18

අචින්තයි අපේ ආදරෙ…
18
කරදිය සුවද මුසු කරගෙන සුලග මාව ගහගෙන යාවිද මන්දා…අප්පච්චිට හදිස්සියෙ ඇති වුනු අසනීප තත්වෙ නිසා වැඩිපුර දවසක් මෙහෙ ඉන්න සිද්ද වුනා…
ගමෙ ඇවිත් අදට දවස් හතරයි….දවල්ට කාලා යන්න ලෑස්ති වෙන්න ඕනී..
හිතෙ පුන්චි දැවිල්ලක් තියෙනවා..ඒ කාවදෝ නොදැක ඇති වුනු පුන්චි ඇවිලිල්ලක්…
සුදු අක්කි මොනාද මුහුද බලන් කල්පනා කරන්නෙ…
මුකුත් නෑ මෝඩි..බලනවා කොන්ඩෙට තෙල් වත් දාලා නෑ..කෝ මෙහෙ එනවා පීරන්න…
මගෙ නන්ගි නිර්මානී ආශ්කා..අම්මා අපිව දාලා යද්දි මේ පොඩ්ඩියා කොච්චර පුන්චිද..එදා පුන්චි සිගිත්තියක්ව උන්නු ඈ අද ලස්සන පියකර්‍රු යුවතියක්..මන් තරම් නැතත් දිගට තියෙන කොන්ඩෙ ඒ ලස්සන තවත් දෙගුන කරලා…මන් අලුතින් ගත්තු ඇදුම් දෙක තුනක්ම කෙල්ලට දුන්නෙ ක්ලාස් අදින්න කියලා….
මැට්ටි දැන් පාඩම් කරනවා නේද..ලොකූ එද්දි කීය වෙනවද
අයියා එද්දි රෑ වෙනවා අක්කි..තව මාස දෙකයි නෙ එක්සෑම් වලට…
හ්ම්ම් එයානම් එක පාරෛන් පාස් වෙයි…කොල්ලා දක්ශයනි…
දක්ශ හින්දා වෙන්න ඇති ඔච්චර ආඩම්බර..ගානක් අහගන්න ගියොත් ටොකුම අනිනවා අක්කි…ඔයාවත් උන්නා නම්…මේ ජීවීතේ හරි පාලූයි අක්කි…අප්පච්චි දැක්කම හීල්ලෙනවා…මට හිතෙනවා ඕලෙවල් කරලා ගෙදර නවතින්න…ගාමන්ට් යන්න…ඔයයි අයියයි ඉගෙන ගන්නවනි…ඇයි අක්කෙ අම්මා අපිව මෙහෙම දාලා ගියෙ…අපිට දැන් එයාව ඕනී අක්කෙ…අප්පච්චි උනත් ඔච්චර ලෙඩ වෙන්නි තනියෙන් අපිව බලාගන්න ගිහින්…අවුරුදු හතලිස් අටක් කියන්නෙ වයසක්ද අක්කි…ඇයි අක්කි අපිටම මෙහෙම උනේ..
හා හා මගේ ආච්චිඅම්මා දැන් පැහිලා කෝ කෝ අයින් වෙනවා මගේ ඔඩොක්කුවෙන්..දැන් මාලූ එක අඩිය අල්ලලත් ඇති..
හා අක්කි අහන්නමයි උන්නෙ…කාටද ඔච්ච්‍ර දේවල්…බබාලා හම්බෙන්න ඉන්න අම්මෙක්ටද
නෑ නෑ මගේ බබාලගෙ තාත්තට….එහෙම කියන්න හිතුනත් මන් මුකුත් නොකියම කුස්සියට ගියා…
මාලූ ඇබුල් තියල්,පොලොස් ඇබුල,අච්චාරු,වම්බටු මෝජූ…අහ් එහා ගෙදර අක්කගෙන් ඉල්ල ගත්තු තීපෝශ පැකට් එක…එක පෙරේතයෙක් මේක කන්න කොච්ච්‍ර ආසද…වත්ත පහලින් කඩා ගත්තු කටු ආත්ත ගෙඩි දෙක….මේ සේරම ගෙනියන්න මට ලොරියක් ඕනී වෙයි වගේ….
සේරම ලෑස්ති කරන් දෙකාමාරට විතර අප්පචිට වැදලා ගෙයින් පිටත් වුනා…
Matti enne nadda mehe…….ada nawoth awillaa ussan yanne
Na enne naa man mehen kasadayak badagannawaa…mokatada enne man kaawa balannadha
ii magulak karagannawaa
හින්…ඔය තරහා මූන බලන්න තිබුනානම් දැන් මට……
මන් එනවා මැට්ටො…මන් එනවා
bus…මන් ටයිප් කලා
කොටුවෙන් බහිද්දි පහමාරත් පහු වෙලා..මේ වෙලාවට බස් වල යනවා කියන්නෙ බොරූ…ඒත් ඉතින් කොටුවෙ ඉදන් වීල් එකක් ගන්න ගියොත් මට පිස්සු හැදෙයි..
කරෙ ඇදුම් බෑග් එකයි අතේ කෑම පාරසලෙයි ඔක්කොම බැරි බැරි ගාතෙ උස්සන් ඊලගට තියෙන බස් එකට නගින්න හිතාන මන් නාරහේන්පිට සීමාමාලකය බස් නවත්තන තැනට ගියා…
අම්මො තව පොඩ්ඩෙන් මාව හැප්පෙනවා..මොන පිස්සෙක්ද මේ ඇගටම ඇවිත් හප්පන්නෙ…
මන් බයින්න කියලා හදද්දිම බයික් එකෙ උන්නු කෙනා හෙල්මට් එක ගැලෙව්වා….
මෝඩී..මන් කීයේ ඉදන්ද මෙතන ආ
දවස් හතරකින් දැක්ක ඒ ඇස්..මාව මොහොතකට ගොලු කලා..කීයේ ඉදන්ද බලන් උන්නෙ කීවෙ..එතකොට මෙයා මේ ආවෙ මාව එක්කන් යන්නද..
මොකො මෝඩි පිට්ටුද කටෙ
නෑ ආප්ප
ඒ ආප්පි..නගිනවා බයික් එකට
මට බෑ..කවුරු හරි දැක්කොත්
අනෙ මෙ නගිනවා..මේ තමුසෙගෙ ගොඩෙ ගම නෙමි..යන යන එකයි එකී දිහා බලන් ඉන්න මෙහෙ මිනිස්සුන්ට වෙලා නෑ පේන්නෙ නැද්ද ඇගෙ හැප්පිලා විසික් උනත් දුවනවා දුවනවා ඉවරයක් නෑ…
හ්ම්ම් ඒක ඇත්ත..කොලොඹ මිනිස්සුන්ට අනිත් කෙනා ගැන හිතන්න වෙලාවක් නෑ තමයි..ඒත් මන් දැන් නගිනවද මෙයාගෙ බයික් එකට ..එහෙම හොදද
මොකද බැරිද…එනවා මන් තාම කාව වත් මේකේ දාන් ගියෙ නෑ..තමුසෙ තමයි ඉස්සෙල්ලම යන්නෙ..
මාව ඒ තරම් ඔයාට වටිනවද පබෝ…ඇයි මාව පිස්සු වට්ටන්නෙ බබෝ
ඇයි ඉතින් මන් එනකම්ම උන්නෙ..එක්කන් යන්න එපැයි ආච්චම්මව..
තාම මන් ට්‍ර්‍යල් නෙ මෝඩී..පිටි පස්සෙ ඉස්සෙල්ලම සුදු ආප්පයක් දාන් ගියාම ඇස් වහ කටවහ ඔක්කොම සුදු ආප්ප වලටලු වදින්නෙ ඒකයි..නගිනවා නගිනවා..තව මෙතන උන්නොත් විසිපන්දාහක් කෙලින්නයි වෙන්නෙ නගිනවා…
හහ් බයික් එකෙ ඇස් වහා යන්නයි මෙයා මේ මාව දාන් යන්නෙ..මෝඩයා…
මෝඩයා බලන් ඉන්න හින්දම මන් බයික් එකට නැග්ගා…
දැන් මැට්ටාගෙ මූන මට පේන්නෙ නෑ…ඒත් මාව අවුස්සලා හිනා වෙන බව නම් දැනුනා… මෝඩයා යනවා නෙමි ඉගිල්ලෙනව..නැග්ග මෝඩකම කියලා හිතෙනවා..මැටි පබා…
මොකො ගෙම්බි සද්ද නැත්තෙ..කෝ බක බක ගානවා
බක බක බක
හපො ගෙම්බො අහන් උන්නානම් උපවාස කරනවා මැට්ටි…මොකො කියනවා දවස් හතරක් කලෙ එහෙ ඉදන්…
අප්පච්චි අසනීප වුනා නිසිත..එහෙම ඉද්දි දාලා එන්න බෑ නි ..නන්ගි මල්ලි තේරේන්නෙ නෑනි ඕවා පව් අපෙ අප්පච්චි..අර අම්මා කියන ගෑනිට නම් හොදක් නම් වෙන්න එපා නිසිත..එයා උන්න්නා නම් අපි කොච්ච්‍ර ලස්සනට ඉදිවිද..
මෝඩි තමන්ගෙ අම්මට් ඔහොම කියනවද ආ
අම්මා ..අනෙ එයා අම්මා කියන නමටත් කැලලක්..
එයා ආයෙ ආවොත් ඔයාලා බලන්න යන්නෙ නැද්ද..
මොකටද අපිව එපා හින්දනි ගියෙ..එක පාරක් අපෙ අත්තම්මට සල්ලි එවලා තිබ්බා අපිට ඇදුම් අරන් දෙන්න කියලා..මන් නම් අතටවත් ගත්තෙ නෑ..අප්පච්චි කදුලු පුරවන් උන්නා මිසක් එයත් ඒ සල්ලි ගත්තෙ නෑ..
දැන් එය කොහිද ඉන්නෙ
කවුද දන්නෙ..මට වැඩක් නෑ නිසිත..එයාවත් එයාගෙ හුලග වැදුනු කෙනෙක් වත් මට වැඩක් නෑ…ආයෙ මතක් කරන්න එපා..ප්ලීස්..
හ්ම් හ්ම් මැට්ටි..මේ අහනවා..මට මෙතනින් බඩු වගයක් ගන්න තියෙනවා..මෙතනින් වීල් එකක් අරන් යන්න හරිද..සල්ලි මන් දෙන්නම්..
හ්ම්ම්..
ස්කීම් එකට ටික දුරක් තියෙද්දි එයා මාව බැස්සුව..එතනින් වීල් එකක් අරන් දුන්නා..
කෝ මේ මැට්ටා ගන්න දෙයක් තියෙනවා කීවට නැවතුන් නෑනි..මේ පස්සෙන්ම එන්නි..එතකොට කවුරු හරි දකී කියලා වෙන්න ඇති මෙයා මාව බස්සන්න ඇත්තෙ…මන් ගැන කටකතා හැදෙනවට බයේද එහෙමත් නැත්තම් එයාගෙ කවුරු හරි දකීවි කියලද..
වීල් එකට සල්ලි ගෙව්වෙත් එය..මට නම් මේ පිස්සු මැට්ටව තේරෙන්නෙම නෑ…මන් අපෙ ඇනෙක්ස් එකට ගියා..එයා ග්‍ර්වුන්ඩ් එකෙ කොල්ලො එක්ක නැවතුනා…
වොශ් එකක් දාගෙන ගෙනාපු දේවල් පන්ගු තුනකට බෙදුවා..අපිට.මින්දුට..පබාට..වැඩි කොටස එයාට..
තීපෝශ එක නම් දෙන්නෙම එයාගෙ අතට ..චූටි බබි නෙ මෙයා..තාම තීපෝශ ගිලින..
ඔක්කොම අරන් මන් ගියා පබාලගෙ ඇනෙක්ස් එකට..යද්දි මෙයා සෙටියෙ නිදි..කට කුත් ඇරන්..අනෙ චූටි බබෙක් වගෙමයි..චූටියත් එතන දොයි…
සුමනාඅම්මට අනිත් ඒවා දීලා තීපෝශ එක විතරක් අතට ගත්‍තා..ඇහරන්නත් ලෝබයි..මැට්ටව….ඒත් මේක දෙන්න ඕනී..
මන් හිමින් පාත් වෙලා අර අකුර වෙනස් කරලා එයාගෙ නම කීවා..පබසර…එක අකුරක් වෙනස් කලා එච්චරයි…
මෙන්න මෙයා දනි පනි ගාලා නැගිට්ටා…මාව පිච්කිලා අලුවෙලා යන්න මැට්ටා රැවුවා රැවිල්ලක්..ආයෙ නෑ මට පැනලා දුවන්න තරම් බයක් ආවෙ…
මොඩි මොකද්ද ආ කීවෙ කියනවා
ප ..සර..මන් ආයෙමත් කීවෙ තවත් කේන්ති ගස්සන්න..ඒ පාර මගේ කන මිරිකුවෙ කන ගලවන්නම හිතන්ද කොයිද
ආහ් ඌහ්..රිදෙනවා ඌයී ඌයි
ආයෙ කියනවද ආ
නෑ නෑ
කියනවද
අනේ නෑ ඌයි අතාරින්න..අනෙ සුමනාම්මෙ
සුමනාම්මගෙ නම කීව නිසා එයා මාව ඇතෑරියා..මන් තීපෝශ එක මැට්ටගෙ අතට දීලා දොර ලගට ආවා…
ප…සර යන්නම්…
මෝඩි හිවලී අහු වුනොත් මම…
හී මැට්ටා අල්ලන්න කලින් මන් අපෙ ඇනෙක්ස් එකට ඇවිත් දොර වහගත්තා..
නිසිත පබසර..මැට්ටා…හික්ස්
–මතු සම්බන්දයි— 

2 Comments

  1. Hi there, just became alert to your blog through Google, and found that it’s
    really informative. I am going to watch out for brussels. I’ll appreciate if you continue
    this in future. Numerous people will be benefited from your writing.

    Cheers! Lista escape room

Leave a Reply

Your email address will not be published. Required fields are marked *