25

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 25 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

දෙන්නව හොස්පිටල් එකට අරන් ගියපු ගමන්ම අයිසීයූ එකට ගත්තාම අවී වගේම තියා ජීවන් කට්‍ටියම ඉන්නේ නොඉවසිල්ලෙන්..

දෙවියන්ට පින්සිද්ද වෙන්න ඒ ජීවිත දෙක බේරලා දෙන්න කියලා අවී ඉල්ලන්නේ..

අවීට දෙන්නා ගැනම බැදීමක් නෑ..අවී තනිකරම තනි කෙනෙක්..තමන්ගේ නංගි තමන්ව දාලා යද්දි නංගිගේ හදවත එක්ක පාරුල් ජීවත් වෙනවා..

කොයිම දේකදි උනත් අවී දන්නවා කවුරු උනත් බේරගන්නේ තමන්ගේ නංගිව කියලා..

ඒත් එක මොහොතකට දැකපු පාරුල්ව අවී හොස්පිටල් එකට දාලා යද්දිත් ආදි මේ ලෝකේ දාලා යන්න ගිහින්..

අවී ආදිට යන්න කියලා කෑම දෙකක් ඔතාගෙන එන විනාඩි පහට හැමදේම වෙලා..පැත්තක පාරුල් ජීවත් වෙන්න ට්‍රයි කරද්දි අනිත් පැත්තේ ආදි..

ලේ පෙරාගෙන වැටිලා ඉන්න පාරුල් දිහා බල බල අවී දුවන්නේ ආදි ගාවට..ඒ වෙද්දිත් කන්ටේනරේට යට වුන කෙල්ලගේ මූන ගන්නම දෙයක් නෑ..

ඒත් තාමත් ඒ හදවත ගැහෙනවා..ඒ එක්කම එතනින් ගියපු වාහානේකට ආදිව දාලා හොස්පිටල් එකට යවන්න පුලුවන් උනත් කොල්ලා යවන්නේ පාරුල්ව..

අවී තමන්ගේ අත් දෙකට ආදිව අරගෙන යද්දියි එතනට වාහනයක් එන්නේ..ඒත් අත දාන හැම වාහෙනේම කොල්ලාව නොදැක්කා වගේ යද්දියි ඊටත් පැය බාගෙකට පස්සේ ආව කාර් එකක් නවත්තනේ..

ඒත් ඒ වෙද්දිත් ආදිගේ අවසන් හුස්ම වාතලයට මුසු වෙලා .හිතම වේදනා දෙද්දි කොල්ලා මහා හයියෙන් අඩනවා..

පොඩි එකෙක් වගේ..කාර් එක එලවන් ආව තියාට දැනුනේ අවී ගැන වේදනාවක්..නංගිගෙ මිනිය අරන් යන මේ අයියා දිහා බලන් ඉදලා තියා හොස්පිටල් එකට ආවාමයි දැක්කේ..

එක පැත්තක තමන්ගේ නංගිගේ මිනිය තියාගෙන ඇස් වලින් කදුලු එද්දි කොලේකට අත්ඩන් කරන කොල්ලව..

එතනට ආව නර්ස්ලා ආදිගේ බොඩි එක අරන් යනවත් එක්කමයි කොල්ලගේ අතට පාරුල්ගේ ඇදුම පවා ලැබෙන්නේ..

අවී පුලුවන් තරම් අඩන්න ඕන උනත් කොල්ලා ඉවසීමේ අන්තිම තිතටම ඉවසන් අඩන හැටි තියා දකිනවා..නොහදුනන නේ තරුනයාව කෙල්ල වැලදගන්නේ හිතම පිස්සන් කොටුවක් වෙද්දි..

පොඩි එකෙක් වගේ තියාට තුරුල් වෙලා අඩන අවී පැය ගානක්ම ඇඩුවා..අම්මා තාත්තා නැතිව හදපු නංගි තමන්ගේ අත් දේකේම මියයද්දි කොල්ලා කෑගහලා ඇඩුවා .

ඒත් තියා පාරුල්ගේ ඇදුම් අරගෙන ආදි ඉන්න රූම් එකට යන්නේ අවීව එතනින් ඉන්දලා..එතනින් එහාට කෙල්ල ආදිට පාරුල්ගේ ඇදුන් අන්දලා පාරුල් දාගෙන උන්න හැම ආබරනයක්ම ආදිට දානවා..

කෙල්ලගේ මූන හොයන්නත් බැරි නිසාම පාරුල් ආදි වෙද්දි ආදි පාරුල් වෙලා අමීන්ගෙර් ගෙදරට යනවා..

එදා ඉදන් තියා අවීගෙම කෙනෙක් වෙද්දි කොමා එකක ඉන්න පාරුල්ට් සිහිය එන්නේ ඊටත් මාසය හයකට පස්සේ..අතීතේ අමතක වෙලා නිසාම කෙල්ලගේ යාලුවා තියා වෙද්දි අයියා අවී වෙනවා..

එදා ඉදන් ගෙවෙන හැම තප්පරයක්ම අවීට එයාගේ ජීවිතේ වෙන්නේ තියා..වගේම පාරුල්..අවී හදිසියේ රට යන්නේ කොල්ලට තියාගේ වෙඩින්ග් එකට එන්න බැරි නිසා..නොකීවට ගෙවුන හැම තප්පරේකම ඒ පිරිමි හිත තියාට ආදරෙ කරනවා..

අද තමන් ගාව තියාවත් පාරුල්වත් නෑ..අවී මුලු හිස්ම බදාගන්නේ වේදනාවෙන්..

සුදු මහත්තයා 😢

අවී ගැස්සිලා නැගිට්ටේ ඒ වචන එක්ක..තියා තව මොහොතක් පරක්කු නොවී අවිනාශ්ව බදාගත්තාම ජීවන් ඉන්නේ කට ඇදකරන්..

ඇයි මේ ආහ්.එයා ඔයාව දාලා යන්නේ නෑ අවී..එයා ප්‍රොමිස් උනා ඔයා ගාවම ඉන්නවා කියලා 😭

අවී මුකුත්ම නොකියා තියාගේ පපුව අස්සේ ඔලුව හන්ගන් අඩන්නේ පොඩි එකෙක් වගේ..

තියා කොල්ලව පපුවෙන් මැත් කරලා මුලු හිසම අතගාන්නේ නොකී ආදරයක් හිත ඇතුලේ හන්ගන්..

තියාත් අවී තරමටම ආදරේ කරත් කොල්ලා කොල්ලගේ හැගීම් හන්ගා ගද්දි තියා හිත හදාගන්නවා..ඒත් නොදැනීම උනත් අවී ලග තියා අසරන වෙනවා..

දැනුත් උනේ ඒක..අවීගේ වේදනාව බලන් ඉන්න බැරිම තැනයි තියා කොල්ලා ගාවට ආවේ..එත් හිත ඇතුලේ අගුල් දැම්ම ආදරේ ආයම මතු වෙලා උඩට එද්දි තියාගේ ඇස් වලින් කදුලු එනවා..

අයියේහ් 😢

මට සමාවක් දෙන්න එපා තියා..ඔයා මට ආදරේ කලා කියලා මට දැනුනා..නොදැනුනාම නෙවේ..😭

පිටිපස්සෙන් ඉන්න්ද් ජීවන්ට ඒ වචන ඇහුනේ කන ගාව අකුනක් ගහනවා වගේ..මොකද තාමත් ජීවන් ඉස්සරහා තියා හැගීම් දිගෑරලා නෑ..

ගෙවුන හැමදාම කිස් එකකින් එහාට යන්න තියා ඉඩනොදුන්නේ මේ නිසාද කියලා කොල්ලට නොහිතුනාම නෙවේ..

ඒත් තියා ඔයා දැන් බැදලා..ඔයා මන් ගාව මෙහෙම ඉන්න එපා..ප්ලිස් 🙏

මාව එලවන්න එපා අයියේ..අවුරුදු එක හමාරක්ම ඔයා මාව එල්‍රවලා දැම්මා..ඇයි ඒ අයියේ..ඇයි 😭

ඔයා නොදන්නවා උනාට මට ජීවා ගැන දුකයි..ඒත් මට මේ තරම් ඔයාව දැනෙන තරම් එයාව දැනෙන්නේ නෑ..

ඔයාගේ සතුට කියලා මන් ඒකට හා කීවත් ඔයා නොඑද්දි ඔයා රට දාලා යන්න යද්දි මන් දන්නවා ඔයා ගියේ දුක නිසා කියලා..

කියන්න අයියේ හදවතේ ආදරේ හිරකරන් මන් ජීවන් වෙනුවෙන් මගේ ආදරෙ මරන්න ඕනද 😰

සුදු මැනික මේ අහන්න 😔

එපාහ් මට අහන්න ඕන නෑ..කියන්න ඒ හැමදේම ඔයාගේ සතුට වෙනුවෙන්ම කරද්දි තවත් මට කියන්නේ ඔයා එහෙම ඉන්න කියලද 😭

බබා ප්ලීස් කියන දේ අහලා අඩන්න එපා 😕

තියා රහසින්ම ඒ විසල් පපුවට තුරුල් වෙලා අඩන හැටි දැක්කාම ජීවන්ට දැනුනේ වරදක්..
අම්මාලාගේ කීමට මල්කිව අතාරිද්දි මල්කිටත් එහෙම දැනුනා කියලා කොල්ලා දන්නවා..

ජී අන් එතනින් පැත්තකට ගියේ කොල්ලට ආව කෝල් එකක් නිසා..එහෙම්මම කෝල් එක ආන්සර් කරලා ජීවන් තියාට මැසේජ් එකක් දාලා යන්න ගියේ මල්කිව ජීවන් ඕන නිසා..

ඒ වෙද්දිත් මල්කි උන්නේත් ජීවිත සටනක..ආදරය වෙනුවෙන් ජීවත හයක් එකම සටනකට හිර වෙලා..

අමීන්ව රූම් එකට දාලා පැය ගානක් ගියාම මැශින් වට කරලා පාරුල්වත් රූම් එකට දානවා.

වහා බීලා හොස්පිටල් ඇඩ්මිට් කරපු කෙල්ලව ජීවන් කතා කරලා අමීන් ඉන්න හොස්පිටල් එකට ඇඩ්මිට් කලේ මල්කි වෙනුවෙන් අඩුම මේ දේවත් කරන්න ඕන නිසා..

මල්කි වගේම අමීනුත් නෝර්මල් වෙන්න දවස් දහයක් ගියත් තාමත් වෙනසක් නැතිව පාරුල් ඉන්නේ මැශින් වල පිහිටෙන්..

තියාගේ ඩැඩි පොලීසියේ නිසාම ඒ වෙද්දිත් විජේනායක වගේම ශාමින්දිත් හිටියේ හිර කූඩුවේ..

මිනීමැරුම් හා මිනි මැරුමට තැත් කීරීම කියලා දෙන්නව අවුරුදු පහකට හිරේ ගියේ පාරුල්ගේ අතේ තිබ්බ ශාමිගේ චේන් එක නිසා..

කොයිතරම් දැගලුවත් තියා ශාමිව බෙල්ල මුලටම හිර කරාම ශාමි වැරදිකාරියක් වෙලා දඩුවන් විදිනවා..

හරියටම හැමදේම වෙලා මාසයක් යද්දි අමීන්ව ටිකට් කපලා ඇරියාම පාරුල් යන්තමින් මැශින් නැතුව හුස්ම ගන්න පටන් ගන්නවා..

තියා හදිස්සියට පාරුල්ගේ කියලා ගිහින් තියෙන්නේ වෙන රූම් එකට.තියා දොර ඈරගෙන එනවත් එක්ක දැකපු දෙයින් තියාව එතනම ගල් ගැහෙනවා.

තියා වගේම අවීත් කතා කරාට තියා ජීවන්ගේ වයිෆ්..කෙල්ල තාමත් හිතේ හැගීම් හිරකරගෙන ජීවන්ගෙන් ආදරේ හොයනවා .

ඒත් වචන වලට ඒ ආදරේ සීමා වෙද්දි තියා තනිකමට හුරු වෙද්දි ජීවන් මල්කි ගාව ආදරේ විදිනවා.

කෙල්ල පැටලිලා ගිහින් තිබ්බේ මල්කිගේ කාමරේට..ඒ යද්දිත් ජීවන් ඉන්නේ මල්කිගේ දෙතොල් සිපගන්න ගමන්..
ජීවන්ගෙන් ඒ තරම් ආදරයක් තියා ලබලා නෑ කියලා දැනෙද්දි තියා ආයම යන්න හැදුවත් ජීවා කෙල්ලට කතා කරනවා .

තියා 😳

ආහ්ම් ජීවා මන් මේ රූම් එක වැරදිලා ඇවිත්..😕

නැහැ පාරුල්ව එහා රූම් එකට දැම්මා තියා..අදුනා ගන්න මන් ආදරේ කරලා අපේ මැරේජ් එක නිසා ඇතෑරපු මගේ ආදරේ මල්කි 😔

ඒ කියන්නේ ජීවා තාමත් ඔයා මල්කිට ආදරේද 😕

ඔව් තියා මට මල්කි ඕන..එයා මන් නිසා මැරෙන්න පවා ගියා..ඒ ඇස් වල තාමත් ආදරේ තියනවා තියා..මට සමාවෙන්න 😔

ඉට්ස් ඕකේ..ඔයාට වෙන්න ඕන දේ කියන්න ජීවා..ඒකට අවුලක් නෑ..ඒත් මීට කලින් ඔයා මේක කීවා නම් 😐

කීවා නම් අපි දෙන්නා මැරි කරන් නෑ නේද 😑

කමක් නෑ ජීවා..මේවා සාමන්‍ය දේවල්..හවස අපි කතා කරමුකෝ..

තියා එතනින් එහාට වචනයක් වත් නොකියා යන්න ගියාම මල්කි වගේම ජීවන් ඉන්නේ පුදුම වෙලා..ජීවන් උනත් දන්නවා තියා අවීට ආදරේ කලත් පවුල් ජීවිතේට අවීව ගෙනාවේ නෑ කියලා..

මොහොතකට එලියට ආව තියා පපුව අල්ලන් දිග හුස්මක් අරගෙන පාරුල් ඉන්න රූම් එකට ගියා..

ඒ වෙද්දිත් අමීන් කෙල්ල ගාව..හුස්මක් නොගන්න ඒ පපුවට හිස තියාගෙන අමීන් ඉන්නේ ලොකු කල්පනාවක..

අමී අයියා 😐

එයා කවදා ඇස් අරීවිද තියා..කවදාවත් එයා ආයම මගේ දිහා බලන්නේ නැති වෙයිද 😰

එහෙම වෙන්නේ නෑ අයියේ..බලන්න දැන් එයා හුස්ම ගන්නවා..එයා ජීවත් වෙයි අයියේ 😔

තියා අමීන්ගේ උරහිසට අත තියලා කීවේ කොල්ලගේ හිත හදන්න මිසක පාරුල් ඉන්නේ තාමත් අසාධ්‍ය තත්වේ..

ඒ හදවත ඉස්සර තමන් ගාව රන්ඩු වෙවී දොඩවපු හැටි අද තමන් ඉස්සරහාම ඒ හදවතම ජීවිතය ඉල්ලද්දි අමීන්ට වේදනයි..

ඒ හුස්මක් නොගන්න පපුවට හුස්ම දෙන්න බෑ කියලා අමීන් දන්නවා..ඒ නිසාමද මන්දා අමීන් තියාගේ වචන එක්ක නිහඩ උනාම තියා හුස්ම ගන්නේ අපහසුවෙන්..

කෙල්ල රූම් එකෙන් එලියට ආවේ ඇස් වල කදුලු පුරවන්..නොකීවට තියා ඉන්නේ වේදනාවෙන්..එක පැත්තකට අවී..අනිත් පැත්තේ ජීවා..අනිත් පැත්තෙන් පාරුල්..

තමන්ගේ ආදරනීයම හදවත් තුනම වේදනාවෙන්..කෙල්ල එතනම තිබ්බ පුටුවට බර වෙලා ඇස් දෙක පියා ගත්තේ අනේ මගේ හුස්මත් නතර වෙනවා නම් කියලා හිතලා..

ඒත් නොනොවත්වා ඒ හුස්ම හදවත් වලට ගලද්දි කවදත් වගේ අදත් තියා නිහඩයි..වේගෙන් වේගෙන් පාරුල්ගේ රූම් එකට දුවගෙන යන ඩොක්ටර්ස්ලා එක්ක අමීන් එලියට ආවම කෙල්ල නැගිටිනවා..

අමී අයියේ ඇයි මේ කියන්න..

මොකද උනේ..😧

එයා…එයා හුස්ම ගන්නේ නෑහ් 😣

ඒ එක්කම අමීන්ගේ කන ගාවින් ගලාගෙන යන ලේ එක්ක අමීන්ව එහෙම්මම බිමට වැටුනාම තියා කෑගහන්නේ මුලු හොස්පිටල් එකම දෙවනත් වෙන්න..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *