20

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 20 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අමීන් කියලා කට ගන්නවත් එක්කම ආදී ට්‍රවල් එක ඇදගෙන වොශ් රූම් ඒකෙන් එලියට එනවා..
කෙල්ලගේ මූන ජම්බු ගෙඩියක් වගේ රතුම රතු වෙලා..

ඇත්තටම පාරුල් තරමටම ඒ ලස්සන අමීන්ට දැනෙනවා..ඒත් ආදිව දැක්ක ගමන්ම අමීන් ඇස් අහකට ගන්නේ ඇත්තටම මේ ඉන්නේ ආදි නිසා..

ඔයාට පයිව් මිනිට්ස් දෙන්නම් ආදි ලෑස්ති වෙලා එන්න..ස්වීටර් එක ගන්න මතක් කරලා 🙂

අමීන් අහක බලාගෙනම කියාගෙන ගිහින් යන්න ගියාම කෙල්ල බලන් ඉන්නේ ඇයි අමීන් එහෙම කියලා..
තප්පර ගානකට කලින් කෙල්ලව බදාගෙන සිපගත්ත අමීන් දැන් වෙනස් වෙලා..

නිහඩවම ගත්ත හුස්ම පහලට දාලා කෙල්ල කොට ශොර්ටක් ඇදගත්තේ තරහට.ඊට උඩින් දනිස්ස ගාවටම වැටෙන අමීන්ගේ ශර්ට් එක ඇදගෙන කෙල්ල එලියට ආවේ උඩින් ස්වීටර් එක දාගෙන..

කෙල්ල එලියට එද්දිත් හොටෙල් එකේ උන්න ගොඩක් අය කෙල්ල දිහා හැරිලා බලනවා..කොහොමත් ආදි මොඩලර් කෙනෙක්ම නිසා කෙල්ලට ඒ දේවල් ගානක් නෑ..

අමී අපි යන් 😊
නපුරු සිංහයා ආදී පැත්තට හැරිලා ආදී දිහා බැලුවේ රවාගෙන..ආදිගේ අතින් ඇදගෙනම ගිහින් කාර් එක තල්ලු කරාම ඇත්තටම ආදිට රිදුනා..

ඇස් වල කදුලු ගලාගෙන යද්දි ආදි කකුල් දෙක අස්සේ මූන ඔබාගත්තේ කෙල්ලට දුකටම කදුලු එන නිසා..

අමීන් යක්ශයා මහා නපුරෙක් අනේ..😭 මන් අදින ඇදුම් එයාට අවුලක් යන්න මන් එයාගේ පාරුල් නෙවේනේ 😒

ආදි තරහට එක්කම අවිනාශ්ට කෝල් කරන්න ගියත් අමීන් කෙල්ලගේ අතේ තියන ෆෝන් එක අරගෙන පිටිපස්සේ ශීට් එකට දානවා..

අමීන්හ් 😡
මට මගේ ෆෝන් එක දෙන්න 😠

ඕන නම් නැමිලා ගන්නවා..ඔච්චර එලියේ දාගන ඉන්නේ එකේ අවුලක් නෑනේ අනිත් අය දැක්කට 😏

අමීන්හ් මේහ් ඔයා ඔයාගේ සීමාවේ ඉන්න..අනික මන් මොඩලර් කෙනෙක්..මට ඒක අවුලක් නෙවේ 😠

තමුසෙට මහාපාර පේන්නේ කැට්වෝක් යන ස්ටේජ් එකක් වගේද ආහ්..කියනවා මට කියනවා 😡

අමීන් තරහටම වන්ගුව කපලා ගත්තේ මුලු හිතම වේදනා දෙද්දි..අමීන් ආදි එනකන් ලොබි එකට වෙලා හිටියේ..

එතනින් යන වේටර්ස්ලා කියන කතා ඇහෙද්දි කොල්ලාත් නිකමට බැලුවේ කාටද මේ කියන්නේ කියලා..

ඒත් ආදි කොටට කොටේ ඇදගෙන එනවා දැක්කාම අමීන්ගේ රතු කට්ට උපරිම සීමාවටම නැග්ගා..

අමීන් කෙල්ලව ඇදගෙන කාර් එකට ආවේ ඒකයි..තව මොනා කියන්නද කියලා හිතාගන්න බැරි වෙද්දි ආදි නැගිට්ටේ ෆෝන් එක ගන්න..

කෙල්ලගේ කලවා ඔක්කොම අමීන්ට පේන්න ගත්තාම කොල්ලා හයියෙන් බ්‍රේක් කරාම කෙල්ලව ආයම ශීට් එකට වැටෙනවා.

කෙල්ලගේ ඇස් වලට කදුලු ආවේ කෙල්ලගේ යටි බඩ ශීට් එකේ වැදුන නිසා..අමීන් කාර් එක පැත්තකට කරලා නවත්තලා ෆෝන් එක අතට දුන්නාම කෙල්ල රවාගෙනම ෆෝන් එක ගන්නවා .

දෙපාරක් තුන්පාරක් රින්ස් යද්දි අවිනාශ් ෆෝන් එක ආන්සර් කරාම කෙල්ල බැනගෙන බැන ගෙන යනවා..

මිස්ටර් අවිනාශ්…ඔයා හිතන් ඉන්නේ ඔයා හරි කියලද ආහ්..මට ඕන ඇදුමක් අදින්න බෑ වෙන උන්ට තරහා යනවා..

මට ඕන කෑමක් කන්නත් බැරිවෙයි..අනික එක රූම් එකක..ඔයා මගේ.අයියද කියන්නකෝ මට 😡

අයියාහ්.😡

ඔයාට මන් කලින්ම කීවානේ..බෑ මන් අයින් වෙන්නේ නැහැ.අනික මන් සින්ගප්පෝ වල ඩාන්සින් කම්පිටිශන් එකට ඇප්ලයි කරනවා 😒

ඔව් ඔව් මම යනවා තමා..මන් අද මෙහෙන් එනවා..එච්චරයි 😡

කෙල්ල ෆෝන් එක කට් කරලා පැත්තකට දැම්මේ වේදනාවෙන්.අමීන් කියපු කතාවට කෙල්ලට දුකයි..

මිස්ටර් අමීන් තේජාන්..මාව ආයම හොටෙල් එකට දාන්න..මට ගෙදර යන්න ඕනහ් 😒

මන් ඔයාගේ ඩ්‍රයිවර් නෙවේ ඔයාට යන්න ඕන ඕන තැන් වලට යන්න 😠

ඒකත් එහෙමද නෝ ප්‍රොබ්ලම්..මන් බැහැලා යන්නම්.ඔයා ඔයාගේ ගමන යන්න මන් මගේ ගමන යන්නම්..

අනික තේජාන් මන් මන් අනිත් මොඩර්ස්ලා වගේ එක එකා එක්ක නිදාගනත් නෑ..නිදාගන්න යන්නෙත් නෑ..මට එහෙම උවමනාවක් තාම ඇවිත් නැහැ 😒

ඔයාගේ වචන වලට තෑන්ස් ගොඩක්.එහෙනම් සතුටින් ඉන්න හාද 😏

ආදි කට ඇදකරලා කියලා කාර් එකෙන් බැහලා වීල් එකකට අත දැම්මත් වීල් එකක් කෙල්ලට නවත්තා ගන්න බෑ..

මොන මගුලක්ද මන්දා..මේ කෙහෙම්මල් වීල් නවත්තන්නේ නැත්තේ ඇයි 😡

ආදි ෆෝන් එකට රවලා පික් මී දැම්මත් සීතල නුවරඑළියට කොහෙන්ද පික් මී..

කෙල්ල තරහටම ඔලුවට ගහගන්න ගියත් අමීන් කෙල්ලව ඇදගෙන ආයාම කාර් එකට ගියේ තරහින්..

මේ මගේ අත අතාරිනවා..ලිව් මීහ් 😡

තමුසේ වගේ එකියක් අල්ලන් ඉන්න මට අමාරුවක් නෑ..උවමනාවකුත් නෑ..සෝ ප්ලීස් කටවහන් කාර් එකට නගිනවා..😡

අමීන් කෙල්ලව කාර් එකට තල්ලු කරලා කාර් එක ඉක්මනට පාරට ගත්තේ කේන්තියෙන් පුපුර පුපුර..

කෙල්ල හොරාට ඇස් කරකව කරකව බලන්නේ අමීන් බලාගෙනද ඉන්නේ කියලා..

ඒත් බැල්මකින්වත් අමීන් කෙල්ල දිහා නොබලා කාර් එක නතර කලේ නෙලුම් එක ලගින්..

අමීන් කාර් එකේ ඩෝස් ලොක් කරලා ආදිව ඇදගෙනම නෙලුම් එකට ගියාමයි කොල්ලට මතක් උනේ අමීන් ක්‍රිකටර් කෙනෙක් කියලා.

අමීන් ශේප් එකේ මාරු වෙන්න හැදුවත් ආදි කොල්ලට කලින් කොල්ලගේ අත වටේට අත දාගෙන තුරුල් උනාම අමීන් ඉන්නේ කට ඇරගෙන..

කෙල්ල හිමීට ඉස්සිලා අමීන්ගේ කන ගාවට ලන් උනාම කඩේ ඉන්න කෙල්ලෝ දන්නවා මේ ඉන්නේ අමීන්ගේ ගර්ල් කියලා.

ආදිටත් ඕන උනේ ඒක .කෙල්ල හිතාමතාම අමීන්ට ලන් උනේ ඒකයි..
සෝ මිස්ටර් අමීන් ඇයි කන්ෆියුස් වෙලා 😏

ආදි අත අතාරිනවා..මෙතන ඉන්න උන් ඔක්කොම දන්නවා හලෝ මන් ගැන..අනික තමුසේ ඔහොම එල්ලුනාම උන් හිතන්නේ තමුසේ මගේ ගර්ල් කියලා 😡

මටත් ඕන ඒකම තමා..දැන් තේරෙනවා නේද ආත්ම ගෞරවය හැමදේටම වඩා වැදගත් කියලා 😒

අනේහ් මේහ් තමුසෙගේ ආත්ම ගෞරවය ගැන මන් කියන්නේ නෑ..එහෙම එකක් තියේ නම් ඔයිට වඩා හොදයි ඇදුම් නැතිව ආවා නම් 😏

කෙල්ල තරහට ගස්සාගෙන ඉස්සරහට ගියත් අමීන් ඊට වඩා වේගෙන් කෙල්ලගේ බද වටේට අත දාලා තුරුල් කරගන්නවා .

මේ අහනවා..මන් වගේම ඔයාවත් එයාලා දන්නවා ආදී..තටුද නෙතුද මොනාද අහිමි සමනලි එකේ තමුසේ රගපානවනේ 😏

ඉතින් මොනාද ඔයා කියන්නේ 😳

ගොසිප් එක යන්නේ තමුසෙටයි මටයි දෙන්නාටමනේ..මට නම් ගානක් නෑ..ඉතින් ඔයාට තමා අවුල..මොකද ඔයාලාගේ රේටිස්න් දෙන්නේ ජනතාවනේ 😂

ආදි කොල්ලා දිහා රවලා බලන්නේ තරහට දත් මිටි කන ගමන්.අමීන් ටිකක් දිග ස්වීන්ලස් ෆ්‍රොක් එකට ඕවර් කෝට් එකක් එක්ක අරන් දුන්නාම කෙල්ල ඉන්නේ කට ඇදකරන්..

අනේ අමී ඕවා දිගයි..පෑගිලා මන් වැටෙයි 😔

වැටෙනවද නැද්ද කියලා බලන්න තමුසේ තාම ඇන්දේ නෑනේ..බලමුකෝ මන් බිල් එක පේ කරන්නම්..තමුසේ ගිහින් ෆිටෝන් කරනවා 😠

කොල්ලා බිල් කරලා බිල් එක එක්කෙම එතන ඉන්න ගර්ල් කෙනෙක්ට දීලා ඇදුම් ටික ආදිගේ අතින් අරන් අතින් සන් කලේ පස්සෙන් එන්න කියලා..

ආදි දිගම දිග ෆ්‍රෝක් එක ඇදලා ඇදන් උන්න ඇදුම් ටික බෑග් එකට දාගෙන කෙල්ල කන්නාඩියෙන් බැලුවේ තමන්ට පේන තමන්ගේ රුව දිහා..

ඇත්තටම කෙල්ල කොන්ඩේ කඩා දාලා උඩ ඉදන් පොඩි තීරුවක් අරගෙන ගෙතුවාම කෙල්ල ඊටත් වඩා ලස්සනයි..

ආදි බලන් හිටියේ ඇත්තටම පේන රුව දිහා..සංකර ඇදුම් වලට වඩා මේ ඇදුම් ඇත්තටම කෙල්ලට ලස්සනයි..කෙල්ල පරක්කු නිසාමයි අමීන් ඇවිත් දොරට ගැහුවේ..

ආදි ඉක්මනට ලෑස්ති වෙන්නකෝ..අපි දැනටමත් පරක්කුයි..තියා ජීවා එක්ක ඇවිත් 😐

කෙල්ල දඩි බිඩි ගාලා දොර ඇරියෙත් අමීන් දොරට ලන් වුනෙත් එකම වෙලාවේ..හදිස්සියට කෙල්ල ගවුම උස්සා ගෙන දොර අරිනවත් එක්කම අමීන් ඉස්සරහට ආවාම කෙල්ලව පැටලිලා වැටෙන්න යද්දි අමීන් කෙල්ලව අල්ලා ගන්නවා..

පාරුල්ගේ කම්මුල් තරමටම රතු වෙන ඒ කම්මුල් ලොකු වෙන ඇස් දැක්කාම අමීන් ආදි වෙනුවට දකින්නේ පාරුල්ව..

කොල්ලට අමතකයි ඉන්නේ ඇදුම් ශොප් එකේ කියලා..අමීන්ගේ සැලෙන දොතොල් කෙල්ලගේ දෙතොලට බර වෙද්දිමයි පිටිපස්සෙන් උගුර පාදන සද්දයක් ඇහුනේ..

අමීන් ඉක්මනට කෙල්ලව ඇතෑරියෙත් ආදිව බිම වැටුනෙත් පිටිපස්සේ ඉන්න කෙනා ඇස් ලොකු කරගත්තෙත් එකට..

ආදි ඉන්නේ තරහෙන් වෙව්ල වෙව්ල..ඇත්තටම කෙල්ලව බිමට වැටෙද්දී ආදිට රිදුනා..ඊටත් වඩා වැටුන ආදි දිහා නොබලා අමීන් හිනා වෙවී කතා කරන කෙල්ල දැක්කාම ආදිට තවත් තරහයි..

හදවත ඇතුලෙන් දැනෙන නොහදුනන වේදනාව මුලු හිතම පිරිලා යද්දි ආදිගේ ඇස් වලට කදුලු එනවා..
කෙල්ල බිමට අත තියලා කෙලින් වෙලා කොර ගහා ගහාම ඉස්සරහට ගියේ තරහෙන් වගේම වේදනාවෙන්..

කෙල්ල ශොප් එකෙන් එලියට ගිහින් තියාට කෝල් කරාම තියා ජීවා ව්ක්ක එද්දිමයි අමීන් අර කෙල්ල එක්ක කතා කර කර් එලියට එන්නේ..

අමීන්ට සම්පූරනයෙන්ම ආදිව මතක් වෙද්දිමයි ආදි තියා ආව කාර් එකට නැග්ගේ..

ඒත් එක්කම ආදි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ගැන අදහස් කියන්න..මන් හරි ආසාවෙන් දිගම දිග කමෙන්ට් කියවන්නේ 😊😊

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *