26

##නිම්හිම්සේයා##
26
ගුඩ් මෝනින් බොස්
ම් වෙරි ගුඩ්මෝනින් ..ඉතින් මොකෝ මේ උදෙන්ම ම්ම්..මොකෝ ම්ම්
බොස්
ම්ම් කියන්න අහන් ඉන්නෙ
සර් අපිට කවර් කරන්න ලොකු වැඩක් තියෙනවා ..මේකට පබ්ලිසිටි එක දුන්නොත් ශුව අපි ලන්කාවේ චැනල් අතර නම්බ වන් වෙනවා හන්ඩ්‍රඩ් ප්‍ර්‍ර්ස්න්ට් ශුව..
ම්ම් කතාව නම් ඉන්ට්‍ර්ස්ටින්..ඉතින් කියන්න්කො බලන්න මේ පාර සේයා මොනාද කරන්න යන අලුත්ම වික්‍රමය කියලා ..
ඩීඑන්එස්
ඉතින්
එයාගේ පරණ නඩුව
ඕක එයා දිනයි හොදින් හරි නරකින් හරි..සල්ලිකාරයෝ නෙ…
සල්ලි වලින් කරනවා නම් ඇයි මෙච්චර කල් උන්නෙ..එයාට ඕනී ඇත්ත..එයාගේ අප්පච්චිගෙ මිනිමරුවා කවුද කියලා දැනගන්න …
පේන් විදියට සේයටත් අබිරහසක් තියෙනවා වගේ ..මොකෝ ආ ඩීඑන්එස් පේන්න බැරිව නේ හිටියෙ…
දැනුත් එහෙමයි ..පේන්න බෑ තමයි..
(පෙනුනොත් ගිහින් උම්මා එකක් දෙන්න හිතෙනවානේ..ඒකයි පේන්න බෑ)
මොකෝ ඒ පාර
නෑ බොස් අපි මේ වැඩෙ කරමුකෝ..
බොස් මේසේ උඩ තිවුනු යකඩ බෝලේ කරකෝනවා ඒ කියන්නෙ එයා හිතනවා..
ම්ම්ම්ම්ම්. හරි සේයා කොහොමත් වැඩේට දක්ශයනී..ඔන්න පමිශන් දුන්නා..හැබැයි පරිස්සමෙන් මොකොද ඒ ඉන්නෙ ලන්කාවේ ලොකුම සල්ලිකාරයා..be careful..
Thank you sir
එයාගෙන් පරිස්සම් වෙන්න ඕනී තමයි ඒ නිල්පාට ඇස් මාව පිස්සු වට්ටනවා…
දැන් කී දෙනෙක් ඕනීද වැඩේට…
ඩඩබලා උන්නම ඇති තැන්ක්‍යූ සර්…
සේයා වැඩෙත් කරනවා..පඩිත් ගන්නවා..ඩීඑන්එස් වත් බලනවා..කොකොහොමද චොක්ලට් බිස්කට් මොලේ….
මුලින්ම ගියේ ලයිබ්‍රි එකට..නඩුව ගැන තිබුනු සේරම වාර්තා එකින් එක කියෙව්වා ..මේ වෙලාවෙ ඩබලගෙ හයිය ඇත්තටම තදින්ම දැනෙනවා ..
ඊලග දවස් ගෙවුනෙ ඩීඑන්එස්ගෙ ලෝයර් සුජීව තෙන්නකෝන් එක්ක..තවත් මීඩීයා වලට මගේ වගේම උවමනාව තිබුනු නිසා තව තුන් හතර දෙනෙක්ම අපි එක්ක උන්නා..ඒ අයත් උන්නු නිසා කිසිම කෙනෙක්ට සැකයක් නෑ..මගෙ තියෙන උනන්දුව..අතරින් පතර නඩු දවස් වල ඩීඑන්එස් ගෙ නිල් ඇස් වලට එබෙන්නත් පුලුවන් උනා..ඒ දවසට හිත නොසන්සුන්..වෙන මුකුත්ම නෑ ඒ ඇස් මූන දිහා බලන් උන්නු එක විතරමයි කලේ..එයත් පුලුවන් හැමවෙලේම මගෙ දිහාම බලන් උන්නා..අපි ඇස් වලින් කතාකලා..හිනා උනා..හැමෝම ඉස්සරහා සැක නොහිතන්න කතා කලා..
ඒත් පොඩි ප්‍ර්ශ්නයක් ..කොච්චර හෙව්වත් සාක්කි හොයන වැඩෙ ලේසී නෑ..ඒ දේ කරපු කෙනා කොච්චර සූක්ෂම විදියට වැඩේ කරලා තියෙනවද කියනවනම් සීඅයිඩී එකට වත් තාමත් කිසිම හෝඩුවාවක් නෑ..මිශෙල් කොච්චර දක්ශ රන්ගනේක යෙදුනද කියනවනම් මේ පාර රයිගම් ටෙලි සම්මාන උලලෙ දක්ශම නැගි එන නිලිය වෙන්න තිබ්බා..
එන්න එන්නම නඩුව යන්නෙ අවාසියට වගෙ..මේකේන් මට එයාව සදහටම නැති වේවිද ..
===
මහේස්ත්‍රාත් තුමා..රජයෙ රස පරික්ශක තුමා..අපේ ලෝයර් ,මීඩීයා රිපෝටස්ලා,,අපි මේ සේරම දැන් උන්නෙ බොරැල්ල කනත්තෙ…
නහයට දැනුනු මිනී කුනු ගද හිතට ගෙනාවෙ අපුලක්..ඩබලා නම් ලගටම ගිහින් පොටෝස් ගත්තා..මන් වමෙනෙට වගේ නිසා පැත්තකින් උන්නා…දෙනෙත් අයියා හිටියේ මිනිය ගොඩගන්න තැන උනත් ඒ ඇස් සැරින් සැරෙ මගෙ පැත්තට හැරෙන හැටි මන් දැක්කා…
දෙනෙත් අයියත් ඩිග්‍රි එක කරලා තියෙන නිසා එයා විශේෂ අවසරේකින් මිනියේ විශේෂ කොටස් ඩීඑන් ඒ විශ්ලේශනයෙදි ඒ පරික්ෂණ වලට සහාබාගී උනා..
විදයාව කොයිතරම් දියුනුද..ඒ වාර්තා හිතට අලුත් බලාපොරොත්තු ගෙනාවා..නඩුව අපේ පැත්තෙ ඒත් මිනීමරුවා මිනීමරුවා නිදැල්ලෙ..
වස ශරීර ගත වෙලා උන්නු වෙලාවත් දෙනෙත් අයියා එ ගෙදර රැදී උන්නු වෙලාවත් පරස්පර විරෝදී උනා..ඒත් මිශෙල්ගෙ සාක්ශිය නිසා දෙනෙත් අයියට අවාසිදායක උනා…
මිහිරාන් මෙච්චර කල් පැත්තක දාලා උන්නෙ..දෙනෙත් අයියා එයා ගැන කියලා තිබුනු දේවල් නිසා හිත බයෙන් උන්නෙ මිහිරාන්ට ලන්වෙන්න..ඒත් දැන් ඒකට කාලේ ඇවිත්…
මිහිරාන් ගෙ නම්බ එක ඒක මන් එදා විසික් කලා ටෙඩී බෙයාලගෙ අස්සට..මන් දැන් ටෙඩියො ගොඩෙ බැහන් ඒ නම්බ එක හෙව්වා ..ම්ම් මේ තියෙන්නෙ ..
ටක් ගාලා ඇදට පැනලා ගත්තා පෝන් එක ..ගැහුවා නම්බ එක..එහා පැත්තෙන් ඇහෙනවා සින්දුවක්..ජස්ටින් බීබර්ගෙ..ඔකේ රයිට්..
හෙලෝ
හෙලෝ ..
වාව් කාගෙද මේ සුවිට් වොයිස් එක මට දැනගන්න පුලුවන්ද ..
ඩීඑන්එස් හරි ඕන් පැනි වැක්කෙරෙනවා මිහිරාන් ගෙන්..මාත් නිකම් එක පාරින්ම හිත කිරී ගැහී යන්න ඇහෙන නොඇහෙන ගානට ලතාවකට කතා කලා..
මන් සේයා ..යූත් එකෙ..
අහ් ඔයා වාව්..අනෙ බේබීට මතක් වෙලා මාව..ඉතින් ඉතින් වස්තුවෙ..මොකො මාව මතක්ක් උනේ..
මට ඔයා හම්බෙන්න ඕනී
අර මක්කටෙයි පැටියො..ආ උම්මා කැටෙ..ඔයා එන්න මගෙ ඔෆිස් එකට..
ම් හා කොහෙද ඉතින්
ජය ශ්‍රී බිල්ඩින් එකට එන්න..ඕකේ
හරි එන්නන්..
යූ සෝ ලව්ලි..උම්මා…
හපො වැස්සක් වැහලා පෑයුවා වගෙ මෝඩ කෙල්ලෙක්ට නන් ඇති ඒ ටික මිහිරාන්ට රැවටෙන්න ..තනියෙන් යන්නත් බයයි දෙනෙත් අයියට කියනවද මේක ..
දෙනෙත් අයියා වත් ඔය විදියට මට ආදරෙන් කතා කරලා නෑ..අහ්..
පැයකට පස්සෙ මන් එතනට ගියා..ජය ශ්‍රී එක දෙනෙත් අයියගෙ කම්පැනි එක වගේම ලොකුයි..මේත් එයාගෙම දේවල් නේ..කොහොම ඉන්නවද මන්දා නිහඩ වෙලා..රිශිප්ශන් එකෙ උන්නු කෙල්ල මන් දිහා බැලුවෙ අමුතු හිනාවක් දාලා..මේ විදියට හැමදාම කෙල්ලො එනවා ඇති…
සේයෝ ඔයාට දෙවියන්ගෙ පිහිටයි ..මොනා කරන්නද කියලා ප්ලෑන් එකක් නෑ..ඒත් හැම දෙයක්ම හොදම විදියට සිද්ද වේවා..
බොරු බිසී බවක් පෙන්නන්න බොරුවට ලැප් එකට ඔලුව ඔබන් ඉන්නවා..අනෙ මන් රැවටෙයි..අම්මා මාව කන්න වගෙ බැලුව බැලිල්ල..ස්කෑන් කලාද කොහෙද මාව…මට දුන්නු මල් තුනේ හිනාවට මගෙන් ලැබුනා මල් හතෙ හිනාවක්..මට ඉදගන්න කියලා අතින් පෙන්නලා මිහිරාන් නැගිට්ටා..
හිමින් මගෙ ලගට ආවා..උරහිසෙ ගෑවෙන නොගෑවෙන තරමට අත තියලා ආයෙත් වටයක් කැරකුනා..මෝඩ වැඩක් කරාද මන්දා මම්..මේ විදියට ඇවිත්..හිතට බයයි වීරයා වගේ ආවට…මගෙ ගෑනූ හිත කීවෙම දුවපන් සේයෝ කියලා ..ඒත් දෙනෙත් අයියගෙ නිල් දෙනෙත් ඒ ඇස් මාව එතනම නතර කලා..පෙන්නන්න හොද නෑ හිතේ බය…
ඉතින් සුදෝ..මොකෝ ආවෙ..
මිස්ට මිහිරාන්නෙ කීවේ කතා කරන්න ..ඒකයි ආවෙ..එපානම් යන්නම්..
ගැලවෙන්න ලැබෙන පලවෙනි තත්පරේම පැනලා දුවන්න ඕනී..
හම්මෙ වස්තු ඔහොම තරහා ගත්තොත් නාකී වෙයි අම්මියෝ..මොකෝ මගෙ ටීවීකාරිට මාව මතක් උනේ..ම්ම්..
මතක් උනා එදා ඉදන්ම ඒත් ඉතින් වෙලාවක් තිබුනෙ නෑනී..අර ඩීඑන්එස් ගෙ නඩුවට අපි බැහලා වැඩ..
ඔහො ඩීඑන්එස් ..නොහොත් දෙනෙත් ..ඕකා බේරෙන්නෙ නෑ..ඌ නඩුව ආයෙ ඇදලා උගෙ තොන්ඩුව ඌම ආයේ දාගත්තා..
අහ් ඔය පැන්නෙ බලලා මල්ලෙන් එලියට ..ඩීඑන්එස්ට මුකුත් වෙන්නෑ මේ සේයා ඉන්න කම්්
(see you back soon)
(මතු සම්බන්දයි )
ඉතුරු ටික ලියන්න සෑහෙන්න හිතන්න වෙනවා..නීතීය ගැන නම් මන් මෙලෝ හසරක් දන්නෙ නෑ..කතාව දැන් අවුල් වගේද දන්නෙත් නෑ..සේයාගේ හින්දි ෆිල්ම් බැලීමේ ආශාවෙන් පොඩි හෙල්ප් එකක් ගන්න වෙයි වගේ… 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *