28. වන කොටස.

මියෙදෙන තුරා..

*මොකද්ද? ඔයා හරි පුදුම කෙනෙක් කියන ඒකද?*

*ඔව්.. ඔයාව මැරි කලොත් නම් මට සෙව්මිණී ඒක්ක ඉන්නවා වගේම දැනෙයි. ඔයාගේ පෙනුමත් ඒ වගේ හැසිරිම් කතා බහ ඒ සේරම ඒ වගේ.*

*ඒ කියන්නේ සුමේධ අයියට මං ගැන බලාපොරොත්තුවක් තියෙද?*

*නෑ. නෑ. ඔයාගේ තීරණය තමා අවසන් තීරණය. *

*අනේ මන්දා .*

*ඒක නෙමෙයි ඔයා අාස නැද්ද බීච් ඒකට යන්න.*

*නියමයි ගිය කාලයක් මතක නෑ. ඒත් දුරයිනේ සුමේධ අයියේ.*

*ඒ හැටි දුරක් නෑ . තව පැයක් යද්දී අපි බීජ් ඒකේ ඉදිවි.*

ඉන්පසු නිහඩ වුන අපි වෙන වෙනම කල්පනා ලෝක වල කිමිදුනා. කාර් රථයේ විදුරුව තරමක් පහළට කර ගත් මම සුළං කැරලි වලට මගේ මුහුනෙහි වෙලෙන්නට ඉඩ දුන්නා. වාහනය ධාවනය වන් වේගයත් සමග අැතුළ අා සුළං මගෙ කෙහෙරැලි පිටු පසට අැදගෙන ගියා. මාර්ගය දෙපස සිරි නරඹමින් මම ගියේ පොඩි දරුවෙක් වගේ සැහැල්ලුවෙන්. මෙලෙසින් මගෙ හිත තේරුම් ගන්නට හැකි කෙනෙක් සිටින බව දැන වුන් නිසා, මගේ සිත ඒ සතුටින් උද්දාමයට පත් වෙලා තිබුනා.

මම ඉද හිට සුමේධ අයියා දෙස බැලුවා. ඔහුත් වරින් වර මා දෙස බලමින් තනියම සිනා වුනා. දෙන්න ම නිහඩවම සිටියත් අපි දෙන්නම අද ඉන්නේ හරිම සැහැල්ලුවෙන් සතුටින් කියලා මට හිතුනා.

වාහනය රථ ගාලකට දැමු ඔහු මට වහනගෙන් බහින ලෙස අැරයුම් කලා. අැතීන් පෙන්නේ නිල්ම නිල් පැහැ මුහුද. සිමාවක් මායිමක් නොපෙනෙන, අහසයි පොළවයි ඒකට ඒක් කරන සිතිජය. මට දැනුනේ නිම් නැති සතුටක්. මුහුදු සුළග මගේ හිසකේ තවත් අවුල් කලා. මුහුදේ හෝ නාදයෙන් මා සවන පිරී ගියා.

* නිල්මණි නංගී ඉස්සරලා අපි වෙරෙළ පැත්තට ගිහින් ඒනවද ? නැත්තම් මොනවා හරි බීලම යනවද?*

මම අාසාවෙන් මුහුදේ රළ බිදෙන හැටි බලන් ඉන්න විදිය දිහා බලාගෙන සුමේධ අයියා ප්‍රශ්න කලා. අපි අැවිත් තිබුනේ වෙරළ අාසන්නගේ තිබූ අලංකාර අවන්හලකට. අවන්හලත් නෙත් පිනා යන අාකාරයෙන් නිමවලා තිබුනා . ඒත් මගේ නෙත අැදුනෙම වෙරළ දෙසට.

*අපි ටිකක් වෙරළට ගිහින් අැවිත් ඉමුද?*

*නිල්මිණී නංගි කැමකී වගේ මුහුදුට*

අපි දෙන්නා වෙරළ පැත්තට ගියා. මගේ තීරණය මොකද්ද කියලා දැන ගන්නට සුමේධ අයියාට කිසිදු හදිස්සියක් තිබුනේ නැ. මට ඉක්මනින් ඒය කියන්නට අවශ්‍යතාවයක් තිබුනෙත් නෑ. මම තරමක් රැල්ල දෙපයේ වදින් හරියට ගියා. මම අපහු හැරිලා බලද්දී සුමේධ අයියා තරමක් අෑතට වෙලා බලන් ඉන්නවා.

* නිල්මිණි නංගී . ඔයාගේ අැදුම් කෙමේවී. ඔය සෙරෙප්පු දෙක මෙහෙන් ගලවලා තියලා යන්න.*

ඒහෙම කිව්වම මම නිකමට වගේ සුමේධ අයියගේ දෙපා දිහා බැලුවා . ඔහු පාවහන් ගලවලා වහනේම තියලා අැවිත්. මම මුහුද දැක්කම සේරම අමතක වුනානේ මම මටම දොස් කියා ගත්තා.

*නිල්මිණි නංගී ඉක්මණට මෙහෙට දුවන්න. ඔයා නෑවෙයි. ඔන් ලොකු රැල්ලක්.*

අාපසු බලන්නට සිහියක් තිබුනේ නෑ මම සුමේධ අයියා ළගට දිව්වා. ඒහෙම දුවන් ඒද්දි මගේ පාවහන් දෙක වැලි වල ඒරිළා වැටෙන්න ගියා.

*ඔය වැටෙයි ළමයෝ .*

වැටෙන්න ගිය මාව පැනලා අල්ල ගන්න ගමන් සුමේධ අයියා කිව්වා. මම නිහඩවම ඒයාගේ අැස් දෙක දිහා බැලුවේ අහම්බෙන් වගේ . ඒ නෙත් දෙක හරිම කාන්ති මත්ව දිලිසුනා. මම කවදාවත් සුමේධ අයියාගේ අැස් දැකෙන් ඒහෙම අාලෝකයක් දැක්කේ නැහැ. මම දන්නවා සුමේධ අයියේ ඔයා මට අාදරෙයි. මොනතරම් මං ගැන හැගීමක් නෑ කිව්වත් ඔයා මට අාදරෙයි මගේ සතුට ගැන හුගක් හිතනවා. මම දන්නවා අද වගේම ජීවිතේ මම වැටෙන්න යන හැම තැනකදිම ඔයා මාව අල්ල ගිනීවී. සමහර විටි මගෙන් ඔයාට ඔයාගේ සෙව්මිණිව පේනවා අැති. ඒ අපි දෙන්නගේ හැඩහුරු කම් ඒක නිසා. මටත් දැන් ලොබයි ඔයාව නැති කර ගන්න.

*නිල්මිණි නංගි.*

*හ්ම් සුමේධ අයියේ.*

මම පියවි සිහියට අාවේ ඔහු කටහඩ අැහෙද්දී. මම ඔහුගේ සවිමත් බාහු දෙකෙන් අල්ල ගත් විදියටම අල්ලගෙන ඔහු දිහා බලන් ඉදලා.

* රැල්ල පාගන්න කල්පනාවක් නැද්ද?*

ඔහු සිනාසෙමින් කියද්දී මගේ මුහුණ ලැජ්ජාවෙන් රතු වුනා.

* සුමේධ අයියේ ඔයත් යමුද රැල්ල පාගන්න.*

*අැයි ගහගෙන යයි කියලා බයද?*

*හ්ම්.*

*අැවිදින්නත් බෑ වැටෙනවනේ. යමු.*

ඒසේ කියා නැමුනු ඔහු කලිසමේ කකුල් දනිස්ස ගාවට වන්නට හකුලන්න වුනා. අපි දෙදෙනා රැල්ල පාගමින් සතුටු වුනා. දිගු සාය කොට කර ඉනේ ගසා ගත් මම මුහුද දෙසටම ගියා. කීපවරක්ම රැල්ලට පිටුපා දුවන විට මම සුමේධ අයියගේ දෑතේ ඒල්ලුනේ ඉබේටමයි. මුහුදු වෙරලේ ගෙවුණ ඒ මොහොත තරම් සුන්දර මොහොතක් මම මගේ ජීවිත කාලයටම අත්විදලා නෑ. සුමේධ අයියාත් හිටියේ හරිම සතුටින්. අපි අවන්හල දෙසට ගමන් කලේ දැඩී පිපාසයක් දැනුන නිසයී. අවන්හලට අැතුළු වූ අපි දෙදෙනා පා තබන විට ඒරී යන සිනිදු වැල්ලේ ඉදි කර තිබී කබානා ඒකක් යට වාඩී වුනා. අපිට අවශ්‍ය දේවල් මගෙන් නොවිසාම අැණවුම් කළ ඔහු මගේ දිහා බලලා හිනා වුනා.

*නිල්මිණි නංගී අද හරි සතුටින් නේද?.*

*ඔව් අයියේ මම හුගක් සතුටින්. දූලා දෙන්නත් හිටයා නම්.*

*ඔයාටත් ඒ දෙන්නාගෙන් තොර ලොවක් නෑ නේද?*

*අනේ අපරාදේ ඒයාලවත් ඒක්ක ඒන්න තිබුනේ.*

*යන ගමන් මම ඔයාව දූලව බලන්න ඒක්ක යන්නම්.*

අැණවුම් කල බීම හා සුළු අාහාර වර්ග කිපයත් කුඩා වටකුරු මේසය උඩ තිබුනා. කන්නට ඒතරම් පිරියක් නොතිබුනත් අව්ව නිසා අැති වූ පිපාසය නිසා බීම ඒක පානය කලා. තවත් ටික වෙලාවක් මගෙත් ඒක්ක සතුටින් කතා කරපු සුමේධ අයියා. ලොකු සුසුමක් හෙලලා මගේ දිහා බැලුවා.

*නිල්මිණි නංගියෝ කියන්න බලන්න දැන් ඔයාගේ තිරනය.*

*සුමේධ අයියේ මම හුගක් හිතලයි මම මේ තීරනය ගත්තේ. මට කියන්න බැරි ඒක දෙයක් තියෙනවා. ඒක දිනයක ඔයාට දැන ගන්න ලැබෙයි. ඒදාට ඔයාට හිතේවි මම හරි කියලා.*

මම මගේ තිරණය පැහැදිලිව සුමේධ අයියා ඒක්ක කිව්වා. හරිම සාවධානව අහන් හිටපු ඔහු මා සමග මද සිනහවක් පෑවා.
*මට හරිම සංතෝෂයි ඔයා මේ වගේ කෙලින් තීරණයක් ගත්තු ඒක ගැන. මගේ කිසි විරුද්දත්වයක් නෑ ඔයාගේ තීරණයට.*

*මට වෙන කරන්න දෙයක් නෑ සුමේධ අයියේ.*

*ඔයාට විශ්වාසයිද ඔයාට මේ ජීවිතේට හැඩ ගැහෙන්න පුළුවන් කියලා. *

*මම හිතනවා අයියේ මට ඒකට ශක්තිය තියේ කියලා.*

*හොදයි. ඔනෙම දේකට මමත් ඔයා ඒක්ක ඉන්නවා.*

හවසහතර කිට්ටු වෙන්න අැවිත් තිබුණ නිසා අපි අහපහු ඒන්න පිටත් වුනා. කෙලින්ම අපි අවේ සුමේධ අයියලාගේ ගෙදරට. විශාල නිවසක් අපේ නිවසටක් වඩා විශාලයි. සුදු වර්ණගෙන්ම සියලුම අලංකාර කිරීම කරලා තිබුන නිසා නිවසේ බාහිර පෙනුම නම් සිත සනසා ලුවා. ගෙමිදුලත් හැම ලස්සකයි. ලස්සන මල් වර්ග ගේ වටේටස හිටවලා. ඒ ගස් වල මල් බරවෙලා හරිම සුන්දරත්වයක් පරිසරයට ඒකතු කරලා තිබුනා.

වාහනය ඒන සද්දය අැහෙනවත් සමගම ඒළියට දුවගෙන අාවේ දරුවෝ දෙනන්ා. මම කාර් රථයෙන් ඒළියට බහිනවත් සමගම චූටී දූ මගේ ළගට දුවගෙන අාවා. ඒයාගේ හිතේ තිබුනේ කියා ගන්න බැරි තරම් සතුටක්.

*අම්මී නැද්දී.*

*අනේ මගේ පැටියෝ.*

මම අැයව වඩාගෙන තුරුළු කර ගත්තා.

*අම්මී නැන්දී හැමදාම මේ නවතින්නද අාවේ.*

*මගේ පැටියා අාසද අම්මී නැන්දී අහැදාම මෙහෙ ඉන්නවට.*

*අම්මී නැන්දී කදද චූටි දූගේ අම්මී වෙන්නේ.*

ඊ ළග කොටසින් හමු වෙමු…. — 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *