28

##නිම්හිම්සේයා##
28
කඩාගෙන බිදගෙන ඇතුලට ගියේ දෙනෙත් අයියා මොනාද කරන්නෙ වත් කියලා නොදැනයි. ඒත් දැන් එයා ජනාදිපති එක්ක උන්නත් මට කමක් නෑ. ..දූවිලි වැදුනු ඇදුම්,අවුල් උනු හිසකේ,,පාවහන් නැති දෙපා පරණ ලදරම් බෑග් එක හැමෝගෙම අවදානේ මන් පැත්තට යොමු කලා…
දෙනෙත් අයියා උන්නෙ මීටීන් එකක ,මට මන් උන්නු විදියත් අමතක වෙලයි තිවුනෙ ..හිතේ තියෙන සතුට වැඩිකමට මන් දෙනෙත් අයියගෙ බෙල්ල බදාගෙන කම්මුල් රිදෙන්නම ලොකූ උම්මා එකක් දුන්නා…
සේයා මොකෝ මේ
මුදුවට උනත් ටිකක් සැරෙන් දෙනෙත් අයියා මගෙන් ඇහුවා…මන් ඇස් වලින් ඇයි කියලා ඇහුවම දෙනෙත් අයියත් එයාගේ නිල් දෙනෙත් වලින්ම එයා ඇස් කරකෝලා මට වටේ ඉන්න අයව පෙන්නුවා…
අහ් ඕකත් ප්‍ර්ශ්නයක් ද…
Now this meeting is over..you can go back now…
ඈවරයී දෑවරයී තුන් ඈවරයි…ටරා…
කට්ටිය හිනා වීගෙනම එලියට ගියා..ශේන් අයියත් යන්න ගියේ මන් එයාවත් අතින් ඇදලා නවත්ත ගත්තා..දෙන්නම තරගෙට මට ඔරෝනවා …
මොකක්ද මැට්ටියෝ ඒ කලේ..ආ..
ආව්..ආව් රිදෙනවා මට..ආව් ඌයී
මොකෝ ඒ කලේ..පිස්සි..හැටි ඇවිත් තියෙන …මේ කොහේ යන ගමන්ද ආ..මෙන්ටල් හොස්පිට්ල් එකෙන් පැනලා ඇවිත් වගේ…
just shutup..and look
දෙන්නම බලන් ඉද්දි මන් ඒ බෑග් එකම මේසෙට හැලුවා..දෙන්නම එකින් එක පොත් අරන් පෙරලලා බැලුවා..ශේන් අයියට නම් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ වගේ..ඒත් දෙනෙත් අයියා ටිකක් විපරමින් ඒවා බැලුවා ..
මේ නෝට්ස් කෙමිකල්ස් ගැනනි මැනිකෙ..කාගෙද මේ..මොකටද මේවා ගෙනාවෙ..
ශේන් අයියා ඕකේ කවර් පේජ් එක බලන්න..කාගෙද පොත් කියලා
මිහිරාන් නාලක..අප්පට උඩු මේ අර නසරානියාගෙ පොත් වගයක් නෙ..කොහෙන්ද මේවා ඔයාට..කටු ගෙයින් වත් හොරකම් කලාද…
හ්ම්ම් හ්ම්ම්..හ්ම්ම්..එහෙනම් මේකත් බලන්නකෝ..
මන් බෑග් එකේ තිවුනු ඩයරි එකත් දෙනෙත් අයියට දික් කෙරුවා….
ඩයරියක්..
ශේන් අයියා දෙනෙත් අයියගෙන් ඩයරිය උදුරන් කරකෝලා බැලුවා..
මේක ලොක් කරලනී නගෝ…
දෙන්නම කොච්චර උත්සහා කලත් ඒ ලොක් එක කඩාගන්න බැරි උනා..හපෝ මෙහෙමත් මැට්ටො දෙන්නෙක්..
හ්ම් හ්ම්ම් ඔච්චර දෙයක් කරපු එකේ ඕවත් වැඩද මල්ලිලා…
දෙන්නම කට ඇරන් බලාන ඉද්දි මන් ඒ ඩයරියේ ලොක් කරලා තිවුනු ඉබ්බට මගේ කොන්ඩෙන් පින් එකක් දාලා ඒක ඕපන් කරලා දුන්නා…
අම්මා මේකිව සේප්පුව තියෙන තැන නම් පෙන්නන්න එපා..පෙනේද කිසි ගේමක් නැතුව ඉබ්බා ඇරිය හැටි..
හ්ම්ම් හ්ම්ම් ඕකත් කියෝලා බලන්නකෝ…
මේකත් උගේමයි නේද ..අහ් ශි ලියලා තියෙන ඒවා…ඒත් මේ පරික්ෂණ වගයක්..කෙමිකල්ස් ගැනම…මේ මේ කෙමිකල් එක හොදට මතකයි..
දෙනෙත් අයියා ලැප් එකෙන් මොනාදෝ සර්ච් කලා…
හරි ඒක තමයි ..මේ
අප්පච්චිගෙ ඩෙත් රිපෝට එකේ තිවුනු විශ කෙමිකල් එකයි මේකේ තියෙන පරික්ෂණ කරපු කෙමිකල් ටිකයි හරියටම මැච් වෙනවා..ශා..නියමයි සේයෝ නියමයි …
ශේනා ඉක්මනට ලෝයර්ට කෝල් එකක් ගනින්…වැඩෙ ගොඩ..
ලෝයර් එනකම් මන් දෙනෙත් අයියව පොටෝ ගත්තා මගේ ඇස් වලින්..අනේ කොච්චර බලන් උන්නත් එපා වෙන්නි නෑනේ…මේ මැට්ටා පොත් ගුල්ලා වගෙ ඩයරිය කියෝනවා..මටත් ශේන් අයියට වගේම මෙලෝ දෙයක් කෙමිකල්ස් ගැන නම් තේරුන්නෑ..මිහිරාන් පිස්සු හැදිලා ලීව අකුරුයි නම්බස් ටිකකුයිද කොහෙද..තේ පෙරන පූනීල..චොක්ලට් ෆින්ගරස්..ඉටිපන්දම ඇදපු චිත්‍ර පොතක් වගේ..
අනේ ඉතින් මෙහෙමත් ඉවසන්න පුලුවන්ද මුකුත් කියන්නෙ නැතුව..දෙනෙත් අයියා බලන්නෙත් නෑ මන් දිහා ශේන් අයියත් පොත් පෙරලනවා..දෙන්නටම මාව අමතක වෙලා..දෙනෙත් අයියා විතරක් උන්නා නන් පිටේ එල්ලිලාවත් ඉන්න තිබ්බනී අයියෝ ..
මන් ලේට්ද..
ලොකු ලේන්සුවකින් මූන පිහ පිහා කලබලෙන් රූම් එකට ආවෙ ලෝයර්..
දෙනෙත් අයියා එකින් එක දේවල් විස්තරාත්මකව කියද්දි ඇස් ගෙඩි දෙක බස්සෙක් වගෙ ලොකු කරන් සේරම අහන් උන්නු ලෝයර් එයාගේ නල්ලට එයාම තට්ටු කරගත්තා…
මෙහෙමයි ඇත්තටම මේ අපිට ගොඩාක් වැදගත් සාක්ශියක් තමයි ඒත් මේ අකුරු..
ඇයි අකුරු මොකද….
මේ අකුරු මිහිරාන්ගෙමද කියලා ඔප්පු කරගන්න වෙනවා..
ඉතින් එයාගේ නම තියෙන්නෙ ඩයරියෙ..මේ දින ඒවා සේරම හරි නේ..
ඒ සේරම හරි කියමූ අපිට ඒත් මේ අකුරු එයාගෙමද කියන එක තහවුරු කරගන්නම වෙනවා..
ඉතින් ඒකට මොකෝ කරන්නෙ…
එයාගෙන් ලියවිල්ලක් ගෙනාවොත් හරිද…
ඒත් කොහොමද ඒක හිතන තරම් ලේසී නෑ..ඌත් හෙන කපටියා…
හරි අනෙ මේ සේයට ඕවත් වැඩද අනේ…
මේ මේ නන්ගි ඔයා එහෙම ගියොත් බලාගන්න පුලුවන් දන්නවනී මන් ආස නෑ ඔයා ඌ ලගට යනවට..
හරි හරි බබෝ මේ අන්තිම පාර…මේ පාර විතරමයි ..ඒකත් ඔයා වෙනුවෙන් ..නැත්තම් මන් ආස නෑ තම්බපු ඉස්සො වගේ පාට කොල්ලන්ට …
හ්ම්ම්..
හ්ම්ම්..ෆිට් තමයි ..එහෙනම් ඊලග මෙහෙයුමට සේයා රෙඩි..කෙලින්ම මිහිරාන් ඩිශ් මිශි..ලොග් අවුට්…
මන් මගේ මහපට ගිල්ල බෙල්ල හරහා යවලා මිහිරාන්ට වෙනදේ පෙන්නුවා..තුන්දෙනාටම හිනා..
එහෙනම් හෙට කස්ටියම යමු මගෙ හෙල්ප් එකට මිහිරාන්ගෙන් ලියුමක් ඉල්ලගන්න..කට්ටිය වෙපන් එහෙම ලෑස්ති කරගන්න …
මතු සම්බන්දයි 

One Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *