26

අචින්තයී අපේ ආදරේ…
26
සෙනෙ වෙලී ඔබ හා
යන්නට ආසයි අත් වැල් ලා..
මිදි එන්නද රැහන් බිදලා…
පිලිගන්නවාදො සෙනෙහෙ පුදා..
ඉතුරු ටික ලියන්න පද ගලප ගලප ඉන්න කොට තමයි මින්දු ලගට ආවෙ…
ගුඩ් මෝනින් මින්දු
හ්ම්ම් ගුඩ් මෝනීන්..
ඒ මූනේ නෑ කිසි එලියක්..සුපුන් එක්ක වලියක් වගෙ..
මොකො මින්දු
හ්ම්ම් මුකුත් නෑ..
හරි මෝඩීට මොනා හරි වෙලා..දැන් ඉතින් සියලු වැඩ අත් හිටෝලා නලෝමුකො මින්දුව..මන් පොත වහලා මින්දුගෙ අතින් අල්ල ගත්තා
ඇයි මින්දු මොකක්ද ප්‍ර්ශ්නෙ..සුපුන් බැන්නද
හුම්
හේතුව
හේතුව හේතුව උඹ තමයි..
මොකක්…
මින්දුට විකාරද මන්දා..සුපුන්ගෙයි එයාගෙයි වලි වලට මන් කොහෙද අදාල වෙන්නෙ..මින්දු නැත්තම් මන් අඩු තරමෙ සුපුන් එක්ක හිනා වෙන්නෙත් නෑ..ප්‍ර්ශ්නයක් ඇහුවොත් කෙටි උත්තරයක් දෙනවාමිසක්..කොච්චර කල්පනා කලත් හිතා ගන්න බැරි වුනා මින්දු කියන දේ නම්..
මොකක්ද මින්දු ඇයි ඔයා ඔහොම කියන්නෙ..ඇයි ඔයාලා මන් හින්දා රන්ඩු වෙන්නි..මන් කවදාවත් ඔයාලට ප්‍ර්ශ්නයක් වුනෙ නෑ..මට තේරෙන්නෙ නෑ කියන දේ නම්..
හුම් ඔයා අතෙ වැරද්දක් නෑ සම්මානි..ඒත්..
මෙයාට නම් මොකක්ම හරි වෙලා..ඉස්සෙල්ලා කීවා මන් හින්දා රන්ඩු වුනා කියලා දැන් කියනවා නෑ කියලා…මෙයා අද ඇදෙ අනිත් පැත්තෙන් නැගිටලද කොහිද..
මොකක්..
හුම්ම්…
මින්දු ලොකු හුස්මක් පිටකලා..පේන විදියට සීරීයස් වගෙ..ඒත් ඉතින්
මට කියන්න මින්දු මොකක්ද උනේ
සම්මානි..ඇත්තම කියන්නද
ඔව් කියන්න කියල තමයි මාත් කියන්නෙ…
මේකයි උඹට මතකද පෙරේදා මන් උඹට බර්ත් ඩේ එකට ඉන්වයිට් කරද්දි කියපු දෙ..
ම්ම් නෑ..මොකක්ද
ඇයි මෝඩි කෙනෙක් ඔයාව එක්කන් එන්න ඕනි කියලා කීවෙ
අහ්..ම්ම් හරි මතකයි ..ඉතින් ඒකයි ඔයාලගෙ රන්ඩුව අතරයි සම්බන්දෙ මොකක්ද…අනික කවුද මාව එක්කන් එන්න කීවෙ…ඔයා ඊයෙ කීවෙ නෑ නී..
කියන්න තමයි උන්නෙ..ඒත් ඉතින්…
ඒත් ඉතින් කීවේ
මේකයි සුපුන් එයාගෙ බැඩ්ජ් එකෙ අයට විතරයි ඉන්වයිට් කරන්න උන්නෙ
ඉතින්
පස්සෙ කෙනෙක් විශේශෙන් ඉල්ලීමක් කලා
කවුද
එයා නිසයි..එතන උඹට ඉන්වයිට් කලෙ…ඒත් ඊයෙ වෙච්චි දෙයින්..
ඇයි මොකක්ද උනෙ…
මන් දැනුවත්ව මුකුත්ම උන්නෙ නෑනෙ..මොකක්ද මෙයා මේ කියන්න හදන්නෙ..අනික කාටද මාව විශේශෙන් ගෙන්නන්න ඕන උනෙ..
සුපුන් මට බැන්නා..මන් එයාට කීවෙ නෑ කියලා..එහෙමනම් එන්න කියන්නෙ නෑලූ ඔයාට..ඒකෙන් උනෙ හිත් රිදිච්චි එක විතරයි ලු..හොදටම බැන්නා..
මොකක් ගැනද අයියො ඔයා මේ කියන්නෙ..
ඊයෙ අර ආවෙ උඹ කකා ඉද්දි පබාද මොකාද කියන එකා..
ඔව් ඉතිම්..මොකටද එයා නිසා ඔයාට බනින්නෙ..අනික මන් මිසක් ඔයා නෙමීනෙ යාලූ එයත් එක්ක..
හ්ම්ම්..අහපන්..ඊයෙ උඹ රන්දිකගෙ මූන දැක්කද
විශේශයකින් බැලුවෙ නෑ ඇයි..මොනා වෙලාද එයාට..
හ්ම්ම්..රන්දික තමයි උඹවත් ගෙන්නමු කියලා තියෙන්නෙ..
හෑ ඒ මොකටද
රන්දික උඹට ආදරේලු..ඒක කියාගන්න ඕන නිසයි ඉන්වයිට් කරන්න කියලා තියෙන්නෙ..ඒත් එහෙම තියෙද්දි උඹ බදින්න ඉන්න එක්කෙනා කියලා කෙනෙක්ව පෙන්නුවා..මන් වත් දැනන් උන්නෙ නෑනි..අඩු තරමෙ උබ මටවත් කියලා තිබ්බෙ නෑ..ඉතින්
ඉතින්..
ඉතින් තමයි..රන්දික ඊයෙ මුලු රෑම බීලා කියෝලා..උඹ ගැන ඇත්ත කීවෙ නෑ කියලා..ඒකට සුපුන් මට බනිනවා..
හ්ම්ම් ඔයාට නොකියපු එක වරදක් තමයි..ඒත් ඉතින් රන්දිකට මන් කවදාවත් බලාපොරොත්තු දුන්නෙ නෑනි..අනික මට එයාව විශේශෙකුත් නෑ..අනික සුපුන් ඔයාට බනින එක තේරුමකුත් නෑනී..
එයාට කේන්තියි..දැනන් උන්නනම් ගෙන්නන් නෑලු ඔයාව..පව් රන්දික
අනෙ ඉතින් එයා මොනා හිතුවත් ඒක මගෙ වරදක් නෙමී නෙ..සුපුන් වගෙම එයත් තවත් කැම්පස් එකෙ කොල්ලෙක් විතරයි මට..
හුම්..උඹ එයාට ඇත්තටම ආදරේද..ඊයෙ ආව කොල්ලට
ඔව්..ඇයි
නෑ..ඌ ලස්සනයි තමයි..සල්ලිත් තියෙනවද
සල්ලි වලට මන් ආදරෙ කරන්න ගියෙ නෑ..ඇයි එහෙම ඇහුවෙ
රන්දික කියන්නෙ කාගෙ කවුද දන්නවද
එයා කාගෙ කවුරු උනත් මට මොකද
උඹ නොදැනයි ඔහොම කියන්නෙ..රන්දිකලට හොදට සල්ලි තියෙනව..අනික පිලිගැනීම..ඌ ලස්සනයි නෙ..බලපන් ඒ බැජ් එකෙන්ම හැන්ඩියා ඌ..කෙල්ලො කීයක් මැරෙනවද..
මේ මින්දු මට ඒ කිසි දෙයක් වැඩක් නෑ .මන් සල්ලි වලට නැමෙන කෙල්ලෙක් නෙමි..මට පබා තරම් කාවවත් වටින්නෙ වත් නෑ..ලස්සනත් නෑ..අනික උඹ කියන විදියට රන්දික ඔච්චර හොදනම් උඹ සුපුන්ව ඇතෑරලා ඌ එක්ක යාලූ වෙයන්
.
උඹ නම් මෝඩී..ඌ කැමති මට නෙමි උඹට..
මින්දු ආයෙ රන්දික ගැන කියනවනම් මන් කතා කරන්නෙ නෑ උඹ එක්ක..මීට පාසෙ රන්දික තියා සුපුන් එක්කවත් මන් කතා කරන්නෙ නෑ…
අම්මො හා හා..ඔන්න කට වැහුවා..කොල්ලෙක් හින්දා මායි උඹයි මොටද රන්ඩු වෙන්නී
එදා ලෙක්චර්ස් වෙලාවෙ මන් වැඩිය මින්දු එක්ක කියෙව්වෙ නෑ..සුපුන් එක්කත් තරහයි..මොකටද එයා මින්දුට බැන්නෙ..හ්ම්ම් මට වැඩක් නෑ ඕවයින්..
තව සතියකින් කැම්පස් එකෙන් සින්හරාජෙ යනවා..අනිවාර්‍ය කීරීමක් නෑ ඒත් යන්න ආසයි..ගිහින් නැති නිසා…
ලෙක්චර්ස් ඉවර වෙලා පුරුදු විදියට මායි මින්දුයි පාරට ආවා..සුපුන් ඉන්නවා..රන්දිකත් එක්ක..මන් අහක බලන් උන්නා..
සම්මානි..
සම්මානි
හුම් ඇයි
ඊයෙ ඇත්තටම ආවෙ ඔයාගෙ කොල්ලද
ඔව්
හුම්..ඇයි කීවෙ නැත්තෙ
කාටද
මට..
මගෙ දේවල් ඇයි මන් ඔයාට කියන්නෙ
හුම්..ඔයා සිරාද කරන්නෙ
ඔව් සිරා..දමනි සේරම එක්ක කරන්නෙ..
මන් කැමති ඔයාට
ඒත් මන් කැමති එයාට…
මට පුලුවන් ඔයාව ලස්සනට බලා ගන්න..
එයාටත් පුලුවන්
විස්වාසද
ඔව්මටත් වඩා..
හුම් හුම්..අපිත් ඉන්නෙ මෙහෙනි බලමුකො නේහ්..
හ්ම්ම්.මට බස් එක එනවා මන් යනවා..
ඔයා සින්හරාජෙ යන්න එනවද
තවම තීරනයක් නෑ..මින්දු මන් යනවා
බස් එකට නැගලත් කල්පනා කලෙ මේ ගොල්ලන්ගෙ පිස්සු අදහස් ගැන..මාව මැනලා තියෙන්නෙ සල්ලි වලට.
මන් දන්නවා එයාට තාම මුකුත් නැති බව..ඒත් දවසක මගෙ පබත් දිනයි ජීවීතෙ..අපෙ ආදරෙ වෙනුවෙන්..මන් වෙනුවෙන්..මට එයාව විශ්වාසයි..එයාට පුලුවන්..
කල්පනා කර කර ආව මිසක් බහින තැනත් අමතක වෙනවා තව පොඩ්ඩෙන්..කන්ඩක්ට කෑ ගහපු නිසා යන්තම් බැස්සා..
බැහලත් කල්පනා කලෙ පබා ගැන..එයා ජීවිතෙ දිනාවිද…
සුදු ආප්පෙ…
ඔහ් මෙයා..බයික් එකත් අරන්…
නගිනවා..බීරි
ඇයි බීරී කියන්නෙ..
නැත්තම් මොකක් කියන්නද..මන් සම්මානි කියලා කොච්චර කෑ ගැහුවද..පෝන් එකට මිස් කෝල් ගත්තද..මොකො අවුල..මොනාද ඕච්චර කල්පනා කර කර යන්නෙ
මුකුත් නෑ
බොරු..මැට්ටි මරනවා,මන් කියනවා මොකක්ද කියලා..මට හොරෙන් කොල්ලෙක් ගැන හිතනවද ආ
ම්ම්ම් කොල්ලෙක්..ම්ම් ඔව්..කොල්ලෙක් නම් තමයි
මොනා කවුද..කවුරු ගැනද ආ..
ඔයා මේ සින්දුව අහලා තියේද..
මට ඕන මල ඉලව් සින්දුවක් නෑ..මොකා ගැනද කියනවා හිතුවෙ..
කොන්ඩෙ දිගට වවලා-කරාබුවක් දමලා
අන්ඩ දැමු කලිසම ඇදි මගෙ පෙම්වතා
රස්සාවක් තව නෑ
හොයාගන්න හිත නෑ
රන්චු ගැසි තැන තැන යන මගෙ පෙම්වතා
අන්න එයා ගැන..
මැට්ටියෙ..ඔයා නම්…
හරි ඔයා වෙනස් වෙනකම් මන් ඔය සින්දුව විතරමයි අහන්නෙ..
මොකො මැට්ටිට වෙලා තියෙන්නෙ ආ
එහෙම තමයි..හැමෝම වෙනස් වෙද්දි මාත් වෙනස් වෙනවා..
ආ එහෙමද..එහෙනම් මේකත් මතක තියා ගන්නවා..මගෙන් ඈතට ගියොත් ඉන්න තැනකට ඇවිත් උස්සන් එන්නෙ..
ම්ම් උස්සන් ඇවිත්
ඇවිත් ද..බර කිරනවා..මෝඩී
අයියො බරද කිරන්නෙ…
චී චී මෝඩ සුදු ආප්පෙ…
චී චී මෝඩ ඉස කුඩිච්චියා..සීගීරි සුකුමාලී
මොකක්..
පබා යමින් ගමන්ම මාව හයියෙන් කෙනිත්තුවා..රිදුනා තමයි ඒත් මැට්ටව අවුස්සවපුවම දැනෙන සතුට…කියලා නිම කරන්න බෑ..
–=මතු සම්බන්දයී—- 

2 Comments

  1. hello there and thank you for your information – I’ve definitely picked up anything new from right here.
    I did however expertise a few technical points using this site, since
    I experienced to reload the web site many times previous to I could get it to load correctly.
    I had been wondering if your hosting is OK?
    Not that I am complaining, but sluggish loading instances times will very frequently
    affect your placement in google and can damage your high-quality score if ads and marketing with Adwords.

    Well I’m adding this RSS to my email and could look out for a lot more of your respective intriguing content.

    Ensure that you update this again very soon..
    Escape room lista

Leave a Reply

Your email address will not be published. Required fields are marked *