21

~~~~~යශෝධරා ~~~~
21 කොටස
එය අදුරු මාර්ගයකි ඒ ඔස්සේ මීටර් ගානක් ගියපසු පහළට ගමන් කිරීමට තවත් යකඩ පියගැටපෙළ පෙළකි …කෙසේ හෝ මා ඔසවා ගත් මිනිසා අඩි සීයක පමණ ගැබුරු මාර්ගයක් ඔස්සේ පිවිසෙන්න ඇත්තේ ළමා නිවාසයේ භූගත කොටසටය …. හතර අතට විහිදුනු උමං පෙත් අතරින් ඔහු ඇවිද ගියේ කෙලින් අතට තිබුණු මාර්ගයේය …. තවත් විනාඩි ගානක ගමනකින් පසු ඔහු නතර උවේ ගල්වලින් නිර්මාණය වී තිබු විසල් කුටියක් තුළය …
මේ ගමන් කල මුළු කාලයේම ඔහුගේ රළු අතකින් මගේ මුව තදින් වසා උන් නිසා කෑ ගසා මා අනතුරක බව කිමටදු මට අවස්ථාවක් උවා නොවේ …. මර්වින් මගේ මුව මත තිබු ඔහුගේ අත ඉවත් කලේ ගල් කුටිය තුලදීය ….
‘මට යන්න දීපන් …’ මම කතා කිරීමට හැකිවූ පළමු මොහොතේම මහා හඩින් බෙරිහන් දුන්නෙමි …
‘ කොහේ යන්නද බොල …ඔන්න ඔහේ හිටු … ’ මර්වින්ගේ මුහුණේ තිබුනේ තිරිසන් සත්වයෙකුගේ මුහුණකි …ඒ මුහුණ දෙස බැලීම පවා ජුගුප්සාජනකය ..
‘කව්රු හරි මාව බේරාගනීයෝ …’ මම පෙරට වැඩි හඩින් කෑ ගැසුවෙමි … කිසිවෙකුට මගේ කටහඩ ඇසි විත් මා ගලවා ගනු ඇතැයි මගේ බලාපොරොත්තුව විය …
‘කට වහගෙන හිටපිය …උබ ඔහොම කෑ ගැහුවාම උබේ ශක්තිය නැතිවෙන එක විතරයි වෙන්නේ … උබේ කෑ ගැසීම අහන්නවත් …උබට අනුකම්පා කරන්නවත් මෙහෙ කවුරුත්ම නැහැ …’ අර මිනිසාගේ මුහුණ පුරා තිරිසන් සිනාවක් පැතිර යද්දී හිතට ආ තරහා නිසාවෙන් මා කලේ ඔහුගේ මුහුණට කෙල පිඩක් ගැසීමය ..
‘ ඒයි ඇට්ටර කෙල්ලේ උබට මම උගන්වන්නම් හොද පාඩමක් …’ මගේ ක්‍රියාවෙන් ඔහු කෝපයට පත්වෙන්න ඇත …. මට බොහෝ ලංවුණ හෙතෙම මගේ දෙවුරෙන් අල්ලා තදින් සොලවා පසෙකට තල්ලු කර දමා මත්පැන් ගදැති ඔහුගේ මුව මගේ මුවට බොහෝ ලංකළේය …
මේ සිත්පිත් නැති මිනිසා මගේ ආත්ම ගරුත්වයට කිසිවක් කරනු ඇතියි යන බියජනක සිතුවිල්ල මුළු ශරීරයම පුරාම භීතිය නැමැති ගිනිදැල් දල්වද්දී මා මදක් පසු පසට උනෙමි … මොහු වැනි ජරා සත්වයෙකුට මට බිලිවිය නොහැකිය ….. ඊට වඩා මගේම දෑතින් මගේ ගෙල සිරකරගෙන මිය යාම යෙහෙකි …
‘මට කරදරයක් කරන්න නම් හිතන්නවත් එපා …’
‘හේ හේ … මට මොනවද කරන්න බැරි …මෙහෙ ඉන්නේ උබයි මමයි ….උබව මරලා දැම්මත් කව්රුත් දන්නේ නැහැ …’
ඔහුගේ දෑසේ තිබුනේ ගොදුරකට මාන බලන තිරිසන් සත්වයෙකුගේ බැල්මකි .. ඔහුගේ මුවින් පිටවෙන සුසුම් වල පවා තිබුනේ සැර මත්පැන් ගදකි ….
‘ඒයි මර්වින් අහකට වෙයන් ඔතනින් ..’ මගේ වේලාව හොදය ….. පැමිණ විත් තිබුනේ ඔවුන්ගේ අනිත් සගයා සෝමේය …
‘උබ මොකටද මෙහෙ ආවේ …’ හදිසියේ කඩා පාත්වූ සෝමේ දෙස හෙළු මර්ව්න්ගේ බැල්මේ තිබුනේ අප්‍රසාදයකි ….
‘අත ඇරපන් ඔය කෙල්ලව …. ඔය කෙල්ලට මොනවද කරන්න ලැහැස්ති වෙන්නේ …. උබට ළමා අපචාර ගැන තියෙන නඩු මදිද … මෙන්න මෙහෙ වරෙන් අරහේ සිරිල් අයියා උබ එනකන් බලාගෙන ඉන්නවා …’
‘මේකි මට පොඩි පාර්ට් එකක් දැම්මා …මම කියලා දෙන්න ගියේ මේ මර්වින්ගේ හැටි ..’
‘බලපන් බන් මේ පුංචි කෙල්ලගෙ ඇගේ මස් කළදක් නැහැ … උබටත් පිස්සුනේ … මෙන්න මෙහෙ වරෙන් යන්න ..’
‘මේකි පැනලා ගියොත් අපි ඔක්කොම අමාරුවේ වැටෙනවා …හිටපන් මම මේකිව ගැට ගහලා දාලාම එන්නම් ..’
ගුහාව කොනක තිබුණු මල්ලක් අවුස්සා ලණු කැරැල්ලක් අතට ගත් මර්වින් මා දගලද්දී දෑත් සහ දෙපා රැහැනින් බැද දැම්මේ උඩගු සිනාවක් පාම්නි …
ඔවුන් දෙදෙනාගේ පා ගැටෙන හඩ නොඇසි යනතුරු කන්දුන් මා ගල් ගුහාව සිසාරා බැල්මක් හෙලිමි … එය මදක් විශාල ස්ථානයකි ….තැනින් තැන ගොඩ ගසා තිබුණු මළුවල ඇත්තේ ඔවුන්ගේ හොර බඩු විය යුතුය …. කෙසේ හෝ මොවුන් මේ අද්භූත ස්ථානය බොහෝ අභිරහස් දෑ වලට යොදාගන්නවා විය හැකිය ….. කිසිවෙකුගේ සැකයට ලක් නොවෙන ස්ථානයක් බැවින් ඔවුන්ගේ අපරාධ වලට මෙය තෝතැන්නක් වෙන්න ඇත .. මහා රාත්‍රියේ පැමිණෙන මර්වින්ගේ වාහනයෙන් මෙම භාණ්ඩ ප්‍රවාහන කරනවා විය හැකිය ….
මොවුන්ගේ කල්පනාව මා ඔවුන්ගේ හොර තිප්පොළක මෙහාකාර සේවයේ යෙදවීමද .. නොහැක මට මගේ ජීවිතය මෙවැනි පාපතරයන්ට සේවය කර විනාශ කරගත නොහැක … කෙසේ හෝ මින් මිදී පලා යා යුතුය ….
ක්ෂණිකව මට සිහිවුවේ මගේ සාක්කුවේ තිබුණු තිබු දඩයම් පිහියයි …. මෙතරම් වෙලා මට එය සිහිනොවුනා පුදුමය … දෑත් පෙරට තබා ගැටගසා තිබු බැවින් සාක්කුවේ තිබු පිහිය ගැනීමට එතරම් අපහසු කාර්යක් නොවුනි … පිහිය හසුරුවමින් ලණු පට කපා දැමු මා කැපී තිබුණු දෑත් පිරිමැද්දෙමි …. පසුව දෙපයේවූ ලණුපට කපා දැමු මම නිදහසේ එහා මෙහා සක්මන් කලෙමි … තවත් මෙහි පමාවිය නොහැකිය …විගස පලා ගොස් සිදුවූ සියල්ල අභිතට පැවසිය යුතුය ..
මම ගලින් නිමව තිබු කුටියෙන් පිටතට පැමිණියෙමි …ගුහා කට විවරව තිබුනේ උමං මාර්ග කිපයකටය … ඒ උමන් මාර්ග කීපයම එකකින් එකක් වෙනස් නොවේ …. අපි මේ ගුහාවට පැමිණියේ කෙලින් මාර්ගයේය …මා එම මාර්ගයෙන් ගමන් කලොත් සිරිල්ගේ පිරිසට මුහුණදීමට සිදුවෙනු ඇත …. සිදුවෙන්නක් සිදු උනාදෙන් යැයි සිතු මම තෝරාගත්තේ විරුද්ධ අතට ඇති උමන් මාර්ගයයි ……
සාක්කුවේ තිබුණු ඉටිපන්දම දල්වා ගත් මම එය ඔස්සේ ඉදිරියට ගියෙමි …බොහෝ කාලයක් මෙම මාර්ගය කිසිවෙක් භාවිතයට නොගන්න ඇත ….. මම කිලෝමීටරයක් පමණ ඉදිරියට ගමන් කලෙමි …. ඉදිරියට යත්ම මා දුටුවේ උමගේ කිසියම් තැනකින් සද කිරණ පතිත වෙන බවකි … මා සදකිරණ පතිත වන දිශාවට ගමන් කළෙමි ….
මා ලගාවුවේ ළිදක පතුලකටය … අඩි දහයක් පමණ ගැබුරු එයින් ගොඩවීමට සිතන තරම් අපහසු කරුණක් නොවුනේ ළිං පතුළට වැටි තිබුණු වැලක් නිසාය … තවත් පමා නොවූ මම එහි එල්ලී ගොඩ උනෙමි …. විශ්වාස කරන්න මම ගොඩවී තිබුනේ අභිතගේ ගෙවත්තටය …
ඉතින් දැන් බියවීමට කිසිදු කරුණක් නැත ….මන්ද අභීත මට බොහෝ ආසන්නය …. මහා වැස්ස නිසාවෙන් මඩවි තිබුණු ගෙවත්තේ ඉදිරියට දිව ගිය මම නැවතුනේ අභිතගේ නිවසේ ප්‍රධාන දොරටුව අසලය …සිරිල් තවමත් මෙහි පැමිණ නැත්තම් හොදය ….
‘ගෙදර කව්ද ….කව්ද ඉන්නේ …’ මම දොරටුවට තදින් පහර දුන්නෙමි ….
‘අභීත සර් …’
‘විමලා විමලා කව්ද බලපන් ඇවිත් ඉන්නේ ..’ බොහෝ වෙලාවකට පසුව අභිතගේ කටහඩ ඇසුණේය .. තවත් මද වේලාවකින් දොර විවරවී මතුවුවේ විමලාය …
‘මේ වේලාවෙ මොකද මේ ළමයා …’ විමලා මා දෙස බැලුවේ අමනාපයෙනි
‘මට අභිත සර් හම්බවෙන්න ඕන ..’ ඇගෙන් අවසරයක් නොලැබම මම කඩාගෙන බිදගෙන නිවස තුලට ඇතුළු උනෙමි ..
‘ඒයි කෙල්ලේ නවතිනවා …..’ විමලා කෑ ගැසුවත් මා එය ගණන් නොගත්තෙමි ….
කාමරයේ දොරටුව විවර කරගෙන පැමිණි අභීත පැමිණ උන්නේ මා බව දැක දෑස් විසල් කරද්දී මම කලේ ඔහු වෙත දිව ගොස් ඔහුට තුරුළු වීමය … මා හදුනන ..මට අනුකම්පා කරන එකම කෙනා මොහුය ..ඉතින් මගේ හිතට සැනසීමක් ලැබුනේ ඔහු ලගදිය ….
‘යශෝධරා … මේ මොකද … ඇයි දරුවෝ මේ මහා රෑ මේ විදිහට ආවේ …’ මගේ දෑසට කදුළු නැගුනේ මෙතෙක් වෙලා මා ගැන නොදැනුනු ආත්මානුකම්පාවෙනි …..
‘අර ..අර …. ‘’ මට පළමුවෙන් කිව යුත්තේ කුමක්දැයි වැටහුනේ නැත ..
‘මොකක්ද උනේ කියන්න ..’
‘අරයා …’
‘කව්ද ….’
‘සිරිල් … එයා අර ළමා නිවාසේ අක්කා කෙනෙක් හංගගෙන ඉන්නවා ..දැන් එයා මිනිස්සු කට්ටියක් එක්ක එකතුවෙලා එයාව මරන්න යනවා ..’
‘නේ අපේ සිරිල් …’
‘ඔව් ….එයා … අනේ අපි ගිහින් එයාව බේරාගමු …’ අභිතට මා කිව්වේ මුසාවක් නොවෙන බව මගේ මුහුණ දැක වැටහෙන්න ඇත ..
‘යශෝධරා බයවෙන්න එපා ..මම හැමදෙයක්ම බලා ගන්නම් … ‘’ කාමරය තුලට දිව ගිය අභීත නැවත පැමිණියේ පිස්තෝලයක් අතින් ගෙනය .. ..
මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *