22

අචින්තයි අපේ ආදරේ
22

හීනයක් වී සරා
මා සිත් අග..
ගෙන ගොසින්
මා හද මඩල..
යලි ගෙනත් දුන්
නුඹෙ හදමත..
සිත්තමක් සේ
පිනයි මා සිත….

දවල් සිදු වෙච්චි දේවල් මේ දුප්පත් පපුවට දරාගන්න බැරි තරම්..මෙ ස්කීම් එකෙ උන්නු නපුරු දඩබ්බරයා මගෙ හිත අරන් ගිය විදිය..නපුරු කමින් මයි මාව අර ගත්තේ..සීගීරි සුකුමාලී..

මට පේනවා මැට්ටා ග්ර්.වුන්ඩ් එකෙ ඉන්නවා..ඇස් දෙක පුරාම මැවි මැවි පේන්නෙ මේ මැට්ටවනි අයියො..මට දැන් ඉගෙන ගත්තුවත් අමතක වෙනවා මේ කොහිද යන මැට්ටෙක් දිහා බලන් ඉන්න ගිහින්..

මන් බලන් ඉන්න හින්දද කොහිද මැට්ටා වැඩ සේරම දාලා සෙල්ලම් කරන්නෙ…මගෙ මැට්ටා..

“මොකෝ මේ කෙල්ල බැල්කනි එකේ…

මල්ශා තේ එකකුත් අරන් මන් ගාවින් හිට ගත්තා..

ම්ම්

ම්ම් නෙමි මොකො අනිමිස ලෝචනේද ..කවුද කොල්ලා..

මේකිටත් මුකුත් හන්ගන්න බැරි හැටි මට…මන් මල්ශට උත්තර නොදී පබා දිහාම බලන් උන්නා..

පෙනේද ආව පෙම් හිනාව..ආව් ආව්..මන් කියපු දේ ඇත්ත වගෙ..

ම්ම්..මුකුත් නෑ අනේ..කෝ අයින් වෙන්න.මන් දැන් යන්න ඕනී ක්ලාස් කරන්න…

ම්ම්ම් හරි හරි මෝඩියී..දෙයක් අහලා ඇතිනෙ..ආදරයයි කැස්සයි හන්ගන්න බෑ කියලා..ඕන් මන් නම් දන්නෙ නෑ…මොකක් උනත් මැට්ටිට හරි යබ්න්න ඕනී..මේකේ ඉන්න රස්තියාදූකාරයෙක්ට අහු නොවි කැම්පස් එකෙ කොල්ලෙක් අල්ල ගනින් ඈ…

මල්ශා දන්නවනම් මන් ආදරෙ පබාට කියලා මොනා කියයිද..අද හෙටම මේ දේවල් කියලා දාන්න ඕනී…

——
ස්නේහා නන්ගියි,සෙනුර මල්ලියි දෙන්නාට ගනන් වගයක් හදන්න දීලා මන් ඔලුව ඉස්සුවෙ පබාගෙ රූම් එක බලන්නම..මෙන්න බොලේ සීගීරී සුකුමාලි මන් දිහා බලන් ඉන්නවා..

වෙනදට කොච්චර ඒ මූන දිහා බලන් ඉන්නවද..ඒත් අද මට ඒ ඇස් දිහා කෙලින් බලන්න බැරි හැටි..කන ගාවින් පටන් අරන් කම්මුල් දිගෙ ගලන් එන ලේ හිතට අමුතු කෝල බවක් ගෙනත් දෙනවා..

ඔහොම බලන් ඉන්න ගියොත් කොහොමද මන් වැඩ කරන්නෙ..මන් ඔලුවෙන් යන්නකො කියලා ඉල්ලුවා..එයා එතන ඉදන්ම තොල් උල් කරලා හාදු දෙනවා..අනෙ මේ මැට්ටා නම්..බෑ අයියො හිත හදා ගන්න..බෑ බෑ බෑ…

සම්මානි අක්කේඒඒඒ

ම්ම්ම්ම්

මේඒ

ම්ම්ම්

මෙහෙ බලනවකො..

අහ් මේ මැට්ටෙක් නිසා මට ආව වැඩෙත් අමතක වෙනවා..

ඔව් කියන්න මල්ලි…

කියන්න නම් දෙයක් නෑ දැක්කනි..මන්ගලම් ජය මන්ගලම්..වේවා අපෙ ගෙදරත් මන්ගලම්..

අම්මට සිරි මල්ලි එල එල..දාමු බජව්වක්..

පබා එතන ඉදන් තාලෙට දොරට ගහනවා..මල්ලි සින්දු කියනවා..අනෙ අම්මෙ මේ අයියා මලෝ නම්..තකට තක…

හිතේ ඉන්නෙ දැන් ඔයාමයි
මගේම යැයි කියලා…ආඅ..ආ

නියමයි වන් මෝ..ඕයේ …

මෙ මල්ලො ඔන්න පාඩම් කරන්නෙ නැත්තම් මන් යනවා මට වැඩ තියෙනවා..

ඔව් ඔව් අපි දන්නවා..වැඩ වැඩ බැල්කනි එකෙ..

අනෙ මෙ යනවා..මේ මෝඩයො දෙන්නා නම්..මන් පොත් ටික අරන් නැගිට්ටෙ හිනා වේගෙනමයි..

එතකොටම පබා මට කොලේකින් ගැහුවා..එතන ඉදන් අහුල ගන්නවා කියලා තර්ජනෙ කලා..

මෙයාගෙ තර්ජන නම් අඩු වෙන බවක් නෑ..මන් කොලෙත් අහුලන් හිනාවීගෙන ආවා..මේ මැට්ටා නම්
ඇනෙක්ස් එකට ඇවිත් වොශ් රූම් එකට ගිහින් ගුලි කරලා ගැහුව කොලේ දිගෑ ඇරියා..

මැට්ටි අද රෑට බැල්කනි එකට එනවා..මල් කඩන්න..

හී මෙයා නම්..රෑට මට නිදන්න දෙන්නෙ නෑ වගෙ..

මල්ශලා එක්ක උන්නත් හිත තියෙන්නෙ වෙන තැනක..

මොකෝ අද කන්නෙ නැද්ද ආ

බත් එක එහෙන් මෙහෙන් අත ගගා උන්නා මිසක් කෑවෙ නෑ කියලා මතක් උනෙ දැන්..

කන්න බෑ අනෙ

මෙයාට ලෙඩක් හැදිලානි නිරූ අක්කි..

අර මොකක්ද..

අපි නම් දන්නෙ නෑ..ගොඩක් අයට හැදිලා තියෙනවලු..හැබයි තාම මට මේකීගෙ රෝග කාරක විසබීජේ නම් අහු වුනෙ නෑහ්..

හ්හෝ හෝ එහෙමත් එකක්ද..හොදයි හොදයි අපිටත් බැරියා සැලුන් ගිහින් වෙඩිමකට සහබාගි වෙන්න..ඔන්න දැන්මම කීවා සර්ප්යිවාලනස් ඩාන්ස් අපෙන්..

අනෙ මෙයාලා මොනා කියනවද මන්දා..අදයි ආදරෙ කීවෙත් ..මෙයාලා මගෙ වෙඩින් එකත් අරන් ඉවරයි..මන් අත් සෝදලා නිකමට බැල්කනි එකට ගියා…

ග්ර්මවුන්ඩ් එකෙ මෙයාලා පාටියක් වගෙ මොනාද මේ සෙලි බ්රෙමට් කරන්නෙ මෙයාලා..

වොශ් එකක් දාන් ඇදට වැටුනෙ කට්ටියට නින්ද යනකම් ඉන්න..අනෙ මටත් හැදිලා තියෙන පිස්සුවක් ඉතින්..

යාන්තමින් ඇස් පිය වීගෙන එනකොට මේන් පෝන් එක වයිබේට් වෙනවා..

Mattiye enne nahada a

අම්මො මෙයා නම්..යාන්තමින් මූන චුට්ටක් සෝදන් මන් හිමීට දොරත් ඇරන් බැල්කනි එකට ගියා..

එයා එදා තැනම ඉදගෙනම අහස දිහා බලන් ඉන්නවා..චූටියත් එයාගෙ අතේ…

පිටි පස්සට වෙලා මන් කොච්චර වෙලා බලන් උන්නද මන්දා .වෙනදා වගෙ නෙමි අද මන් එයාගෙ පෙම්වතිය..ඉතින් කොහොමද දෙයියනෙ වෙනදා වගෙ හරි හරියට කතා කරන්නෙ…

අහ් මේ පෝන් එක..

පෝන් එක රින් වෙන සද්දෙට එයා හැරිලා බැලුවා…

ඒ මූනෙ ඇති වුනු හිනාව තරු කැට දාහක් පෑයූවට වඩා එලියයි..මට නම් බෑ කෙලින් බලන් ඉන්න ඒ තරු ඇස් දිහා..මගෙ ඇස් බිමට පාත් වුනෙ හිතට දැනිච්ච කෝල බව නිසාමයි
මැට්ටි
හරකි
වැස්සි
කැරපොත්ති
උනහපුලි
ඇටකිච්චි
සොකඩකිච්චි
ගෙම්බි
හොට්ටි
මැට්ටි
එලවස්සි
අලිච්චි

හෑ…

ඉන්නවා ඔහොම මරනවා මන්

අනෙ අම්මෙ හම්බෙන පලවෙනි දවසෙම තමන්ගෙ ආදරවන්තිව මරන්න හදන ආදර වන්තයෙක් දැක්කමයි..මෙයා නම් අනෙ…

මෙහෙ එනවා මැට්ටි දැන්වත්…

තර්ජන ගර්ජන..මෙයගෙ

මන් හිමින් හිමින් අඩිය තියලා එතනට ගියා කොහොමත් මන් බයයි එතන ඉන්න..මගෙ අතින් ඇදලා එයා මාව ඉන්දෝගත්තා..

කෝ හැරෙනවා

මට බෑ

හැරෙනවා මෝඩී

මන් එයාගෙ පැත්ත හැරෙද්දිම එයා පෝන් එකෙන් පොටෝ ගත්තා..

අනෙ පොටෝ ගන්න එපා..නිදන් ඉදලා නැගිට්ටෙ..පෝන් එකත් එක්කම කැත වෙයි

අයියො මැට්ටි..මේ අහනව..

මොකක්ද

ගෑනු ලමෙක්ගෙ හැබෑ ලස්සන බලන්න ඕනී නම් එයාව බලන්න ඕනී කොයි වෙලේද දන්නවද්

ම්ම් නෑ

රෑ නිදාගන්න ගියාමයි..උදෙ පාන්දර නැගිට්ට ගමනුයි..මොකො දන්නවද කෙල්ලො කොහොමත් ඕන වෙලේක මූනත් තහඩුවෙ අරවා මේවා උලා ගෙනනෙ ඉන්නෙ..ඉතින් රෑට ඕවා මුකුත් ගාන්නෙ නෑ..මොකො රූම් එක ඇතුලෙ ඉන්නෙ..අනික රෑට හොදට් නෑ නි..ඉතින් කෙල්ලෙක්ගෙ හැබෑ ලස්සන බලන්න ඕනි මේ වෙලාව්ට..

ම්ම් ඒකත් එහෙමද ඉතිම්..මේ මන් ලස්සනද

අහ්පො මොන..මන් හිතන් උන්නෙ සුදු කෑල්ල කියලා..ශී අපායට ගහපු ක්ලැන්ඩරෙ වගෙ කැත අයියො සුදු පොත්ත කියලා මාත් රැවටුනා..

හුම් ඒකත් එහෙමද හුම්..මන් යනව ගුඩ් නයිට්..හොයා ගන්නවා සුද්දියක් ගිහින්..කලුවරෙත් සුදු පාටට පේන හුම්..මන් යනවා..

ඇයි අනෙ මන් කැතයි නම් හුම් මොකට ඉතින් කතා කරන්නෙ..

වාව් වාව් නපුරු මූනේ ලස්සන..මැට්ටියෙ ඔහොම ඉන්නවා

මට බෑහ්..

ඉන්නවකො

බෑ බැ බෑ හොයාගන්නවා ලස්සන කෙල්ලෙක්ව කලුවරෙ දිලිසෙන..

අම්මෙ මගෙ අම්මිට යන තරහා..මේ අහනවකො කියන්න දුන්නෙ නැනි..නපුරි

එයා යන්න ගිය මාව ආයෙම නවත්ත ගත්තා..පස්සෙ මගෙ මූන දෝතින් අරන් මූන දිහා බලන් බාවනා කලා

මගෙ මැට්ටි..මේ ලස්සන මට ඕනවටත් වඩා වැඩි..ලස්සනයි ඔයා…සුදු මූන..නපුරු ඇස්..නැස් නැස් හිනාවෙන කතා කරන ඇස් ..බක්කන් නහය..පොකුටු කොන්ඩෙ..අද ගොතලා පුන්චි කෙල්ලෙක් වගෙ ස්කූල් යන..මැට්ටි මගෙ..ආදරෙයි අම්මි

ඕනි නෑහ්..මන් කැතයි

හා මාව ඕනි නැද්ද

ඕන් නෑ

ඕනි නෑහ්

එපා..

හා යනවකො..ගුඩ් නයිට්..

හුම්

මන් එ මූන බැලුවා ..අබ පුපුරනවා..දැන් කොහොමද මන් එයාව යාලු කරගන්නෙ….
දැන් ඉතින් මෙයාව යාලූ කරගන්න ෆුල් ගෙමක් දෙන්න වෙයි වගෙ..මෙ මැට්ටා ඉතින් මාව අවුස්සනවා..තරහා යන්නෙ නැද්ද අයියො ඉතිම්..

මන් එයාගෙ අත අල්ල ගත්තා..ඒ අතෙ රස්නෙ..

එයා මගෙන් අත උදුරනවා..මමත් තව හයියෙන් අල්ලගත්තා

දෙනවා මැට්ටි ඔය මගෙ අත

කවුද කීවෙ නැ ඔය මගෙ අත..

නෑ දෙනවා

හරි දෙන්නම්..ඉන්නකො මන් සාස්තරයක් කියන්නම්

හා ඒවත් දන්නවද්

ම්ම් ඔව්

හුම් කියනවා බලන්න

ඕන් හරි හරියට කියවුනොත් මන් කියන දේ කරන්න ඕනි හොදෙ .

හරි මගෙ අම්මි හා

ම්ම්ම්..මන් ඒ අත මගෙ අත් දෙකින්ම අල්ල ගත්තා බොරුවට රේකා බලනවා වගෙ .

ඕන් මාත්තියා..මාත්තියා හරිම වාශනාවන්ට තමාඅ මාත්තියා..ශිකුරා ටමා ලබලා තියෙනවා.මාටියා යන යන තැන කෙල්ලො ටමා..එතෝට මාට්යාෑට වන්ඩි තමා ටියනවා පාරෙ යද්දි පුටෑස් ගාලා තමා පුපුරනවා..ලගඩිම මාටියා විබාගයක් ටමා කොරනවා..

අහ් එහෙමද..ඉතින් ඉතින්

මාටියට ලමයි..එකයි යෙකයි තුනයි නැස් නෑ පහක් ටමා ලැබෙනවා..ඒට් ඉටින් මාටියා නම් කැමටි තා හඩන්න නෝනි ටමා අකමැති වෙන්නි..යාලූවො ටමා මාලුවො වගෙ පාශෙන් එන්නෙ..

තව තව

ම්ම් ලාශන ශුඩු කෙල්ලෙක් ටමා හම්බෙනවා..හොදට ඉගෙන ගත්තු ශුඩු නෝනා..මහට්ටයව හඩලා තමා ගන්නවා..

පබා එක පාරටම නැගිට්ටා..

නැගිටලා වට පිට බැලුවා..

මොනාඩ මාටියා බලන්නෙ

ශාස්තර නැන්දා කියපු කෙල්ල..කෝ කියලා

ඕනි නෑ යනවා යන්න..හුම්..

අයියො සාස්තර නැන්දගෙ ගාස්තු එපාද

නෑ ඕනිබ්නෑ ගුඩ් නයිට් මන් යනවා..

ඔහොම ඉන්නවා මැට්ටි..ගාස්තු අරන් යනවා

බැස්

එලුච්චි ..

පබා මාව අල්ලන් මගෙ නල්ල ..කම්මුල්,දෙතොල් මත සිත්තම් ඇන්දා..

ඔන්න සාස්තර නැන්දගෙ ගාස්තු..දැන් ඉතින් අනාගතෙ ගැන බය වෙන්න ඕනි නැස්

ඒ මොකො

මන් ලමයි බලන් ගෙදර ඉන්නම්..ඔයා සාස්තර කියලා සල්ලි හොයන් එන්න..

ඔයා නම් මැට්ටා මැට්ටා..

මැට්ටි ඌයි කොනිත්තන්න එපා..ඌයි ඌයි..

මරනවා මන්

හා සාස්තර කියලා සල්ලිගෙනල්ලා දීලා ආ..

මේ මැට්ටා නම්..අයියො

මන් ආදරෙයි මැට්ටියෝ

මාත් ..

–මතු සම්බන්දයි — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *