21වන දිගහැරුම

චිනූගේ දෑස් වලින් වැටෙන කදුළු දකිද්දි සෝනුට හිතුනේ කෙල්ලව වැළදගෙන සිපගන්න…..ඒත් ඒ හැගීම ඇගේ හඩින් අහන්නට පෙරුම්පුරන වචන දෙක වෙනුවෙන් කොල්ලා දරාගත්තා…..

චිනූගේ හිතේ වැඩ කලේම ඈ ප්‍රමාදයි කියලා විතරමයි…..මොකද අවුල් වෙලා ගියපු සයනය…ඇදුම්….ඒ වගේම කවුරුන් හෝ සිටිනවායැයි හැගෙන නාන කාමරය කෙල්ලව උමතු කරලා තිබ්බේ….

ඒත් ඕන උනේ නෑ කලින් වගේ පරිත්‍යාගශීලී වෙන්න….ඒනිසාම.තාමත් කෙල්ල වෙවුලමින් ඉන්නේ සෝනුගේ කොලර් එක අල්ල ගත්ත ගමන්මයි….

චිනු සැලෙන දෙතොල් වලින් හඩ අවදි කළා….ඔව් මෙතෙක් කාලේකට කියන්නතියා හිතුවෙවත් නැති දෙයක් කියන්න…..

නාන කාමරය දිහා ආයෙමත් පාරාක් බලපු කෙල්ල කලේ කේන්තියත් එක්කම අත දිග ඇරලා කොල්ලගේ කන අතගාපු එකයි….සෝනු එහෙම්ම තම කම්මුලට අතක් තියාගත්තා….

පුදුමයක් නෑ චිනූ ගැන…මොකද කේන්තියේදි ඇගේ හැසිරීම් කොල්ලට හොදටම හුරුයි….විවාහා දිනේ පටන්ම වාගේම ඊටත් පෙරත් ලේසි ඔඅහසු කට්ටක් නෙවෙයිනේ කෑවේ කෙල්ල නිසා….

“තමුසෙට මෙච්චර හදිස්සි උනාද මේකට ආ….කියනවා සෝනු….සෙව්මිනී ව ගෙනත් මෙහෙම ඉන්න ඕනනම් ඇයි මාව ගෙනාවෙ….කියනවා….මේව මට පෙන්නන්න්ද?ලැජ්ජා නැති මිනිහෙක් ඔයා…..”

කෙල්ල කියන්නේ කෑ ගගහා….

“නිකමට මම ගැන හිතුවද?නිකමට මට කීවද?…ඔ…ඔයා…හ්…හ..ර්…රි නරකයි ….ම්..මට මෙක….දරාගන්න්..බෑ…..ඔයාට තේ..රෙන්නේ…න්..නෑ..අයියේ….ඔයාට…තේරෙ ..න්නේ..න්..නෑ….”

කෙල්ල කොලර් එක අල්ලන් හිටපු අත් එහෙම්ම පහළට ගෙනත් අත් දෙකෙන්ම මිටිකරලා අල්ලගත්තේ ආයේත් ෂර්ට් එක සෝනුගේ පපුව හරියෙන්….

“ඇයි අයියේ ටිකාක් ඉවසුවේ නැත්ත්…තේ….ම්.මම පරක්කුයි….ඔ..ඔව්…පරක්කුයි….සෙව්…දින්නා…එයා වාසනාවන්තයි…..”

කෙල්ල සෝනුගෙ පපුවට ඔළුව ගහන් ඉකිගගහා කියද්දිත් කෙල්ලට අතක්වත් තියන්නේ නැතුව කොල්ලා බලන් හිටියේ කෙල්ල දිහා හිත හයිය කරන් ඒ කටින්ම ආදරෙයි අහන්න…

නිකමට සෝනුට හිතුනා සෙව්මිනී හා තමන් අතර ඇතිවුනා කියලා පෙන්නපු දේ නිසා කෙල්ල නොකියයිද කියලත්….

ඒත බලන් හිටියා සෝනු නිහඩවම…..

“අයියේ… ඒ…ඒත් …මම.මේක කියනවා…..”

චිනූ ඔළුව ඔසවලා බැලුවේ සෝනුගේ මුන දිහා….
ගැඹුරු තියුනු දෑසක් හිමි සෝනු දිහා කෙල්ල බලන් උන්නා ටිකක්…..

“අයියේ….ඔ…යාව සෙව් අක්කගෙන් වෙන් කරන්න මට බෑ….ඒත් ම්…මම ඔයාට ආදරෙයි ගොඩාක්….සමාවෙන්න…මට….බනින්න එපා….ඒත් කවද්ද කෝමද කියන්න මම දන්…නේ….නෑ…ඒත් දන්නේ ආදරෙයි කියලා විතරමයි…..”

එහෙම කියපු චිනූ ආයිම ඔළුව සෝනුගේ පපුවෙන් තියාගත්තා…..
සෝනුට දැනුනේ කියාගන්න බැරි තරම් සතුටක්….මේ හුරතල් චූටි බටු ඇටේ ආදරෙයි කීව නිසා….ඒත් කොල්ල නිහඩවම ඉදලා කෙල්ලගෙ අතින් අල්ලන් ගිහින් නාන කාමරයේ දොර විවෘත කළා…..

කෙල්ලට තරු පෙනුනේ එතකොට…….කවුරුත්ම නාන කාමරයේ හිටියෙ නෑ…..චිනූ ස්වයංක්‍රීය මැශින් එකක වගේ සෝනු පැත්තට හැරුනා…
සෝනු ඇහැක් එහෙම ගහලා බෙල්ලත් නවාගෙන හිනා උනේ මනමාල පාටට….

“ම්….ම්….බටු ඇටේ මගෙ……මොනාද හිතන්නේ…..සෙව් එහා කාමරේ………”

“මෝඩ දිගංචියා….එතකොට…..”

කෙල්ලගේ මූන රතු උනා උන ලැජ්ජාවට.

“ඔව්…ඔක්කොම ප්ලෑන් එකක්…මාස්ටර් ප්ලෑන් බයි සෙනේශ් ඒකනායක….”

සෝනු රගදක්වමින් කියද්දි පුරුදු විදියටම කෙල්ලපැන්නේ ගහන්න….කොල්ලා සූක්ශමව කෙල්ලගෙ ප්‍රහාර වලක්ව ගත්තා…කෙල්ලට වැඩිය දගලන්න බෑ….මොකද ඇදලා හිටියෙ දිග ගවුමක්නේ ….

ඒ ඇසිල්ලකින් සෝනු චිනූගේ බදවටා අතදාලා අල්ල ගත්තා….චිනූ බයක් නැතුවම කොල්ලගෙ පපුවට හේත්තු උනා…

සෝනු එහෙම්ම ඈව වැළදගෙන ඇද උඩින් වාඩි උනේ කෙල්ලව උකුලෙන් තියාගෙන….

“නංගි ස්මාවෙන්න දුක් වෙන්න දුන්නට….එහෙම නොකලනම් ඔයා මට ආදරෙයි කියන්නේ නෑ….ඇති උනේ කවද්ද කොහොමද කියලා මම දන්නෙත් නෑ….ඒ උනාට මාත් මගෙ පිස්සූ කෝච්චියට ගොඩාක් ආදරෙයි….ගොඩාරියක් ආදටෙයි චිනුවෝ……”

කොල්ලා ඒ ටිකනම් කීවේ කවදාවත් නැතිතරම් හැගීම්බරව….
කෙල්ල ඒක අහන් උන්නෙ සතුටින්…

“මෝඩ දිගංචියා….”

කෙල්ල කීවෙ හුරතලෙන්….කොල්ලා එහෙම්ම තමන්ගෙ උකුලේ උන්න කෙල්ලව ඇදේ පෙරල ගත්තා….තම මුහුණට යටින් තියෙන ඒ සුන්දර මුහුණ දිහා බලන් හිටිය කොල්ලා හිමින් පහත් උනේ ඒ දෙතොල් වලට….

ඒත් කෙල්ල කපටිකමින් කොල්ලව තල්ලු කරලා පැන්නේ හිනාවෙවී….

“කපටි ආච්චි ඉදපිය උඹට අද මම…..”

කොල්ල ඈ පස්සෙන් පැන්නුවා….කේල්ල එහෙම්ම බාත් රූම් එකට පැන ගත්තා….
සෝනුට හිනා…..

“මගේ චූටි යක්ශනී …..”

කෙල්ල හොදට නාගෙන ඉවර උනාට පස්සෙයි මතක් උනේ අදින්න ගෙනාවේ නෑ කියලා….බාත් රොබ් එකක්වත් තිබුනේ නෑ…මොනා කරන්නද කෙල්ල තිබ්බ ටවල් එකත් ඇදන් අවා එලියට….

එද්දි සොනුගේ ඇස් තිබ්බේ දොර දිහාමයි……කෙල්ලව දකිද්දී කොල්ලා යටිතොලත් හපන් බලන් හිටපු බැල්මනම් කෙල්ලට ඇල්ලුවේ නෑ….

ඒත් ඒක ගනන් නොගෙම කෙල්ල දැක්ක තමන්ගෙ ඇදුම් බෑග් එක ගෙනත් තියනවා…ඒක ළගට යන්න හදද්දී කොල්ලා නැගිටලා ආව චිනූ ලගට…….
කෙල්ල පස්සෙන් පස්සට යද්දී සෝනු ළගටම ආවා….
පස්සට ගිය කෙල්ල නැවතුනේ බිත්තියේ වැදුනට පස්සේයි…….

ඇගේ දෑස් දිහාම බලාගෙන ඉස්සරහට ආව සෝනු චිනූව මැදිවන සේ අත් දෙකම බිත්තියටයි තිබ්බේ….පහලට රූටල යන්න හදදදී කොල්ල එක් අතකින් චිනූගෙ බදින් අල්ලලා ලගට ඇදලා ගත්තා….
කෙල්ලගේ හද ගැස්ම වේගවත් උනේ ඈටත් නොදැනීම….

එහෙමම කෙල්ලගෙ කොපුලක් ලගට ළං උන සෝනුගේ දෙතොල් නැවතුනේ කෙල්ලගේ සවනක අසළ…..

“මැටි අලේ…….ආදරෙයි…”

කෙල්ලගේ දෑස පියවුනා ඒ සුසුම් හඩට…..සෝනු බැලුවේ ඒ පියවුන දෑස් දිහා…..හිමීට දෙතොල් අරන් ගියේ ඒ ඇස් පියන් වලට….තම දෙතොල් වලින් ඒ ඇස් පියන් සිපගත්ත සෝනු ඇගේ දෙතොල තම දෙතොලතරට හසු කරගත්තේ ආදරෙන්…..

බොහෝ වේලාවක් ඒ දෙතොල්මත දග කෙරූ ඔහුගේ අකීකරු දෙතොල් කෙල්ලගේ ගෙල මුලට එද්දී කෙල්ලව හිරි වැටිලා ගියා…..කෙදිනකවත් නොලද ආදරණීය සිපගැන්ම කෙල්ලව මත් කරලා තිබ්බා….

නිනවුවක් නෑ දෙන්නටම…..ඔහුගේ අකීකරු දෙතොල් ඈගේ ගෙලෙන් පහළට යද්දි තුවායේ ගැටය ලිහිල් වී ලයෙන් අඩකටත් වඩා නිරාවරණය උනා….කොල්ල එහෙමම අත තියලා අල්ලගත්තා වැටෙන්නට නොදී…….

“ඇති මගෙ මැනික………ම්…මගේ චූටික්කිට බර වැඩී මේ වෙන දේවල්…..ඉකමන්ට මේ බන්ඩියෙන් මට චූටි සෝනු කෙනෙක් ඕනා…..ඒක ස්පෙශල් ඩේ එකක් කරන්න ඕනා මට…..”

එකටත් කෙල්ල රතු උනා….සෝනුටනම් හිනා….

ටවල් එක පිටින්ම කෙල්ලව ඔසවගත්ත කොල්ල ඈව ඇදෙන් තිබ්බේ හරි පරිස්සමට…..
කතා කරන්න දේවල් ගොඩායි…..රණ්ඩුවෙවි…යාලුවෙවී….පිස්සු නට නට උන්නු චිනූ යි සෝනුයි දැන් පෙම්වතුන්නේ……
කතා කරන්න කොයි තරම් දේවල් තියෙද?

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *