24

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****24 වන දිගහැරුම****

දැහැම් එක්වරම තිගැස්සී අවදිව වට පිට බලන්නට විය…මේ තමා පෙර දා නිදා ගත් කාමරය නොවේ….

දෙයියනේ මේ භානුකගේ කාමරේනේ….මම දකින්නේ හීනයක්ද….නැතුව මේක කොහොමත් වෙන්න බැරි දෙයක්නේ….අනේ භානුක මං ඔයා ගැනම කල්පනා කරලා මගේ ඔලුවත් එක්ක අවුල් වෙලා මට බලන බලන අත ඔයාව පේනවා…ඔයා නැතුව ජීවත් වෙන්නේ කොහොමද මං..දැහැම් කදුළු සලමින් නැගිට ගන්නට තැත් කලා…

ඒත් එක්කම ඇගේ බදවටා එතී තිබූ දෑතට ඇය තව තවත් සිර කර ගන්නට විය…

දැහැම් විමතියෙන් අනෙක් පසට හැරී බලන්නට විය….

දෙයියනේ භානුක…..ඔ…යා…..
ඇගේ දෑසින් කදුළු ගලා යන්නට විය…

භානුකට තව දුරටත් සිතැඟි පාළනය කොට සිටිය නොහැකි විය….

මගේ මැණික…..මම මේ හැම දෙයක්ම කලේ සතුටින් කියලද හිතුවේ…කොහොමද….කොහොමද මාව තිනකරලා යන්න හිතුවේ ආ….කියන්න දරුවෝ….ඔයාට බැයිද එකපාරක් මේ මෝඩයාට සමාව දෙන්න….කියන්න මම මොනවද කරන්න ඕන…කියන්න මැණික ආ……මාව දාලා යනවද…..මං නැතුව ඉන්න පුලුවන්ද ඔයාට……
භානුක දැහැමිව පපුවට තුරුළු කරගෙන දෑසේ කදුළු පුරවාගෙන විමසා සිටින්නට විය….

භානුක…..අනේ ආයේ මොකුත් කියන්න එපා දෙයියෝ….මට දරා ගන්න බෑ…..මම කොහෙවත් යන්නේ නෑ….ඔයා මට කතා නොකර ඉද්දි මට දරා ගන්න බැරි උනා භානුක….
දැහැම් ඉකි ගසමින් භානුකට තුරුල් විය…

ගැහැණිය යනු එලෙසය…තමා කෙතරම් දුක් කන්දරාවක් ඉසිලුවද ඇයට තමා ආදරය කරන තැනැත්තාගේ දුක වේදනාව බලා සිටිය නොහැක…දැහැම්ද ගස වටා එතෙන්නට බලා සිටින ලියවැලක් සේ භානුක වෙත සැනෙකින් ඇදී යන්නට වූයේ ඒ නිසයි….

භානුකගේ තුරුලට වී දැහැම් ඔහුගේ ආදරය බොහෝ වේලවක් විද ගන්නට විය.ඒ අතර භානුකගේ ආදරණීය සිපගැනීම් හමුවේ දැහැම්ට අන් සියල්ල මොහොතකට අමතකව ඇය භානුකගේ සිප ගැනුම් වලට නතුවන්නට වුනා….

ඔහුගේ දෑස් දීප්තිමත්ව ඒ මුහුණට තෘප්තිමත් හිනාවක් එක් වී තිබුනා…දැහැම් භානුක වෙතින් ඉවත් වී යලිත් ඔහු දෙස බැලුවේ කෝල බවින්….

මැණික ඉක්මණින් ගිහින් වොශ් එකක් දාගන්නකෝ….අද දවසම ඔයා මාත් එක්ක හොදද…..ටක් ගාලා ලෑස්ති වෙන්න….

ඒත් භානුක….ඔයා….ඔයා…මාව සැක කරනවද….මං ඔයාට වැරැද්දක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ දෙයියනේ…..

මං දන්නවා මැණික…සේරම විස්තර මට අනූ නංගි කිව්වා…ඔයාව සැක කරලා මම කර ගත්තේ ලොකු වැරැද්දක්…ඒකට මම මටම සමාව දීගන්න බැරුව ඉන්නේ කෙල්ලේ….
භානුක වේදනාවෙන් දැහැම්ගේ දෑතින් අල්ලාගෙන පවසන්නට වුනා….

ඔයා පහුවෙලා හරි ඇත්ත දැනගත්තානේ භානුක…ඔයා ඇරෙන්න වෙන කෙනෙක් ගැන මට හිතන්නවත් බෑ භානුක….ඒ තරමට මං ආදරෙයි….
දැහැම් ඇගේ රතුවූ මුහුණ බිමට නැඹුරු කර ගනිමින් පැවසුවා….

භානුක ඇගේ මුහුණ දෝතින්ම ගෙන ඇගේ නළල මතින් ආදරණීය සිප ගැනුමක් තබන්නට වුනා….

ඇය භානුකගෙන් මිදී සෙමින් සෙමින් පහලට ගියේ සූදානම් වීමටයි…

කාමරයට ගිය දැහැම් අනූපමාව වැළද ගත්තේ කදුළු පිරි මුවින්…

උඹට පිං අනූ…..
ඇය පැවසුවා…

මේ අහපන් දැහැම්…උඹ ජීවිතේ වැඩි කාළයක්ම කලේ කදුළු හලපු එක විතරයි…මීට පස්සෙවත් හිනාවෙලා සතුටින් හිටපන්…දැහැම් උඹ මීට වඩා හිත හයිය කර ගනින්…කලබල වෙලා උඹ හැම වෙලේම වැරදි තීරණ ගන්න කලින්…ඉදිරියට එන ප්‍රශ්න ගැන අපි කල් තියා දන්නේ නෑ…අනිත් එක මමත් හැමදාම උඹලත් එක්ක ඉන්නේ නෑ නේ….හිත හයිය කරගෙන භානුක අයියත් එක්ක අලුතෙන් ජීවිතේ පටන් ගනින්…මට කියන්න තියෙන්නේ එච්චරයි…
අනූපමා අවසානයේ දැහැම්ව වැලදගෙන පවසන්නට විය…

දැන් කියපන්කෝ මොකද මේ කලබලේ කියලා…අර මහ ලොකු දොස්තර මහත්තයගේ මූණේ තිබුණු වැහි වළාව ගියාද….දැන් පොර මොකද කියන්නේ…ඊයේ පෙරේදා බැරි උන ඒවත් එක්ක අද අල්ලලා තියෙන්නේ…උඹට කසාද බැන්ද දවසට දෙයියන්ගෙම පිහිටයි දැහැම්යෝ….

අනූපමා දැහැම්ව රතු කරවා පැවසුවා….

මේ….එයා අද නිවාඩු දානවා කිව්වා….අද දවසෙම මට එයත් එක්ක ඉන්න කිව්වා…ගමනක් යන්න ලෑස්ති වෙන්න කිව්වා බං කොහෙද කියලා නම් කිව්වේ නෑ….
දැහැම් එය අනූපමා සමගින් පැවසුවේ කුඩා දැරියක් ලෙසිනි…

කොහේ ගියත් මොකෝ භානු අයියත් එක්කනේ….ඒකෙන් කමක් නෑ හැන්දෑ වෙනකොට ගෙදර වරෙන් හරිද….උඹලා වෙඩ්න් එකක් ගන්න එපායැ…එහෙම නැති උනොත් නැන්දා පරල වෙයි…

දැහැම් නාන කාමරයට යන අතරේ අනූපමා සිනහසී පැවසුවා….

උඹ නම් හරි නරකයි අනූ….

අනේ පල යන්න…භානූ අයියා නරක නැතුව ඇති….

දැහැම් නාන කාමරයේ දොර වැසුවේ අනූපමාට විරිත්තාය….

****************************************

භානුකගේ රියට අනූපමාද ගොඩ වූ අතර භානුක දැහැම් වෙත ආදරණීය බැල්මක් හෙලන්නට විය…

භානුක අද හැද සිටියේ සාමාන්‍ය ඇදුමකිනි…ඩෙනිම් කලිසමට සැහැල්ලු ටී ශර්ටයක් හැද සිටි ඔහු වෙතින් දිස් වූයේ වෙනදාටත් වඩා කඩවසම් බවක්…දැහැම් ඔහුගේ කඩවසම් රුව දෙස හොරැහින් බලා එය විද ගන්නට විය….

අනූපමාව සේවා ස්ථානය අසලින් දැමූ භානුකගේ කාරය දැහැමිවත් සමගින් ඉදිරියට ඇදෙන්නට විය…

එක් අතකින් කාරය පදවන අතරම භානුකගේ නිදහස් අත වැටුනේ දැහැමිගේ උකුල මතටය…එය අපේක්ෂාවෙන් සිටියා සේ දැහැම් ඒ අත දෝතින්ම අල්ලා ගන්නට විය….

භානුක…..

අවසානයේ දැහැම් මෙතෙක් වේලා කාරයේ තිබූ නිහඩ බව බිදින්නට විය….

ඇයි මැණික…..

භානුක ලයාදර හඩ දැහැමිගේ දෑසට කදුළු එක් කරන්නට සමත් විය….
ඇය එලෙසින්ම ඔහුගේ අත රැගෙන ඇගේ මුවට තබා තද කර ගන්නට විය…

අපි මේ කොහෙද යන්නේ දැන්……

ම්..ම්…මගේ කෙල්ලට කොහෙද යන්න ආසා…..කියන්නකෝ….ඕන තැනකට එක්කන් යන්නම්…..

අනේ එහෙම දෙයක් නෑ භානුක…ඔයා යන කොතනට හරි මම එනවා….
දැහැම් ඔහුගේ මුහුණ දෙස බලා පවසන්නට විය….

මං දන්නවා දරුවෝ….මම හිතුවේ අපි ඉස්සෙල්ලම කැළනි පන්සල් ගියා නම් හොදයි කියලා…..

අනේ මම හරි ආසයි භානුක……අපි යමු…
දැහැම් ඉතා උද්‍යෝගයෙන් පැවසීය….

**********************************

දැහැම්…..මම අම්මත් එක්ක ලබන සතියේ ඔයාලගේ ගෙදර එනවා…මට දැන් ඉක්මණටම ඔයාව මගේ ළගට ගන්න ඕනේ දරුවෝ….මේ වෙච්ච දේවලුත් එක්ක මගේ හිතට ඒක තදින්ම දැනුනා…

ඔයාගේ අකමැත්තක් නෑ නේද….
භානුක අනතුරුව දැහැමිගේ පිළිතුර අපේක්ෂාවෙන් බලා සිටින්නට විය…

මම ඔයා ගාවට ඉක්මනින් එන්න ගොඩාක් ආසයි භානුක…ඒත් ඒත් මට බයයි භානුක….මගේ අතීතේ දැන ගත්තම ඔයාගේ අම්මා මොනවා කියයිද කියලා…අම්මට හංගන්න ඒ දේවල් මම කැමතිත් නෑ…අනික අපේ ගමේ ගියාම මේවා කොහොමත් දැන ගන්නවා භානුක…අම්මා ඒවා දැනගෙන මට ඔයාව දෙන්න කැමති වෙයිද…..

දැහැම්…..
ඔයා මොනවද මේ කියන්නේ ලමයෝ….ඔයා වැරැද්දක් කරලා නෑ නේ…අනික අපේ අම්මා එහෙම පටු විදිහට හිතන කෙනෙක් නෙවෙයි….මොන දේ උනත් මට ඔයාව නැති කර ගන්න බෑ එච්චරයි…දැන් වත් ඔය මනස්ගාත හිතෙන් අත් ඇර ගන්න…අපි දෙන්නා මැරි කරනවා එච්චරයි…
භානුක එවර තරමක් දැඩ් හඩින් පවසන්නට විය….

ඔහු කෝප ගත් බව දැනී දැහැම් නිහඩ විය….

##නැවත හමුවෙනතුරාවට##

ආදරෙයි හැමෝටම

මොකද කියන්නේ යාළුවනේ භානුගේ අම්මා දැහැමිගේ අතීතේ ගැන දැන ගත්තම දැහැමිට අකමැති වෙයිද…. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *