24 වන හමුවීම

සෝනු තමා ළහට එනවා කියලා චිනූ හොදටම දන්නව….ඒත් ඇහුනේ නෑ වගේ හිටියේ කේන්ති හින්දාමයි….චන්දුගේ විස්තරේ අහනවාටත් වඩා චෙනායාට ලොකු දැන් ඉතිම් බැනපුවාට සෝනුගෙන් වාඩුව ගන්න එක තමයි….

සෝනු දන්නවනේ කෝමත් කෙල්ලගෙ හැටි….හිමීට හීමිට කෙල්ලට ළං වුන සෝනු නොදැනෙන්න ළංඋනේ කෙලගේ කන ළගට….එහෙම කරපු සෝනු එකපාරටම යටි ගිරියෙන් හූවක් තිබ්බා….

කෙල්ලගෙ කනට ඉතිම් කියලා වැඩක් නෑ…

“ගොන් වස්සා….දිගට දිගේ හිටියට මොලේ කලදක් නෑ තමුසේට….අනේ මගෙ කන තාම කීන් ගානවා….කන් බෙරේ පැලුනාද මන්දා.”

කෙල්ල මූන බෙරි කරන් කනත් අතගගා කියද්දීසෝනුට හිනා….

“කෝ එනවා බලන්න….බෙරේ පැලිලදා කියලා…”

සෝනු කියද්දි කෙල්ල කරන්නේම රවන එකමයි.
..

“මේ ඇස් ගෙඩි දෙක එලියට පන්නගන්නැතුව ඉන්නවා…බලන්වකෝ ඕවගේ සයිස්….”

“අනේ මේ යනවා යන්න….දිගංචියා….”

“යන්වා යන්න තමයි තව ටිකෙන් තමුසෙටයි යන්න වෙන්නෙ අර චන්දු ත් එක්කම….”

“අනේ අයියේ ඇත්තටම මොකද උනේ කියන්නකෝ…..”

“දැන්ද මතක් උනේ….මටත් නොකියා යන්නනේ හැදුවේ ඌව මීට් වෙන්න….”

එවරනම් සෝනු කීවේ තරහින්…

“අනේ අයියේ මම කියන්න හැදුවේ….එයා කිවා ඇවිත් කියමු මේක හදිස්සී දෙයක් පස්සේ කියමු කියලා…ඉතින් ඒ මගෙ අයියනේ කවුද හිතන්නේ….’

“ඔව් ඔව් අයියා නෙවෙයි මස්සිනා නෑනාට හිතින් ලව් කරලා….මේ මොක උනත් චිනූ මිනිහා නරක් උනෙත් සල්ලි නිසා හොද උනේ සල්ලි නිසා….අන්න ඒක මතක තියාගන්නවා….ආයේ මට නොකියා එලියට යන්න බෑ….අර රදීශයාව මම….”

සෝනු කියන්නේ කේන්තියෙන්….කෙල්ලට හිතාගන්න බෑ අම්මා තාත්තා නැතිවුනාම චන්දුව තමන්ගෙ පියා මේ තරම් හොදට බලාගෙනත් සල්ලි නිසා මිනිස්සු මෙහෙම වෙනස් වෙනවා කියලා….ඒත් ඉතින් එහෙම වෙලානේ….

චිනූ අත්වැට අතෑරලා සෝනු දිහාට හැරුනා….ආදරේ හිතුනා සෝනු ගැන….ඔහු නපුරෙක් ඒත් හිත හොද කෙලින් වැඩ කරන කෙනෙක්….තාත්තා ඒ නිසා වෙන්නඇති කියලා හිතුනා සෝනුට මෙච්චර කැමති….

“ඒයි….කෙල්ලේ මාව අනුභව කරන්නද බලන්නේ….බයේ බෑ අප්පා….”

කොල්ලා අහන්නේ තමා දිහාම බලන් කල්පනා කරන කෙල්ලගෙන් ….මේ වෙලාවේනම් රණ්ඩුවෙන්න හිතුනේ නෑ චිනූට….

“හ්ම්…ඔව්..ඇයි එපාද?”

චිනු ඇහුවෙ ඇහැක් ගහලා…කොල්ලා මේ චූටි කෙල්ලට කැමති උනේත් මේ දග හුරතලේ නිසාමනේ…

” අපො හා අප්පා…මම හරි ආසයි……”

“ඔයානම් මහ ජරා සතෙක් දිගංචියෝ….”

තමා අසළට ආව සෝනුගේ පපුවට සෙමින් පහරක් ගහලයි කෙල්ල කිවේ….චිනු ඔහු මදක් බුරුල් කර තිබූ ටයි පටිය සෙමින් ගලවා දැමුවේ තම ඇස් උස්සා මදක් ඔහු දෙස බලා නැවත ඒ පපුව දෙස බලාගෙනයි….

ටයි ඔඅටිය ගැලවූ කෙල්ල ඔහුගේ කමිසයේ බොත්තම් එකි එක විවර කර එයද ගලවා දැමුවා….

පසුව ඈ කළේ ඔහු නොසිතුව දෙයක්….කෙල්ල එහෙම්ම බැනියම ඇද උන් ඔහුගේ පපුව බදා ගත්තා…..

සෝනුට ආදරේ හිතුනා ඈ ගැන….

“බබා….කෝ අයින් වෙන්න…දාඩි මට…මන් වොශ් දාන් එන්නම්…..”

“බෑ බෑ දාඩි උනාට කමක් නෑ..ඉන්න දෙන්න මට….”

“හ්ම්….”

සෝනුත් එහෙම්ම කෙල්ලගේ ඉනවටේ අතදාල ඈව තවත් තම සිරුරට ළං කරගතා….කොල්ලාගේ පපුවෙන් එන විලවුන් සුවද ඈ විදගත්තේ පපුවට මුහුණම ඔබාගෙන….

“අයියේ….මට බනින්න එපා….දුකයිනේ…..”

කෙල්ල කියන්නේ ඇහෙන නෑහෙන ගානට….සෝනුට දුක හිතුනා….මේ දගමල්ල ඇතුලේ මොනතරම් අහිංසක කමක් තියේද කියලත් හිතුණා….කොල්ලා හිනීට කෙල්ලගේ හිසකෙස් අතර තම ඇගිලි තුඩු ගෙන ගියා….පුංචි හෙයාර් ක්ලිප් එකක ගහලා උඩට රදවලා තිබ්බ කොන්ඩේ කොල්ලා නිදහස් කරලා දැම්මා….

ටික වෙලාවක් කෙල්ල එහෙම්ම හිටියා…

“අයියේ…..”

“ම්….”

“අයියේ….”

“මොකද බං තෙපරබාන්නේ…කියපන්කෝ…..”

“ම්…මෙ..මේ මට මෙතනට තුරුල් වෙන්න ඕනා….”

කෙල්ල කියන්නේ කොල්ලගේ පපුව පෙන්නලා….

“ඉතින් එතනනේ ඔයා ඉන්නේ බබෝ….”

“එහෙම නෙවෙයි….”

“එහෙනම්….”

“ම්..මේ..මේක ගලවලා……”

කෙල්ල කොල්ලාගේ බැමියම පෙන්වමින් කියද්දි කොල්ලාට හිනා….ඈව ටිකාක් ඈත් කරපු කොල්ලා බැනියම ගලවලා දාලා ඒ නිරුවත් පපුවට කෙල්ලව තුරුල් කරගත්තා….

කේ පපුතුරෙන් එන උනුසුම කෙල්ල විදගත්තේ ආදරය ආරක්ශාව අඩුනැතිව හිතට දැනෙද්දී….අම්මා තාත්තා නැති අඩුව දැනුනත් සෝනුගේ සෙනෙහස ඇගේ දුක ගොඩාක් අඩු කරලා තිබ්බා….

තමන්ගේ පපුවට පූස්පැටියෙක් වගේ තුරුල් වෙලා ඉන්න කෙල්ල දිහා බලපු සෝනු මදක් නැවී ඈව හරහාට ඔසවාගත්තා….සෝනුගේ මූන දිහාබලපු චිනූ ඔහුගේ ගෙලවටා අත් පටලගත්තා….

සෝනු ඒ ඇස් දිහා මොහොතක් බලන් ඉදලා ඒ තොල් වලට බර උනා….චිනූ ඔහුගේ ගෙල වටා ග්‍රහන තවත් දැඩි කළා….දෑස් පියවී යද්දී කෙල්ල ඔහුට අනුබලයක් පම්ණක් දුන්නා … ආදරණීයව ගොඩාක් ආදරණීය දීර්ඝ සිපගැන්මකින් දෙදෙනාම නිදහස් උනේ දෙතොලතර හීන් හිනාවක් තබාගෙන…..

තාමත් සෝනු කෙල්ලව හරහට ඔසවගෙන……

චිනූගේ ඇස් දිහා තවත් ටික වෙලාවක් බලන් හිටපු සෝනු ඒ ඇස් පියන් මතත් කෙටි හාදු සටහන් කළා….

“බහිමු නේ කෙල්ල….බටු ඇටේ වගේ හිටියට බරයිනේ…..කන්නේ ඉතින් තරමට නෙවෙයිනේ නේ…..”

“යනව යන්න දිගංචියා….මට බෑ බහින්න….මෙහෙම්ම තියාගන්න මාව……”

තවත් බෙල්ල බදාගනිමිනුයි කෙල්ල කියන්නේ…..

“අනේ වස්තූවේ…මම වොශ් දාන්න ඕනා….”

“ම්….එහෙම බෙඩ් එකට අරන් ගිහින් තියන්න….”

“හොර කෙල්ල….මාව බෙඩ් එකට අරන් යන්න නේ හදන්නේ…..”

සෝනු අහන්නේ මනමාල පාටට…..කෙල්ලට ලැජ්ජා හිතුනා ඒකටනම්.
..

“අම්මෝ රතුකගන්න එපා….”

“අනේ ඕන නෑ ඔයා…බස්සන්න මාව…..”

“බෑ”

එහෙම කියපු සෝනු ඈ දගලද්දීම බැල්කනියේ ඉදන් කාමරේට අරන් ගිහින් ඇද උඩින් තිබ්බා….

තියලා කෙල්ල දගලද්දීම ඒ මුහුන පුරාම උනුසුම් හාදු කිහිපයක් සටහන් කළා….

“මම වොශ් දාන් එන්නම්….”

“හ්ම්”

සෝනු නාන කාමරයට ගිය පසු කෙල්ල කල්පනා කළේ ඔහුගේ ආදරණීය හැසීරීම් ගැන….

“අම්මෝ ඒ දවස්වල මේ දිගංචියාගේ නපුරු….දත් නෑ වගේ හිනාවත් වෙන්නේ නෑනේ….අනී ඒ උනාට මේක දැන් මගේනේ…..ආදරෙයි දිගංචියෝ මගේ…..”

කොට්ටෙකුත් බදාගෙන කෙල්ල හිතන්නේ ආදරෙන්…..

කෙල්ලට තාත්තා ගත්ත තීරණේ ගැන සතුටු හිතුනා
….මේ හෑම දේම තත්තිලාට කියන්න ඇත්නම් කියලා හිතුනා…..බෑ බෑ…ආවම සප්‍රයිස් කරනවා හතරදෙනාවම මුනුබුරෙකුත් දීලම…..

කෙල්ල මේ හිතන ඒව ගැන කෙල්ලටම පුදුමයි…..තාම වයස 23ක් උනත් සෙනේශ්ගේ ලෙයට උපත දෙන්නට කෙල්ලට ආසා හිතුනා….ඒ තරම් ආදරයක් ඇගේ හිතේ ඉපදිලා සෝනු වෙනුවෙන්…..

සෝනු වොශ් දාන් එද්දී කෙල්ල ඇදේ මුනින් තලා දාලයි උන්නේ…ඇදන් හිටියේ හිටි ගවුමක් නිසා එය ඉහලගොස් කලවා වලින් අඩක් පමණ නිරාවරණය වෙලයි තිබුණේ…..

කොල්ලා ආවා කියලා දැනුනත් කෙල්ල බැලුවේ නෑ….ඒ නිසාම සෝනු ඈව අවුස්සන්නටම සිතා ඇගේ නිරාවරණය උනු කකුලේ උඩට ඇගෙල්ලකින් සීරුවට ඉරක් ඇදන් ගියා…..

කෙල්ල අනිත් පැත්ත හැරුනේ කෑගහගෙන….

“කිතියි මට ගොනෝ…..ලැජ්ජ නැද්ද ඔයාට….”

“ආ මෙන්න වැඩක් මොකටද ලැජ්ජ වෙන්නේ මගෙ ගෑනිව අතගාන්න…”

කොල්ලා හිනාවෙදී අහද්දී කෙල්ල කරේ ඉතින් මූන රතු කරගන්න එකයි…..

“අනී…”

“අනේ නෙවෙයි….ඉක්මන්ට හනිමූන් යන ඕනේ……”

කොල්ලා හිනා වෙවී කියද්දී කෙල්ල අතට අහුවෙන කොට්ට අරන් කොල්ලට ගහන එකයි කලේ…..කොල්ලා පහරහාගෙනම කෙල්ලව ඇදේ පෙරලගත්තා….

ඇගේ අත් දෙකම උඩට කරලා තියලා අල්ලගෙන බර උනේ ඇගේ ගෙල මුලට……ඔහුගේ ස්පර්ශයෙන් හැමදාම වගේ කෙල්ල මෙල්ල උනා……

ගොඩාක් වෙලා ඒ සිපගැන්මට නතු උනු මේ ආදරණීය යුවල ඇත්තටම පුදුම ගැලපීමක්…..

තම්න්ගේ ලෝකවල තනිවූ දෙන්නා නැගිටගත්තේ රාත්‍රී ආහාරයට යාමටයි……

“ලීලම්මා බලනවා ඇති මුන් දෙන්නට තියෙන විසේ කියලා…ආවත් හරි තාම පහළට බැස්සේ නෑනේ…..”

සෝනු කියද්දී චිනූටත් ඒක ඇත්ත කියලා හිතුනා……දෙන්නා හිනාවෙවීම පහලට බැස්සේ අත්වැල් පටලන්……

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි

🌸මේ යන්නේ මියුලැසියේ අවසාන කොටස් කීපය….රණ්ඩු නෑ….හතුරෝ නෑ……කදුළු නෑ………චිනූගෙයි සෝනුගේයි ආදරනීය ජීවිතේ ගැන විතරයි ඉදිරිය…..ටිකාක් රොමෑන්ටික් කොටස් ආ…..18ට වැඩි අයට විතරයි …😂😂😂🌸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *