24. වන කොටස.

මියෙදෙන තුරා..

අැදුම පිළිබද අාසාක් අැති වුවද , තව නොබෝ කලකින් මෙවැනී අැදුමකින්ම පිටවී යනවා නේද කියලා මට හිතුනා. දැන්වත් අසනීපය ගෙදරට කියන්න ඔනේ කියලා හිතුවා. ඒතකොට හැමොටම තේරෙයිනේ මම අැයි අකමැති කියලා. මුලින්ම ලීලම්මට කියලා ඉන්නවා ඒතකොට ඒයා හැමෝටම කියයි කියලා මම කාමරෙන ඒළියට අාවේ ලීලම්මව හොයාගෙන.

වෙලාව ඒකළොහට කිට්ටු නිසා මම කෙලින්ම කුස්සිය පැත්තට ගියා. ලීලම්මා දවල් අාහාරය පිළිවෙල කරමින් හිටියා.

*ලීලම්මේ…*

*අැයි ලොකු බේබී කවදාවත් නැතුව.*

*මම ලීලම්මට දෙයක් කියන්න අාවේ.*

*මොකද්ද ලොකු බේබී.*

කපමින් සිටි ඒළවලු ටික ඒහෙමම තිබියදී ලීලම්මා මගේ පැත්තට හැරුනා.

*මට අර නිතර පපුවේ අමාරුවක් හැදෙන්නේ.*

*අනේ ලොකු බේබී හුගක් රිදෙනවද ? අමාරුයිද?*

ලීලම්ම මොන තරම් කළබල වුණාද කියනවා නම් ඉක්මණින් දැත් සොදා උඩින් හැද සිටි චීත්තයේ කොළක පිස දමා. මාව අැගේ වතට බර කර ගත්තා.

*අනේ දැන් අමාරුවක් නෑ ලීලම්මේ.*
*ඒහෙනම් අැයි ලොකු බේබී. *

මේ පවුපුවේ අමාරුව ගැන කියද්දී කළබල වෙන තාලෙට මට මැරෙන දිනයත් තීරනව වී අැති බව දැන ගත්තම මොනවයි මොනවා වෙයිද? ඒක නිසාම මම රෝග ගැන කියන අදහස් අතහැරලා දැම්මා. ලීලම්මට මේ තරම් රිදෙනවා නම් අම්මට අප්පච්චිට මොනතරම රිදෙයිද කියලා මට සිත් වේදනා අැති වුනා.

*නෑ . නෑ ලීලම්මේ අැයි දන්නේ නෑ මගේ පපුව රිදෙන්නේ.*

*අැයි ලොකු බේබී ඒදා ක්ලාන්ත හැදුනට පස්සේ දවසක අායි හැදුනද ?*

* නෑ . නෑ ලීලම්මේ*

*ලොකු බේබීට බයක් දැනෙනවා නම් බෙහෙත් ගමු.*

*නෑ ලීලම්මේ. ඒහෙම ලොකු අමාරුවක් නෑ. අායි හැදුනොත් බලමු.*

*මේ ළමයා මාව බය කරනවනේ.*

අාදරයෙන් මට ඒහෙම කියපු ලීලම්මා ඒළවලු කපන්න පටන් ගත්තා. සැබවින්ම ලීලම්මා මට සැළකුවේ අැගේම දරුවෙකුට වගේ . අැය කොයි දරුවටත් හරිම අාදරෙයි.

*ලීලම්මේ. අද පරක්කු වෙලාද?*

*ඔව් ලොකු බේබී. අද ටිකක් පරක්කු වුනා.*

*මම ටිකක් මෙතනට වෙලා ඉන්නද? මටත් අාසයි උගන්න ඉගෙන ගන්න.*

*අනේ ලොකු බේබී මොකට උයන්න ඉගෙන ගන්නවද? සුමේධ මහත්තයා ලොකු බේබීට උයන්න දෙන්නේ නෑ රැජිනක් වගේ තියාවී.*

මගේ සිත නැතත් දුකින් පිරී ගියේ මම ළගදිම සුමේධ අයියලාගේ ගෙදර යනවා නේද කියලා. සිදු වන්න යන දෙයට කැමති වී වෙන දේකට මුණ දෙනවා අැර වෙන විකල්පයක් නෑ මම හිත හදා ගන්න තීරණය කළා.

* ඒත් දරුවෝ දෙන්නා අාස වෙයි මගේ අතින් උයන දෙයක් ඉදලා හිටලා හරි කන්න.*

*හ්ම් .. ඒන්නකෝ ඒහෙනම් බලන් ඉන්න. අම්මා දැක්කොත් නම් මට බනිවී.*

ලීලම්මා මට උයන විදිය කියලා දෙමින් අාහාර පිසින්න වුනා. ඒක වරම කුස්සියට අැතුල් වූනා.

*ලොකු දූ ඔයා මොකද කුස්සියේ.*

*ලොකු බේබිට උයන්න පුරුදු වෙන්න ඔනෙලු ලොකු නෝනා.*

*ඒ මොකද හදිස්සියෙම.*

*දරුවෝ දෙන්නට ඒයා අතින්ම උයලා දෙන්න ඔනේ කියන්නේ ලොකු බේබීට*

ලීලම්මා කිව්වේ හරිම සන්තෝෂෙන්. ඒ වචනයත් සමග අම්මාගේ මුණට අැදුනේ ලස්සන හිනාවක්. අැය මට විහිළු කලා.

*දරුවෝ දෙන්නට විතරද?*

*ඒක තමයි ලොකු නෝනා.*

*අන්තිම මොහොතේ හරි ලොකු දූ මේකට කැමති වුන ඒකනම් හොදයි. මම ලොකු ගින්දරක හිටියේ.*

අම්මා මාව අාදරයෙන් තුරුළු කර ගනිමින් කිව්වා. ලීලම්මාගේ දෑසේ වු කදුළු කැට දිළිසෙනවා මම දුටුවා. ඔවුන් දෙදෙනාම මගේ විවාහය නිසා හුගක් සතුටු වෙන බව දැනිලා සතුටු හිතුණත්, ඒ සතුට හැමෝටම ටික කාලයයි නේද කියලා ලොකු දුකකුත් අැති වුනා. මම අම්මාගේ උණුසුමට ගුලි වෙමින් දෑස් පියා ගත්තා.

*දූ ඔයා අපි ඔයාට වරදක් කරනවා කියලා හිතන්න ඒපා. සුමේධ අයියා හොද ළමෙක් මගේ දූව හොදුන් බලා ගනිවී.*

මා සමග විවාහා උත්සවයේ කටයුතු ගැන කතා කල අම්මා හිටියේ හරිම සතුටින්. තවත් මොකුත්ම කල්පනා නොකරන්නට සිතු මම ඉහළ මහලට ගියා. සුපුරුදු විදියටම ජනෙල් කවුළුව අසලට ගියා. දහල් අව්ව වැටී රත් වී තිබු උළුනහු කනුව අල්ලදි ඒක පාරට අතට දැඩි රස්නයක් දැනුනා.අවුව නැත් පැත්තේ බිත්තියට මුවා වූ මම රූස්ස ගස් පෙළ අතරින් පාර දෙස බැලුවා. කිසිවෙක් පාරේ සිටියේ නැ. නිවසේ පිටත බිත්තිවල තින්ත අලේප කරමින් සිටියේ සිගිති සහ තවත් පුද්ගලයෙකි. ඔව්න් වැඩ කරන අයුරු අාසාවෙන් පලා සිටි මට තීන්ත අාලේප කරන අනිත් පුද්ගලයා දැකලා පුරුදු බව සිතුනා.

*ලොකු බේබී. ලොකූ නෝනා කෑම කන්න ඒන්න කිව්වා.*

මම විවාහයට කැමති වූ නිසා සියලු දෙනා යථාතත්වයට පත් වි අැතැයි සිතූ නිසා මම කෑම ගන්නට පහළ මහලට ගියා. සිතු අයුරින්ම සියල්ල යථාතත්වයට අැවිත් තිබුණා. කෑම ගැනීමෙන් පසු මම කුස්සියට ගියේ අත සෝදන්න. කෑම මේසය මත අත සෝදන්නට භජනතබා තිබුනත් මම පුරුද්දක් වශයෙන් කුස්සියට ගිහින් අත සේදුවා. මම කුස්සිය දෙසට යන විට සිගිතිත් අර අනිත් පුද්ගලයත් කෑම කමින් සිටියා. මම යනවත් සමගම කෑම කා අවසන් කළ සිගිති කුස්සියෙන් ඒළයට ගියේ සුනඛයන්ට කෑම දීමට විය යුතුයි.

දැක පුරුදු පුද්ගලයා දෙස විමසිල්ලෙන් බැලු මම කවුරුදැයි කල්පනා කරමින් අත සොදන්න වුනා. හිස කෙස් සහ මුහුණ පුරා වවා ගත් රැවුල සුදු පැහැ වි තිබුනා. වැරහැලි වි ගිය සිරැරත් සමග මට ඔහු කවුදැයි අදුරා ගන්න බැරි වුනා. මා දෙස බලා මුව පුරා සිනා සුණ ඔහු මට හිස සලා සලලා අාචාර කලා.

*ලොකු බේබීට මම මතකද?*

*දෙවියනේ සෝමේ මාමා.*

*ලොකු බේබීට මාව අමතක නෑ ඒහෙනම් තාමත්*

*ඒක පාරට අදුර ගන්න බැරි වුනා සෝමේ මාමේ. මාමා හුගක් වෙනස් වෙලානේ.*

*ලොකු බේබී නම් ඒදා වගේමයි තාම.*

*කොහොම ඉතිං සෝමේ මාමේ .*

*අනේ ලොකු බේබී මට මාමේ කියන්න ඒපා. ලොකු නෝනා දැක්කොත් මට බනීවි. මට මතකයි බේබි පොඩි කාලෙත් මට සෝමේ මාමා කියලා කතා කරනවා . අම්මයි අප්පච්චි මොන තරම් බැන්නත් තාමත් ඒ පුරුද්ද ඒහෙමමයි නේද.*

ඔහු අපේ අතිතය මට යලි මතක් කර දුන්නා. සෝමේ මාමා යනු ශාමලී , මගේ හොදම මිතුරියගේ පියයි. ඒ වගේම ලිලම්මාගේ ඒකම සහෝදරයයි. මොන හේතුවක් නිසාද නොදනි. ගමේ අනිත් දරුවන්ට ඒන්නට තියා සිතන්නට වත් අපහසු අපේ පාසලට ශාමලිට ඒන්නට ලැබුනේ ලීලම්මා නිසා විය යුතුයි. නිතර ලීලම්මා සමග මෙහි පැමිණියේ ශාමලීගේ මව අසණීපයෙන් සිටි නිසා අැය බලා ගැනිමට කෙනෙකු නොමැති නිසයි. ඒ දවස් වල ලීලම්මා පවුලේ අය සමග ළගින් අැසුරුකම් පැවැත්තුවත් අප්පච්චිගේ අකමැත්ත නිසා . සියල්ලන්ගෙන්ම අෑත් වෙන්න සිදු වුනා.

මා සමගම පාසල් ගිය අැය මට සිටි ඒකම මිතුරියයි. ඒ කාලයේ පටන්ම යාළුන් අැති කර ගැණීමේ හැකියාවක් මට තිබුනේ නැහැ. මම බොහොම නිහඩ ළමයෙක් නිසා මගේ යාලුවෝ මට කැමති වුනෙත් නැහැ. ඒක වසරේ ඉදන් මගේ සෙවනැල්ල වගේ සිටියේ අැයයි. පාසලේ යහළුවන් අතර වූ ගැටුම් වලදි පවා අනිත් යාළුවන්ට දොස් පවර මා බෙරා ගත්තේ අැයයි.ඉගෙන ගැනිමට ඒතරම් පිය නොකළ මා හට ඉගෙන ගැනිමට දිරි ගැන්නුවේ අැයයි. ඒසේ ළං විසිටි අපි දෙදෙනා වයසෙන් වැඩෙත්ම දෙමාපියන් විසින් වෙන් කරනු ලැබුවා. පවුලේ අය අැසුරු කරනවාට අප්පච්චී අකමැති වූ නිසාම සෝම මාමායි, ශාමලී මෙහෙ ඒන ඒක නවත්වන්නට ලිලම්මා කටයුතු කළා. ඉන් පසු ශාමලි ගැන කිසිදු අාරංචියක් නොලැබුන අතර ඉගෙන ගැනිමට අැති වු අාර්ථික අපහසුතා මැද ඉගෙනිම අත හැර නගරයේ කම් හලක රැකියාවක් කරන බව පමනක් දැන ගන්නට ලැබුනා. පාසල් අධ්යාහපනයෙන් පසු නිවසටම කොටු වූ මට කිසිවෙක් අැසුරු කරන්නට ඉඩ ලැබුනේ නැ. අවුරුදු දාහතක්ම මම මේ නිවස අඩස්සියේ හිටියා. අතීතය සිහි විමෙන් මට අැති වුනේ දුකක්. නමුත් මා මෙලෙස රැකවල් මැද තබන් ඉන්නේ අැයි දැයි මට තවමත් පැහැදිලි නැ. තවත් පුදුමයට කරුණක් නම් මට වන් නීති පුංචි නංගිට නොවිමයි.

*මට මොකුත් අමතක නෑ සෝමේ මාමේ. කොහොමද දැන් ශාමලීට දැන් බැදළා දරුවොත් අැති නේද?*

ශාමලී ගැන අහත්ම ලොකු සුසුමක් හෙළු ඔහු මා දෙස කදුළු බර දෙනෙතින් බැලුවා.

*අනේ අැයි සෝමේ මාමේ. නැන්දට කොහොමද?*

*උන්දෑ වලලපු තැන මහ ගසුත් අැති දැන්. උන්දෑ මැරුනේ ඒ කාලේ මයි.*

*අනේ මට මොකවත්ම අාරංචී වුනේ නෑ සෝමේ මාමේ. ශාමලීට මොකද?*

*ඒ දරුවා වළපයයි ගොඩපයයි ඉන්නේ. දරුවෙක් නම් ඉන්නවා ඒ පොඩි ඒකත් ඒකී ළග නෑ.*

*ඒ කිව්වේ.*

මමට ඔහු කිවූ දෙයි අග මුළ යා කර ගන්නට අපහසු වුනා.

*ශාමලි හොදටම අසනීපෙන් ඉන්නේ නැගිටින්න වත් බෑ . දාපු තැන වැටිලා ඉන්නා. මට ඒකී ගැන දුකයි. මට ඒකට උගන්න ගන්නත් බැරි වුනා. කවදාවත් දුක් නොවිද ජිවත් වෙන්න හදලා දෙන්නත් බැරි වුනා.*

ඊ ළග කොටසින් හමු වෙමු. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *