21. වන කොටස.

මියෙදෙන තුරා…

*පොඩ්ඩක් මෙහෙන් අැවිත් ඉද ගත්තා නම් ලොකු දූ.*

*අනේ අැයි අප්පච්චී.*

මගේ හද බීතියෙන් පිරී ගියේ සියල්ලන් ඒක තැනට රොක් වී සිටීම නිසයි. අප්පච්චී මා සමග නිතර කතා කරන අයෙකු නෙමෙයි, මොකක් හෝ හේතුවක් අැත්ම් පමනයි කතා කරන්නේ. විජී අයියා කියන මිනිහගෙන් ලොකු මල්ලිට අවුලක් වත් අැවිල්ලද, නෑදෑ කාට හරි කරදරයක්ද, චූටී චූට හරි ලොකු දූට හරි අසනීපයක් වත්ද, මම සුමේධ අයියගේ කෝල්ස් අාන්සර් කරන්නැති නිසා ඒ පණිවිඩය ගෙදරට කියලද? නොයෙක් සිතුවිලි දහසක් හදවතේ තෙරපෙද්දී මම සෙටියේ කොනක වාඩී වුනා.

*ලොකු දූ. වැදගත් දෙයක් කියන්න කතා කලේ.*

*මොකද්ද අපච්චී.*

*දුව කසාද බදිනකන් නංගී ශාලින්ද ළමයයි වෙඩින් ඒක පරක්කු කරනවා කියනවා.*

*ඒහෙම කරන්න ඒපා. මම මැරි කරන්න බලාපොරොත්තුවක් නෑ.*

හිත තුළ වූ නොසන්සුන් බව වෙනුවට අප්‍රසාධයක් අැතිවුනේ අකමැතිම මාතෘකාව අායෙමත් මගේ ඉදිරියට අැවිත්. මට ඔනේ දැන් මෙකනින් පිට වෙලා මේ කතා නෑහෙන තැනක හැංගෙන්න. ලොකු මල්ලී අප්පච්චී දෙන්නම ඉන්න නිසා මම ඉවසන් ඉන්නට තීරනය කලා.

*ඒහෙම කියලා කොහොමද ලොකු දූ. අපිත් තව ටික කාලෙකින් මැරිලා යාවී. ගැනු ළමෙක්ට හැමදාම තනියෙම ජීවත් වෙන්න බෑ.*

*මම කොහොම හරි තනියෙම ඉන්නවා. මම මැරි කරන්න කැමති නෑ ඔය කතාව නවත්තලා දාන්න දැන්.*

මට හිත කිව්වෙම ඔයාලා තරම් කල් මම ජීවත් වෙන්නේ නෑ .ඒකයි මැරි කරන්න අකමැති කියලා කියන්න කියලාමයි.මම ඒ හැගීම මැඩගෙන අකමැත්ත කියා සිටියා.

*කෙනාවත් නොදැන ලොකු අක්කා අැයි බෑ කියන්නේ.*

මගේ වදන් ඒක්ක මුන අැඹුල් කර ගත් පුංචී නංගී විමසා සිටියා.

* මම දන්නවා කෙනා කවුද කියලා. ඔයාලා මෙච්චර කල් කරපු කියපු හැම දේම මම දන්නවා. සුමේධ අයියාත් මේකට කැමති නෑ.*

සියල්ලන්ගේ අැස් මවිත කරමින් කියා සිටියා.ශාලින්ද මල්ලී නිහඩවම මගේ දිහා බලන් හිටියා. ඒයා කවදාවත් මම මෙහෙම කියයි කියලා හිතන්න නැතුව අැති.

*ලොකු අක්කේ ඔයා දරුවෝ දෙන්නට අාදරෙයිනේ .ඒයාලා වෙනුවෙන් වත් මේ ගැන පොඩ්ඩක් හිතන්නකෝ.*

ශාලින්ද මල්ලී අායාචනාත්මක ස්වරයෙන් කිව්වා.

*දරුවෝ දැන්නට නම් අාදරෙයි තමයි . ඒත් මට මේකට කැමති වෙන්න බෑ.*

*මොන විකාරයක්ද මේක. අක්කේ ඔබ මේකය කැමති වෙන්නම ඔනේ.*

නිහඩව සිදුවීම දිහා බලා වුන් ලොකු මල්ලී ඒක වරම මගේ අැගට කඩන් පැන්නා. ඒක පාරටම වුනුදේ සිතා ගන්නට නොහැකී වූ මම ගල් ගැහුනා. ලීලම්මාත් සද්දෙට බය වුන පාරද කොහෙද කෑම මේසය ළගට අැවිත් ගල් ගැසිලා වුන්නා. කුමක්ද වුනේ කියලා ටිකක් වෙලා කල්පනාවේ හුන් මම නිහඩවම අසුනෙන් නැගිට්ටා. මම පිටු පස හැරී යන්නට සැරසෙත්ම ලොකු මල්ලී අතින් අැදලා අයෙත් මාව පුටුවේ ඉන්දෙව්වා.

*අක්කේ…… ඔබට ඔනේ ඔනේ විදියට මෙහෙ නටන්න බෑ. අප්පච්චිටයි මටයි ඔනදේ තමා වෙන්න ඔනේ.තේරුනාද?*

*අනේ කළබල අැති කර ගන්න ඒපා ලොකු අයියේ. අපි ලොකු අක්කට ටිකක් කල් දෙමු. ඒක පාරට ගන්න පුළුවන් තීරනයක් නෙමෙනේ මේක.*

ශාලින්ද මල්ලී මා දෙසට නැමැ තර්ජනාත්මක ස්වරූපයෙන් බැනවදිමින් වුන් ලොකු මල්ලිව පස්සට අදිමින් කිව්වා. සැබැවින් මා වුන්නේ කුසගිනි වූ සිංහදේනුවකට අසු වූ හා පැටියෙක් වගේ හැකිලිලා.

*ශාලින්ද මල්ලී ඔබ පාඩුවේ ඉදහන්. මම හැමදාම බලන් හිටියා. ගේන ගේන මනමාලයගේ මෙකිට අැදයක් තියෙයි. දැන් මෙච්චර කල් අාශ්‍රය කරලත් සුමේධ අයියට කැමතිත් නැහැල්ලු. අක්කේ මේ මම අන්තිම පාරට කියන්නේ ඔබ මේකට කැමති වෙන්නම ඔනේ. *

*මගේ ජීවිතේ ගැන තීරණ ගන්න මට අයිතියක් නැද්ද?.*

*මෙච්චර කල් දීලනේ තිබුනේ ඔබ ඒක තීරනයක් වත් ගත්තද? අදම මේ දැන්ම තීරනය ඔනේ. අක්කේ ඔබ සුමේධ අයියව බදින්නම ඔනේ. උෟගේ අැති අඩු පාඩුව මොකද්ද? මේ පැත්තටම ඉන්න හොදම ව්‍යාපාරිකයා ඔබට රැජිනක් වගේ ඉන්න පුළුවන්. ඔබ කැමති වුනොත් මගේ ව්‍යාපාර වැඩ වලටත් හොදයි.*

*ලොකු අයියේ. ඔක නවත් තන්නකෝ. අක්කා හිමින් මේකට තැමති වෙයි.*

* අක්කේ කියපන් උබේ තිරනේ. අපි වගේ පවුල් දෙකක් ඒකතු වෙනවා කියන්නේ අපිට කරන්න බැරි දෙයක් නැතුව යනවා.*

ලොකු මල්ලිගේ කතාව අැහුනම මගේ හිත කෝපයෙන් වියරු වැටුනා. ඒ කියන්නේ කට්ටිට මට අාදරේට නෙමේ මේ කසාදය කරලා දෙන්න යන්නේ .බිස්නස් ඩීල් ඒකක්. මේ ගොල්ලෝ මේ තරම් විශ්විසෙන් මට කැමති වෙන්න කියන්නේ, සුමේධ අයියාත් මේකට කැමතී වගේ. මම මට පුළුවන් ශක්තිය දාලා ලොකු මල්ලිවත් තල්ලු කරන් අසුනෙන් නැගිට්ටා. ලොකු මල්ලී අඩි කීපයක් පසු පසට වුනේ ඔහු මගෙන් බලාපොරොත්තු නොවු හැසිරීමක් වු නිසා විය යුතුයි. සැමදා ඔවුන්ගේ වදන් වලට කීකරු වී තනියම හිත යටින් හඩා වැටුනු මා අසාධාරනයට ඒරෙහිව නැගී සිටියා.

* අා.. ඒක තමා කට්ටියගේ පෑලැන් ඒක. මම වෙනුවෙනුත් නෙමෙයි, දරුවෝ දෙන්නා වෙනුවෙනුත් නෙමෙයි. ඔයාලගේ මල්ල බර කරගන්නයි උවමනාව. මම මැරුවත් මම ඔකට කැමති නෑ.*

* මේ අක්කේ . මට පව් පුරවන්න ලෑස්ති වෙන්න ඒපා. අක්කා කියලා බලන්නෑ කේන්ති අාවම. ඔබ දන්නවනේ මගේ හැටී.*

* මන්ත්‍රී බලේ පෙන්නලා මාව බය කරන්න ද ලොකු මල්ලියේ ඔයා හිතන් ඉන්නේ. ඔයාලා පාගගෙන වැඩ ගන්න පොඩි මිනිස්සු වගේ ඔය සද්ද වලට මම බය වෙයි කියලා හිතන්න ඒපා. මං ඔයාගේ අක්කා බව මතක තියා ගන්නවා.*

*අක්කත් ඒකයි මට . සොකත් ඒකයි.*

*අනේ ලොකු අයියේ කළබල නොකර ඉන්නකෝ. මම අක්කාව කැමති කරලා දෙන්නම්*

ශාලින්ද මල්ලී මැද්දට අැවිත් අපේ ගැටුම නවත්තන්න උත්සහා කලා. මම හිටියේ කෝපයෙන් වෙව්ලමින්. මම මාවම පාලනය කර ගන්න අමාරු වුනා.කෝපයත් සමග මගේ පපුවේ වේදනාවත් වැටී වීගෙන ඒන බව මට දැනුනා.

*අායි මගේ තීරනයේ වෙනසක් නෑ. මම ජීවිතේට මැරි කරන්නෙත් නෑ. ළගදිම මම මැරිලා යයි .ඒතකොට සේරමලා සැනසිල්ලෙන් ඉන්නවලා.*

*කට වහපිය.*

ඉදිරියට පැන්න ලොකු මල්ලී මගේ කම්බුල හරහා පාරක් ගැසුවා. මම දෑතින්ම කම්බුල අල්ලන් අඩන්න ගත්තේ ජීවිත කාලයටම මම අප්පච්චිගෙන් වත් ඉරටු පාරක් වත් කාලා නැති නිසයි. අප්පච්චිත් හිටියේ ලොකු මල්ලී වගේම කේන්තියෙන්. අම්මත් ලොකු මල්ලිට ඉහළින් කතා කරන් කෙනෙක් නෙමෙයි. ශාලින්ද මල්ලි මැදිහත් වෙලා මට පහර දෙන ඒක වැලැක්වුවා. මෙතරම් වෙලා අෑතින් සිට බලා සිටි ලීලම්මා මගේ ළගට අාවේ හඩමින්.

* මොනවද ලොකු මහත්තයා මේ සිද්ද වෙන්නේ. මේවා ගහලා බැනලා විසදන්න පුළුවන් ඒවා නෙමෙයි.*

* මොකද්ද ගෑනියේ ඔබට මේවට කතා කරන්න තියෙන අයිතිය.*

ශාලින්ද මල්ලිගේ ග්‍රහනයෙන් මිදෙන්නට උත්සහ කල ලොකු මල්ලී ලීලම්මටත් බැන වැදුනා.

* අයිතිය. අයිතිය තමා . මම තමා ඔයාලා හැමෝම මගේ මෝ දෑතින් වඩාන උස් මහත් කලෝ . හරියට මල් පෙති වගේ සිනිදුවට හදා වඩා ගත්තු අහිංසක කෙල්ලට ගහද්දී මට බලන් ඉන්න පුළුවන්ද ? *

ලීලම්මා හඩමින් කියාගෙන ගියා. ලොකු මල්ලිගේ අැස් වලින් ගිනි පිට වෙනවා. මම කවදාවත් ගෙදරදී ලොකු මල්ලී මෙහෙම හැසිරෙනවා දරකලා නැහැ.

* අම්මේ මේ ගෑනිට කට වහ ගන්න කියන්න.*

* ලොකු මහත්තයි , නෝනයි සද්ද නැතුව ඉන්නවා නම් මට මේවට මැදි හත් වෙන්න වෙනවා.*

ලීලම්මා අප්පච්චී ඉදිරයේ මෙහෙම කතා කරන්නේ කොහොමද කියලා මගේ හිත අැහුවා. ලොකු මල්ලී ශාලින්ද මල්ලිගේ ග්‍රහන්ගෙන් මිදෙන්න උත්සහ කරමින් දත්මිටි කෑවා.

* අම්මද බොල මේ ගෑනිගේ පවර්. *

* ලීලාවතී පලයං මෙතනින්. ප්‍රශ්න තවත් වැඩි නොකර.*

මෙතරම් වෙලා පපුවේ වේදනවත් ඉවසගෙන් සිටියත් තවත් ඉවසන්න බැරි බව මට දැනුනා. ඔලුව කැරකුමක් දැනුන මට හතර වටම කලුවර වූ බව මතකයි. මට සිහි නැතිවී අැද වැටී තිබුනා. සිහි ඒන විට මා උන්නේ, මගේ අැද මත. ශාලින්ද මල්ලී මාව කාමරයට උසවාගෙන අැවිත් තිබුනා. මුහුණට වැටුන සීතල දිය බිදු කිහිපය නිසා මට අැතින් කට හඩවල් අැහෙන්නත් බොද වූ මුහුණු කිපයක් පෙන්නටත් පටන් ගත්තා.

* ලොකු බේබී, ලොකු බේබී, රත්තරන් … කෝ අැස් අරින්න. ඔයා හොදින් නේද?*

මගේ අැද අසල දන ගසා ගත් ලීලම්මා කදුලු මැදින් මට සිහි ගන්නට උත්සහ කලා.

*ලොකු අක්කේ ඔයා හොදින් නේද*

පුංචී නංගිත්, ශාලින්ද මල්ලිත් , සිගිතිත් ඒ අසලම ඉන්න බව මට චායාව වගේ පෙනුනා. මගේ පපුවේ වේදනාව තවමත් දරා ගන්නට බැරි තරම් දරුනුයි.

* ලී…ලම්මේ…*

*අැයි අැයි මගේ රත්තරන්. *

*ව..තු..ර ටික..ක්.*
ලීලම්මා පුංචී නංගිගේද උදව් අැතුව හාන්සී වී සිටි මගේ ඔලුව ඔසවලා වතුර ටිකක් පෙව්වා.

* ලී.. ලම්මේ… මට අමාරුයි.*

*අැයි මගේ රත්තරං මොකද්ද අමාරුව.*

*මම.. මැ..රෙන්න .. ඒන්…නේ.. ලීලම්මේ….*

*මොනවද රත්තරනේ ඔය කියන්නේ. අනේ පුංචී බේබී ලොකු බේබීව ඉස්පිරිතාලෙකට ඒක්ක යමු.*

ඊ ළග කොටසින් හමු වෙමු…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *