26

~~~යශෝධරා ~~~
26 කොටස
මට සිතීමට බොහෝ දේ විය … අභීත සමගින් මේ රාත්‍රියේ නිවසට පැමිණි තරුණිය කවුරුන්ද …. ඇය මෙහි පැමිණියේ කුමන අරමුණකින්ද … සිතෙහිවූ කුතුහලය මැඩ ගැනීම බොහෝ අපහසු උවත් අවසරයක් නොමැතිව ඔවුන් හමුවට යෑමට මගේ සිත ඉඩ නොදුන්නේය ..
‘අන්න පොඩි මහත්තයා කෑම කන්න කතා කරනවා …’ කල්පනාවේ නිග්මව උන් මම තිගැස්සී ගියේ විමලාගේ කටහඩිනි …. දොර තිරය මෑත් කර මා දෙස බලා උන් ඇගේ මුහුණේ උවේ නොරිස්සුම් බැල්මකි ..
‘මම එන්නම් , විමලා නැන්දා යන්න ..’ ඇගේ බැල්ම මගහැර මම කැඩපත අසලට පියවර මැන්නෙමි ….කැඩපතින් පෙනුණු විමලාගේ මුහුණේ උවේ මොන කරදරයක්ද මේ කියන්නාක් මෙන් සිතුවිල්ලකි …
‘හ්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම් ….’
මද වෙලාවක් කැඩපතින් පෙනෙන මගේ ප්‍රතිබිම්බය දෙස බලා උන් විමලා පිටව යද්දී අවුල්ව තිබු කෙස් වැටිය සකස් කරගත් මම පියගැටපෙළ බැස ගියෙමි ..
‘යශෝධරා අපිට හොදටම බඩගිනි …ඉක්මනට එන්න කන්න ..’
කෑම මේසයේ අසුන්ගෙන උන් අභීත එලෙස පැවසුවේ මගේ අලස ගමන දැකය …. තරුණිය උන්නේ මට පිටුපා අභීත අසලම පුටුවේය …
‘ඔව් යශෝධරා මෙයා හොදටම බඩගින්නේ හිටියේ ….ඒත් … ඔයා එනකන් එක්කෙනෙක්ට කන්න බැහැ කීවානේ ..’ ගෙල හරවා මා දෙස බැලු ඕ අන් කවරෙකුවත් නොව නෙත්මාය … ඇය ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි ..සියල්ල අවසන් යැයි හැගෙද්දී මා සෙල් රුවක් සේ ඔවුන් අසලවූ අසුනක අසුන් ගත්තෙමි ….
කහ පැහැති ගවුමකින් සැරසී උන් නෙත්මා ගේ පෙනුම ප්‍රසන්නය …. කැරලි කොණ්ඩය පිට දිගට විහිදවාගෙන උන් රුවත්තියට කිසිවෙකු වසග නොවුනොත් පුදුමයකි … වසර කීපයක් පුරා හිරකාරියක ලෙසට බොහෝ දුක්විදි මුත් ඈ අභීත හමුවේ උන්නේ බොහෝ සතුටිනි …. මම ඇය සමග මා සංසන්ධනය කරන්න උනෙමි … නෙත්මා උන්නේ මට වඩා බොහෝ ඉදිරියෙනි ..
‘යශෝධරා තාම බත් ඇටයක්වත් කෑවේ නැහැනේ …මම ගොඩක් වෙලා බලාගෙන හිටියා බත් ඇට එක්ක සෙල්ලම් කළා විතරයි …’ මගේ වෙනස අභීත නිරීක්ෂණය කර තිබුණි …
‘බඩගිනි නැහැ සර් …’ මම කිවේ මුසාවක් බව අභිතට වැටහුනාද කියා නොදනිමි …. එහෙත් ඔහු මදෙසට හෙළුවේ අමුතු බැල්මකි …
‘කෝ ඉතින් යශෝධරාට එහෙම කියුවට ඔයාවත් හරියට කෑම කාලා නැහැනේ ..’ නෙත්මා නෝක්කාඩු කියන්න උවේ අභිතටය ….. ඇයට අභීත ගැන අයිතියක් ඇත …සමහර විට ඔහු තාමත් ඇයට පෙම් කරනවා විය හැකිය ….
‘මම මේ කෑවේ …දැන්නම් මට හොදටම ඇති කෑවා..’ අභීත කෑම පිගාන පසෙකට කළේය …
‘එහෙම බෑ …තව ටිකක් කන්න ඕන … ඉන්න මම කවන්නම් …’ නෙත්මා බත් අනා ඔහුට කවන්න උවාය .. අදහන්න මගේ හිත බොහෝ රිදුම් දුන්නේය ….එය වටහා ගැනීමට අපහසු වේදනාවකි …
‘ මට කෑවා ඇති ළමයෝ …’
‘තව කටක් කන්න ..එකම එක කටක් ..’
නෙත්මා ඔහු හමුවී කුඩා දැරියක මෙන් සුරතල් වුවා මෙන්ම මවක මෙන් දයාබර උවාය … දෙදෙනා උන්නේ ඔවුන්ගේ ලොවක් තුලය …. ඒ ලොවේදී අභිතට මා අමතක වෙන්න ඇත …. මට දැනුනේ අපහසුවකි ….. අසරණ දෑසින් ඔවුන් දෙස බලා උන් මා අත සෝදාගෙන අසුනින් නැගී සිටිමි …
කොහේදෝ නැති පාළුවකින් මගේ මුළු හිතම පිරි ඉතිරි යද්දී යහනට වැටුණු මම දෑස් පියාගතිමි … සියල්ල අවසන්ය …මේ සියල්ල විගසින් නිමවෙනවා නම් …. මට බණ්ඩාරවෙල නගරය හැරයා හැකි නොවේද … බොහෝ දේවල් සිතමින් උන් මගේ දෑසට නිදිසුවය ලගාවීමට ඒ තරම් කාලයක් ගියා නොවේ …
********
දින කීපයක් ගෙවී ගියේ ඉතා නිහඩවය …. මම කාමරය තුලින් පිටතට ගියේ ඉතා අඩු වාර ගණනකි … විමලා මා ප්‍රිය නොකරන නිසාවෙන් දිවා කාලයේ මට කතා බහ කිරීමට පවා කෙනෙක් මේ විසල් නිවසේ නොවුවේය …. නෙත්මා සමග උදෑසනින් පිටව යන අභිත නිවසට පැමිණෙන්නේ බොහෝ රෑ බෝවීමෙන් පසුවය … ඔවුන් කොයිබ ගියාදැයි කියා දැන විමසිටමදු මට උවමනා නොවුනි ..
එදින උදෑසනින්ම නෙත්මා සමග නිවසින් පිටව ගිය අභීත සන්ධ්‍යාවේ නිවසට පැමිණියේ තනිවමය ඔහුගේ රථය ගේට්ටුවෙන් ඇතුළු කරනු දුටුවත් පහලට දිව ගොස් අභිතව පිළිගැනීමට මගේ හිතට උවමනාවක් නොවුනි ……..
උදෑසන ආරම්භවූ වැස්සක් මහා වැස්සක් බවට පත්වෙද්දී මම සැදැල්ලට වී පිටතට නෙත් යොමා උන්නෙමි … එය කුනාටු වැස්සකි …. ගෙවත්තේ තිබුණු මල් පැල උදුරාගෙන හමාගිය ශීතල සුළග මා උන් ස්ථානය තෙමා දැමීමට තරම් දරුණුවිය …
‘යශෝධරා යශෝධරා ..’
අභීත සොයා එනතුරුම මා උන්නේ ඇද හැලෙන මහා වැස්ස දෙස බලමිනි …
‘මොකද ළමයෝ මේ තෙමෙන්නේ .. වැස්ස වෙලාවේ එලියට වෙලා මොනවා කරනවාද .’
තවත් මොහොතකින් ඔහු මගේ අසලය … මුවට සිනාවක් නගාගත් මා ඔහු දෙස බැලීමි ..
‘මම වැස්ස දිහා බලාගෙන හිටියා ….. ‘’
‘වැස්සේ මොනවද බලන්න තියෙන්නේ ..’
‘සර් දන්නේ නැතිවුනාට මේ වැස්ස හරි අපුරුයි … මොන තරම් ප්‍රශ්න තිබුනත් වැස්ස දිහා බලාගෙන හිටියාම හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා …පුළුන් කෑල්ලක් වගේ හිත සැහැල්ලු වෙනවා ..’
‘පිස්සු නැතිව ගෙට එනවා ….තෙමිලා ලෙඩක් හැදුනොත් …’ ඔහු මා ගෙතුලට කැදවුවේ නෝක්කාඩු කියමිනි ….
‘මෙන්න මේ ටවල් එකෙන් හොදට ඔළුව පිහගන්න …’ ඇදුම් රාක්කය මත තිබු පිස්නාව අතට ගත් අභීත මදෙසට දිගු කළේය …මා නිහඩවම එය අතට ගත්තෙමි ….
‘යශෝධරා පොඩ්ඩක් එලියට එන්න මට කතා කරන්න ඕන ..’ මද වෙලාවක් මා දෙස දෑස් යොමාවුන් ඔහු කාමරයෙන් පිටවී යන්න ගියේය … හිස පිසදාගත් මම වෙනත් ගවුමකට මාරුවී කාමරයෙන් එළියට බැස්සෙමි …
අභීත උන්නේ විසිත්ත කාමරයේ හාන්සි පුටුවක දිගාවී දෑස් පියාගෙනය ….
‘වාඩිවෙන්න යශෝධරා …’ දෑස් පියා උන්නද ඔහුට මා පැමිණි බව දැනෙන්න ඇත …. ඉතින් මා කලේ ඔහු ඉදිරියේ තිබු පුටුවක අසුන් ගැනීමය ..
‘යශෝධරා ….’ මදක් පුටුවෙන් එසවුණු ඔහු කොන්ද කෙලින් කරගෙන මා දෙස මද වෙලාවක් බලා උන්නේය ….
‘සර් කියන්න …’
‘යශෝධරාට මෙහෙ තනියම ඉන්න පාළු ඇතිනේද …’
‘මොන පාලුවක්ද සර් … මගේ ජිවිතේ මම වැඩියෙන්ම ඉදලා තියෙන්නේ මේ විදිහට තනියමයි … ඉතින් මම මේ තනිකමට ආදරෙයි …’
‘යශෝධරාට ඉක්මනින් මෙහෙන් යන්න පුළුවන් වෙයි ..’ ඔහුගේ වදන් මා තිගැස්සිමට සමත්විය .. ඔහුට උවමනා මා පිටවෙනවා දකින්නද ..
‘හෙට මේ නඩුව අහනවා .. යශෝධරා හෙට නඩුවට ඉදලා අනිද්දා උදේම ට්‍රේන් එකේ කොළඹ යන්න …මම ඇනාට කෝල් කළා …’
‘හොදයි සර් ..’ ඉතින් මම පැවසුවේ එපමණකි … මාස ගානක් පුරා හිත රිදවූ වේදනාව දහස් ගුණයකින් වැඩිවුවාක් මෙනි මට දැනුනේ .. එහෙත් දෑසට එකදු කදුලක් හෝ නොනැගුනේය …..
‘යශෝධරා …… මට නෙත්මාව ගන්න යන්න තියෙනවා …. එයා යාලුවොත් එක්ක පුජාවකට ගියා …අපි හෙට කතා කරමු ..’ හදිසියේ යමක් සිහිවුවා මෙන් නැගී උන් ඔහු කනප්පුව මතවූ යතුරු කැරැල්ල අතට ගත්තේය …
‘පරිස්සමින් යන්න සර් …’
‘යශෝධරා … කෑම කාලා නිදාගන්න … අපි එන්න ටිකක් රෑ වෙයි …’ අභීත මහා වැස්සේම දිව ගොස් ජීප් රියට ගොඩවෙන අයුරු මා බලා උන්නේ කවුලුවෙනි ……….
මේ ගෙවෙන්නේ අභීත හමුවේ ගෙවන අවසන් දින කීපයයි . …කොතරම් දුකක් දැනුනත් ඔහුට එය නොපෙන්වා සිටිය යුතුය …ඔහු සතුටින් ඉන්නේ නෙත්මා ලගදී නම් මට ඒ සතුට බිදකදු සොරාගත නොහැකිය
*********************
මතු සමබන්ධයි 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *