25 වන දිගහැරුම

චෙනායයි සෙනේශුයි අතල්ලන් පහලට බහින දිහා ලීලම්ම බලන් හිටියෙ හරිම සතුටින්…..දන්න කාලේ ඉදන්ම මේ කෙල්ලයි කොල්ලයි ගැන ලීලම්මගේ සෙනෙහසක් තිබුනා…..මේ තරම් ඉක්මන්ට දෙන්න සතුටින් ඉන්න එක ගැනනම් ලීලාට තිබුනේ අම්මලා තාත්තලාට තරම්ම සැනසීමක්..

“අනේ වාසනවන් මෙහෙම තමයි ඉන්න ඕනේ….”

ලීලම්ම කටපුරවන් හිනවෙල්ලා කියද්දී සෙනේශුත් චෙනායාත් කළේ සිනා වුනු එක

“මොනාද ලීලම්මේ කන්න තියෙන්නේ….”

“ම්….මාළු කිරට උයලා පොල් සම්බෝල එක්ක පපඩම් තියෙනවා …..පුංචි මහත්තයා ආසයිනේ….”

“ආ ලීලම්මේ එයා විතරද ආස මාත් ආසයි….”

කෙල්ල කියන්නෙ පුරුදු විදියටම ඉතින් ටිකක් ඔරවගෙන…..

“අපෝ මේ බටු ඇටේ මොනවටද ආස නැත්තේ”

සෙනේශ් එහෙම කියද්දී කෙල්ල සියුම් පහරක් බාහුවට ගසමින්ම අසුන් ගත්තේ ආහාර ගන්න….

“මේ….චිනූ..”

“ම්….”

“උදවුවක් කරනවකෝ…..”

“මොකද්ද අනේ”

“අමෝ බටු ඇටේ කරයිද මන්දා…මොකද්ද අනේ අහන්නේ…..”

“අනේ මෝඩ දිගංචියෝ කරනවාද නැද්ද කියලා බලන්න කියනවකෝ…”

“මට බත් ටිකක කවනවකෝ…..”

සෙනේශ් එහෙම කියද්දී කෙල්ලට පුදුම හිතුනා….ඉස්සර කෑම මේසෙදී ඔරවගෙන කන මේ කොල්ලා ද මේ කියලත් හිතුනා….

ආදරේකට පුළුවන් මිනිහෙක් මෘදු කරන්නත් තද කරන්නත්…..චිනූට එහෙම හිතුනා…චිනූ සෝනු දිහා බලන් කල්පනා කරද්දි කොල්ලට හිතුනේ කෙල්ල කැමති නෑ කියලයි…..මෙච්චරකල් අම්මලා තාත්තලා ලග හුරතල් වෙවී ඉදලා තමාව හුරත්ල් කරයිද කියලා හිතුනා…

“හා හා අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන්න ඕනද ඕකට….මන් කන්න්ම් බබා…විහිළුවට කීවේ…..”

කොල්ලා කීවෙ චිනූගේ හිත නොරිදෙන විදිහටයි….එත් කෙල්ලට දුකහිතුනා….

“අයියේ…..විහිළුවටද කීවේ මම හිතුවේ ඇත්තට කියලා….මගෙන් කවාගන්න බෑද?”

කෙල්ල දුකෙන් කියද්දි කොල්ලට දුක හිතුනා….ඇය පුංචි කෙල්ලෙක් වගේ හැසිරුනාට හරිම ආදරණියයි කියලා හිතුනා…කොල්ලා ඇස් දෙකෙන්ම නෑහැයි කියමින් බත් එක කෙල්ල ළගටකරලා පුටුව ඇදන් කෙල්ලට ළ්ං උනා….

චිනූ බත් කටවල් අන අන කොල්ලට කැවුවා….චිනු පූංචි පුංචි කටවල් තමයි කොල්ලාට කවන්නේ….කට ඇද කර කර නුහුරුවට අත හසුරවද්දී කොල්ලාට ආදරේ හිතුනා…..ඒත් කෙල්ල ආසාවෙන් පලවෙනි වතාවට තම සැමියට බත් ටිකක් කැවුවා….

“මැට්ටී ඔයත් කන්න…..”

ඇය නොකා ඉද්දි කොල්ලා බත් එක අරන් කෙල්ලට කැවුවා….

ආදරණීයව ජීවිතේ විදිද්දී පුංචි පුංචි දේවල් ඇති ඒ ආදරේ වැඩි කරගන්න….මහා ලොකු දේවල් වලට වඩා පුංචි සිදුවීම් ආදරේ ශක්තිමත් කරනවා…..

මොකද දෙන්නා දෙන්න වෙනුවෙන්ම කරන කැපකිරීම් පුංචි පරිත්‍යාගයන් ඒ ආදරේ මාර විදියට ශක්තිමත් කරනවා….චිනුයි සෝනුයි ඒ වගේ…..රණ්ඩු වෙවී යාලු වෙවී ආදරේ විදින්න ඒ දෙන්නා දන්නවා…..

කෑම කාලා ඉවර වෙලා දෙන්නත් එක්කම උඩට ගිහින් බැල්කනියටයි ගියේ…..දෙන්නටම නිදිමතක් තිබුනේ නෑ….

සෝනු බැල්කනියේ තියලා තිබ්බ හාන්සි පුටුවේ වාඩි උනේ ඇස් දෙකෙන් තමන් ළගට එන ලෙස චිනූට ආරාධනා කරමින්….චිනූනම් ඉතිම් කීයනකම් නෙවෙයි හිටියේ වාඩිවෙනකම් කොල්ලාගෙ උකුලට පැනගන්න……

චිනූ හාන්සිවෙලා වගේ හිටපු සෝනුගේ උකුලෙන් වාඩිවෙලා ඒ පපුවට පිට දීලා හේත්තු වෙලා වාඩි උනා කොල්ලා අත් දෙකම බදවටා දාලා කෙල්ලව තම පපුවට තවත් තුරුල් කරගත්තා……කෙල්ල පූසියෙක් වගේ ඒ උනුහුමට ගුලි උනා…..

සෙව්මිනීට දුන්නනම් මේ දිගංචියව තමාට ජීවිතකාලෙම දුක් වෙන්න වෙයි කියලා කෙල්ලට හිතුනා….එහෙම හිතන ගමන්ම කෙල්ල ටිකක පිටුපස බලලා කොල්ලාගේ පපුව මත් දෙතොලින් සියුම් හාදුවක් සටහන් කළා..

“හිතන්න දෙයක් නෑ මගෙ පිස්සියේ….මම ඔයාගේ තමයි….”

සෝනු කියන්නෙ කෙල්ලගෙ හිස සිබිමින්…..

“කෝමද දන්නේ මම එහෙම හිතුවා කියලා…..”

“හිත් කියවන බලයක්නම මට නෑ….ඒත් මට දැනුනා ඔයා අයිතිය පෙනලා තමා කිස් කලේ කියලා…”

“හ්ම් ඔව් ඔව් අයිතිය තමා පෙන්නුවේ….”

කෙල්ල හිනාවෙමින් කියද්දී කොල්ලා නැමිලා චිනූගේ කන් පෙත්තක් හිමීට දසන් වලට තබා තද කළා…..

“ආව් ගොනෝ…..”

“අයිතිය පෙන්නුවා හරකියේ……”

දෙන්නටම හිනා ඉතින්…..

“චිනූ….”

“ම්..”

“ඔයා කොහොමද මට ආදරේ කළේ නංගී…..චූටි කාලේ ඉදන් ඉයේ පෙරේදා වෙනක්ම්ම ඔයා මා එක්ක රණ්ඩු අල්ලපු තරම්…ඔයානම් කටු අත්තක්….”

“මම දන්නේ නෑ අයියේ….ඒත් ආදරේ හිතුනා කොහොම උනාද දන්නේ නෑ….ඉතින් ඔයාත් එහෙමනේ මා එක්ක රණ්ඩුමනේ කළේ….ඒත් ආදරේ කලේ……”

“ඔයාමේ බට්ටිච්චියෙක් වගේ හුරතල් වෙනකොට ආදරේ හිතුනා…..අර එදා මට තුරුල් වෙලා නිදාගත්තේ අන්න එදා තමයි මට ඔයා ගැන ආදරේ හිතුනේ නංගි……අපි යමු බබා ඉස්සරහට……ප්‍රශ්න එයි ඒවට මාත් එක්ක ඉන්න පුළුවන්ද ඔයාට…..”

“මම හුරතල් වෙනවා තමයි…එක ඉතින් වයසට ගියත් ඔයාට දරාගන්න වෙයි…..ඒ උනාට මට පුළුවන් අයියේ ඔයාත් එක්ක ඉන්න……සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි කියලා මම දන්නවා…..සල්ලි තියෙන අයට ප්‍රශ්න එනවා කියලා මම දන්නවා…..ඔයා මට ආදරේනම් හැමදාම මේ වගේ අපි ඒවා එකතුවෙලා විසද ගමු…..”

චිනූ සෝනුගේ පපුවට තුරුල් වෙලා කියන් යද්දී කොල්ලා ට කෙල්ල ගැන දැනුනේ අසීමිත ආදරයක්….පොඩි එකෙක් වගේ ද්ගකළාට හැසිරුනාට නියම ගැහැනියකගේ සිතුම් පැතුම් ඈ ළග තියෙනවා කියලා හිතුනා…..බොරුවට පොශ් වෙන්න හදන අය අතරේ තමාට හමුවුනේ ඊට ගොඩාක් වෙනස් කෙල්ලෙක් කියලයි සෝනුට හිතුනේ……

“ආදරෙයි නංගි…..මට හිතෙනව ඔයාට මගෙ හිතේ තියෙන ආදරේ දවසින් දවස වැඩිවෙයි කියලා…..මොකද මම නොහිතපු විදියේ පිරිච්ච කෙල්ලෙක් ඔයා……”

කොලා කියද්දී කෙල්ලට මාරම සතුටු හිතුනා…..තවත් ඒ පපුවට ගුලිවෙච්ච කෙල්ලට එහෙම්ම නින්ද ගියේ දෙන්නම නිහඩව හිත්වලින් දොඩමළු උන නිසා….

සෝනු කෙල්ලව ඇදෙන් තියලා ලයිට් ඕෆ් කරගෙනම ඇදට ආවේ හෙට කෙල්ලව සප්‍රයිස් කරන වැඩේ හරියටම හරිද කියලා තම ලේකම්වරියට ඇමතුමක් දී අසා දැනගැනීමෙන් පසුවයි…..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

පසුදා උදේ කෙල්ල අවදි වෙද්දී කොල්ලා ඇදේ ඉන්නේ නෑ…..ඇහැරෙද්දීත් ටිකක දවල් වෙලා තිබ්බේ…..

කාමරේ අයිනක සූදානම් කරලා තිබ්බ බෑග් දකිද්දි කෙල්ලට පුදුමයි…..

“අයියේ මේ මොනාද?”

“මේ ඇදුම් බන්…”

“මොකදට පැක් කරලා තියෙන්නේ?”

“හිතන්න බලන්න…….”

“බෑ බෑ කියන්නකෝ…අපි කොහේහරි යනවද?”

බාත්රූම් එකේ ඉදලා ආව කොල්ලගෙන ප්‍රශ්න ගොඩායි කෙල්ලට අහන්න…..

“කියන්නකෝ කොහෙද යන්නේ?”

“ඉක්මන්ට ලෑස්ති වෙනවා…අපිඅද ඕස්ට්‍රේලියා යනවා….අම්මලාව බලන……”

“අනේ මහෙ වස්තුවේ උම්ම එකක දෙන්න හිතෙනවා….”
.
එහෙම කියන් කෙල්ල ඇදෙන් බැස්සා නෙවෙයි ඇදෙන් පැන්න එකයි කළේ….කොල්ලා ඉක්මනින් එහාට උනා….

“අපෝ ඔන්න ඇස් වල කබ….කට වටේම කෙල…යනවා යනාවා ගිහින් වොශ් කරන් එනවා…….”

සෝනු හිනා වෙවී කියද්දි චිනු කොට්ටේකින් ඔහුට පහර දීල බාත්රූම් එකට ගියේ මාරම සතුටකින්……මාස ගානකට පස්සේ අම්මලාව දකින්න හම්බවෙන නිසා….

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *