23. වන කොටස.

මියෙදෙන තුරා.

කිව්වේ නම් කොහොමද සෙව්මිණීගේ තැන වෙනකාටවත් ගන්න බෑ. මම අායි කසාද බදින්න කැමති නෑ කියලා. ඒත් තමන්ගේ දරුවෝ දෙන්නගේ අම්මා මැරිලා අවුරුද්දේ දානය දෙනත් තලින් තව බිරිදක් බලන්න යනවා.

*කොහොමද නිල්මිණී නංගී.*

*මට නම් නිසි අවුලක් නෑ. හැමෝටම කියන්නේ. මගේ ජීවිතෙන් අයින් වෙලා ඉන්න.*

මම ඒහෙම කියාගෙන ගියේ සුමේධ අයියා දකින විට මට අප්‍රදායක් දැනෙන නිසාවෙන්.

*මොනවද ලොකු අක්කී ඔයා කියන්නේ .මොකද ඔයාට වෙලා තියෙන්නේ.*

*මට නම් මොකුත්ම වෙලා නෑ. ඒත් මම දැන් කාගේ කාගෙත් හැටි හොදටම දන්නවා.*

*මට පේන්නේ නිල්මිණි නංගී මං ගැන වැරදියට හිතලා වගේ.*

*මම කා ගැනවත් හිතන්නෙත් නෑ. හිතන්න ඔනෙත් නෑ. මට පාඩුවේ ඉන්න දීලා සේරමලා මෙතනින් ගියානම් හොදයි.*

පොරවනය හරි ගස්වා ගත් මම අනික් පසට හැරිලා නිදා ගත්තා. මට අැහුනා හැමෝම පිට වෙලා යනවා. චූටී දූ අඩද්දීම වගේ සුමේධ අයියා ඒයාව වඩන් ගිය බව අැහුනා.

මේ සිදු වීම් වලින් පස්සේ මම පහළට යන ඒක හුගක් අඩු කරලා. හුදකලාව ජනෙල් කවුළුව අසලට වී ඉන්නට පටන් ගත්තා. ඉද හිට දරුවන් අාවත් මම පහළට යන්න කැමති වුනේ නෑ. දරුවෝ දෙන්නා කාමරයට ගෙන්න ගත්තේ මොන දේ සිද්ද වුනත් දරුවන් දෙදෙනාට තවමත් ඒදා මෙන් අාදරය කරන නිසයි.

සති දෙකක් පමණ ගෙවී ගියේ හරිම වේදනාවෙන්. සුමේධ අයියා නිතර අැමතුන් ගත්තත් මම ඒවට සවන් දෙන්න අකමැති වුණා. දින පතා කරුණු පැහැදිලි කරමින් කෙටි පණිවිඩ අාවාත් ඒ ඒකක් වත් මට කියවන්නට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. මම කාගේ වත් බසට සවන් දෙන්නට අකමැති වුනා.පුංචී නංගිත් ඒ දවස් කීපයට සෑහෙන්න වෙනස් වෙලා තිබුනා. අැය පෙර අාකාරයටම මට සලකන්ට පටන් ගත් නිසා මම අැගේ අැස ගැටෙන මානයටත් යන්න අකැමැති වුණා. මට තවමත් වටහා ගන්නට අපහසු මිනිසුන්ට තම වාසියට මෙලෙසින් රගපාන්නට පුළුවන්ද කියලා. පුංචී නංගී මට ළං වුනේ සැබෑ සහෝදර ප්‍රේමයෙන් කියලයි මම හිතන් හිටියේ. අැත්තටම මම රැවටිලා.

ලීලම්මයි සිගිතී කාමරයට ඒන ඒකත් අඩු වුනේ මගේ ප්‍රශ්න වලට දෙන්න පිළිතුරු නොමැති වීම නිසයි. අම්මාගේ අප්පච්චිගේ හැසිරීමත් , මල්ලිගෙය නංගිගෙයි හැසිරීමත් සමග මම මේ පවුලේ දරුවෙක් නෙමෙයිද? මෙයාලගේ සහෝදරයෙක් නෙමේද කියලා මට වෙලාවකට හිතුනා.

සියලු වේදනාවලින් මට ටිකක් හරි හිත නිදහස් කර ගන්න මට පිහිට වුනේ. මගේ ළග තිබුනු පොත් කිහිපය තමයි. පුංචී නංගී මා සමග මිතුරුව ඉන්න දවස් වල මම ඉතාම ප්‍රිය කළ ලේඛකයගේ පොත් කිහිපයක්ම මට තියා ගන්නම අරන් දුන්නා. ඒ කතා වලට බොහෝම අාසා කළ මම නැවත නැවත කියෙව්වා. මගේ අදහස් වලට සමාන අදහස් අැති සියලු බැදීම වලින් මිදි ස්වාධීනව ජිවත් වන පුද්ගලයෙකුගේ කතාවට මම අාදරය කලා. මමත් ප්‍රාර්තනා කලේ ඔහු මෙන් මටද මේ සිරකූඩුවෙන් පියඹා අෑතකට යන්න තිබුණා නම් කියලා.

නැවතත් පොත කියවා සිත සනසා ගන්නට සතු මම නිල්ල පිරුණු මිටියාවත පොතත් රැගෙන ජනෙල් කව්ළුව අසල වූ අසුණට බර වුනා. පොතේ මැද පිටුවක් පෙරළා ගත් මම ඒතැන සිට කියවන්නට සිතුවේ ඒ කතාවේ මම කැමතිම කොටසක් වීම නිසයි. මම කතාවට පිවිසියා. මම කතාව තුළ ජීවත් වෙන්නට ගත්තා. මා කැමතිම ජිවිතය නිසාදෝ අනිත් සියලු පොත් කියවා ලබන වින්දනයට වැඩි වින්දනයක් මම මේ පොතෙන් ලැබුවා. මට පිටු පහ හයකට වඩා පෙරලන්නට ලැබුනේ නැහැ සිගිතී දොරට තට්ටු කරමින් කතා කරන්න වුනා.

*මොකද සිගිතියෝ . ඔය දොර කඩන්නේ නැතුව අැතුළට ඒන්න.*

*ලොකු මහත්තයා ඒන්න කිව්වා.හ්හ්.*

*ඒ මොකටද සිගිතියෝ.*

*මම දන්නේ නෑ ලොකු බේබී.හ්හ්*

*මට යන්න බෑ සිගිතියෝ අදත් මොන වගේ හෙන ගෙඩියක්ද දන්නේ නෑ.*

*ලොකු මත්තයාට කේන්ති යාවී පොඩ්ඩක් පහළට ගිහින් බලන්න ලොකු බේබී..හ්හ්.*

*මම ඒන්නම් ඒහෙනම්. සිගිති යන්න.*

මම පහළ මහළ ගියේ හිතේ චකිතයෙන්. මම හිතපු විදියටම අවුලක් තමා. අදත් සියලු දෙනාම වට වෙලා ඉන්නවා. මට අාපසු හැරිලා කාමරයට යන්න සිතුවත් අෑත තියාම මා දැක්ක අප්පච්චී මට අඩ ගැහුවා.

*ලොකු දූ මෙහෙට ඒන්න.*

මම ඔවුන් අසලට ගියත් මගේ හිත කිව්වෙම අදත් ලොකු ගැටළුවක් අැති වේවී කියලා.

*මොකද ලොකු දූ හිටගෙන මෙතනින් වාඩි වෙන්නකෝ.*

*කමක් නෑ අප්පච්චී කියන්නකෝ.*

*අනේ මේ හලෝ විකාර නැතු ඔතනින් ඉද ගන්නවා. ඒදා වගේ ක්ලාන්ත වෙලා වැටෙයි නැත්තම්.*

*පුංචී කටපියා ගන්න. මට මේක අක්කට කියන්න දීලා.*

මා දෙසට හැරී සිටි අප්පච්චී පුංචී නංගී දෙස බලමින් කිව්වා.

*ලොකු දූ අපි වෙලා බැලෙව්වා.*

*ඒ මොකටද අප්පච්චී.*

*ඔයාලගේ කසාදයට.*

*මම කැමති නෑ කිව්වනේ අප්පච්චී.*

සියල්ලම් සද්ද නැතුව ඉන්නා විට මම හිතුවේ කට්ටිය බලාපොරොත්තු අත්හැරලා ඉන්නවා කියලා. තවත් කට්ටිය යටින් පෑලැන් කරනවා. මට අාවේ දරා ගන්න බැරි දුකක්. අැයි මේ මිනිස්සුන්ට මම කියන දේ තේරෙන්නේ නැත්තේ.

*ඒහෙම කියලා බෑනේ ලොකු දූ. මෙච්චර ලොකු මහත් කරපු මටත් අයිතියක් තියෙනවනේ ඔයා වෙනුවෙන් තීරණයක් ගන්න. අනික මේකෙන් ඔයාට වරදක් වෙන්නේ නෑ දරුවෝ.*

අප්පච්චි හරිම සාමදානයෙන් කතා කලා. මම සැරින් සැරේ ලොකු මල්ලී දිහා බැලුවා. ඔහු හිටියේ කළබලයෙන්. ඔහුට මෙවැනි සමකාමී කතා හරි ගියේ නැහැ. බලෙන් හෝ තමනට ඔනේ දේ කර ගැනිමයි ඔහුගේ පුරුද්ද.

*මම දන්නේ නෑ අප්පච්චි මම මේකට කැමති නෑ. මම කවදාවත් සුමේධ අයියා ගැන ඒහෙම හිතුවෙත් නෑ.*

*අනේ ලොකු දුව මං වෙනුවෙන් වත් මේකට කැමති වෙන්න.*

*අනේ අප්පච්චි මොකටද මෙයාට පිංසේන්ඩු වෙන්නේ. මොළේ කියලා කළදක් නෑ .මගේ අක්කා කියලා කියන්නත් ලැජ්ජයි. මෙයාට ගැළපෙන්නේ සේවර්න්ට්ම තමා.*

පුංචි නංගි නැවතත් මට බැන වදින්නට වුනා. මෙතරම් වෙලා නිහඩව බලා හුන් ලොකු මල්ලි පුටුවෙන් නැගිට මගේ අසළට අාවා.

*මට ඔය හුරතල් කෙරිලි තේරෙන්නේ නෑ. මාව මේ කතාවට ගාව ගන්නේ නැතුව අප්පච්චී කියන දෙයක් කරානම් හොදයි.*

ඒසේ කිවු ලොකු මල්ලී ඉක්මන් පියවර වලින් සාලයෙන් පිටවි ගියා. මේක නම් මොන විදිහේ ජීවිතයත්ද?. මෙතරම් කල් මා ගැන සොයා බැලුවේ වත් නොමැති අය බලහත්කාරයෙන්ම මාව විවාහා කර දෙන්නට සූාදානම් වෙනවා.

*හොද වැඩේ. අපි කියන දෙයක් පිළිගන්න අකමැතිනේ.*

සිදු වු දෙයින් සතුටක් ලබපු පුංචී නංගී මට සමච්චලයට හිනා වුනා. මට තිබුනේ දුකක්. මා ගැන සිතන්නට මේ නිවෙසෙහි කිසිවෙකු නැති බව මට වැටහුනා. අනේ මගේ මරණය ඉක්මන් කරන්න දෙවියනේ මම අඩන්නට වුනා.

*කවුරු කොහොම.. කිව්ව…ත් මම කැම..ති නෑ.*

*ලොකු දූ මොකද පොඩි ළමෙක් වගේ අඩන්නේ. දුක් වෙන්න දෙයක් නෑ. අපි ඔයාව ඒහේ තනියෙන් යවන්නේ නෑ. ලීලම්මත් දෙනවා ඔයාට අරන් යන්න.*

*දැන් …සු…මේධ අයියා.. කැමතිද මේකට..*

*ඒ ළමයගේ අකමැත්තක් නෑ.*

* මම යනවා අප්පච්චී මට මේකට කැමති වෙන්න බෑ.*

*මොකද දරුවෝ වෙලා තියෙන්නේ. දරුවෝ දෙන්නා ගැනවත් හිතන්න.*

තවත් කිසිවක් අසන්නට සිත් නොදුන් නිසා මම ඉහළ මහළට දුවගෙන ගිහින් දොර වහ ගත්තා. ඒතැන් පටන් සියල්ල සිදු වුනේ අප්පච්චිටයි ලොකු මල්ලිටයි ඔනේ විදියට. සියලුම දෙනා යොදා ගත් දිනයේ විවාහා මංගලයට සූදානම් වුනා. මගේ කැමත්ත විමසන්න නොඅා ඔවුන් සියලු කටයුතු සූදානම් කලා. සුමේධ අයියාගේ දෙවන විවාහය නිසා සුළු උත්සවයකින් සියලු කටයුතු නිම කරන්නට ඔවුන් තීරණය කර තිබුනා.
ටික දිනෙක සිට දරුවන් දෙදෙනා මෙහි නොඒවුවේ මම විවාහයට අකමැති බව දන්නා නිසා විය යුතුයි. සිදු වන දෙය බලා ඉන්නවා හැරෙන්නට කළ යුතු දෙයක් මට ඉතුරුව තිබුනේ නැ.

*ලොකු අක්කි. අාන් අම්මා ඒන්න කිව්වා.*

කිසිදු ප්‍රශ්ණ කිරීමෙකින් තොරව මම පහළ මහළයට ගියේ, මගේ අකමැත්ත පෙන්විමෙන් කිසිදු පලක් නැති බව වටහා ගත් නිසයි.

*ලොකු දූ ඔයාගේ ජැකට් මහන්න මැෂිමෙන්ට් ගන්න මේ අාන්ටි අැවිත් ඉන්නේ.*

මා හා සිනාසුන මැදි වියේ කාන්තාව මට අත පෑවා. අැය සමග මද සිනහවත් පෑ මම අැයට අැගේ කාර්යය කර ගැනීමට ඉඩ දුන්නා. හිතේ අකමැත්ත ඒසේම තිබුනත් මට ඒන දේකට මුහුණ දෙනවා අැර කරන්නට යමක් නොතිබුන නිසා.

දින කෙමෙන් ගෙවී ගියා. සිදුවන දේ වලට සතුටු වෙන්නද දුක් වෙන්නද කියා මට සිතා ගන්නට අපහසුයි. මුළු නිවසම අළුත්වැඩියා වෙමින් තිබුනා. තව දින දහයකින් මම සුමේධ අයියා සමග විවාහා වෙනවා. මම තවමත් ඉන්නේ සියල්ලන් සමග කෙන්තියෙන්. සුමේධ අයියාගේ අැමතුම් වලටත් සවන් නොදුන් මම දුරකථනය ක්‍රියා විරහිත කර අල්මාරියට දැමුවා.

දිනක හවස් වරුවක මාව සැලුන් ඒකකට ඒක්කරගෙන යාමට පුංචී නංගී සූධානම් වුනා. ඒ සදහා කොහෙත්ම අකමැති වු මම පුංචී නංගී සමග ගැටුම් අැති කර ගත්තා. සියලු අැදුම් මසා නිමා කර තිබුනා. අැදුම් මසන කාන්තාව මැසු අැදුම් මට අන්දවා බැලුවා. අලංකාර සුදු වර්ණයකින් යුතු සාරියට මට අාසාවක් අැති වුනා. සැබැවින්ම ඒ සාරිය මගේ සිරුරට හොදින් ගැලපුනා.

ඊ ළග කොටසින් හමු වෙමු……… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *