවා..ඔයාට එදා ටොක්කක ඇන්න කොල්ලා..හදාගෙන උන්නු හිත ආයෙමත් පෑරුනා..ඔයා යන යන තැන ඒ කොල්ලා ඉන්නෙ ඔයාලා දෙන්නගෙ සම්බන්දයක් ඇතිනෙ කියන හැගීම ආයෙමත් ආවා.. ඔයා එද්

ඔයා එදා තුන්වෙනියා උනේ මගේ චන්දේ ඔයාට නොලැබුනු නිසයි..පස්සෙ මන් ඔයා ගැන හෙව්වා..එතකොට තමයි ඔයා ගැන හරි විස්තර හොයා ගත්තෙ..මට ඕන උනා ඔයාව මගෙ ලගින් තියාගන්න හිරු කීයේශන් එකට ගිහින් ඔයාව මේ ඇඩ් එකට ගන්නම කියලා බලකලා..උන්ට බැරි උනා ඔයාව කැමති කරගන්න..මෙතනදි ශේනා ආයෙත් හෙල්ප් කලා මගෙ සල්ලි ඉස්සරහට ආවා..මන් හොදාකාරවම දැනන් උන්නා ඔයා තමන් ආදරෙ කරන දේවල් වලට පණ උනත් දෙන බව..ඒකනි බලු කුක්කෙක් වෙනුවෙන් පාරට පැන්නෙ..මාව දවස් පහක් අම්මෙක් වගෙ බලාගත්තේ ..මගෙ සල්ලි බලෙන් මන් ඔයාව නම්ම ගත්තා..දන්නවා ඔයාව සල්ලි වලින් ගන්න බැරි බව..ඔයාගෙ දුර්වලම තැන මනුස්සකම මට උදව් කලා..

ඇඩ් එක ගත්තු දවසෙත් මන් ඔයා දිහා බලන් උන්නා..දැන් ගිහින් කතා කරන්න කරන්න පලයන් කියලා මගෙ හිත කීවා..ඒත් අර කොල්ලත් ඔයාගේ නැට්ට වගෙ පස්සෙන්..

මෙහෙම ඉද්දි තමයි එෆ්බී එකෙන් ඔයාගේ බර්ත් ඩේ එක දැන ගත්තේ..මට පුලුවන් උපරිමයෙන් මන් ඒ වෙනුවෙන් වෙහසුනා..කතා කරලා ඔයාට විශ් කරන්න හිතුනත් මගෙ කටහඩ අදුරගෙන ආයෙමත් අවුලක් වෙයි කියලා හිතුනා..පුලුවන් උපරිම දේ කලානේ කියලා මන් ඔෆිස් ගියා..ඒ ගිහින් පැයක් ගියේ නැ මේන් ඇවිත් මගේ සටන් කාරි..රිශිප්ශන් ඔයා ආවා කියලා කීවම දැනුනු සතුට උන්නු තැනත් අමතක උනා..ඒත් දෙනෙත් කියන මිනීමරුවා ඔයා ඉස්සරහට එන්නෙ නැ කියලා මන් මටම පොරොන්දු වෙලා හිටියෙ..පැය ගානක් බලන් උන්නෙ ඔයා යයි කියලා ඒත් නැ.බැරිම තැන මන් ගෙදර ආවා..ඔෆිස් එකෙන් කීවා ඔයා ගේට් එක ලග ඉදන් ඉන්නවා කියලා..ගෙදර හිටියට හිත තිබුනෙ ඔයා ලග සීසීටීවී කැම් එකෙන් මන් ඔයාව බලන් උන්නෙ..ඔයා වැස්සෙ තෙමෙනවා..මගෙ මුරන්ඩූ කෙල්ල..මන් රිශිනිව එව්වෙ ඔයා ගන්න බලන් ඉදලා බැරිම තැන..මෙහෙට ඇවිල්ලත් මගෙ මුරන්ඩූ සින්හ දේනූව තෙත ඇදුම් පිටින් ඉන්නවා කීවම මන් තීරනේ කලා ඔයාව බලන්න ..දෙනෙත් නෙමී ඩීඑන්එස් විදියට..ඇවිත් බලද්දී සෙටියෙ නිදි..එහෙම්ම ඔලුවට අත තිබ්බෙ උනද බලන්න නිදි කියලා හිතාන..කොහෙද පිස්සු කෙල්ල මාව අල්ල ගත්තනෙ ඒත් බයක් හිතුන්නෙම නෑ අදුර ගනී කියලා..මොකද මගෙ අලුත් විදිය හොයාගන්න පුලුවන් එදා ඉදන් මන් එක්ක උන්නු කෙනෙක්ට විතරයි ..දවස් තුනක් දැක්ක ඔයාට මාව මතකෙ නැතිව ඇති කියලයි හිතුනේ..

ඒත් කොහෙද මීඩීයා කාක්කියෙක් නෙ..මගෙ සුදු කපුටි..අදුරගත්තා මාව..මාව බදාගත්තම දැනුනා ආදරෙ..ඇත්තමයි මේ හැම දෙයක්ම ෆිල්ම් එකක් වගෙ..මගෙ මැට්ටි..

අහ් මේන් බත් ඉවරයි..මැට්ටි ඔක්කොම කාලා..

ඔයා හොද නෑ මන් කොච්චර දුක් උනාද ඔයා නැතිව

එහෙනම් මට කෝල් නොකලෙ ඇයි..

අහ් ඔයා දන්නානි මගෙ හැටි..ඒ පුන්චි ලියුම මට හම්බුනේ මේ ලගදි..එදා ඉදන් මන් ඔයාට ගන්න ට්‍ර්‍යීකලා..එක පාරක් කෙල්ලෙක් කතා කලේ..පස්සෙ බය හිතුනා..ගන්න..ඒ ඔයාගෙ කවුරු හරි නම්..

අහ් මන් ලන්කාවට ඇවිත් ඒ සිම් එක ආයේත් දාගත්තා..ගොඩක් වෙලාවට මගෙ පෝන් ආන්ස කරන්නෙ රිශිනි..

හ්ම්ම්..පෝන් විතරයි නේ..ජීවීතේ නෙමීනේ..

මේ හිතේ කවදත් හිටියෙ එකම එක මුරන්ඩු කෙල්ලෙක් විතරයි….

දෙනෙත් අයියෙ

අහ් ගොඩ කාලෙකින් මගෙ නම ඇහුවෙ..

හ්ම්ම්..තරහයි මන්

ඒ කොල්ලා කවුද මැට්ටියෙ බෝයී ද

දෙනවා ගුටි ඇටිකුකුලට..ඒ මගෙ බොකූ..ඩබලා..තේරුනාද..

උහ් දගමල්ල ..

ඩී එන් එස්..

උඹත් ඕන්නැති වෙලේට කඩා පාත් වෙන්නෙ..මොකෝ බන්..

පොලිසියෙන් ඇවිත්..

පොලිස්..

ඔව් වරෙන්..

(මතුසම්බන්ධයි )
ඔන්න කට්ටියගෙ හිතේ තිබුනු ප්‍ර්ශ්න සේරම විසදුවා..ඩී එන් එස් ගෙ අබිරහස..ඉතින් මට කමෙන්ට්ස් ඕනී..ලස්සනයි කියලාම නෙමි මෙතෙක් කතාව ගැන ඔයාලට දැනුනු දේ..මගෙ හිතට හොදයි කියලා ඒ වෙලේට එන වචන කිසිම කැපිලි කෙටිල්ලකින් තොරව ටයිප් කරන්නෙ..අද කතාව පැය තුනක් තිස්සෙ ටයිප් කලේ..මන් දන්නවා මට කතාවට ලයික් දාන්නෙත් ලස්සනයි කියලා දාන්නෙත් ඔයාලා කතාවට ආදරෙ කරන නිසා කියලා..අද නම් ලස්සනයි කියනවට වඩා වැඩියෙන් කමෙන්ට්ස් ඕනීමයි..කිසිම උපුටා ගැනීමක් කාවවත් අනුකරනයක් නෑ..දැන් හිතට දැනෙන හැගීම් තමයි අකුරු කරන්නෙ..ලයික් කරන කමෙන්ට්ස් කරන අයට වෙන වෙනම ටෑන්ක්ස් නොකලට හැම ලයික් එකකටත් කමෙන්ට්ස් එකකටත් මන් ආදරෙයි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *