29 වන දිගහැරුම 

දෙන්නත් එක්ක එලියට ගිහින් ටිකක් රිලැක්ස් එකේ ආවිදලා වටපිට ටිකාක් බැලුවා….

“ඒයී දිගෝ….බඩගිනී….”

“හ්ම් …හ්ම්…යමන් යමන්….නැත්තම් තව ටිකකින් මාව කාවි…..”

සෝනු කියදී චිනූ සෝනු අතක් කුනිත්තමින්ම ඒ අතේ එල්ලීගත්තා….දෙන්නත් එක්ක හිනාවෙවී ඇවිත් කෑම ගත්තෙත් සුපුරුදු රණ්ඩු සරුවල්,හිනා කතා මැද්දෙන්මයි….

“යමන්කෝ ඕවට රිටන් දෙන්නම්….”

කොල්ලා කියන්නේ කෙල්ලගේ වදේ ආදරණීය විදියට විදගනිමින්….ඔහුගේ කතාවලට කෙල්ල මූන රතු කරගත්තේ ඔහුගේ කතාවල අර්තය වැටහෙන නිසාමයි….

කෙල්ලෙක්ගේ ජීවිතේ සුන්දරම දිනය විවාහා දිනයයි…නමුත් වීවාහය එදා ඈට කරදරයක් ලෙසයි දැනුනේ….නමුත් අද වන විට තමා අකමැති ම වූ අයෙක්ට හදවතින්ම ආදරේ කරන්න්ට….ඔහු හා බැදෙන්නට ඇගේ සිත පෙරුම් පුරමින් සිටී …

සෙනේශ්ගේ ලෙයට උපත දෙන්නට….ඒ නාමයෙන් මවක් වන්නට ඔහුට නොකීවත් ඇගේ සිත ඉන්නේ ආශාවෙන් …..ගැහැණුන් කෙතරම් කෙලිලොල් උවත් දගකාර උවත් ආදරයේදි ඒසේමයි….තම සැමියා, දරුවන්, ආදරය ,බැදීම්, වෙනුවෙ කැපවෙන්නට ආසා කරයි…..

“රතු වෙනවා මේක මොනවා කීවත්…..යන්ද මැනික……”

කොල්ලා කියන්නේ අසුනින් නැගිට ඇයට අත පාමින්….කෙල්ල ඒ අත අල්ලාගෙන නැගිට ගත්තේ ආස් හීන කරමින් ඔහුට සිනාසෙමින්…..

දෙන්නත් එක්ක අත්වැල් පටලන් නැවතත් කාමරයට ආවේ හිත්වල නුපුරුදු හැගීම් මහා ගොඩාක් එබිකම් කරමින් දගකරද්දීය….

“අයියේ මම චේන්ජ් කරන් එන්නම්…..”

කෙල්ල කාමරයට ආ විගසම නාන කාමරයට වැදුනේ රෑ ඇදුම අතැතිවය…..

කොල්ලට ඉතින් හිනා….කෙල්ල ගේ කටයි දග වැඩයි තිබ්බට ලැජ්ජවත් කෝලකමත් ඕනවටාත් වඩා තියෙනවා කියලාත් තේරුනා…..

චිනූ කාමරයට එද්දී සෝනු මුළු කාමරේම තිබුනු ඉටිපන්දම් සියල්ලම දැල්වූවා….චිනූ එද්දී කාමරය තිබුනේ ඉටිපන්දම් ආලෝකයෙන්ම පමණක් ආලෝකමත් වෙලා…..කෙල්ලට හිතාගන්නවත් බෑ….

කහා රෝසවලින් පිරිච්ච කාමරේ පාට පාට ඉටිපන්දම් එලි දැල්විලා වෙනස්ම ලෝකයක් වගේ පෙනුනා ඈටා….

අත්දෙකෙන්ම කට වහගෙන කෙල්ල කාමරේට ඇතුල් උනේ පුදුමය මහත්සේ පල කරමින්….

“වාව්….අයියේ…..මාරයි….මේක හරිම ලස්සනයි …..”

“ම්….ෆොර් යූ…..”

මෙසේ පැවසූ සෝනු කෙල්ල ළගට ඇවිත් කෙල්ලගේ අතකින් අල්ලන් එක්කන් ගියේ කණ්නාඩිය ඉදිරියටයි…..

කෙල්ල ඔහුට අවනතව ඔහු පසුපසින් ගියා….චිනූව කණ්නාඩිය ඉස්සරහින් තියලා සෝනු කෙල්ලගේ පිටිපස්සෙන් හිටගත්තා …ඔහු මෙතෙක් අතේ ගුලි කරගත්ත ඈ වෙනුවෙන් සෑදුව කුඩා රන් චේන් පට හිමීට ඇගේ කරේ පැලැන්දුවා….

චිනූ රන් ආභරණ රහිත්වයි උන්නේ…..ඈ කැමති ඒවා නැතිවයි ඉන්නටයි….ඒ ගැන දන්න නිසාමයි සෝනූ ඈ වෙනුවෙන් ඉතාම සරල පුංචි මාලය ගත්තේ….මේ වෙනකම්ම චිනූ ලග තිබ්බේ කනට දාපු පුංචි බුබුලු කරාබු යුවලයි,වෙඩින් රින්ග් එකයි විතරයි…..

චිනූට හිතාගන බැරි උනා මේ මැටි කොල්ලා මේ තරම් ආදරේ කරන් දන්නේ කෝමද කියලා.

“ආස නැද්ද චිනූ….”

කොල්ලා අහන්නේ කෙල්ලගේ උරහිසට නිකට තියන් කණ්නාඩියේ ඇගේ ප්‍රතිබිම්බය දිහා බලන්….

“අනේ හරිම ලස්සනයි අයියේ…මාර සිම්පල්…කවදාවත් මම මේක ගලවන්නේ නැතිව ඉන්නම්…..”

කෙල්ල කීවේ ඔහු දිහා බලලා ආදරෙන්…..

“ම්…..”

සෝනු මොහොතක් නිහඩවම කෙල්ල දිහා බලන් උන්නා……කෙල්ලත් එහෙම්ම උන්නේ හිත ඉමක් කොනක් නැතුව එන හැගිම් වච්න කරගන්න බැරුවයි…..

නිහඩවම මේ ආදරණීය හදවත් ඔවුන්ගේ ආදරණීය දිනයේ අසීමිතව දොඩමලු වෙන්න අරන් තිබ්බා….දෙන්නම් උන්නේ කතා කරන්න නොහැකිව….

“නංගී…..”

අවසන සෝනූ ඒ ගැබුරු නිහඩබවට තිත තිබ්බා…..

“ම්”

“මගෙ වෙනවද හැමදාටම…..”

කෙල කිසිවක් මුවින් කියන්නට උත්සාහා කළේ නෑ….ඇගේ සිනාසෙන දෑස් උත්තර බැන්දා ඔහුට…..

සෝනූ නිහඩවම උන් ඇගේ දෑස් වෙත තම දෑස් යා කරන් උනා මොහොතක්….ඒ ඈදරණීය යුවලගේ දෙතොල් මුහුඋනේ ගොඩාක් ආදරණීය ලෙසයි…..

සෝනුගේ දෙඅත් අතර චිනූගේ කොපුල් තල සිරවෙද්දී චිනූගේ දෙඅත් ඔහුගේ ගෙලවටා බැදුනා…

මොහොතක් දෙකක් නොව බොහෝ වේලාවක් ඔහුගේ දෙතොල් චිනූගේ මුලු මුහුන පුරාම දග කරා නොයිවසිල්ලේන්…චිනූ මේ සුන්දර මොහොත විදගත්තේ දෑස් පියාගෙන ඔහිගේ ගෙලේ එල්ලීගෙනම….

දෙතොලින් මිදුනු සෝනුගේ දෙතොල් අකීකරුව චිනූගේ ගෙල මුලට පාත් වෙද්දී ඔහූගේ රැවුල් කොට කෙල්ලෙගෙ ගෙල කිති කැවුවා සියුම් වේදනාවක්ද සමගින්….

නමුත් සිතට දැනෙන මේ ආගන්තුක හැගීම් කෙල්ලගෙන් ඒ වේදනාව දුරස් කළා……

චිනූගේ ගෙල මත දෙතෝල් තබන් උන් සෝනු ගේදිගු ඇගිලි තුඩු වලින් චිනූගේ රෑ ඇදුම එහෙ මෙහෙ වෙද්දී කෙල්ල ඇබරී ගියා……

නමුත් ඒ රාත්‍රිය ඔවුන්ගේ සොදුරුතම මතකයන් අතරට ගෙනෙන්න්ට දෙදෙනාම බලන් උන්නේ ආදරයෙන්….

චිනූව එහෙම්ම හරහට ඔසවාගත්ත සෝනූ කෙල්ලව අරන් ගියේ සයනය වෙත….

තාරුන්‍යයේ ආදරණීය යුවලකගේ හැගීම් අවදිවද්දී ඒය කෙතරම් සුන්දරද?ඒ සොදුරි මොහොත චිනූ සෝනූ යුවලත් විදිමින් උන්නා….

සෝනූගේ සුරතින් චිනූගේ රෑ ඇදුම ගිලිහෙද්දී කෙල්ලගේ වතේ කෝමල රේඛා කොල්ලා විදගත්තේ ප්‍රතම වතාවට මේ ලබන්නාවූ ගැහැනු ආත්මයේ ආදරණීය පහස ජීවිතය පවත්නා තෙක්ම නොවෙනස්ව තබා ගන්නවායැයි තමාටම සපත කරගනිමින්…..

අනූරාගීව ආදරණීයව ගෙවුන ඒ හෝරාව චිනූගේ අමරණීය මතකයන් ගොන්නට ඈ එකතු කරගත්තේ අවසන සෝනුගේ උනුහුමට ගුලි වෙමින්….

චිනූ වේදනාවන් ඉවසුවා ඔහු වෙනුවෙන්…….නමුත් සෝනුගේ සිත්ට දුකක් දැනුනා ඈ ගැන…..

“මැනික මම රිද්දූවා නේද ඔයාට….මට සමාවෙන්න….”

සෝනු කියන්නේ තාමත් නිරුවත් තම පපුවට ගුලිවී සුසුම් හෙලන කෙල්ලගේ මුගුන උඩට හරවන්නට උත්සාහ දරමින්…..ඈ මුහුන නොයිස්සූවේ මදක් කෝල බවක් දැනුනු හෙයින්….

“ම්හ් නෑ…කමක් නෑ ගොනෝ ඉන්න දෙනෝකෝ…”

සෝනූ එහෙම්ම ඈව තම පපුවට තුරුල් කරගත්තා…එහෙම්ම ටිකක් වෙලා ගෙවුව දෙන්න නැගිට්ටේ වොශ් දාන්න යන්න….ඒත් නැගිටිද්දී කොල්ලා දැක්ක දෙයින් සතිටක් දුකක් සම්මිශ්‍රිත හැගීමක් කොල්ලට දැනුනා….

කොල්ලාගේ දැස රැදුන සයනය දුටු කෙල්ලා එහෙම්ම බාත්රූම් එකට දුවලා ගියේ ඔහුගෙන් මිදිලා…..

සෝනුත් ඈ පසුපසම ගියේ මද සිනාවකින්….

“බබා……..”

“ම්”

කෙල්ල ඔහුට පිටුපාම කතා කලා….

“මම එහෙම බලාපොරොත්තු උනේ නෑ බබා..ඒත් ඔයා මම ළගම විතරක් උන්නා කියලා දැනෙද්දී පිරිමියෙක්ට දැනෙන සතුට මාත් විදිනවා නංගි…..තැන්ක්ස් ඔයාට ඒ සතුට මට දුන්නට…..පොරොන්දු වෙනවා ඔයා මට දීපු ඒ දේට මගෙන් වරදක් වෙන්නේ නෑ කියලා කවදාවත්ම….”

සෝනු කීවේ තමාට පිටුපා ඉන්න කෙල්ලව පසුපසින්ම ගොස් දෑතින්ම වැලද ගනිමින්……..

🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

මතු සම්බන්ධයි

🌸යාලුවනේ,තාමත් අසනීපෙන් මම…..ඒත් කතාව දැම්මා ඉතින් ඔයාලා වෙනුවෙන්…….චිනූගෙයි සෝනුගෙයි මේ ආදරණීය මොහොත පුලුවන් තරම් සංවරව රසවත්ව දෙන්න උත්සාහා කළා….ඒක සාර්තකදනම් දන්නේ නෑ ඉටිම්….🌸

Leave a Reply

Your email address will not be published. Required fields are marked *