19

##නිම්හිම් සේයා ##
19
අද මට කිසිම දෙයක් කරන්න හිතෙන්නෙ නෑ..උදේ ඉදන් තාමත් නෑනේ මේ ගොයියගෙන් කෝල් එකක්..අහ්..හිතට තරහයි..අඩුම ගානේ මැසේජ් එකක්වත්..යන දේවාලෙක කියලා..කරන මලෛලව්වක් කියලා පුන්චි මැසේජ් එකක් දෙන්න බෑද..
ඒකටත් එක්ක මන් අතින් මැසේජ් එකක් ලේට් උනොත් බලන්න ඕනී මට ටී 56 ඒවා පහකින් හයකින් වෙඩි තියෙනවා වගේ බනින්නෙ…
හිටින්කෝ ඇටිකුකුලට රිටන් එකක් දෙන්නම්කො..අහු උනාම කීතූ කිතූ කරලා කෑලි කෑලි කරලා අව්වෙ වේලලා කරෝල කරනවා..අහු වෙයිනේ මට…
මොකෝ මේ සුදු සදේ කලු වලා..හොහ්හෝ අද ඩස්පින් එක පිරිලා කොල වලින්..
උදේ ඉදන් නෝට් බුක් එක කොලවල එක එක ඒවා ලියලා ඩස්පින් එකට විසික් කලා..දැන් ඒකේ කොල ගුලි පිරිලා..
ඩබලා ගුලි කරලා විසික් කරලා තිව්නු කොල දෙක තුනක් දිග ඇරලා කියෙව්වා..
ඇටිකුකුලා
ගෙම්බා
ඔටුවා..
මොකෝ සේයෝ සූ එකේ සත්තුන්ගෙ නම් ලියලා මොකො බොස් අලුත් වැඩක් වත් දුන්නද..
මන් යනවා..
මන් බයික් එකේ යතුරත් අරන් මගෙ සයිඩ් බෑග් එකත් අරන් එලියට පැන්නා..ඩබලා බය බිරන්තට්ටු වෙලා පස්සෙන් ආවා කටත් ඇරන්..මන් බයික් එක ඩබලා ගාවට අරන් ගිහින් ඇරිලා ත්වුනු කට වැහුවා..අතින්..
මැස්සො වහයි..
කොහෙද සේයා දුවන්නෙ..ඔයා දැන් හරි අමුතුයි..කියනවකෝ රහස..
නෝ රහස් ..මන් කැපෙනවා බායී..
කොහෙද යන්නෙ කියලා කියලම යනාකෝ….

අඩියක් සද්ද නැගෙන් නැති වෙන්න හොර ගෙඩිය වගේ මන් ඩීඑනෙස්ගේ රූම් එකට ගියා..අහ් මේන් මෙයා නිදි..මහ දවල්..මෙච්චර වෙලා මොකෝ..

එයාව ඇහරවන්න හිතන් මන් ඇගට අත තීවා..දෙයියනෙ ගිනි කබලක් වගෙ රස්නෙයි..ඕඩීකෝලෝන් ප්ලාසටරයක් දාලා තියෙන්නෙ සීනී අම්මා වෙන්නැති..ඒකත් බිම වැටිලා..අලුත් රෙදි ප්ලාසටරයක් දාලා මන් අනිත් පැත්ත හැරුනා..

සීනී අම්මා..

එයත් ඔලුව වැහෙන්න රෙද්දක් පොරෝගන..

සුදු නෝනියෙ..

මොකෝ මේ ..ඇයි ඔයත් පොරවන්..මේ ඩීඑන්එස් ට කවදා ඉදන්ද සනීප නැත්තේ..ඔයාටත් උන නේද සීනී අම්මා..

අනේ නෝනීයො..අපි හතර පස් දෙනාටම උන..මහත්තයාට ඊයේ රෑ ඉදන්..මන් විටින් විට ඇවිත් රෙදි පාන්කඩෙ මාරූ කලා..

අනෙ එහෙමද..
ශි මන් නිකම් කලබල උනා..මට තිබ්බෙ ඇවිත් බලන්න ..ශිට් ශිට් …

මොනාද නෝනීයෝ තනියෙන් මතුරන්නෙ..ගාතාවක් වත්ද..

සීනී අම්මා මගුලක් කියෝනවා..

ම් නෑ..ඔයාලා කාලද

නෑ නෝනීයෝ..දැන් ටිකකට කලින් මටත් ඇහරුනේ..නිදාගන්නමි හිතෙන්නෙ ඇග තලා දාලා වගෙ..මහත්තයගෙ කට තිත්තයි කීව්වා..මන් මේ රොටියක් වත් පුච්චන්න කියලා බැලුවෙ..අමාරුයී නෝනියේ..ශේන් මහත්තයත් ගමේ ගිහින්..හිටියනම් කඩෙන් වත් උදෙ ගෙන්න ගන්න තිබ්බා..ඒත් කඩවල් වල ඒවා දෙන්නත් හොද ද දන්නෙ නෑනේ..නෝනියේ

මෙච්චර සල්ලිකාරයා බෑනේ තව දෙන්නෙක් තුන් දෙනෙක් වැඩට ගන්න..හ්ම්ම්..දැන් මොකෝ කරන්නෙ..මන් ආයීමත් ඕඩීකෝලෝන් ප්ලාස්ටරෙ මාරු කලා..පව්..

සීනී අම්මත් පව්..මොකෝ දැන් කරන්නෙ ..රොටී..

රොටී මන් හදලම නෑනී..කමක් නෑ මතක විදියට හදමු..

සීනී අම්මා ඔයාත් ඒන්නම් නිදා ගන්න..ටිකක්..මන් හදන්නම්..

නෝනීයට පුලුවන්ද ..

ම්ම් දැන් ඉතින් බෑ කියන්න ලැජ්ජයි..කන්න දෙයක් හදන්න දන්නැති කෙල්ල්ක් කියලා හිතාවී..

හරි ඔව්..

හොදා නෝනීයෝ..මන් අමාරුවෙන් පොල් ටිකනම් ගෑවා..ඉතුරු බඩුත් කුස්සියේ ඇති..නෝනී බලලා හදන්න..මාත් ටිකක් ඇලවෙන්නම්..නෝනී ආව එක හිතට සැනසීමක් ..

බෑග් එක ඇද උඩින්ම තියලා මන් කිචන් එකට ගියා..ආවට මොකෝ මන් දන්නෙ නෑ රොට්ටක් හදන්න..මෙයාටත් රොටීම ඕනී උනානේ..බැරිද ඉල්ලන්න මැගී එකක්..නැත්තම් පරිප්පුයි බතුයී..පපඩනුයි..අහ්..

වැඩ්ඩා වගේ ආවට ඉතින් ..හ්ම්ම් සේයට බැරි දේවල් නෑ..කමෝන් සේයෝ..

මොනාද ඕනී..පාන්පිටි,පොල් ,ලුනු පොල්තෙල්..

අපේ අම්මි කෝමද මේවා හදන්නෙ මන් ඇස් වහන් මතක් කරගත්තා..

බෝල් එකක් අරන් ඒකට පිටි දෑවා..ම්ම් පොල් ටිකත් ..ලුනු කුඩුත්..ඊලගට මොකෝ කරන්නෙ..පොල් තෙල්..හලී..

පොල් තෙල් බෝතලෙන් කාලක් විතර හැලුවා..දැන් තීන්නෙ ගුලි අබරන්න..ම්ම්ම්..හ්ම්ම්..

ශා මේ තීන්නේ ආයේ ටෙනිස් බෝල වගේ..ඊලගට..කෝ රොටී තැටිය..හරි යුරේකා ඒකත් හම්බුනා..මේක ලිපේ තීනවා..

තැටියට බටර් ගෑවා..

අයියෝ මේ රොටී තූනී වෙන්නෑනී..තව තෙල් තුට්ටක් දාලා අනමූ..

ම්ම්ම්..මේ රොට්ට අයියෝ..හරී යාන්තම් ට්‍ර්‍යී කරලා ලන්කා සිතියම වගේ රොටීය තුනී කලා..

ම්ම්ම් සූදයී..

කෝ අයියෝ මේවා කෑලී කෑලී ගැලවෙනානී..කමක් නෑ..හ්ම්ම්..අනේ..මන් වැටිච්චි අමාරුවක්..

මේවා අනේ කොහොමද මේවා දෙන්නෙ..

පිටසක්වල පියාඹන පිරීසියක් වගේ පිපිලා..කල්පනා කර කර ඉදලා ඒක කරකුට්ටනුත් උනා..අනේ..

සේයා

අහ්

සේයා මොකෝ කිචන් එකේ..අහ් සුවද..

ඔ ඔයාට දැන් අඩුද..

ම්ම් ටිකක් වොශ් රූම් යන්න ආවේ..තේ එකක් ඉල්ලගන්නත් එක්ක සීනී අම්මගෙන්..ඔයා කොයි වෙලේද ආවේ..

ටිකක් වෙලා..

ඇයි බය වෙලා වගේ..මොනාද මේ ලිපේ අගුරු වෙලා..

මන් කුස්සියේ බිම එරමිණියා ගොතන් වාඩි උනා..මුලු මූනම අත් වලින් වහගත්තා ..අනේ ඉහී..අහ්හ්..ඉහී ඉහී..මට බෑ අනේ..

මට මා ගැනම අනුකම්පයි..හරියට රොටියක් වත් හදාගන්න බැරි කෙල්ලෙක් මන් අයියෝ ..

මොකෝ මැනික..කෝ ඇස් අරින්න

බෑ බෑ..ඔයාට බඩගිනි උනාම උයලා දෙන්න මන් දන්නෑ..අනේ..ඉහී ඉහී.අහ්හ්..

මගේ මෝඩී..

දෙනෙත් අයියා මාව ආදරෙන් බදාගත්තා..අත් අයින් කරලා කදුලු පිහ දැම්මා..එයත් මන් වගේම ඉදගත්තා..මන් ඒ පපුවට තුරුල් උනා..හනේ ඉතින්

අනේ අයියෙ මන් කිසි දෙයක් ජීවීතේ ගැන දන්නෑ..අනේ

කෝ කෝ නාඩා ඉන්න මගේ හාමීනේ..මගේ සුදු මැනික..

ඒවා ඒවා හරියට පිටසක්වල යානා වගෙ අයියෙ ..

හරි මැට්ටි..

ම්ම්..
කෝ

කෝ සුද්දි මූන හරවන්නකෝ..

හික්ස්..

ඔය දැක්කනී ඔයත් හිනා වෙනා..

නැහෑ මෝඩී..ඔයාගේ මූන..සුදු මදියි කියලා හිතන්ද තව පාන්පිටිත් ගා ගත්තේ..චූටී රැවුලකුත් ඇවිත්..

අනේ විහිලු කරන්න එපා මන් දුකින්..

හරි මැට්ටියෝ..මේ අහන්න..

මගේ නිකටින් උස්සලා දෙනෙත් අයියා මගෙ දිහා බැලුවා..ඒ ඇස්වල ආදරෙ උතුරනවා..

මගෙ මැට්ටියො..ඔයා මොනා කලත් ඔයාට මොනා බැරි උනත් මන් මගෙ දගකාරිට ආදරෙයි..තේරුනාද..හැබයි මේන් වදින්නම් ආයේ රොටී හදන්න එපා නෝනීයෝ..

හ්ම්ම්..

මගෙ මැනික..එනවා උන චුට්ටක් බෝ කරන්න ..

(මතු සම්බන්දයි ) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *