28 වන දිගහැරුම(බෝනස් කොටස)

තමන්ගෙ උරහිසට බරවෙලා හැගීම්බරව කතා කරන කෙල්ලගේ හිස මත තම දෙතොල් තියන් ටිකාක් වෙලා උන්නා සෝනු…..

“ඔයා මාර කෙල්ලෙක් නංගී….වෙලාවකට මාර දගයි….වෙලාවකට හාවියෙක් වගේ අහිංසකයි….වෙලාවකට කටු අත්තක් වගේ නපුරුයි…වෙලාවකට මාරම ආදරණීයයි….ගෑනියෙක් ආදරණීය වෙන්න ඕනි හැම දේම ඔයාගෙන් ම්ම දකිනවා….මගෙ හිත හෙල්ලුවේ ඔයාගේ තිබ්බ චූටි අහිංසක කම නෙවෙයි චිනූ….ඔයා….මේ ඔයා ලග තියෙන හැම දේම…..මටත් කියන්න තේරෙන්නේ නෑ මීට වඩා ඒ හැගීම ගැන…එනිවේ මොක උනත් මම උබට ආදරෙයි……”

සෙනේශ් කියද්දි චිනූ නැගිටලා කකුල් දෙකම ඔහුගේ ඉන දෙපැත්තෙන් දාලා උකුලෙන් වාඩි වෙලා බෙල්ල වටේ අත් දෙකත් දාගත්තා…
සෝනුට හිනා කෙල උන්නු විදියට….
පාසල් කාලේ කොල්ලොත් එක්ක සින්දුවක් කියන් එහෙම සෙට් වෙන්නෙත් පුටුවේ මේ විදියට වාඩි වෙලා කියලා කොල්ලට හිතුනා…

මේ දගමල්ල ඉතින් වෙලාවකට කොල්ලෙක් කරන වැඩත් කරනවනේ….මේ කෝලමත් එක්ක ලස්සන ජීවිතයක් ගෙවන්න සෙනේශ් හීන දැක්කා….

“මේ ඉටිම් හැමදාම මගේ වද ඉවසන්න වෙයි මගෙ මහත්තයාට ඈ…..දන්නවානේ ඉටිම් මේ චිනූ කෙල්ල ගැන ඔවා…..😉😉😉

චිනූ කියන්න් අත් දෙකෙන් කොල්ලගේ කම්මුලේ දෙපැත්ත අල්ලන් මිරිකන ගමන්….

“රිදෙනවා යකින්නියේ….”

කියමින් කොල්ලා එහෙම්ම කෙල්ලව අරන් ගිහින් ඇදට අතෑරියේ කම්මුල අතඇරවගන්න බැරි උන නිසයි….

“අනේ ඉතින් නාකි වෙනකම්නම් මේ සෝනුගේ කෙස් ටික තියෙන එකක් නෑ වගෙයි……”

“අපෝයි ඔව් දිගෝ ඒ අසාවල් අතෑරියොත් හොදයි ඈ….”

“මේ වස්සි යන්ද වොශ් දාන්න….”

“හෑ…..”

කෙල්ල අහන්න් ඇදේම හිටගෙන ඉනය අත් දෙකත් ගහම් බෙල්ලත් ඇල කරන්….

“මොකෝ මේ වට්ටි අම්මා ලයින් එකෙන් එන්නේ…වොශ් දාන්න යන් කීවේ….”

“ඊකේ මට බෑ….”

කෙල්ල කියන්නෙ බොරු ලැජ්ජාවක් පෙන්නගෙන…..

“ආ…ආ ඉදපන්කෝ අද විතරක්….හෙටබිදන් බලෙන් ඒයි වොශ් දාන්න…..”

කොල්ලා මනමාල පාටට කියද්දී කෙල්ල අහුවෙන අහුවෙන එකෙන් කොල්ලට ගහන්න ගත්තා….

“හිවල් මොටා…..කියන කතා….හිතන් ඇති…බලා ඉන්නවකෝ……”

“බලා ඉන්නම් කල්ප ගානක් උනත් මං……”

චිනූ බනිද්දී කොල්ලා සින්දුව හයියෙන් කියමින් නාන කාමරයට රිංගගත්තා…

කේල්ල තනිවම හිනාවෙමින්ම ඇදේ වාඩි උනේ එරමිනියා ගොතාගෙන…..

“පිස්සා මගෙ….”

චිනූ තනිවම මුමුනගත්තේ සෝනු ගැන ආදරේ අලුත්වෙවී හිතේ ආදරණීයව ගොඩනැගෙද්දියි….

සෝනු නාකියාගෙන ආවාට පස්සේ චිනූත් නාගත්තේ ගිහින් ගමන් මහන්සිය යන්නත් එක්කමයි…..

චිනු කාමරේට ඇවිත් සූදානම් උනේ කෑමට යන්න….
දෙන්නම රූම් එකට කෑම ගෙන්න ගන්න හිතුවේ නෑ
….ටිකක් එලියට ගිහින් කන්න හිතුවේ….

කොල්ලා ශෝටකට ආම් කට් ටී එකක් අදිද්දී කෙල්ලත් බ්‍රවුන් කලර් කොට ශෝටකට නෝර්මල් මඩ පැහැ වන් ටී ෂර්ට් එකක් ඇද ගත්තා….

සෝනු බලන් උන්නේ කෙල්ලගේ මේ ඇදුමට පේන දගකාරකම දිහා….වෙලාවකට නිවුනු ගැහැනු සුන්දරකමක්…..වෙලාවකට කෙලිලොල් ගතියක්….මේ හැම එකම චිනූට අඩුනැතුව තිබ්බා….

“ඔහෝම ඇන්දාම පොඩි එකෙක් වගේ බන්
…මට හපන්න හිතෙනෝ…..”

කාමරෙන් එලියට යන්න හදන කෙල්ලව ඇදලා තුරුල් කරන් කොල්ලා කියන්නේ ඒ මුහුනට එබීගෙන…..
චිනූ ඇස් සිහින් කරලා හිනා වෙද්දී සෝනුගේ දගකාර දෙතොල් ඒ දෙතොල් අල්ලගත්තේ ඈට හිතන්නවත් ඉඩක් නොතියා….

එහෙම්ම ටික වෙලාවක් ඒ පහසත් අවනත වෙච්ච දෙන්න එලියට බැස්සේ සතුටු සිත්වලින්න්……

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි ….

🌸අනේ සූට්ටයි තමයි…..ඔලුවත් සිදෙනෝ මගේ….ඒත් බෝනස් දුන්නේ උදේ කතාවත් ටිකක් නිසයි…..තව කොටස් දෙකකින් වගේ කතාව ඉවර කරන්න බලනවා..බැරි උනොත් ඊට වඩා කොටසක් දෙකාක් විතර ඇදෙයි වස්තුලා….කමක් නෑනේ….🌸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *