17. වන කොටස.

මියෙදෙන තුරා….

* මම තමා අද ලොකු අක්කිගේ හෙයා ස්ටයිල්ස් දාන්නේ.*

මගේ වරලස් මුදා හරමින් අැය කියා සිටියා. මම කැඩපතින් අැය දිහා බැලුවා. අැගේ මුහුනේ වුනේ සැබැම අාරණීය පෙනුමක්. අැය මගේ හිස පීරන්න වුනා. මම අෑ දෙසම බලන් උන්නේ හරිම සතුටින්.

*ලොකු බේබී.හ්හ්.*

*අැයි සිගිතියෝ.*

දොර අභියසින් අැහුනේ සිගිතිගේ කට හඩ.

*අර ශාලින්ද මහත්තයා ඒහෙම අැවිත්.හ්හ් . *

*හරි . හරි අපි ඒනවා.*

*අපි ඒනවා දැන් සිගිතියෝ.*

පුංචි නංගී කලබලයෙන් කිව්වා. හිස පිරා අවන් කළ අැය , මට හොදදැයි බලන්නට කිව්වා. කොන්ඩය හකුලා දමා තිබූ කොන්ඩ මෝස්තරයයි, අැගේ මේකප් කිරීමත් නිසා මම අදුරන්නට මටම නොහැකි වුනා.

*දැන් යමුද මනමාලී.*

*මනමාලී*

මට දැනුනේ අමුත්තක්. නංගිගේ මූනේ වුනේ ඉපිලී යන සතුටක්.

*ඔයානේ මනමාලී.*

*අා ඔව්නේ මමනේ මනමාලී. යමු යමු ලොකු අක්කි අපි පහළට.*
අපි දෙන්නා පහළට යද්දී ශාලින්ද මල්ලිලා සෙටියේ වාඩි වෙලා හිටියා.

*ශා දෙන්නම පට්ට ලස්සනයි. නංගී අද සැරසිලා ඉන්නේ ඒයාගේ බර්ත්ඩේ ඒක වගේනේ.*

ශාලින්ද මල්ලී අෑත තියාම අපට විහිලු කලා. අපි ඔවුන් අතරට ඒක් වුනා. වැළදගෙන මට සුභ පතපු ශාලින්ද මල්ලිගේ පවුලේ සියලු දෙනා. විශාල තෑගී පාර්ශලයක් මා අත තැබුනා. තෑග්ග සෙටිය මැද වූ ස්ටූල් ඒක තමා ශාලින්ද මල්ලිගේ දිහාවට හැරුනා. සුපුරුදු පරිදි වැළදගෙන් සුභ පැතූ ඔහු මා අත කුඩා පාර්ශල් ඒකක් තැබුවා.

*අැයි මේ තවත් තෑග්ගක්.*

*මේක විශේෂ තෑග්ගක්*

*අයියෝ අැයි. මේ තරම් කරදර වුනේ. තෑක්ස් ශාලින්ද මල්ලී.*

මම කුඩා තෑග්ග ස්ටුල් ඒක මත තබන්නට පහත් වුනා.

*අනේ අක්කී මෙතනම ඔක දිග හැරලා බන්නකෝ.*

*හ්ම්ම්.*

මම කුඩා පාර්ශල් ඒක පරිස්සමින් ගලවන්න වුනා. රතු පැහැති දිලිසෙන කොළයකින් ඒය අාවරනය කර තිබුනා. කොළය දිග හැරිය පසු වුනේ පෙට්ටියක්. ඒක ජංගම දුරකථනයක පෙට්ටියක්. ඒ කියන්නේ මේක පෝන් ඒකද්ද? මගේ දෙනෙත් විසල් වුනා. පෙට්ටියද විවර කර බැලු කල රෝස පැහැති හුරුබුහුටි ජංගම දුරකතනයක්.

මෙතරම් කලකට මටම වෙන් වූ ජංගම දුරකථනයක් තිබුනේ නැහැ. මට ඒ ගැන අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. ඒ මට කතා කිරීමට කිසිදු යහළුවෙක් නොසිටි නිසා. හුදකලාවට බොහෝ කැමතී මා මිතුරන් අැති කර ගැනීමට ඒතරම් සමත් නැතැයි මම නිතරම සිතුවා. නිවසින් බැහැරට නොයන මා හට බාහිර සමාජයේ මිනිසුන් අැසුරු කරන්නට අවස්ථාවක් හිමි වුනෙත් නැහැ. මට ජීවිත කාලයට හිටියේ ඒකම ඒක මිතුරියයි. නමින් ශාමලී වුන අැය මගේ පාසල් කල මිතුරියයි. පාසල් අධ්‍යාපනයෙන් පසු අෑ ගැන කිසිදු තොරතුරක් දැන ගැනීමට මට ඉඩක් ලැබුනේ නැහැ. අැය දුප්පත් පවුලක දැරියක් නිසා අැසුරු කරන්නට මට නිවසින් ඉඩ ලැබුනේ නැහැ.

*කොහොමද ලොකු අක්කී.*

*හරිම ලස්සනයි ශාලින්ද මල්ලී. ඒත් ඉතින් මට කතා කරන්න කෙනෙක් නැහැනේ.*

*අයියෝ කතා කරන්න අය ලැබෙයි කලබල නෙවී ඉන්නකෝ.*

*අනේ තෑන්ක්ස් ශාලින්ද මල්ලී.*

*දැන්ම තෑන්ක්ස් කරන්න ඒපා. තව ඔයා කැමතිම තෑග්ගක් මගෙන් ලැබෙයි.*

*තව තෑග්ගක් ඒ මොකද්ද?.*

*බලන් ඉන්නකෝ *

පවුලේ නෑදෑ සිත මිතුරන්ගෙන් නිවස පිරී ගියා. හරිම සුන්දර රාත්‍රියක්. පසකින් අැසුනු සංගීත රාවය සාදය තවත් රසවත් කලා. ලොකු මල්ලිගේ මිතුරු මිතුරියන් මේ සාදයට සහභාගී වී සිටියා. ලොකු මල්ලී හරිම අාඩම්බරයෙන් ඔවුන් සමග සතුටු සාමිච්චියේ යෙදී සිටියා. කුඩා දරුවන් සමග ඒක් වී සිටි ලොකු මල්ලිගේ දරුවන් දෙදෙනා සංගීත රාවයට නටමින් සිටියා. පුංචී දූගේ සුරතල් නැටුමත් සමග මගේ සිතට සිවුම් දුකක් අැති වුනේ ෂයිනී දුව සිහි වීම නිසා.

*අැයි ලොකු අක්කී දුකින් වගේ.*

පුංචී නංගි ශාලින්ද මල්ලී සමග මා අසලට පැමිනෙමින් අසා සිටියා.

*මට ෂයිනී දූ මතක් වුනා. අර දරුවෝ දකිද්දී.*

*ලොකු අක්කිත් ෂයිනී දූට අාදරෙයි වගේ.*
*ඒ දාරුවගේ හුරල් පෙනුමට අකමැති වෙන්නේ කවුද ශාලින්ද මල්ලී.*

මම ශාලින්ද මල්ලිගේ ප්‍රශ්නට පිළිතුරු සපයමින් කියා සිටියා.

*දුක් වෙන්න ඒපා ලොකු අක්කී අායි දවසක ඒයා මුන ගැසේවී.*

මම කබනා ඒකක් වටා වූ අසුනක වාඩී වි කල්පනා කරන්න වුනා. කාලගය ගෙවිලා ගියත් මම හිටියේ ෂයිනී දූගේ ලෝකයේ.

*ලොකු අක්කී ශාලින්ද අයියා අඩ ගහනවා.*

හදිසියෙම මගේ ළගට දුවන් අාපු පුංචී නංගී ප්‍රීතියෙන් කියා සිටියා.

*අැයි හදිස්සියෙම.*

*අර දෙනවයි කිව්ව තෑග්ග දෙන්න වෙන්න අැති*

මම පුංචි නංගිත් සමග ගෙට අැතුල් වුනා. සැබවින්ම සිහිනයක්ද? ෂයිනී දූ. මම දෑස් අදහා ගන්නට නොහැකි වුනා. මම දැකපු ගමන් ෂයිනී දූ මගේ ළගට දුවගෙන අාවා.

*අම්මී නැන්දී..*

*චූටී දූ ඔයා අාවද නැන්දි බලන්න.*

*මම නැන්දි ඒක්ක තලයි. නැන්දි චූටී දූ බලන්න ඒනා කූවා. අාවේ නැනේ.*

*දැන් මගේ චූටී දූ අාවනේ මම බලන්න.*

මම අැයව වඩාගෙන සිප ගත්තේ හිතේ තිබුන සතුට උතුරා යද්දී. සැබැවින්ම අැය මටත් නොදැනිම මගේ ජීවිතය වෙලා තිබුනා. මම ෂයිනී දූත් වඩාගෙන සුමේධ අයියා අැතුළු පවුලෙ සියල්ලන් ඉන්න තැනට ගියා.

*කොහොමද නිල්මිණී නංගී.*

*මම හොදින් සුමේධ අයියේ.*

*සුභ උපන් දිනයක් නිල්මිණී නංගී.*

මට සුභ පැතුම් ඒක් කල ඔහු රැගෙන අා ත්‍යාගය මා අත තැබුවා. ඔහු අසලින් ලැජ්ජාශීලිව වුන්නේ සුමේධ අයියගේ වැඩි මහල් දියනිය විය යුතුයි.

*මේ ඉන්නේ මගේ ලොක්කී. ගයනී. *

*චූටී දූ වගේමයි . මට හිතුනා.*

*යමු යමු ළමයිනේ කෑම කලා ඉන්න. දැන් හොදටම රෑ වෙලා .මේ දරුවන්ටත් බඩගිනි අැති.*

*මේ ගොල්ලෝ හවසත් කෑවා අම්මේ.*

ලොකු දූගේ ඔලුව අාදරයෙන් පිරිමදිමින් , අම්මා නැගූ පැනයට සුමේධ අයියා පිළිතුරු සැපයුවා.

*ඒකට කමක් නෑ යමුකෝ කෑම ටිකක් කන්න.*

*ඒන්න චූටී දූ හබුං කන්න යන්න.*

මා අත වුන් දියනියට දෑත් පාමින් සුමේධ අයියා කියා සිටියා. මෙතරම් වෙලා නිහඩව බලා වුන් අැය මගේ බෙල්ල බදාගෙන අකමැත්ත ප්‍රකාශ කරන්න වුනා.

*චූටී දුට බෑ තාත්තී. අම්මි නැන්දිටත් යමු කියන්න.*

*මේ දරුවගේ අම්මත් අපේ ලොකු දූ වගේ මයිලු නේද?. පව් හරිම කනගාටුයි වුන දේ ගැන.*

*ඒක තමා අම්මේ චූටී දූ මෙයාට අම්මී නැන්දී කියන්නේ. අැත්තටම මුලින්ම නිල්මිණී නංගිව පංසලේදී දැක්ක දවසෙදී මගේ සෙව්මිණිට පණ අැවිද්ද කියලා මට හිතුනා.*

*ශාලින්ද පුතා කිව්වා සුමේධ පුතේ.*

*ඒකනේ අම්මේ. දූ රැවටෙන ඒක අහන්නත් දෙයක්ද*

සුමේධ අයියා අපේ අම්මට, අම්මේ කියලා කියලා කතා කරද්දී මට හිතට දැනුනේ ඔහු හරිම ගුණ ගරුක පුද්ගලයෙක් කියලා. ෂයිනී දූගෙන් බේරැමක් නැති නිසා මමත් ඔවුන් සමග කෑම ගැනීමට තීරණය කලා. කෑම බෙදා ගත් අපි ඒකම කබානා මේසයක් වට වාඩී වුනා. සුමේධ අයියා ඒන තුරුම බලා වුන්නා සේ ශාලින්ද මල්ලී පුංචී නංගීත් අපි සමග කෑම ගන්නට ඒක් වුනා.පුටුවක් අැද දුන් පසු ෂයිනී දූ මම අසලින්ම වාඩී වුනා.

*අයියේ කෑමට කලින් මොනවා හරි බොනවද සැර දෙයක්*

*අපෝ මම ඔවා කරන්නේ නෑ මල්ලී.*

ඒ වදනින් ඔහු දරුවන් ගැන හුගක් හොයලා බලන අාදරබර පියතුමෙක් කියලා මට සිතුනා. මටත් නොදැනී මා සිත තුළ ඔහු ගැන පැහැදීමක් අැති වෙමින් තිබුනා.

*චූටී දූ මගේ ළගට ඒන්න පැටියෝ තාත්ති කවන්න.*

*බා තාත්තී . චුටී දු කන්නේ අම්මි නැන්දා කැව්වොත් විතලයි.*

*නැන්දිට කරදර කරන්න ඒපා චූටි දූ.*

*මොන කරදරයක්ද සුමේධ අයියේ මම කවන්නම්.*

මම ෂයින දූට කවමින් කෑම ගන්න වුනා. ලොකු දූ කෑම ගන්න බෑ කිව් නිසා සුමේධ අයියා ලොකු දූට කෑම කැව්වා.

ඊ ළග කොටසින් හමු වෙමු… — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *