29. වන කොටස.
මියෙදෙන තුරා..
*මම දු ගේ අම්මී තමා රත්තරං.*
*අම්මි නැන්දී බොලු කීනවා. මගේ අම්මි නම් අපි ළග ඉන්න ඔනේ. චූටී දූ බලා ගන්න ඔනේ. හබුං කවන්න ඔනේ. කතාන්දර කිලා දෙන්න ඔනේ.*
මම දැනුන දුක හිතා ගන්නත් අමාරුයි මම චුටී දුගේ පපුවට මූණ තද කරගෙන අැඩුවා.
*අම්මී නැන්දී අැයි අඩන්නේ.*
*මොකුත් නෑ මගේ පැටියෝ. *
මම අැයවත් වඩාගෙන් ගේ අැළට ගියා.
*ඒන්න ඒන්න දූ. මේ දරුවා ගැන කිව්වට මම අදම නොවේ මේ දරුවව දැ දැක්කේ.*
මාව අාදරෙන් සිප ගනිමින් මා ව පිළිගත්තේ සුමේධ අයියලගේ අම්මා. මගේ උරහිස් දෙකෙන් අල්ලගෙන පුදුමගෙන් වගේ බලන් හිටි, අැය මගේ කොපුලක් අත ගෑවා. තවමත් මගේ අතට වෙලා මේ සිදු වීම දිහා බලන් හිටිය චූටී දූ හුරුතලේට කතා කරන්න ගත්තා.
*කූඅම්මේ . මගේ අම්මී නැන්දී ලස්සනයි නේද?*
*ඔව් මගේ චූටී දූ ඔයාගේ අම්මට පණ දීලා වගේ. ඒක වගේ හත් දෙනෙක් ඉන්නවා කිව්වට මෙහෙමත් ඒක වගේ වෙන්න පුළුවන්ද?*
*ඔය වෙලා තියෙන්නේ අම්මේ.*
මේ සිදු වීම දිහා නිහඩව බලන් වුන්නු සුමේධ අයියා ඔහුගේ අම්මා සමග කිව්වා.
*සෙව්මිණිලගේ අම්මා දැක්කොත් ඒහෙම. ඒයත් රැවටේවී සෙව්මීණී මැරිලා නෑ කියලා.*
*කූ අම්මී නැන්දී අම්මිට කුක්කු ඒකක් හදලා දෙමුකෝ…*
*අනේ මට ඔයාව දැක්කම හැමදේම අමතක වුනා. මෙහෙන් ඉදගන්න නිල්මීණී දූ. මම කුසුමෙට කියලා ඒන්නම් හැමොටම හවස තේ වේල ලෑස්ති කරන්න කියලා. තව දවස් තුනකින් මේ දරුවා දිගටම මෙහෙනේ. මට හරිම සංතෝෂයි.*
පැය භාගයක් පමණ ඒහි ගත කල අපි නිවස බලා ඒන්නට සුදානම් වුනා. චූටී දූගෙන් බේරුමක් නොවුන නිසා දරුවනුත් සමග අපේ නිවසට පැමිනියා. අපේ ගෙදර අයගේ බලකිරිම නිසා සුමේධ අයියලා රෑ අාහාරය ගන්න ඉන්න කැමති වුනා. සියල්ලන්ම විවාහා උත්සවය ගැන සතුටින් කතා කලා. රෑ අාහාරයෙන් පසු අපෙන් සමු ගත් සුමේධ අයියත්, දරුවන් දෙදෙනාත් පිට වි ගියා. මගේ හිතට දැනුනේ කියා ගන්න බැරි තනිකමක් පාළුවක්. මම කාමරයට වැදිලා අැදේ ඒ මේ අත පෙරලෙමින් කල්පනා කලා. මගේ තීරනයත් සමග මගේ හිත දන්නවා මම මේ පහන් කරන්න උත්සහ කරන්නේ මොන වගේ රැයද්ද කියලා. මගේ හිත කිරි ගැසුනේ අප්‍රමාන දුකකින්.
*ලොකු බේබී .. ලොකු බේබී මහත්තයා කතා කරනවා.*
*අැයි ලීලම්මේ.*
*දන්නේ නෑ ලොකු බේබි.*
ලිලම්මා දකිද්දී මගේ දුක දෙගුන තෙගුණ වුනා. මම ඒක පාරටම ලිලම්මගේ බද වටේ අත් දෙක යවලා තුරුල් වෙන ගමන්, මගේ මුහුන අැගේ ළය මත තබා ගත්තා.
*අැයි මේ රත්තරනේ.*
*මොකුත් නෑ ලීලම්මේ.*
*මොකුත් නැත්තම් අැස් වල කදුලු.*
මගේ නිකට යටින් අල්ලලා මගේ මුහුණට ඒබෙමින් ලිලම්මා අැහුවා. මගේ අැස් දෙකේ වැටෙන්න ඔන්න මෙන්නව සිර වී තිබු කදුළු කැට කම්බුල් දිගේ රූරා ගියා.
*මට ඔයාලව දාලා යන්න වෙනවා. මට වෙන කරන්න දෙයක් නෑ.*
*අනේ රත්තරං ලොකු බේබි . කසාද බැන්දම මහත්තයාගේ ගෙදරනේ ඉන්න ඔනේ. අනික මහ අෑතකට යන්නේ නෑනේ. සුමේධ මහත්තයා නිතර ඔයාව මෙහෙ ඒක්ක ඒවී.*
*මට හුගක් දුකයි ලීලම්මේ.*
*තව දින තියෙනවනේ රත්තරං. කෝ නාඩා ඉන්න.*
ලීලම්මා මගේ කදුළු පිහින්න උත්සහ කලත් අැයගේ නෙතින් අා කදුලු වලක්ව ගන්න අැයටත් නොහැකි වුනා. සුළු මොහොතක් අැගේ තුරුලේ රදවාගෙන හැඩුව අැය මාව උරහිස් දෙකෙන් අල්ලා මගේ මලානික වුන මූණ දිහා බැලුවා.
*ලොකු බේබි දුක් වෙන්න ඒපා. මම කොහොම හරි ලොකු බේබි ගාවට ඒනවා.*
*අනේ ඉක්මණට මගේ ගාවට ඒන්න ලිලම්මේ.*
කියමින් මම නැවතත් අැගේ වතට වාරු වුනා.
*ලොකු බේබී දැන් පහළට යන්න. නැත්තම් ලොකු බේබි මහත්තයට කේන්ති යාවි දන්නවනේ හැටි.*
*හ්ම්.*
දෑතින් කදුළු පිස ගත් මම පහළ මහළට ගියා. ලොකු මල්ලී තනියෙම සෙටියේ වාඩිවි රෑපවාහිනිය නරඹමින් සිටියා.
*අැයි ලොකු මල්ලි කතා කලේ.*
*ඔතනින් පොඩ්ඩක් වාඩි වෙන්නකෝ ලොකු අක්කේ.*
මම ඔහු ඉදිරිපස වූ අසුනේ වාඩි වෙලා ඔහු දිහා බැලුවේ මොකද්ද කියන්න යන්නේ කියලා හිතා ගන්න බැරිව. ඔහු මා වෙතට පයිල් ඒකක් පෑවා. මොකද්ද කියලා අහන්නෙත් නැතිව මම පයිල් ඒක මගේ අතට ගත්තා.
*ලොකු අක්කේ මට ලොකු උදව්වක් ඔනේ.*
*මොකද්ද මේ ලොකු මල්ලි*
*ඔක බිස්නස් අැග්රිමර්න්ට් ඒකක්. සුමේධ මස්සිනාට කියලා ඔක අත්සන් කරලා ඔනේ මට.*
මගේ හිත පිළිකුලින් පිරිලා ගියා . මොකද මම හොදටම දන්නවා. මේක සුමේධ අයියට කෙසේ වෙතත් ලොකු මල්ලිට වාසි වෙන වැඩක් බව. මොන ජාතියේ මිනිස්සුද මෙයාලා. මාව ඉත්තා කරගෙන සුමේධ අයියව සුද්ද කරන්නයි මෙයාලා හදන්නේ. මෙහෙම සල්ලි වලට කෑදර මිනිස්සු ඉන්න තැනක අැය මම ඉපදුනේ. මම මටම චෝදනා කර ගත්තා.
*ලොකු අක්කේ මොනවද කල්පනා කරන්නේ. පුළුවන් නේද?*
*හා මල්ලී මම සුමේධ අයියාට දෙන්නම් මට මේවයේ තේරුමක් නෑ. සුමේධ අයියා බලලා අත්සන් කරයි.*
*ඒහෙම කියලා බෑ. සුමේධ අයියව කැමති කරන ඒක ඔයාගේ අතේ තියෙන්නේ. මට කොහොම හරි වැඩේ කෙරෙන්න ඔනේ.*
ඔහුගේ මුහුනේ තිබුනේ හරිම කපටි හිනාවක්. තවත් තර්ක කිරිමෙන් වැක් නොවන බව තිරණය කළ මම යන්න අසුනෙන් නැගිට්ටා.
*ලොකු අක්කේ පුළුවන් ඉක්මණට වැඩේ කරලා දෙන්න.*
*හරි මල්ලි .*
මම උඩ තට්ටුව ට ඒන්න ඒද්දි මට මගදි සිගිතිව හම්බ වුනා. සිගිතිට පොඩ්ඩක් කාමරය පැත්තට ඒන්න කියපු මම පයිල් ඒකකත් අරන් කාමරයට වැදුනා. පයිල් ඒක ජනෙල් කවුලු අලව වූ අසුන මතට විසි කලේ හිතේ හිර කරන් අාපු දුකත් කේන්තියත් පිට කරමින්.
*ලොකු බේබි මම අැතුළට ඒන්නද?හ්හ්.*
*ඒන්න සිගිතියෝ.*
*අැයි අඩ ගැහුවේ ලොකු බේබී. හ්හ්.*
මට හිතේ තියෙන කේන්තිය කියන්න වෙන කවුරුත්ම නැ. මම සිගිති ඒක්ක වුන සිද්දිය කිව්වේ කේන්තියෙන්. සිගිති විසික්කරලා තිබුන පියිල් ඒක පෙරළා බැලුවේ හරියට තේරෙනවා වගේ. ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර තියෙන ඒවා සිගිතිට තේරෙන්නේ කොහොමද?
*අම්මෝ ලොකු බෙබී. මෙක නම් අත්සන් කරන්න දෙන්න ඒපා සුමේධ මහත්තයට. මේවා අහු වුනොත් බලු කූඩුවේ කූරු ගනින්න තමා වෙන්නේ.*
*සිගිති කොහොමද ? ඔක ඒහෙම ඒකක් බව දන්නේ.*
*මට නම් මේකේ තියෙන ඒවා තේරෙන්නේ නෑ.හ්හ් ඒත් ලොකු බේබී මහත්තයා කරොත් ඒ වගේ වැඩක්නේ.හ්හ් සුමේධ මහත්තයට නම් ඔවට කැමති වෙන්න දෙන්න ඒපා.හ්හ්*
*හ්ම්. සිගිතියෝ..*
*අැයි ලොකු බේබී.*
*ශාමලිට කොහොමද දැන්.*
*අක්කට නම් සුවයක් නෑ ලොකු බේබි. හ්හ් ..අපිව අදුර ගන්නෙත් අමාරුවෙන් දැන් ඒයාට.හ්හ්*
*පවු නේද සිගිතියෝ.*
*අනේ ඔව් ලොකු බේබි.හ්හ්*
*මෙහෙ ඉදන් ශාමලීලගේ ගෙදරට ගොඩක් දුරද?*
*ඔව් ලොකු බේබි ගම කෙලවරේ නේ තියෙන්නේ.හ්හ්*
*සිගිතිට දුක නැද්ද මම ළගදිම මෙහෙන යන ඒක ගැන.*
*ලොකු බේබී මොනවා අහනවද මන්දා.හ්හ්*
*ඒ මොකද?*
*මට තරම් දුකක් දැනෙන ඒකක් නෑ පුංචි බේබිටවත්.*
*ඔව් ඒයාළට නම් මම නැතුව දුකක් දැනෙන ඒකක් නෑ. මට උදව්වක් කරන්නකෝ සිගිතියෝ.*
*මොකද්ද ලොකු බේබී.*
*ඒකම ඒක පාරක් මට අක්කේ කියලා කතා කරන්නකෝ.*
*අනේ ඒ මොකද ලොකු බේබී. මම කොහොමද ලොකු බේබීට අක්කේ කියන්නේ.*
*මගේ සහෝදරයන්ටත් වඩා ඔයා මට මගේම සහොදරයෙක් වගේ මට දැනෙන්නේ ඒකයි ඒහෙම කිව්වේ.*
*මටත් මගේම සහොදරියක් වගේ තමා දැනෙන්නේ මගේ අක්කේ.*
ඒ වචනය මගේ හදවත් පසාරු කරගෙන ගියා. මම දෙවක් නොහිතම සිගිතිව වැළද ගත්තා. අැත්තටම මට මේ ගෙදර දාලා යන්න බැරි ලීලම්මයි සිගිතී නිසා.
ඊ ළග කොටසින් හමු වෙමු. —