25

❤️❤️දිවිය තිබෙන තුරු මගේ
ඔබයි ආදරේ❤️❤️

****25 වන දිගහැරුම****

කැළණියට යන තෙක්ම කාරය තුල පසු වූයේ දිගු නිහඩතාවයකි…

දැහැම් යලි කතා කිරීමට අදහස් නොකලේ තමා පැවසූ දෙයින් පසු භානුක සිටින්නේ කෝපයෙන් බව වැටහී ගිය නිසයි…

ඇයට නිතැතින්ම සුසුමක් හෙලෙන්නට වූවා…

කාරය නවතා භානුක හැරුනේ දැහැම් දෙසටයි….

බහින්න අදහසක් නැද්ද….අපි ඇවිල්ලා ඉන්නේ…..මොනවද දැහැම් ඔච්චර කල්පනා කරන්නේ…මම මේ ගොඩාක් ඉවසීමෙන් කියන්නේ….ප්ලීස් මගේ තරහා අව්ස්ස ගන්න එපා…මෙච්චර මේ හැම දේම පිලිවෙලකට විසදිලත් ඔයා ඉස්සරහට ගත්තු කකුල ආපස්සට ගන්න ලෑස්ති යනකොට මට බය හිතෙනවා…මේ අවුරුද්ද පුරාවට මං ලොකු පාලනයක් ගත්තා…ඔයා මට ඕනේ නිසයි කෙල්ලේ මම මෙච්චර දවසක්ම ඔයා මගේ ලගට එනකල් ඉවසීමෙන් බලන් හිටියේ…ඔයාව ඕනේ මට මිසක් වෙන එව්න්ට ඕනෙවට නෙවෙයිනේ මම මේ හැම දෙයක්ම කරන්නේ…හරි දැන් සේරම අමතක කරන්න…කෝ යමු බැහැලා ගිහින් අපි නෙළුම් මල් අරන් පන්සල් යමු…
භානුක සියල්ල දැහැම්ට පැහැදිලි හඩින් පවසා ඇගේ මුහුණත් ගෙලත් පිරිමැද කාරයේ දොර විවර කර බැස විත් දැහැමිගේ පසින් දොර විවර කර බලා සිටින්නට වුනා…

දැහැම් ද ඒ අතරේ මොහොතකට සියළු මන්ස්ගාත සිතින් ඉවත් කොට රියෙන් බැස විත් භානුක අනුව කැළණිය පන්සල් භූමිය වෙත ඇවිද යන්නට වුනා…

භානුක දැහැම් සමගින් මල් වෙලදසැලකට ගොස් ඇගෙන් නොව්මසාම තෙල්,මල් ,පහන්,හදුන් කූරු මිලදී ගන්නට විය…ඒ අතරේ ඔහු ඇගේ අත තැබුවේ සුදු නෙළුම් මල් මිටියකි….

දැහැම් ඒ දෙස බලා සිටියේ සොම්නසින්…

භානුක ඔයා කොහොමද දන්නේ මම සුදු නෙළුම් පූජා කරන්න ආසයි කියලා….
එවර දැහැම් පුදුමයෙන් වගේ භානුක දෙස බලා විමසුවා….

මාත් ගොඩාක් ආසයි සුදු පාට නෙළුම් මල් වලට…ඒ දිහා බලනකොට මගේ හිතට හරි සැහැල්ලුවක් දැනෙනවා…අනිත් එක ඔයා කටින් නොකිව්වත් ඔයාගේ කැමැත්ත අකමැත්ත මගේ මෙතනට හොදට දැනෙනවා මැණික…
භානුක පපුවට අතක් තබා පැවසුවේ ලෙංගතුවයි….

දැහැම් දෑස් ආයා ඔහු දෙස බලා සිටින්නට විය…

මොකද ඔහොම බලන්නේ….විශ්වාස නැද්ද…..

නෑ…නෑ…එහෙම දෙයක් නෑ…මටත් වඩා ඔයාව මට විශ්වාසයි භානුක…ඒත් මං කල්පනා කලේ ඩොක්ටර් කෙනෙක් උන ඔයා ඔය තරමට ආදරේ කරන්න දන්නේ කොහොමද කියලා..

ඒකේ පුදුම වෙන්න දෙයක් නෑ දරුවෝ…..මම ඩොක්ටර් කෙනෙක් උනත් මමත් හැගීම් දැනීම් තියෙන අනිත් මිනිස්සු වගේම සාමාන්‍ය මනුස්සයෙක්…එතනිදි මගේ රැකියාව වත් තව දෙයක්වත් විශේෂ වෙන්නේ නෑ…මාත් ආසයි මගේ ආදරේ මගේ කෙල්ලට දෙන්න…ඒ වගේම ඒ ආදරේ ඔයාගෙන් විදින්නත්…ඔයා ඉදිරියේ මම ඉන්නේ අනිත් හැම දේම අමතක කරලා….මට ඕනේ කවදා හරි මට මොන ප්‍රශ්නයක් තිබුනත් හවසට ගෙදර ආවම ඒ හැමදේම මට අමතක වෙලා යන තරමට මාව ආදරෙන් බලා ගන්න පුළුවන් වයිෆ් කෙනෙක් දැහැම්…ඒක කරන්න පුළුවන් ඔයාට විතරයි…කවදා හරි මගේ දරුවන්ට මට ඔයා හොද බිරිදක් අම්මා කෙනෙක් වෙන්න ඕනේ…ඔය මූණේ එක හිනාවකට මගේ හැම දුකක්ම නැති වෙලා යනවා…මෙච්චර කාලෙකට මගේ හිතට එබෙන්න කාටවත් බැරි උනා…ඔයාට විතරයි දැහැම් මගේ හිත හොල්ලන්න පුලුවන් වුනේ….ඉතින් දැන් ඔයාගේ හිතත් තියෙන්නෙ මං ගාව…ඒක එහෙමයි….
භානුක දැහැම්ගේ දෑස් දෙස හරි කෙලින් බලා ඔහුගේ ඇතුළු හිතම ඇය ඉදිරියේ විවර කරන්නට සිතුවේ මේ පිං බිමේදීය…

ආදරෙයි භානුක….මගේ මුළු ජීවිතේම ඔයා නමට කැපකරන්න දෙවියන් ඉදිරියේ මං පොරොන්දු දීලා ඉවරයි…මොන දේ උනත් මං හරි වාසනාවන්තයි…මේ තරම් ආදරයක් මට ලැබෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ….සත්තයි…මට ඔය ආදරේ දරා ගන්න බෑ මහත්තයෝ…මගෙ මුළු ලෝකෙම ඔයා විතරයි…
දැහැම් දෑසේ කදුළු පුරවාගෙන පැවසුවේ හද තුල නැගෙනා සෙනෙහස වදන් වලට අමුණාය…

දෙදෙනා පඩියෙන් පඩිය නැග ගමන් ගත්තේ අත් වැල් පටලා ගන්නා අතරේය….

සුදු නෙළුම් එකින් එක ගෙන එහි දඩු කඩා දැහැම් අත තැබූ භානුක ඇයත් සමගින් සමිදුන් අභියස මල් පිදුවේ සංසාර ගමනේ කෙලවරතෙක් තමා පසෙකින් සිටින්නිය තම පාදචාරිකාවම වන ලෙස ප්‍රාර්ථනා කරන අතරේය…

දැහැම් භානුක දෙස බලා පැතුවේද ඒ චේතනාවම පෙරදැරි කොටයි….

පෙම් යුවල නිවී සැනසුනු සිතින් යලි නිවස බලා පිටත් වූයේ දිවා ආහාරයද සුන්දර අවන්හලක් වෙත ගොස් රැගෙනයි…

*****************************

රාත්‍රී කෑම මේසයේදී භානුක දැහැම් දෙසද ඉක්මන් බැල්මක් හෙලා මව සමගින් කතා බහ ආරම්භ කලා…

අම්මේ…මට අම්මට කියන්න දෙයක් තියෙන්නවා…..

ඇයි පුතා…මොකද…..

නෑ අම්මේ කලබල වෙන්න දෙයක් නෑ…මම හිතුවේ දැහැමිව ඉක්මණින් මැරි කරොත් හොදයි කියලා…මම අවුරුදු දෙකක් ඇමරිකා යන්න හිතුවා…එහෙම උනොත් මම තනියෙන් යනවට වඩා දැහැම්ත් එක්කම යන්න පුලුවන්නේ…මෙයා නිසාමයි මම එදා මගේ තීරණේ ආපහු වෙනස් කලේ…ඒත් මට මේ ලැබුනු චාන්ස් එක අතෑරලා දාන එකත් අපරාදේ කියලා හිතෙනවා..භානුක ඒ අතරේ පැවසුවා….

ඒක නම් හොද අදහසක් පුතා…මාත් මේවා ඉක්මණින් පිළිවෙලක් වෙනවා දකින්න කැමති..මට හැමදාම ඔයාගේ වැඩ කරන්න බෑනේ..දැන් දැහැම් දුවට ඒවා භාර දීලා මාත් ආසයි ජීවිතේ ඉදිරි කාලේ බනක් භාවනාවක් කරගෙන ඉන්න…මොනදේ උනත් පුතා ඔය දෙන්නම නංගි ගැනත් බලන්න…
රම්‍යා මහත්මිය අවසානයේ පැවසුවා…

නංගිගේ වගකීම් හැම දෙයක්ම ඉදිරියටත් ඒ විදිහටම මම කරනවා අම්මා..ඒ ගැන අහිතක් හිතන්න එපා…දැහැම් වෙනයි…අම්මයි නංගියි වෙනයි…මම දන්නවා අම්මා නංගියි මමයි වෙනුවෙන් ජීවිතේ විදපු දුක් කන්දරාව…මං මුල අමතක කරන මිනිහෙක් නෙවෙයි අම්මා…අනිත් එක දැහැම් උනත් මගේ දේවල් වලට නීතී දාන්න එන කෙනෙක් නෙවෙයි කියලා මට හොදටම විශ්වාසයි…මට අම්මට කියන්න ඕන උනේ අපි ලබන සතියේ දැහැම්ලාගේ ගෙදර ගිහින් මේ ගැන කතා කරමුද කියලයි….

අනේ කොච්චර දෙයක්ද දරුවෝ…එහෙනම් දැහැම් දුව ඔයා අනූ දුවත් එක්කත් කතා කරගෙන අම්මටයි තාත්තටයි මේ ගැන කියලා ඉන්න…එතකොට එයාලගෙනුත් අහලා පුතාට නිවාඩුවක් ගන්න පුළුවන් නේ….රම්‍යා මහත්මිය අනූපමා දෙසද බලා පැවසුවා…..

හොදයි අම්මා…මං මේ සෙනසුරාදා අනුත් එක්ක ගමේ යන්න කියලයි හිතන් ඉන්නේ…
දැහැම් බත් පිගාන දෙස බලාගෙන පැවසුවා….

*****************-*********-*********

භානුකගේ දුරකථනය මහ රාත්‍රියේ නාද වෙන්න ගත්තා…ඔහු එය සවනට තබා ගත්තේද දෑස් පියාගෙනයි…කලබලයෙන් අවදි වූ භානුක ඇද මතින්ම වාඩිවී මොහොතක් කල්පනා කරන්නට විය…

දෙයියනේ මං මේක කොහොමද දැහැම්ට කියන්නේ…කෙල්ල මේක දැනගත්තොත් පොලොවේ හැපෙයි….දැන් මොකද කරන්නේ…අම්මා එක්කත් කතා කරගෙන හොද විදිහක් කරනවා…දැන්ම මේක දැහැම්ට කියනවද නැද්ද…..භානුක දුරකථනය දෙස බලාගෙනම කල්පනා කරන්නට විය….

ඔහු කලුවරේම දොරත් විවර කරගෙන පහලට බසින්නට වූයේ නලල මිරිකමිනි….

##නැවත හමුවෙනතුරාවට##

අනේ යාළුවනේ ඔයාලා ගොඩාක් අය කතාව දානකල් බලන් හිටියා කියලා මම දන්නවා….මට කතාව ටයිප් කරන්න තරම් මානසික තත්වයක් තිබුනේ නෑ…සමාවෙන්න…ඔයාලට මං හිතලා කතාව දෙන එක පරක්කු කරේ නම් නැහැ…මගේ වැඩ කටයුතු එක්ක මට වෙලාවක් හදා ගන්න බැරි උනා….හවස තව කොටසක් දෙන්න කොහොම හරි උත්සාහ කරනවා….
ආදරෙයි හැමෝටම 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *