22

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 22 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

කෙල්ල වැටෙනවත් එක්කමයි අමීන් දොර ඇරගෙන ඇතුලට ආවේ..
කඩලා දාලා තියන බියර් කෑන් දැක්කාම අමීන්ගේ අත මිට මෙලවුනත් කොල්ලා ආයම් අඩි දෙකක් ඉස්සරහට ගිහිජ් වැටිලා ඉන්න ආදි දිහා බලලා වොශ් රූම් එකට යනවා..

අමීන් හිතන්නේ කෙල්ල බීලා බීල වැටිලා ඉන්නවා කියලා..අමීන් වොශ් කරන් පහලට ගියේ ඩිනර් එක ගන්න..
කොල්ලා ශාමින්දි එක්ක ඩිනර් එක ගද්දි අමීන්ට දැනුනත් අමුත්තක් අමීන් කෑම කෑවා..

ඒත් ආදි එහෙම ඉන්න එක අමීන් ඒ තරම් හිතන්නේ නැත්තේ කෙල්ල ඉන්නේ බීලා කියලා හිතුන නිසා..ඒත් අමීන්ට කාලා ඩෙසර්ට් එක දැක්කාම මතක් උනේ සින්ක් එක ගාව මොනා හරි තිබ්බා කියලා..

අමීන් උඩට දුවගෙන ගිහින් ආදිව අනිත් පැත්ත හරවද්දි කොල්ලා දකින්නේ නහයෙන් ලේ එන ඊටත් වඩා මුලු ශර්ට් එක පුරාම ලේ තවරන් සිහි නැතිව ඉන්න කෙල්ලව..

අඩියට දෙකට අමීන් කෙල්ලව අරගෙන පහලට දුවගෙන ගියේ හදවතම වේදනා දෙද්දි..
ඒත් හොටෙල් එකේ මැනේජර් එයාලාගේ හෙල්ත් සර්විස් එකක් තියනවා කීවාම කොල්ලා එතනට යන්න ගියත් අමීන්ට ආදිව දැනෙන්නේ නෑ

කෙල්ල එන්න එන්නම අඩපන වෙලා අත කඩාගෙන වැටෙද්දි අමීන්ගේ දෙපා ලොක් වෙනවා..හුස්ම ගන්න හැදුවත් කෙල්ලගේ මුලු ගතම එන්න එන්නම සුදුමැලි වෙලා..

කැස්ස ඒක්කම කෙල්ලගේ මුවෙන් එන ලේ දැක්කාම අමීන් ආදිව හදවතටම තද කරගන්නවා..
අවුරුදු ගානකට කලින් පාරුල් කොල්ලව දාලා යද්දි ඒ දැනුන හැගීමම අලුතින් ආයම අමීන්ගේ හදවත පාරනවා..

ඒ මුහුනට වැටුන කෙස් එහාට මෙහාට කරලා අමීන් ඒ මූන දිහා බැලුවත් කෙල්ලගේ ඇස් බාගෙට පියවිලා..මොකක් උනත් කෙල්ලගේ ඉදිමුන ඇස් දැක්කාම අමීන්ට මොනාද දැනෙනවා..

හදවතේ එක පැත්තක් හිර වෙලා වගේ දැනෙද්දි කොල්ලා ආයම ආදිව පපුවටම තද කරගෙන කෙල්ලව අරගෙන පහලට යනවා..

හොටෙල් එකේ මැනේජර් කෙල්ලව ට්‍රොලියකට ගත්තේත් අමීන් කෙල්ලගේ අත අල්ලන් එහෙම්මම ට්‍රොලිය තල්ලු කරෙත් නොදන්න හැගීමක් හිතට වදදෙද්දි..

කවදාවත් නැතිව ඒ හුස්ම ගැන අමීන්ට බයයි..අමීන් ශාමින්දී එක්ක කතා කලේ කැමැත්තකින් නෙවේ..ඒත් කොල්ලට වෙනසක් පෙන්නන බෑ .

තනූජ්ගේ හැමදේම තියෙන්නේ ශාමිගේ අප්පච්චි අතේ..අමීන් ඉවසන් කතා කලේ පාරුල් නැති උනේ ශාමි නිසා කියලා ඒ හදවතට දැනෙද්දි..

මොනා උනත් ශාමිව දකිද්දි ඇග පුරාම දුවන්නේ පිලිකුලක හැගීමක් එක්ක පසුතැවීමක්..කොල්ලා ආදි යනවත් එක්කමයි කාර් එක අරන් ශාමිට කතා කරලා යන්නේ..

ඒත් ශාමින්දිගේ කාර් එක බ්‍රේක් වෙලා කීවාම අමීන් කෙල්ලට කාර් එක ගරාජ් එකට අරන් යන්න උදව් කරනවා.එතනින් එහාට ආයම අමීන් ශාමිව දකින්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන්..

කෙල්ලව චෙක් කරපු ඩොක්ටර් කීවාම කෙල්ලට ගෑස්ටරයිටිස් වැඩිම වෙලා කියලා අමීන් ඇස් පියාගන්නේ ඇත්තටම කෙල්ල උදේ ඉදන්ම කාලා නෑ කියලා මතක් වෙද්දි..

බේත් අරගෙන ආදිට සේලයින්ට් එකක් දීලා අමීන් කෙල්ලව එක්කන් එද්දිත් ශාමින්දී හිටගෙන ඉන්නවා..

ආමී වට්ස් රෝන්ග් 😐

නොප් ශාමී මගේ ෆියෝන්සි පොඩ්ඩක් ඩ්‍රින්ක්ස් අරන්.අවුලක් නෑ 😊

කොල්ලා හිනාවෙලා ආදිව උඩට අරන් යද්දි ශාමින්දී ඉන්නේ තරහට අත මිට මොලවන්.උඩට යන්න ගියපු අමීන් ආයම හැරුනේ මොනා හරි කියන්න උනත් ශාමිගේ ම්ට මෙලවුන අත් දැක්කේ අහම්බෙන්..

මොනා උනත් ඉස්සරහට ආදිව බලාගන්න වෙනවා කියලා අමීන්ට දැනුනේ ශාමිගේ මූනේ වෙනස් වෙන හැගීම් දැක්කාම..

අමීන් කෙල්ලව උඩට අරන් ගිහින් කෙල්ලගේ ඇදුම් මාරු කරලා ශීට් එක පෙරෙව්වේ ආදිට නිදන්න දෙන්න..අමීන් වොශ් එකක් දාගෙන ඇවිත් කලිසම ඇදගෙන ඇදට පැන්නේ නිදාගන්න..

ශර්ට් එක ඇදගන්න අමතක උනා කියලා මතක් උනාම අමීන් නැගිටින්න හදද්දිම නින්දෙන් කෙල්ල අමීන්ගේ තුරුලටම ඇවිත්..

අමීන්ට හෙලවන්න බැරි වෙන්න අතයි කකුලයි දාගෙන පොඩි හා පැටියෙක් වගේ කෙල්ල නිදි..අමීන් කෙට හාද්දක් කෙල්ලගේ දෙතොල් මත තියලා අයින් වෙන්න ගියත් ආදි අමීන්ගේ දෙතොල් හපාගන්නවා..

එතනින් එහාට හුස්ම ගන්න බැරි වෙන්නම ආදි කිස් කරද්දි අමීන් දන්නවා කෙල්ල තාම ඉන්නේ මත් වෙලා කියලා..

කොල්ලගේ නිරුවත් පපුව පුරා යන කෙල්ලගේ ඇගිලි තුඩු වලට අමීන්ගේ හැගීම් එන්න එන්නම ඇවිලෙනවා..කොල්ලා හිමිට කෙල්ලගෙන් දෙතොල් මුදාගත්තත් ආයම ආදි කොල්ලා ගාවට එන්නේ උමතුවෙන්..

ජානූහ් 😴😴

එක පාරම අමීන් ගැස්සිලා ආදි දිහා බලන්නේ ඇස් ලොකු කරලා..

ජානුහ් 😴😴

ආයම කෙල්ල ජානු ගාද්දි අරතොරක් නැතිව අමීන් කෙල්ලව සිපගන්නේ වේදනාවෙන්.
ඒ නම එක්ක බැදුන අතීතය අමීට වගේම ආදිටත් දුරයි..

ඒත් හදවත් දෙකක් එකම හැගීමෙන් එකම කටහඩෙන් කියද්දි අමීන්ට පුදුමයි..

පාරු කියන්න මේ ඔයා පාරුද..😧

නැහැ ජානූහ්..මන් ආදී 😴

අමීන් කෙල්ලව අත් දෙකට අරගෙන හෙලෙව්වේ ආයම කෙල්ල ඇස් අරි කියලා උනත් ආදිව එන්න එන්නම සීතල වෙද්දි අමීන්ව ගැහෙනවා..

ජානුහ් මන් ආවා ආයම..ඒ පලිය එහෙම්මම ගන්න 👻

නැහැ👿
එයාව අතාරින්න පාරු ආදි ඔයාට කිසි දෙයක් කරලා නැහැ 😡

ඔයාට අමතකද ජානු ඔයා මගේ මේ මගේ..මේ කෙල්ල මන්..තනිකරම මන් 👻

නැහැ පාරු ඔයාට බැහැ එහෙම කරන්න..ආදිට ලන් වෙන්න එපා දෙයියනේ 🙏

එතනින් එහාට ආදි කලන්තේ දාලා වැටුනාම අමීන්ගේ ඇස් වලට කදුලු එනවා..

කල්පයක් ආදරේ කරලා තවත් කල්පයක් තමන්ගේ කරගන්න පතපු පාරුල් කොහොමද හොල්මනක් වෙන්නේ .

අනික මෙහෙම එන්න තරම්..නැහැ ඒ පාරු නෙවේ..පාරුල් මැරිලා නෑ සත්තයි..😭

අමීන් ආදිව පපුවට තුරුල් කරගෙන ඉස්පාසුවක් නැතිව සිපගත්තේ වේදනාවෙන්..මොහොතකට උනත් පාරුල් මැරිලා කියලා අමීන්ට ආදි ගාවදි දැනෙන්නේ නෑ..

ඒත් පාරුල් මෙහෙම ආදිගේ ඇගේ ඉදන් කතා කලේ ඇයි කියලා තාමත් අමීන් දන්නේ නෑ..

ආදිව එන්න එන්නම සීතල වෙද්දී අමීන් තව තව කෙල්ලව පපුව උඩටම ගන්නවා..

මට සමාවෙන්න පාරු..ඒ වරදට සමාව දෙන්න 😰

ඒත් ආදිව මගෙන් ඈතට ගන්න එපා..ප්ලීස් මන් ආදිට ආදරේ කරනවා 😭

ආමීන්ගේ වේදනා බර සුසුම් ආදිගේ පපුව අස්සේ හැන්ගිලා යද්දියි අමීන්ගේ ඇස් පියවෙන්නේ..

කොල්ලා හිතන්නේවත් නැති වෙලාවක ආදිගේ කටහඩ එක්ක අමීන් ගැස්සිලා ඇහැරුනෙත් කොල්ලගේ ඇස් උඩ ගියෙත් එකටම.

ආදි ඇද උඩට වෙලා අමීන් දිහා බලන් ඉන්නේ ඇහි පිල්ලමක් වත් නොගහා..කෙල්ලගේ කට දෙපැත්තෙන් ලේ එද්දි අමීන් කෑගහන්නේ බයටම..

ඒ එක්කම ආදිව ඇදට වැටුනාම අමීන් කෙල්ලව බදාගන්නවා..ඒ එක්කම වගේ අමීන් ආයම ආදිව පපුවට ගත්තත් කෙල්ල අමීන්ගේ පපුව ලේ එන්නම හූරද්දි අමීන් කෑගහන්නේ වේදනාවෙන්..

දරා ගන්න බැරි වේදනාවක් දැනෙද්දි කොල්ලා දකින්නේ පපුව සීරිලා ලේ එනවා..ආදි ඒ දිහා කෑදර කමින් බලාගෙන ඉදලා අමීන්ගේ ලේ උරන්න ගත්තාම ආයම අමීන් කෑගහනවා..

ටිකක් වෙලා බලාගෙන ඉදලා මුලු කොන්ඩෙම කඩලා දාලා ආදි හිනා වෙන්නේ ඇගේම මයිල් කෙලින් වෙන්න..

ආදි ඉස්සරහට ඇවිත් අමීන් ගාවින් හිටගෙන මූන කොල්ලගේ පැත්තට හරවද්දි අමීන් දකින්නේ කෙල්ලගේ මූනේ එක පැත්තක්ම බෑ කියලා .අමීන් කෑගහගෙන දුවද්දිම
ආයම ආදි කොල්ලව අරගෙන කකුලෙන් අල්ලන් දෙපැත්තට වීසි කරද්දි අමීන් මර ලතෝනි දෙනවා.

අමීන්ගේ මුලු ගතම දාඩිය තෙත් වෙලා..කකුල් දෙකේ ඉදන් ගැහෙන්න ගන්නේ බයටම .අමීන් ඒ වෙද්දිත් ඉන්නේ එකසීය ගානට බයවෙලා..

කොල්ලට දැනෙන්නේ ඒ හැමදේම දැන් තමන්ට වෙලා වගේ..හුස්ම ගන්න බැරි තරම් පපුව හිර වෙන්නේ ඒ ඉන්නේ පාරුල් නිසා..

අමීන් ආයම අත් දෙකෙන්ම කට වහගෙන කෑගහන්න ගද්දිම වගේ පාරුල් වැහිලා ඉන්න ආදි අමීන්ගේ බෙල්ල මුලටම අල්ලා ගද්දි…

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

කතාව ගැන අදහස් කියන්න..මන් හරි ආසාවෙන් දිගම දිග කමෙන්ට් කියවන්නේ 😊😊

Like Comments. වලට තෑන්ස්..😊😊

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *