21

අචින්තයී අපේ ආදරේ
21

———–
සම්මානි ඔහොම නවතිනවා..
මට බෑ ඉන්න දෙන්න..
පබා කියන දේ ඇහුන්නෙ නෑ වගෙ මන් හයියෙන් හයියෙන් පඩි බැහන් බිමට බැස්සා..මාව පහු කරලා එයා මගෙ ඉස්සරහින් හිටගත්තා..
අයින් වෙනවා මට යන්න ඕනී..
බෑ තරහා වෙන්න හේතුව..හේතුව
තරහා වෙන්න මන් යාලූ වෙලා උන්නෙ නැ නි..අයින් වෙනවා…
මට කොහෙන් ආව ජවයක්ද මන්දා පබාව තල්ලු කරලා අඩියට දෙකට මන් බස් හෝල්ට් එකට ආවා…
මෙතනට ආවත් යන්න හිතක් නෑ මට..ඒත්..හුම්..පැය බාගයක් විතර හෝල්ට් එකෙ ඉදගෙන ඉදලා මන් ආයෙම ස්කීම් එකට ආවා..
මන් එද්දි පබා යාලූවො එක්ක ගර්වුන්ඩ් එකෙ..ඒ මූන මැලවිලා..කට්ටිය එයාව වට කරන්..වෙනදට එයාව හොයන ඇස් අද එයාව මග ඇරලා ආවා..හිත මගේ නම්..රිදෙන්නෙත් මට නම්..මොකටද තවත් රිද්දෝ ගන්නෙ…
එහෙම්ම ඇනෙක්ස් එකට ආවා..ආවා නෙමි පබා ඒවි කියලා දුවන් ආවා..පොත් බෑග් එක සෙටියට විසී කරලා යතුර දෙපාරක් කැරකෙව්වා..හුම්..මේ දොර වගේම මගෙ හිතටත් අගුලු දාලා ලොක් කරන්න පුලුවන් උනානම්…
එහෙම්ම ඇනෙක්සෙකෙ බැල්කනි එකට ගිහින් ඒකට පිට දීලා රූටලා ඉදගත්තා…දෙදන මත ඔලුව තියන් මන් ඇඩුවා..ඇති වෙනකම් ඇඩුවා..
මට මොකක්ද මේ වෙලා තියෙන්නෙ..කවදාවත් එයා මට ආදටෙ කියලා වත් කියලා නෑ..එයා මට පෙන්නලා තියෙන මිතුරුකම මමයි වැරදියට අරන් තියෙන්නෙ..මමයි බොරු බලාපොරොත්තු තියාන තියෙන්නෙ..මමයි මේ සේරටම වැරදි..ශිට්..ශිට් ශිට්..මන් ඉගෙන ගන්නයි ගමෙන් ආවෙ දැන් මේ මොකො කරන්නෙ මන්..පිස්සු ඔව් මට දැන් පිස්සු..
කෙටි බැම්මෙන් කවුරු හ‍රි මෙහාට පැන්නා වගෙ..ඒත් මන් ඔලුව ඉස්සුවෙ නෑ..චූටි වෙන්න ඇති..
ඇයි චූටි ඔත්තු බලන්නද ආ ආවෙ..මන් අඩනවා බලලා ඔක්කොමල්ලා එක්ක හිනා වෙන්නද ආ..ආ ආ..
සම්මානි
ඒ පබා එයා ඇවිත්..තීන්නෙ
සම්මානි කතා කරනවා..මොකො මේ
නෑ අද මන් ඔලුව උස්සන්නෙ නැස් නෑ මයි
පබා මගෙ අත් අයින් කරලා මගෙ මූන ඉස්සුවා..මූනෙ තිබුනු කදුලු අමු අමුවෙ එයා දකින්න ඇති..
ඇයි සම්මානි අඩන්නෙ..මොකක්ද හේතුව..ප්ලීස් ඔයාගෙ මේ තරහව මට තේරෙන්නෙ නැ..එක පාරටම මොකක්ද මේ ඔයාට හැදුනු පිස්සුව
මන් තොල් හපන් ඉකිය හන්ග ගත්තා මිසක් මුකුත් කියන්න ගියෙ නැස්..මට මගෙ ඇස් විස්වාසයි..
මොකො කියනවා..
මට ඉන්න දෙනවා..
මන් එතනින් නැගිට්ටා..ඇතුලට එන්නයි හැදුවෙ..ඇවිත් බැල්කනි එකෙ දොරත් වහන්න
එයා මාව අතින් ඇදලා බිත්තියට තද කරා..
කියනවා මොකො කියලා
මාව තද කරන් ඉන්න හැටියට ගැලවිල්ලක් නැති හැඩයි..ඒත් මන් ඒ ඇස් දිහා ඔරෝගෙන බලන් උන්නා..නෑ ආයෙමත් රැවටෙන්නෙ..
ඒ ඇස් කතා කරනවා..
සම්මානි ප්ලීස් කියන්න බබා..ප්ලීස් ඔයා තරහා වෙලා උන්නම මන් මන් කොහොමද සැනසිල්ලෙ හුස්මක් වත් ගන්නෙ..
එයා මේ නොකියා කියන්නෙ මට ආදරෙයි කියලද..නෑ නෑ නැ..
මන් එයාගෙන් බේරෙන්න උත්සහයක් ගත්තා..ඒත් ඒකෙන් උනෙ තවත් මන් එයාට හිර වුනු එක විතරයි…
කියන්න බබා..ප්ලීස්
මේ විදියට ඉල්ලද්දි නොකියා පුලුවන්ද
මන් ඒ මූන දිහා බලන් උන්නා..ඒ ඇස්වල ආදරෙ උතුරනවා..එහෙනම් එතකොට මන් දැක්ක දේ..නෑ ..ඒත්
කියන්න බබා ප්ලීස්
හුම්..හුම් කියන්නම්..
මන් ඊයෙ සිද්ද උනු දේ ආයෙම එයාට කීවා..කීවා නෙමෙයි ආයෙම මතක් කර ගත්තා..
මන් ඊයෙ උදෙ එහෙට ගියෙ මල්ශා ගෙනල්ලා තුබුනු වරකා වගයක් දෙන්න..ඒ යද්දි පබා නිදි..එයාගෙ රූම් එකට එබෙන්නත් හිතලා ආයෙම ඒ සිතුවිල්ල මන් මරලා දැම්මෙ කෙල්ලෙක්ට ඒ වැඩෙ වටින්නෙ නැති නිසා..
සුමනාඅම්මා වොශ් රූම් එකෙ ඉදන් කැ ගහලා කීවෙ පෑන්ට්‍රි එකෙන් තියන්න කියලා..ඒ තියද්දි තමයි පබාගෙ පෝන් එක චාගර් ගහලා තියෙනවා දැක්කෙ..
ගෑනු හිත් හරි ආසයි තමන් ආදරෙ කරන කෙනාගෙ දේවල් හොරෙන් අවුස්සන්න මටත් එහෙම හිතුනෙ..පෝන් එකට ආව මැසේජ් එක දැක්කම..
වටපිට බලලා මැසේජ් එක ඕපන් කලෙ හිතෙ ඇතිවුනු ආසාව නිසයි..වරදක් තමයි ඒත් ඒත් ..මන් ඒ මැසේජ් එක කියෙව්වා..
Nisitha oya dahayata libry eka lagata enna..
එයාට මන් ඇරෙන්න වෙන කෙනෙක් නිසිත කියලා කීවෙ නෑ..එහෙනම් මේ කවුද තව තවත් ඒ මැසේජ් එක ගැන සැක හිතුනෙ ඒ මැසෙජ් එක ඇවිත් තිබුනෙ කෙල්ලෙක්ගෙන් නිසයි..
ගෑනු හිත් කලබල වෙන්නි මේ වෙලාවට..තමන් ආදරෙ කරන කෙනාට වෙන කෙල්ලෙක් කතා කරද්දි තමන් කතා කරන විදියටම..මන් උඩට උඩට මැසේජ් කියෙව්වා..අහ් මේ තියෙන්නෙ මෙයාත් මැසේජ් කරලා..
N-hi
S-hi
N-apiwa amtkyi ne
Ayiyo nha
Monada baba dan katha karalath godak kal thama awe nahani oya mawa balanna
Mm
Mm nemi kiyanawako halo
Hary heta kiyanam
Boru nemine baba
Naha shuwr heta hode
Shuwarda
M ow
Hari baba..kohomada life eka manika

අනෙ දෙයියනෙ කොයි කෙල්ලටද මේවා ඉවසන්න පුලුවන්..කවුද මේ මෙයා මෙච්චර ආදරෙන් කතා කරන මැනික..
ඉතුරු ටික කියවන්න බැරි වුනෙ සුමනාඅම්මා එනවා ඇහුනු නිසා..මන් සුමනාඅම්මට කියලා ආවා එලියට
පපුව ගැහෙනවා ඩග් ඩග් ගාලා කවුද මේ ..ඇයි ඔහොම කතා කරන්නෙ පබා එයත් එක්ක..එතකොට ඇයි මටත් බලාපොරොත්තු දෙන්නෙ එයා..මෙයාට හැම තැනම කෙල්ලොද එතකොට..එයත් අනිත් කොල්ලො වගේද දෙවියනි..අයි දෙවියනේ මාව එහේ යැව්වෙ..මන් කොහොමද මේ වේදනා දරා ගන්නෙ..
මන් කැම්පස් ගියත් හිත තිබ්බෙ පබා ලග . දැන් දහයයි පහයි..එයා එයා යන්න ඇත්ද එ කෙල්ල බලන්න..
මන් පබාට කෝල් එකක් ගත්තා..කොච්චර රින්ග්ස් ගියත් එයා ආන්සර් කලෙ නෑ..
දැන් මට තවත් අවුල්..හුම් මගෙ කෝල් දැකලත් නොගෙන ඉන්නෙ කෙල්ල ලග නිසා වෙන්න ඇති..හුම්..
දවල් ලෙක්ච එකට ඉන්නෙ නැතුවම මන් ආවෙ ඔලුව රිදෙන හින්දා…
උදෙ මුකුත් කෑවෙ නැ තාම හිස් බඩ ..ඒ නිසා කන්න මොනා හරි ගන්න හිතන් ස්කීම් එක ඉස්සරහා පේස්ටී ශොප් එකට ගියෙ..කෑම ඕඩර් කරලා සල්ලි ගෙවලා ආපහු හැරෙද්දි මන් දැක්ක දෙයින් මගෙ කකුල් එතනම හිර වුනා..
පබා එතන ඉදන් කෙල්ලෙක් එක්ක මොනාද බොනවා..එතකොට ඒ ඒ ඒ මැසේජ් දාපු කෙල්ල..මගෙ ඇස් මෙච්චර පවු කලෙ ඇයි මේ දේවල් දකින්න ..ඇයි දෙවියනි..
ඇනෙක්ස් එකට ඇවිත් පාර බලන් උන්නෙ එයා එනකම්..පැය එකාමාරකට විතර පස්සෙ ඔන්න එනවා..ඒ මුනෙ පැනි බේරේනවා..අහ් තියෙන මනමාල පාට..නෑ මන් තවත් බලන්නෙ නෑ
එහෙම්ම මන් ඇදට වැටිලා ඇඩුවා..එයා ඇයි මට මෙහෙම කලෙ..එයාගෙ පාලූවටද මාව තියන් ඉන්නෙ..නැත්තම් යාලුකමටද..ඇයි හැම තිස්සෙම මගෙ හිතට බලාපොරොත්තු දෙන්නෙ..
එයාට එයාට රට වටෙ කෙල්ලො..මන් ඒකෙන් එකියක් වෙන්නෙ නෑ කිසිම දාක..නැ කිසිම දාක…
මන් බලන් උන්නෙ එයා මට කෝල් එකක් වත් ගනි කියලා මගෙ මිස් කෝල් දැකලා ඒත් නැ හුම්..
ඇඩු කදුලින් ඒ දවස ගෙවන් හිත යාන්තම් හදන් එලියට බැස්සම මෙයා ඔන්න ඇවිත් මාව කුලප්පු කරන්න..
හිත කොච්චර කීවත් කලබල නොවි ඉදපන් කියලා එයා දැක්කම ආයෙ හිතට දුකයි..මන් ඒ ඇස් මග ඇරලා ගියෙ ඒකයි..හුම් ඒකයි..
–අහ් මෝඩී
ඒ පාර පබා මගෙ මූන දිහා බලන් ඉදන් බඩ අල්ලන් හිනා වෙනවා..ඔන්න මට දැන් කේන්තී යනවා..
එයා හිනා වෙන එක නවත්තන් ඉදලා ආයෙම මූන බලන් උන්නා..
මගෙ කේන්තිය දැන් වැඩියි..මන් පබා ඉස්සරටම ගියා..මේ පාර මායි එයාව බිත්තියට තද කලෙ
තමුසෙ..තමුසෙට මාව විහිලුවක්ද ආ කියනවා..
මන් පබාගෙ අත පුලුවන් උපරිමෙන් කෙනිත්තුවා..
කියනවා මාව මීනි මරුවෙක් කර ගන්නෙ නැතුව
අම්මො කියන්නම් කියන්නම් බබො
හුම්
මෙන්න මේකයි
හුම්
අහන්නකො
අහන් ඉන්නෙ
ඉස්සෙල්ලා කොනිත්තන එක නවත්තනවකො..
හා
මන් ටිකක් ඈත් වුනා
අයියො මැට්ටි..ඒ මැසේජ්..ඒ හම්බුනු කෙනාගෙ තමයි
හරි නෙ මගෙ සැකෙ හරි නෙ..හුම්
අහන්න පිස්සියෙ..ඒ මන් ගොඩ කාලෙක ඉදන් අදුරන අක්කි කෙනෙක්..මන් ඉතින් ෆ්‍රෙන්ඩ්ශිප් එකට බබො මැනික කියලා තමයි කතා කරන්නෙ..ඒ අක්කිට මට හෙල්ප් කරලා තියෙනවා එයා තමයි ඇඩ්මිශන් දෙන එක කීවෙත්..හෙල්ප් කරාට දැකලා නැති නිසයි එන්න කීවෙ..ඉන්නවකො ඊලග දවසෙ ඔයත් එක්කම ගිහින් මන් ඒ අක්කි හම්බෙන්නම්..
බොරු..බොරු බොරු..ඔයාගෙ බොරු..ඔයාට හැම තැනම කෙල්ලො
අයියො මෝඩි හැමතැනම කෝමත් කෙල්ලො ඉන්නවනි..හැබයි උන් එකෙක් වත් මේ නිසිතට ලන් වෙලා නෑ එක් කෙනෙක් තරම්..
හ්ම් ඒ එක්කෙනා වෙන්න ඇති හම්බුනෙ නෙහ්..
අප්පො මැට්ටි පුපුරන්බ එපා ඔහොම ඉන්නවකො..
එයා මන් ඉද්දිම කෝල් එකක් ගත්තා..
හෙලෝ අක්කි
ආ ඔව් ඉන්නකො
එයා කතා කරන ගමන් හැන්ඩ් ෆ්‍ර්‍ර් එකෙ පැත්තක් මගෙ කනෙ ගැහුවා..එයා අක්කිට තැන්ක්ස් කලා..ඒ වෙලෙ ඒ අක්කි උන්නෙ එයාගෙ හස්බන්ඩ් එක්ක ..හස්බන්ඩුත් කතා කලා.
අයියො ඉතින්
මැට්ටි..
කෝල් එක කට් කරපු පබා මගෙ ඔලුවට ඇන්නා..
මැට්ටි නොකීවට මට ලෙව් නෙහ් ආ
නැශ්
නැශ් නෙමි කියනවකො
නෑ නැ නෑ මයි
තාමත් හිත විස්වාස කරන්නෙ නෑ මේ ඇත්තමයි කියලා..
පෙරේද මාව බලන්න පිස්සෙක් වගෙ දුවන් ආව..ඊයෙ වෙන කෙල්ලෙක් හම්බුනා දැන් කියනවා ඒ අක්කෙක්ලු ඒ මදිවට එයා බැදලලු..මේවා විස්වාස කර්නවද නැද්ද..ඇත්තටම එ අක්කා කෙනෙක්ද ..මන් ඒ රූපෙ මවා ගන්න උත්සහා කලා..හුම් ටිකක් වයස පාටයි තමයි..ඒත් කවුද දන්නෙ දැන් එයා වෙන කෙනෙක්ටද කතා කලෙ කියලා..
ආදරෙයි මන් ගොඩක්..ඒත් මේ කොලබ..කොල්ලෙක්ව විස්වස කරන්න පුලුවන්ද
සම්මානි
ම්ම්
විස්වාස නැද්ද
නෑහ්
ඇත්තමද
ඔව්
සම්මානි
මොකො
මන් එක්ක යන්
කොහිද
එන්නකො
හුම්..ඔයා ආව විදියටම එලියට යන්න..මන් මෙහෙන් එන්නම්
පබා මට කීකරු වෙලා ආව විදියටම ගියා..
දැන් මෙයා කියන හැමදේම මන් විස්වාස කරන්න ඕනීද..රැවටෙන්න බෑ ආයෙම..බෑ..දැන් මන් යනවද
ඒ පාර දොරට ගහනවා..මොන මල වදයක්ද මෙයා නම්..
මන් දොර වහලා එයාගෙ පිටිපස්සෙ ගියා..හිත කියන්නෙ පබා විස්වාස කරන්න කියලා ඒත් මොලෙ කියන්නෙ රැවටෙන්න එපා කියලා..
එයා මගෙ අතට හෙල්මට් එක දීලා නගින්න කීව..මමත් කතාවක් නැතුව නැග්ගා..පබාගෙ යාලුවොත් බලන් ඉන්නවා..අද මට සමාජෙ ගැන හිතන්න තරම් කල්පනාවක් නෑ. ඒත් මේ ඇත්ත මොකක්ද කියලා දැන ගන්න ඕනී .
එයා මාව එක්කන් ගියෙ ඔෆිස් එකකට..එතන රිශිප්ශන් එකෙන් මොනාද අහලා මගෙ අතිනුත් ඇදන් ඇතුලට ගියා..මෙය මොනාද මේ ඔප්පු කරන්න යන්නෙ…
මිසිස් එරන්දි ප්ලීස්
එතකොටම අපි උන්නු පැත්ත හැරුනෙ ඊයෙ පේස්ටී ශොප් එකෙ උන්නු එක්කෙනා..
අහ් මල්ලි බබො..කොහොමද
ආහ් අක්කා බබො
මොකො මොකො මේ ආ..කවුද එරන්දි
අහ් මේ අර මල්ලි ..ඊයෙ හම්බුනෙ ..
ආහ් ඔව්මනි..අහ් මල්ලි කොහොමද
කවුද මල්ලි මේ නන්ගි බබා..
පබා තාමත් මගෙ අතින් අල්ලන්..මන් ගලෝගන්න හැදුවත් ගලවන්න බැ මෙයා තදින් අල්ලන්
අක්කි ..
ම්ම්
ඔයාට හැමෝම කියන නම මොකක්ද
මැනිකෙ .කියලනි ඇයි..
නෑ අක්කි හරි..
ඉතින් කොල්ලො මේ කෙල්ලෙක් අල්ලන් මොකො
අර අයියත් අහනවා .
අහ් මෙයාව මගදි මන් අල්ල ගත්තෙ .කුලප්පු වෙච්චි අශ්ව දේනුවක්..ඒකයි..
ඔහ් ඔහ් කුලප්පු වෙලා තියෙන්බෙ ඔයා නිසා වෙන්න ඇති නේ..ආව එකෙ යමු මොනා හරි බොමු..
අපි හතර දෙනා එයාලගෙ කැන්ටින් එකට ගියා..එතනට වෙලා ගොඩක් කතා කර කර උන්නා..
හිතෙ ඇති වෙච්චි සැකෙ ගැන මටම ලැජ්ජයි..මමත් කෙල්ලෙක් ,,මටත් ඉරිසියා හිතෙනව දුක හිතෙනව..සැක හිතෙනව..ඒ මන් ඔයාට ආදරෙ නිසා පබො..ඔයත් මේ දේවල් ඔප්පු කරලා පෙන්නන්නි මන් ගැන හිතන නිසා නේද..ඇයි ඉතින් ඒ ආදරෙ
ඇයි මට ඒ ආදරෙ ඔයා කියන්නෙ නැත්තෙ
මැට්ටියෙ
ම්ම්
දැන් හරිද
හුම්
අහන්නකො
ම්ම්
ම්ම් නෙමි ගොඩ දාක ඉදන් කියන්බ උන්නෙ
මොකක්ද
මේ
ම්ම්
මන්
ම්ම්
මන්
ඔව්
මට
ම්ම් ඔව්..
මට චූ බරයි මෝඩි
අනේ අම්මො මෙයා නම්..ඕක කියන්බද මෙච්චර දුර මාව එක්කන් ආවෙ..
ඉතින් යනවා ..මගෙ අත ඇතෑරලා
හරි
එයා මගෙ අත ඇතෑරලා මාව එයාගෙ ඇගට තද කරගත්ත..
මොකො
මැට්ටි ..
එහෙම කියලා මගෙ නල්ලට හාදුවක් තීවා..
ආදරෙයි මැට්ටියෙ..මන් ඔයාට ආදරෙයි..
ඔයා දැක්ක මුල් දවසෙ අමුතු හැගීමක් දැනුනෙ..ඒ ආදරෙ නෙමි..ඔයාගෙ අහින්සක නපුරු පාට මූනට..මේ කාක් කූඩයක් වගෙ තියෙන කොන්ඩෙට..දන්නෙ නෑ ඒ හැගීම..අවුස්සන්න හිතුනෙ හැම තිස්සෙම ..ඔයාව අවුස්සලා ඔයාගෙ තරහ මූන මතක් කරන් වරු ගානක් නොකා උන්නැකි..සැර දාන්නෙ මගෙ කියලා හිතෙන නිසයි. හැම තිස්සෙම ලගින් තියා ගන්බයි ඕනී..ආදරෙයි ගොඩක් මැට්ටිට..මෙච්චර කල් නොකීවෙ ඔයා වෙන කාගෙ හරිදෝ කියන සිතුවිල්ල හිතෙ තිබ්බ නිසා..ඒත් අද මැට්ටිගෙ හැසිරීමෙන් මන් දැන ගත්තා මට ආදරෙයි කියලා..
ඔයා හිතන්න කාටවත් කපන්න බැරි වුනු කොන්ඩෙ ඔයා නිසයි කැපුවෙ..ඔයා එදා රෑ ආයෙ එක්සෑම් කරන්න කීවම හිතට ආව ගැම්ම..ඒ නිසාමයි අර අක්කි එක්ක කතා කලෙ..මගෙ වෙලාවට ඊලග දවසෙ මන් ගියා ආයෙ ඇප්ලිකේශන් දෙන්න..එදාම ඔයත් එහෙ ගිහින්..අනෙ මැට්ටියෙ ඉතිම්..තේරෙන්නෙ නෑ කියන්න..
ආදරෙයි ආදරෙයි මැනිකෙ ආදරෙයි
එපා මට මැනිකෙ කියන්න
ඇයි
ඔයා හැමෝටම මැනිකෙ මැනිකෙ කියනවා
අහ් අයියො සමා වෙන්න..මෙන්න පොමිස් චූටි පල්ලා..ආයෙ මගෙ මැනිකට විතරමයි මැනික කියන්බෙ හොදෙ..කෝ කියන්න ඔයා මට ලෙව්ද කියලා
බෑ බෑ කියන්නෙම නෑ..ඔයයි මට ලෙව්..මන් ඔයාට ඉලව්..මැට්ටා…

–මතු සම්බන්දයි–

ඔන්න ආදරෙයි කීවා..දැන් පැටලැවිල්ල හරි නෙදෝ..අනෙ කියවන් යද්දි හිතුනු ඒවා කියලා යන්නො.. 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *