17

අචින්තයි අපේ ආදරේ
17
මෙයා මේ ටොපී වලට මොනාහරිම දාලද මන්දා මෙච්චර ආසාවෙන් දුන්නෙ..මොනා උනත් මාවත් මතක් වෙනවා මෙයාට..අම්මො දැනුයි මතක් වුනෙ නපුරගෙ ටී ශර්ට් එක..
මන් ඒ ටී ශර්ට් එක අරන් දිග ඇරියා.මෙකෙ පැල්ලම් නම් යන පාටක් නෑ..ඒත් ටී ශර්ට් එකත් අපරාදෙ…මොකො මේකට කරන්නෙ..ම්ම්ම් හරි..මල්ශා නිවාඩු දවස් වලට පැබ්‍රික් පේන්ට් කරනවා රෙදි වල..හරි මගෙ හිතෙ ඇදුනුන්‍රටාවක් ටී එකට ඇන්ද..දැන් හරි..මෙයා මේකට අකමැති වුනොත් ..හුම් එහෙම උනොත් අලුත් එකක් අරන් දෙනව වෙන මොනවා කරන්නද..
====(===))
දවසින් දවස පබා ගැනම හිතට දැනෙන හැගීම වැඩි වෙනවා මිසක් අඩුවක් නෑ…හිත කියන්නෙම එයාව දකින්නමයි කියලා..ඒත් මේ ටිකෙ කැම්පස් එකෙ එක්සෑම් නිසා මන් දවස ගත කලෙ ඒ වෙනුවෙන්..කැම්පස් ආවා..ගෙදර ගියා…ගිය වෙලෙ ඉදන් පාඩම් පාඩම් පාඩම්..
අනිත් එක මන් එයා ගැන වද වුනාට එයා එහෙම නෑ කියලා මට හිතෙනවා..එයාට වුවමනාවක් තියෙනවනම් බැරිද අඩු තරමෙ මට කෝල් එකක් වත් දෙන්න..හුම්ම්..
අද එක්සෑම් ඉවරයි..හෙට පෝය,අනිද්දා සෙනසුරාදා දවස් තුනක නිවාඩුවක්..අද හවස යන්න ඕනී ගෙදර…අප්පච්චි ,නන්ගි මල්ලි දැක්කෙ නෑ හුග දාකින්..මගෙ අතේ දැන් ක්ලාස් සල්ලි ටිකක් ඉතුරු වෙලා තියෙන්නෙ..ස්නේහා නන්ගියි,සෙනුර මල්ලිටයි අමතරව ස්කීම් එකේ ලමයි හතර පස් දෙනෙක්ටම දැන් මන් ක්ලාස් කරනවා…අප්පච්චි එවන සල්ලි එහෙම්ම පොතෙ දැම්මෙ වෙන බලාපොරොත්තුවක් ඇතිව…අද යද්දි ඒකත් අරන්ම යන්න ඕනී…
කැම්පස් ඇරිලා කෙලින්ම ගියෙ බෑන්ක් එකට…පොතේ දාපු සල්ලිත් අරන් මන් ගියෙ රත්තරන් බඩු කඩේකට…
මන් කැම්පස් එන්න කලින් දවසෙ අප්පච්චි මට දුන්නු පෙන්ඩන් එක…ඒක මෙහෙ තැනකට උගස් කරලා කැම්පස් එකෙ අනිත් අව්ශය දේවල් ගෙවලා දැම්මෙ…අද ඒක බේරගන්න ඕනී…
මන් රත්තරන් බඩු කඩෙ ඉදන් ඉද්දි නෙත් වලට හ මගෙ ඇස් වල ගැටුනා..
ඔ ඔයා….මෙහෙ..
මොනාද ආ කරන්නෙ මෙහෙ
මන්
මන් මන් නෙමී කියනවා .කෝ පෙන්නවා බෙල්ල..කන්…
මොනවද අයියො මෙයා මේ හරො හරෝ බලන්නෙ…
එයාට එයාගෙ වැඩෙ කරගන්න දීලා මන් ඔහෙ බලන් උන්නා…
හුම් ඔක්කොම හරි..කියනවා ඇයි මෙහෙ ආවෙ
මට ඕනි නිසා
මට ඕනි නිසා තමයි ආවෙ මන් දන්නවා..මෙහෙ ආව හේතුව කියනවා..
වැඩකට
ඉතින් මොකක්ද වැඩෙ
මොකක් හරි
මේ මෝඩි මට ඇත්ත කියනවා මොකක්ද කරන්න ආවෙ ආ..මාලෙ හරි කරාබු දෙක හරි තියන්නද…තිබ්බොත් බලාගමු..මොකටද තමුසෙට මේ හදිස්සියෙ සල්ලි..බෝයීයට දෙන්නද ආ
ඔහ් ඒකයි මෙයා මේ මගෙ බෙල්ලයි කන් පෙතියි බැලුවෙ..දැන් හිතෙනවා චුට්ටක් මෙයාව අවුස්සන්නත්..මොකොටද මෙයාට ඔච්චර මන් ගැන හොයන්න හිතෙන්නෙ..
මොකෝ ඒ පාර කියනවා මොකටද ආවෙ..
මට සල්ලි ඕනී
කීයක්ද කාටද මොකටද
මගෙ යාලුවෙක්ට..
යාලුවෙක්..කොල්ලෙක්ද කෙල්ලෙක්ද
කොල්ලෙක්
ඒ මූන වෙනස් වුනු හැටි..මන් ඒ මූන කියවන්න උත්සහා කලා..මූනට ආව දුක් පාට පෙනුම ඉක්මනටම වෙනස් කරන් ආඩම්බර පාටට හරෝ ගත්තු මගෙ සීගීරි සුකුමාලී මට රැව්වා..
මොකෝ
මුකුත් නෑ..තමුසෙ හිතන් ඉන්නෙ වෙස්සන්තර කියලද කොහේවත් ඉන්න එවුන්ට සල්ලි දෙන්න යන්නෙ ආ..මොකෙක් හරි ගල් ඉබ්බෙක්ට රැවටිලා මෝඩී ..
හුම් ගල් ඉබ්බෙක් නෙමි..තාරුකා ඉබ්බෙක්..හැම තිස්සෙම එක එක රටා මවන..ඉබි පබා..
මැට්ටි ඒ පාර හිනාවෙනවා..හුම් හුම් මට මොකො ඕනි එකක් කරගන්නවා..ඉක්මනට එනවා ..මමත් දැන් ස්කීම් එකට යන්නෙ..
ඔයා යන්න
නෑ මන් ඉන්නවා..හම්බෙන්න කියලත් උන්නෙ..
අර මොකටද
වැඩකට..දැන් යනවා ගිහින් කරන්න ආව වැඩෙ කරන් එනවා..
හා..
මොනාටද මෙයා මාව හම්බෙන්න උන්නෙ..
මන් රිසිට් එක දීලා පෙන්ඩන් එක බේරගත්තා…
පබා එලියෙ හිටන් ඉන්නවා..සිගරට් එකක් බිබි…මෙයාට නම් මොලයක් නෑ..පාරෙ මේවා බොන්නෙ..
හ්ම්ම් යන්..
ඔහොම ඉන්නවා..කෝ මොකක්ද තිබ්බෙ
මුකුත් නෑ
මුකුත් නෑ..එහෙනම් කීවෙ
මේක බේරගන්න
මන් පබාට මගෙ අතෙ තිබ්බ පෙන්ඩන් එක පෙන්නුවා..
එයා ඒක අතට අරන් හොදට බැලුවා
කොහින්ද මේක
හුම් ඕක රත්තරන් නිසයි විසික් නොකලෙ නැත්තම් මන් ඕක මෙලහකට විසික් කරලා
ඇයි එහෙම කියන්නෙ
ඕක අපෙ අම්මා මගෙ පස්වෙනි උපන් දිනේට දාලා තියෙන්නෙ..
එහෙමද
හ්ම්ම්
ඇයි අම්මා ගැන කියද්දි ඔයාට තරහ යන්නෙ
ඕනි නෑ එයා ගැන කතා
ඒ මොකො..එයා නති වෙලාද
හ්ම්ම් එහෙම උනානම් හිත හදා ගන්න තිබ්බා
ඒ කීවෙ
ඒ කීවෙ බී..අහන්න එපා..මන් අම්මා කියන වචනෙටත් වයිර කරනවා නිසිත..වයිර කරනවා
හුම් සොරි..ඒත් මන් මේ ලෝකෙ ආසම වචනෙ අම්මා..
ඒ ඔයාගෙ අම්මා ඔයාලා වෙනුවෙන් ඉන්න නිසානි..
හ්ම්ම් ඔව්..හරි හරි මැට්ටි..එනවකො ගමනක් යමු
කොහිද
කියන්නම් එනවකො
පබා මාව එක්කන් ගියෙ බයික් විකුනන්න තියෙන ශොප් එකකට..
ආවෙ මොනාටද කියලා තාම තේරුන් නැති නිසා මමත් ඔහෙ හිටියා
මාව රිසිප්ශන් එකින් තියලා පබා ඇතුලට ගියා..
මැට්ටි හරි එනවා
බයික් පිරිච්ච තැනකට එයා මාව එක්කන් ගියා..
එකක් තෝරන්න
මන් දන්නෙ නැ නිසිත මේවා ගැන
හ්ම්ම් ඒකත් එහෙමද
මන් ආස ඒවා දෙක තුනක් තියෙ මෙතනින් එකක් ඔයා කියන්නකො
එයා බයික් අතර ඇවිද ඇවිද මට බයික් හයක් විතර පෙන්නුවා
ම්ම් මේක
අහ් නියමයි මගෙ හිතෙ තිබුනෙත් ඒකමයි..හරි යමු
එයා ආයෙමත් ඇතුලට ගිහින් පැය බාගෙකට පස්සෙ ආවා..
හරි මැට්ටි මන් කතා කරගත්තා..ඔන්න හෙට කොල්ලා කුරුල්ලව ගේනවා..
ඔහ් එහෙමද නියමයි
ඔව් නියමයි..මයි ඩ්‍රීම්..අද අම්මි සල්ලි දායි..හෙට මන් ඒක ගේනවා..
ඒකද අම්මා කියන වචනෙට ආදරෙ
අනෙ මෝඩි හිතුවද මන් සල්ලි නිසා අම්මිට ආදරෙ කියලා
එහෙනම්
මැට්ටි ඔයා අපෙ කතාව දන්නෙ නෑ ඒකයි ඔය..හරි ඒ වැඩෙ හරි..යමු බඩගින්නක් එනවා
පබා මාව එක්කන් ශයිවර් කඩේකට ගියා..
අනෙ අම්මෙ මේන් මෙය ටැමිල් වලින් හොදට කතා කරනවා..කොහොමත් කොලබ ජීවත් වෙද්දි ටැමිල් නැතුව බෑ..අපි එක්ක ගොඩක්ම ගැටෙන්නෙ ටැමිල් අය..
හරි මැට්ටි..තෝසෙ ඕඩර් කලා..
පබා එයාගෙ පිගානට තෝසෙ හතරක් දාගෙන මගෙ එකටත් තෝසෙ දෙකක් දැම්ම..ආයෙම උලුදු වඩේකුත්
අපිත් අප්පච්චි එක්ක ටවුන් ගියාම තෝසෙ කනවා..මට අප්පච්චි ,මතක් වෙලා හිරත් උනා..
පබා කන එක නතර කරලා මගෙ පිටට ගහලා පිට අත ගෑවා..හරියට අප්පච්චි වගේමයි..ඔයා මේ කරන දේවල් මන් දන්නෙ නෑ දෙයියො..ඔයා මාව පිස්සු වට්ටනවා..
මැට්ටි
ම්ම්
ඇයි අම්මා එක්ක තරහා
මගෙ හැම දෙයක්ම පබා එක්ක කියන්න තරම් අපි ලගද..
ඇයි කියන්නෙ නැත්තෙ ම්ම්
නිසිත
ම්ම්
මගෙ අම්මා ..නෑ නැ ඒ ගෑනි අපිව දාලා ගියා ..මගෙ නන්ගිට අවුරුද්දක් පිරෙන්න කලින් ඒ ගෑනි අපිව දාලා ගියා..අප්පච්චි තමයි හැම දේම කලෙ..ඒ හින්දා ප්ලීස් ආයෙ අම්මා කියන ගෑනිව මතක් කරන්න එපා නිසිත එපා
හ්ම්ම් සොරි..ඒත් ඔයා දන්නවද
මොකක්ද
අම්මි මගෙ ..
ඔව් අම්මි ඔයාගෙ
නෑ ඕනි නෑ..අම්මි මගෙ එච්චරයි
මොනා කියනවද මන්දා මේ සීගීරි සුකුමාලී
මොකො කන්නෙ නෑ අතගගා ඉන්නෙ..
මට මෙච්චර කන්න බෑ නිසිත
එයා මගෙ පිගානට ඇහැ යවලා බැලුවා
අයියො මෝඩී එකක්
අයියො මෝඩි එකක් වත් හරියට කාලා නෑ කෝ දෙනවා කන්නෙ නැත්තම්
එයා පිගන් දෙක මාරු කරලා මගෙ පිගානෙ තිබුනු ඒවාත් කෑවා .අම්මො මෙයා නම්..මහම මහා පෙරෙතයෙක්..
ඒ කාලා ස්මැක් එකකුත් බීලා තමයි කඩෙන් එලියට ආවෙ..
අද මන් යන එක මෙයාට කියනවද මන්..
මන් කල්පනා කර කර ඉස්සරහට ඇදුනෙ පබා මන් එක්කම එනවා ඇති කියලා හිතන්..නිකමට සද්දයක් නැති නිසා හැරිලා බලද්දි මෙන්න මෙයා පේමන්ට් එක ලග නැවතිලා..අයියො මෙයා නම්..
මන් ආපහු එයා ඉන්න තැනට ගියා..මෙයා ඒ පාර ඔරලෝසු තෝරනවා..
මැට්ටි එකක් පෙන්නවකො හොද එකක්..
මන් දන්නෙ නෑ..
පෙන්නනවකො..
හුම්..
මන් එකක් තේරූවා..
හා මේක
ශා නියමයි..ඔන්න මැට්ටි මතක් වෙන්න මන් මේක ගන්නවා..
ඇයි නිසිත ඔයා මේ දේවල් කරන්නෙ..ඇයි මාව මතක් වෙන්න මේ දේවල් ගන්නෙ..මගෙ තේරීම ඔයාට එච්චර වටිනවද..
මන් කල්ප්නා කර කර ඉද්දිම පබා මගෙ අත අරන් ලස්සන වොච් එකක් බැන්දා..
මේ
මේක ඔයාට..මාව මතක් වෙන්න
ම්ම් ඒත්
ඒත් මේත් නෑ..හරි..යන්
ටිකක් ඉන්න …
මම අප්පච්චිටයි..මල්ලිටයි නන්ගිටයි ඔරලෝසු තුනක් ගත්තා
මැට්ටි මේ කාටද
අප්පච්චිටයි ,නන්ගිටයි,මල්ලිටයි..
එහෙමද..ඔයා ගොඩක් ආදරෙයි නෙ
ඔව් ඒ මගෙ ජීවීතෙ
ඔයාගෙ ජීවීතෙ ඒ තුන් දෙනා විතරද
මෙයා මේ අහන්නෙ..මොනා ගැනද…මගෙ ජීවිතෙ..ම්ම් මට අයිති නැති කෙනෙකුත් ඉන්නවා..දැන් එයා මගේ ජීවීතේමයි කියලා හිතෙන්නෙ..ඒත් එයාගෙ ජීවිතෙ මන් ද ..අනෙ මන්දා
ඔන්න ඔන්න මනො ගැහුවා..මැට්ටි කෝ උත්තර ..ලේට්…
ඒකට උත්තරෙ ඔයා ලග නිසිත පබසර..ඔයා ලග..මට පුලුවන් නම් කෑ ගහලා කියන්න මන් කියනවා ..
මෝඩි ලේට්..මොකො
නිසිත මන් අද ගමෙ යනවා
අද??
ම් ඔව්
අනෙ ඒත්..හුම් කී දවසකටද
නිවාඩු දවස් තුනක් තියෙනවානි..සදුදා එහෙම්ම කැම්පස් එනවා..
දවස් තුනක්..රෑ හතරක්..එච්චර දවසක් ඔයා..නැතිව
ඇයි ඇයි නිසිත ඉතුරු ටික නොකියන්නෙ මන් නැතුව..ප්ලීස් කියන්න..මගෙ හදවත කෑ ගැහුවා..
ඔයා නැතුව අපෙ ස්කීම් එකට සුදු ආප්ප හිගයක් එනව ඒකයි වෙන දෙයක් නෙමි හරි .මැට්ටි යනව ඇපිට මොකෝ
හ්ම්ම් ඒකත් එහෙමද
ඔව්
හා..
මේ මැට්ටා නම්..ආහ්..දෙනවා ඇත්තමයි..මන් පාරෙ තිවුනු ටින් එකකට පයින් ගහන් සද්ද නැතුව ආවා..

මතු සබදි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *