22

##නිම්හිම් සේයා##
22

කල්පනා කරලා කල්පනා කරලා බැරිම තැන කල්පනා කරන එක නවත්තලා දැම්ම..කොහොමද තාත්තිව දෙනෙත් අයියට මුනගස්වන්නෙ කියලා..අයියා කීව දේ නිසා තාත්ති දෙනෙත් අයියා ගැන වැරදි විදියට හිතන් ඉන්නෙ..

මට වඩ සමාජේ ගැන මේ දෙන්නා තුන් ධෙනාටම ,experience තීනානී..හේතූවක් නැතිව අකමැති නොවෙන බව දන්නවා ..ඒ එවගේම මොහොතක් දෙනෙත් අයියා එක්ක කතා කලා නම් චුට්ටක් හරි එයා ගැන තියෙන වැරදී වැටහීම අඩු වෙනවා කියලාත් දන්නවා..ඒත් මේ හමූවීම කෝමද දාගන්නෙ..මන් හිතන විදියට ජනාධිපති තුමා හම්බෙන්න වත් මෙච්චර කෙනෙක් කල්පනා කරන්නෙ නැතුව ඇති..

කතා කරනවා තියා තාම කවුරු ත් ඊයේ ඉදන් මා එක්ක හිනාවත් උන්නෑ..කට්ටියගෙ මූනූ හොදයි අපායේ කැලන්ඩරේට දාන්න..අබ ටිකක් දැම්මොත් ශුව පිපිරේවි පට පට ගාලා..

තාත්තිට බලපෑමක් කරන්න තරම් ඉහල කෙනා කවුද …මේ වෙලාවෙ බින් ලාඩම් හරි බැරක්ක ඔබාමා හරි මොකා ආවත් තාත්ති වෙනස් වෙනනෑ..කාටද කාටද පුලුවන් …මේ මුරන්ඩු මාලියව වෙනස් කරන්න …
ම්ම්ම් ම්ම්ම්..මතක් වෙන්නිම නෑනී…

මන් ඔලුව කස කසා රූම් එකේ එහෙ මෙහෙ ඇවිද්දා..මගෙ තැන වෙන කෙල්ලෙක් උන්නනම් මොනා කරගනීවිද..

තාත්තිව බය කරලා..ඒත් මට බෑනේ ඒකත්..උඩ තට්ටුවෙන් බිමට පැනලා..ඒකත් බෑ මෙතනින් පැන්නම කෙලින්ම මිදුලෙ රෝස ගස් තීන තැනට..එත් බෑ මට මගේ මූනේ කටු ඇනි සොදුරූ මූන තුවාල වී,විරූපී වෙයි..අයියෝ මමත් හිතන ඒවා..රායිට් ආවා අයිඩියා එක..

මගෙ සුදු චූටී චොකලට් කෑල්ල,පරමාණු බෝම්බේ එකී නොකී මෙකී හැමදේම තීන ප්‍රේමවතී මනම්පේරී…

මන් හොර පූසීයා වගේ ආච්චම්ම ලගට ගියා..ආච්චම්ම බන අහනව..හිමින් ගිහින් කකුල් මසාජ් කරන්න ගත්තා..
ආච්චම්ම දැහනකට සමාවැදිලා වගේ..හයියෝ..මොකෝ කරන්නෙ ..මේ වෙලාවට තමයි සුපිරි රන්ගනයක් ඕන කරන්නෙ තාත්වික විදියට..ග්ලිසරින් ටිකක් තිබුනනම්..

ආච්චම්ම

ආච්චම්ම ..

අනේ ආච්චම්ම

අයියෝ මෙයා මෙච්චර වෙලා කනෙ පුලුන් ගාහන්නෙ ඉදලා තියෙන්නෙ ..

ආච්චම්ම ..

ඇයි මැනික

අනේ ආච්චම්ම තාත්තිව් කැමති කොරෝලා දෙන්න ..මේ වෙලේ ඔයාට විතරයි ඒක කරන්න පුලුවන් ..අනේ පීස් පීස් පීස්.

ආච්චම්ම අන්දමන්ද වෙලා බලන් ඉන්නවා..ඇදේ ඉන්න එයාට ගෙදර කවුරු හරි කීවොත් මිසක් කොහොම දැනගන්නද වෙන දෙයක්..

මුල සිට අගට ,අග සිට මුලට් හැමදේම එකක් නෑර කීව..රගපානවා කියලා හිතුවට දෙනෙත් අයියා ගැන ,අපෙ ආදරේ ගැන කියෝගන යද්දි කදුලු වැටුනේ ග්ලිසරින් දැම්මටත් වඩ ..ඒ කදුලු ඉකියකට හැරවිලා අන්තිමට කටින් වචන පිටවුන්නෑ..මන් ආච්චම්ම බදා ගත්තා..ඒ පපුවට බිම දනගහන් ඔලුව තියාගෙන හිත හැදෙන කම්ම ඇඩුවා..

අනේ ආච්චම්ම එයා හරි හොදයි ආච්චම්ම නර්ක කෙනෙක් නෙමී..එයාව ඕනී ආච්චම්ම එයාව ඕනී..සත්තයි එයා නොලැබුනොත් මන් යනව කොයි හරි යනවා යනව යනවමයි..අනේ ආච්චම්ම තාත්තිට එකම එක පාරක් එය මුන ගැහෙන්නෙ කියන්න ..එකම එක වචනයක් කතා කරන්න කියන්න ..ඊට පස්සෙ තීරනයක් ගන්න කියන්න ආච්චම්ම ..ඔයා විතරයි තාත්තිට කියා දෙන්න පුලුවන් කෙනෙක්ට ඉන්නෙ..අනෙ මගේ ආච්චම්ම

තව මොන මොනා මන් කීවද මන්දා..ආච්චම්ම ආදරෙන් මගේ ඔලුව අතගෑවා..ඒත් මුකුත් කියන්නෑ..

ආච්චම්ම අනෙ උදව් කරන්න ..මට එයා ඕනී ආච්චම්ම ..මගෙ ජීවීතේ එයා..එයා අපෙ අයිය වගේම හොද කෙනෙක් ආච්චම්ම ..තාත්ති අයියා වගේම එයත් මට ආදරෙයි ආච්චම්ම ..අනේ අහ්..ආච්චම්ම එක සැරයක් තාත්තට කියන්න ආච්චම්ම ..

චූටී මැනික ..

ඒ ඇහුනු සද්දෙන් මාත් ආච්චම්මත් දෙන්නම ගල් ගැහුනා..

තාත්තියි අයියයි දෙන්නම ..අනෙ ඉතින්..

චූටී මැනික ..ඇයි මේ ..

අනේ නන්ගි..

මන් තාත්ති ලග දනින් වැටුනා..ඇඩුවා ඇති තරම් ..

නවත්තන්න දූ..අපි එච්චර නපුරුද මැනික.ඔයා මේම අඩවන්න තරම් ..ඔයාව මෙහෙම අඩවලා අපට ඉන්න බැ මැනික..ඔයා දන්නවා ඔයා අඩද්දි අපෙ ගෙදර ඔක්කොම්ල්ල අඩන බව..මේ ගෙදර සතුට ඔයා මැනිකෙ..අඩන්න එපා..

තාත්ති මාව නැගිට්ටොලා එයාගේ පපුවට තුරුල් කරගත්තා ..

මගෙ කෙල්ල මෙච්චර අඩන්න තරම් ඒ කොල්ලට් ආදරෙ ද මැනික..තාත්තටත් වඩ..කියන්න ..

අනෙ තාත්ති එය නරක කෙනෙක් නෙමී තාත්ති ..අනෙ එකම එක වතාවක් එයාට එකම එක චාන්ස් එකක් දෙන්න ඊට පස්සෙ ඔය ගන්න ඕනම තීරනේකට මන් කැමති වෙන්න.ම්ම්..

ඇත්ත..දන්න දාක මන් මේ විදියට අඩලා නෑ..පුන්චි කාලේ නොතේරුම් කමට අරවා මේවා ඉල්ලලා ඇඩුවට ..

අයියත් මගෙ ඔලුව අත ගානවා..මට නොදැනෙනවා නෙමි මේ ආදරේ..ඒත් මට දෙනෙත් අයියවත් ඕනී.ඒක එයාලගෙ අකමැත්තෙන් නෙමි..කැමත්තෙන්..

මොහොතක නිහැඩියාවක් ..

මාලී කෙල්ල කියන දේට ඇහුම් කන් දෙන්න..

අන්තිමේ ආච්චම්ම තීරනේ දුන්නා..දැන් …ඉතින් දැන්..ලබ් ඩබ්..ලබ් ඩබ්..ටික් ටොක් ටික් ටොක්..සද්ද විතරයි..

දිග සුසුමකට පස්සෙ..

හ්ම්ම් හෙට එන්න කියන්න ලමයට..

මොකක්..අහ්..ආයෙත් ..අනේ

දැනෙන සතුට..මන් ආච්චම්ම ,තාත්ති ,අයියා තුන් දෙනාවම කිස් කරලා මිදුලට පැන්නා ..

හුරේ..හුරේ..

සුදු බෝලයෝ දෙන්නව නෑව්වා හෝස් එකෙන්..ම්ම්ම් දැන් මේක ඩී එන් එස් ට කියනකම්…

හිතට දැනෙන සතුට වචන කරන්න තේරෙන්නෙ නෑ..තාම තාත්ති කැමති නෝනූ බව ඇත්ත..ඒත් දෙනෙත් අයියා දැක්කම ..එයා එක්ක කතා කලාම හැම තීරනයක්ම වෙනස් වෙයි..

සාක්කුවෙ තිබුනු පෝන් එක අරන් අඹ ගහේ අත්තකට නැග්ගා..කකුල් දෙකත් පද්ද පද්දා..ම්ම්ම් ම්ම් ම්ම්ම්..

මේන් රින්ග්ස් යනා..

හෙලෝ

ඩීඑන්එස්

මැනික මන් මීටීන් එකක..

අනේ..

පස්සෙ ගන්නම්..

මොකක් පස්ස ගන්නම්..මන් කොච්චර අමාරුවෙන්ද කැමත්ත අරගත්තෙ මෙයා පස්ස ගන්නම්ලු..එයා පාර්ලීමේන්තුවෙ ජාතිය ඇමතුවත් මට කමක් නෑ..දැන් ඉස්සුවෙ නැත්තම් ..

තුන් හතර පාරක්ම එක දිගට මන් කෝල් කලා..අහ් දැන් නම් කේන්තීයි..අහු වෙද්දෙන්කෝ ..

දැන් අඹ ගහෙ පතුරු සෑහෙන්න මන් ගලෝලා ඉවරයි ..තීන කේන්තියට …අන්තිමේ එයා කෝල් කර..මගේ තිබුනු කලබලේ තරම ..පෝන් එක අතින් ගිලිහිලා කෙලින්ම කානූවේ..

දෙයියෝ මගේ හාට් එක නැවතුනාටත් වැඩිය දුකක් අනෙ අයියෝ මගේ පෝන් එක…

එතනම බිම දනගහන් කානූවට අත දැම්මා..පෝන් එක සම්පූර්ණයෙන් කලු වතුරෙන්..වැහිලා..පුන්චි කාලේ මඩ ගෑවෙනවට බයේ මැටිවත් නොඅල්ලපු මන් පෝන් එකක් වෙනුවෙන් ඒ ජරා කානූවට අත දැම්ම..ඩී එන් එස්..මේවට වන්දි ගෙවන්න වෙයි හොදේ..

ඉක්මනට පෝන් එක අරන් ගලෝලා ඇදන් උන්නු ටී එකෙන් පිහදැම්මා .අනේ දෙයියෝ මේක වැඩ කරන්නෝ..

හරි රින්ග්ස් යනවා..

අයියෙ මේ අහන්න..හෙට දවල් අපෙ ගෙදර එන්න..මේක ඕඩර් එකක්..මිස් සේයගෙන්..පෝන් එක තියනවා..ගදේ බෑ..මේ වෝනින් එකක්..ආවෙ නැත්තම් මන් කන්නෙ නෑ..ඔයාට කන්න දෙන්නෙත් නෑ..ටොම්සිටත් කන්න දෙන්නෑ..විස්තර පස්සෙ..දැනට ඔයාගේ මීටීන් එක කරන් යන්න..මේ මගුල ගදයි..බායි උම්මා..අසා සිටි ඔයාට ටැන්කු..

හා හරි දැන්..පෝන් එක නාවමූ ගෙනිහින්..

(මතු සම්බන්දයි ..පුලුවන් උනොත් අදම ඩී,එන් එස් ව ගෙදරට ගෙන්න ගමූ.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *