19දිවිය තිබෙන තුරු මගේඔබයි ආදරේ

*****19 වන දිගහැරුම*****

භානුක දැහැම් සහ අනූපමා සමගින් යලි නිවස බලා පිටත් වුනා….

ඔහු නිවසට යනතෙක්ම දැහැම්ව මොහොතකට හෝ ඔහුගේ තුරුලෙන් ඉවත් නොකලේය….

රම්‍යා මහත්මිය ආපසු නිවසට ආ තම පුතුව වැළදගෙන හඩන්නට විය…ඔහු තීරණය වෙනස් කර යලි නිවසට පැමිණීම ගැන ඇය වෙහෙවින් සතුටු වූවාය…

දැහැම් දුව…..මෙහෙ එන්න දරුවෝ…..

ඇය දැහැම් දෙස බලා ඇයට තමා සමීපයට කතා කල අතර දැහැම් ඒ වෙනකොටත් වික්ෂිප්තව සිටියා.. .

දැහැම් සෙමින් සෙමින් ඇය වෙත ළං වූ අතර රම්‍යා ඇගේ අතකින් අල්ලා ගත්තේ බොහෝ සෙනෙහසින්…..

දුව මේ ගෙදරට ආපු දවසේ ඉදන් මම දුව ගැන ගොඩාක් ලොකු පැහැදීමකින් හිටියේ…අපේ පුතා ගැන මට ඇත්තටම පුදුමයි…එයා ඔය ගෑණු ළමයෙක්ට ආදරේ කරපු පළවෙනි වතාව…මම කොයි තරම් නම් කසාද බදින්න කියලා බල කලාද…ඒත් මේ ළමයා ඒ ගැන කිසිම උනන්දුවක් තිබුනේ නෑ….දුවට අපේ පුතා ගොඩාක් ආදරෙයි දුව…නැත්තං එයා මේ වගේ තීරණයක් ගන්නේ නෑ…..ඔයා නිසයි ආපහු පුතා තීරණේ වෙනස් කලේ….ඔය දෙන්නා හැමදාමත් සතුටින් ඉන්න දුව එච්චරයි මට කියන්න තියෙන්නේ…අපි දුවගේ වැඩිහිටියෝ එක්කත් කතා කරලා හෙමීට මේ හැමදෙයක්
ම පිළිවෙලක් කර ගමු….ඇය දයාබරව පවසන්නට විය…

දැහැම් දෑසේ කදුළු පුරවගෙනම භානුක අනුවම රම්‍යා ගේ දෙපා වදින්නට විය …..

තැන්ක් යූ අම්මා….මගේ ජීවිතේ සතුට මට ලබලා දුන්නට…අම්මා හැමදාම මං ගැන හිතුවා…භානුක බොහෝ සංවේගයෙන් මවගේ නලල සිප ගනිමින් පවසා උඩුමහලට යන්නට විය….

දැහැම් අනූපමා සමගින් කාමරයට ඇතුල් වුනා….

තෑන්ක්ස් අනූ…ඒ වෙලාවේ උඹ මාත් එක්ක නොහිටින්න මට භානූ අයියා නවත්ත ගන්න බැරිවෙන්න තිබුනා…එහෙම උනා නම් අද මම මෙච්චර සතුටින් ඉන්නේ නෑ…අදින් පස්සේ මගේ අතීතේ ගැන හිතලා මම ආයේ දුක් වෙන්නේ නෑ…වෙන්ඩ තියෙන දේවල් වලක්වන්න බෑ….මං දැන් හොදටම දන්නවා අශේන් ආයේ කවදාවත් එන්නේ නෑ කියලා…ඒත් එයාගේ මතකේ මගේ ජීවිතේ තියන තුරාවට හැමදාටම ඒ විදිහට මගේ හිත ඇතුලේ තියේවි……දැන් මගේ වර්ථමානයයි අනාගතයයි හැම දේම භානු අයියා විතරයි…..මුල ඉදන්ම භානූ අයියා ගාවදි මට දැනුනේ ලොකූ ආරක්ෂාවක්….එයාගේ ගති ගුණ හැමදේම අශේන්ට ගොඩාක් සමානයි…සමහර දේවල් වලින් එයා ඊටත් වඩා ඉදිරියෙන් හිටියා….ඒත් අනූ මම පිස්සුවෙන් වගේ හෙව්වේ අශේන්ගේ රූපේ….ඒ රූපේ දැක්කම මම හිතුවේ මට ආයෙත් අශේන්ව ලැබුනා කියලා….ඒත් මට වැරදුනෙත් අන්න එතනයි….රූපෙන් වෙනස් උනත් මං ආදරේ කරන ගති ගුණ තියෙන්නේ භානු අයියා ළග….මම හරි මෝඩයි අනූ…තව පොඩ්ඩෙන් මම ඒ ආදරේ නැතිකර ගන්නවා…..දැන් මම සතුටින්…..
දැහැම් අනූපමා සමගින් ඇගේ සිතේ තිබූ සියල්ල පවසා නිදහස් හුස්මක් පිට කලේ බොහෝ කාලයකට පසුවයි…..

මට තේරෙනවා දැහැම්යෝ…මම මුල ඉදන්ම කැමැත්තෙන් හිටියේ උඹ භානූ අයියට කැමති වෙනවා දකින්න…අයියා උඹට කවදාවත් දුකක් නොදී ගොඩාක් ආදරෙන් බලා ගනී කියලා මට විශ්වාසයි….
එවර අනූපමා තිර හඩින් පැවසුවා….

*************************************

දැහැම් දිය නා අහවරව කෙටි මල් ඉහිරුණු ගවුමක් හැද ගත්තා…තාමත් දිය බිදු වෑහෙන ඇගේ ඉගටියටත් වඩා දිගු කොණ්ඩය නිදහසේ මුදා හැරියේ තවමත් වියලී නොමැති නිසයි…ඇය අනූපමා සමගින්ම මුළුතැන්ගෙය දෙසට ගියේ තේ සෑදීමට සිතාගෙනයි…
රම්‍යා මහත්මිය භානුක වෙනුවෙන් හැලප සාදා තිබූ අතර ඒවාද තසිමකට පිළිවෙලින් අසුරා තේ කෝප්පද සමගින් බන්දේසියක තබා ආලින්දයට රැගෙන ගියා..රම්‍යගේ තේ කෝප්පය ඇය වෙත ලබා දුන් දැහැම් අනූපමාගේ තේ කෝප්පයද ඇය හිද සිටි තැනින් තබා නැවතත් ලැජ්ජාවෙන් වට පිට බලන්නට වුනා….

දුව ඔහොම්මම පුතාගේ තේ එකත් උඩට ගිහින් දෙන්න…
රම්‍යා මහත්මිය දැහැම් දෙස බලා පැවසුවා…

ඒ අවසරයෙන් දැහැම් භානුකගේ තේ එකත් රැගෙන උඩුමහලට පිය මනින්නට වුනා….

ඔහුගේ කාමරය අසලට ගිය දැහැම් කාමරය තුලට දෑස් ගෙන ගියා…ඒ වෙනකොටත් භානුක පසු වූයේ සුව නින්දකයි…ඔහු කොට කලිසමකින් පමණක් සැරසී මුළු යහනම බදා ඇදේ වැතිරී නිදා සිටි ඉරියව්ව දැකි දැහැමිට සිනහා නැගිනි…

ඇයට තවමත් ඔහුව අවදි කිරීමට කණගාටු සිතුනි…ඒ නිසා ඇය ශබ්ද නොනැගෙන සේ තේ කෝප්පයත් කැවිලි පිගානත් රැගෙන ගොස් මේසය මතින් තබා පීරිසියෙන් කෝප්පය වසා තැබුවා…නැවතත් ඇයට දැනුනු ක්ෂණික සිතුවිල්ලකට අනුව ඇය භානුක අසළට හෙමින් ළං වී ඔහුට නොදැනෙන සේ හිස කෙස් අතරට ඇගේ අතැගිලි ගෙන ගොස් හෙමින්ම පිරි මදින්නට වුනා….ඔහු නිදා සිටි ඉරියව්වට ඇයට ඔහුගේ මුහුණ නොපෙනුන අතර දැහැම් නැවතත් හෙමින්ම අතැගිලි මුදවාගෙන නැගිට යාමට සැරසුනා….

ඒත් එක්කම භානුක ඇගේ අතින් අල්ලා තමා වෙතට ඇද ගන්නට වූයෙන් දැහැමි ගොස් නතර වූයේ භානුකගේ පපුව මතය….
ඔහු එලෙසින්ම ඇගේ මුහුණ සිය දෝතට මැදි කරගෙන මොහොතක් ඇගේ සුන්දර දෑස් තුලට එබී සිටින්නට විය….

දැහැමිට ඔහුගේ බැල්ම දරා ගැනීමට නොහැකිව ඇය රතුව ගිය මුහුණින් දෑස් බ්මට බර කලා….

ම්ම්ම්ම්….අම්මෝ….කෙල්ල්ලගේ සුවද…..නෑවද…..මේ…..කොණ්ඩේ තාමත් තෙතයි…..
ඔහු ඇගේ දිගු කෙස් වැටිය දෙස බලා නලලත සිප ගනිමින් පැවසුවා….

අයියා….ඉස්සෙල්ලා මේ තේ එක බීලා ඉන්න නිවෙයි….
දැහැම් භානුක වෙතින් ඉවත් වී යාමට සැරසී පැවසුවා….

ඒකට කමක් නෑ..තේ නම් නොබ්ව්වත් මොකද….මේ වගේ චාන්ස් එකක් ආවම නිකන් ඉන්න පුළුවන්ද….හෙරී වගේ මට හොරෙන් යන්න නේද ලෑස්ති උනේ….ආ….මට දැනෙන්නේ නැද්ද මගේ කෙල්ලගේ සුවද…..
ඔහු දැහැමි සෙමෙන් සෙමෙන් සිප ගනිමින් පවසන්නට විය….

ආ…තව දෙයක්…දැන් කව්ද ඔයාගේ අයියා….ම්…..
භානුක දැහැම් දෙස බලා ඇගෙන් විමසුවා….

එවර දැහැම් නැවතත් කෝල බැල්මක් හෙලන්නට විය…

මට භානුක කියන්න….මගේ අනාගත වයිෆ් මට අයියා කිව්වම හරියනවද…ආ….ආයේ කිව්වොත් කට තලනවා….මං ඔයාගේ භානුක හරිද …..

අනේ….අයියා….මට එකපාරට නම කියලා කතා කරන්න අමාරුයි….

ඒවා මම දන්නේ නෑ…පුරුදු වෙන්න….අයියා කිව්වොත් මම මීට පස්සේ කරන්නේ මෙච්චරයි….
භානුක එසේ පවසා දැහැම්ගේ සියුමැලි දෙතොල් ඔහුගේ දෙතොලට හසුකර ගන්නට විය…ඔහුගේ එම සිප ගැනුම ඉතාම මෘදු වූ අතර එහි ආදරය සෙනෙහස සියල්ල කැටිවී ඇති බව දැහැම්ට දැනුනේ දෑසට කදුළු නැගෙද්දී…..

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *