29

💔

💚දෑසේ 💜

💙වේදනා 💛

💘 Epsoide.. 29 ❤️

💙💙💙💙💙💙💙💙💙💙💙💙

අමීන්ගේ කාටහඩ එක්ක මුලු පරිසරයම එකම පාරට නිශ්ශබ්ද වෙද්දි පහල උන්න පොලීසියේ අය උඩට ආවේ..

ශාමින්දී වගේම දමිතුත් නොහිතපු විදියට පාරුල් වෙඩි තියාගත්තාම දෙන්නම ඉන්නේ බය වෙලා..

දමිත් වගේම පාරුල් පැනලා දුවන්න හැදුවත් උඩට ආව පොලීසියේ අය දෙන්නව අල්ලා ගන්නවා..

මේ තරම් වෙලා ඒ කදුලු ඉස්සරහා හැගීමක් නැතිව උන්න අමීන් පිස්සු වැටිලා වගේ දුවගෙන එන්න හැදුවත් කොල්ලට එන්න බැරුව ලිස්සලා වැටෙනවා..

ඒ සිරුර අත් දෙක උඩට අරගෙන අමීන් පපුවට කන තියලා බැලුවත් ඒ හුස්ම වැටෙන්නේ නෑ..
කොල්ලා මුව තියලා මුවට පිම්බේ ආයම පන දෙන්න උනත් හිසෙන් ගලාගෙන යන ලේ එක්ක හුස්ම ටිකට්ජ් යන්නම ගිහින්..

අනේ නෑහ් මගේ දෙයියනේ කතා කරන්න රත්තරන්😭

අමීන් එතන වැතිරිලා තියන නිසල දේහය බදාගෙන කෑගැහුවේ පිස්සෙක් වගේ..
ඒ වෙද්දිත් ඒ ශරීරෙන් ඒ අවසන් හුස්ම වා තලයට මුසු වෙලා..

එපාහ් අනේ කතා කරන්න..යන්න එපා මාව දාලා යන්න එපාහ් 😭

අමීන් එහෙම්මම පිස්සෙක් වගේ කෑගහද්දි පොලීසියේ අය ශාමින්දිව අරන් යන්න ගියත් බිම තිබ්බ ගන් එක එක අරගෙන කොල්ලා වියරුවෙන් වගේ ශාමින්දිට වෙඩි තියාගෙන තියාගෙන ගියාම පොලීසියේ අය ඉන්නෙත් බය වෙලා..

හදවත පසාරු කරගෙන යන හැමවෙඩි උන්ඩයක් ගානේම කොල්ලට ඒ හිනාව ඇස් ඇතුලේ මැවිලා පේනවා..

පන දීලා කොල්ලව බලාගත්ත ඒ තරම් නිර්ව්‍යාජව ආදරේ කරපු ඒ කෙනාව මේ තරම් ලේ විලක් මැද ඒකත් තමන් නිසාම..😭

කොල්ලාගේ චූටි දේ පවා ඉහටත් උඩින් වේදනාවක් කරගත්ත ඒ අහිංසක ආදරනීය ඇස් අද තමන් නිසා තමන්ගේ ජීවිතය ගැන හිතලා තමන්ගේ ඇස් ගාව ජීවිතේ ඇතෑරලා දලා..

ශාමින්දිව තව මරන්න පුලුවන්නම් නම් තවත් මරන්න පුලුවන් තරම් කේන්තියෙන් ඉන්න කොල්ලව දැක්කාම එතන උන්න එස් පී කොල්ලගේ අතින් ගන් එක අරගෙන දමිත්ගේ අතට තද කරනවා..

මීනිමැරුම් තුනයි..තැත් කිරීම් දෙකයි..එකක් ගෙදර වැඩකාරි..අය තමුන්ගේ සගයා..ආයම අර අහිංසක ජීවිතේ 👿

ඒ එස් පී මහත්තයා මාංචු හිරකරන ගමන් කියලා දමිත්ව ඇදගෙන යද්දි තාමත් අමීන් පිස්සෙක් වගේ ඔහේ බලාගත්ත අත බලාගෙන අඩනවා..

කොල්ලට ආයම මේ වගේ දෙයක් දරාගන්න බෑ. ආයම අහිමිවීම දරාගන්න තරම් අමීන් ශක්තිමත් නෑ..

පාරුල් නැතිව ගෙවුන හැම තප්පරේකම කොල්ලා විදෙව්වා..දැන් ආයම කොහොමද විදවන්නේ..

කොල්ලා හිතුවේ පොලීසියේන් කොල්ලව අරන් යයි කියලා උනත් තනූජ් ඒ හැමදේම කතා කලාම ඒ එස් පී මහත්තයා දමිත් වැරදි කාරයා කරනවා..

ශාමින්දිගේ බොඩිය අරගෙන යද්දි සනත් අමන්දා වගේම තනූජ් කොල්ලාව වත්තන් කරන් බොඩිය ගාවින් අයින් කරනවා..

අවුරුදු දෙකකට කලින් මේ වගේම කොල්ලා පාරුල් මැරුන දවසේත් ටූනමන්ට් එකකට රට යන්න හිටියේ..අදත් ඒ වගේම දවසක් කියලා දැනෙද්දි අමීන් නිහඩවම ඒ කදුලු මැද්දෙන් සුසුම් හෙලනවා..

අප්පච්චී මට යන්න බෑ අප්පච්චි 😭

පුතාහ් මන් ඉන්නවා දරුවෝ ඒ නිසා යන්න..අනික මගේ පුතා යන්නේ රට වෙනුවෙන්..අනික එයා මෙතන හිටියා නම් ඔය දේම කියයි පුතේ 😣

කොල්ලා තනූජ්ට වාරු වෙලා මහා ලොකු වැරදි කාරයෙක් වගේ සුසුම් හෙලනවා..

බැහැ අප්පච්චි..මට ආයම බලන්න වෙන්නේ නෑ එයාව..මන් මේ මගේ ඇස් පුරාම එයාව දකින අවසාන වතාව අප්පච්චි මට යන්න බෑහ් 😖

අමන්දා අමීන් ගාවට ඇවිත් කොල්ලගේ අත් දෙකන්ම අල්ලන් කොල්ලගේ මූන දිහා බලනවා..

පුතා 😐

මන් පුතාගේ අම්මා වගේ පේනවා නේද 😕

එහෙනම් යන්න පුතා..අපේ හිත් වලින් එයාලා කවදාවත් ඈතට යන්නේ නෑ..අනික එයාට කවදාවත් ඔයාව අමතක වෙන්නේ නෑහ් 😔

තමන්ගේ ජීවිතේ ඇතෑරියේ පුතා වෙනුවෙන්නී..ඉතින් පුතා සතුටු වෙන්න..

කවදාවත් නැතිව ඒ ආදරේ ඔයාගෙම උනාට. ඔයාට විතරක්ම අයිති ආදරයක් උනාට..

අමන්දා පුලුවන් තරම් කොල්ලගේ හිත හැදුවේ කොල්ලා කොල්ලගේ ජීවිත ගමන යන්න ඕන නිසා..

මල හිරු බැස ගෙන යන අවසාන තප්පර ගානකදි ඒ නිසර දේහය සම්පූර්නෙන්ම ගිනි ගෙන දැවෙද්දි ඒ නිරුරේ හැම අංශුවම ඉහල අහසට විතරක්ම අයිති වෙද්දි අමීන් ඒ ඉහල අහසෙන් ඒ අංශු ස්පර්ශ කරනවා..

අවුරුදු ගානක් තමන්ට නොදැනුන ඒ ආදරය සෙනෙහස කොල්ලගේ හදවතේ කපාට වලින් හැම නහයරයක් තුලින්ම හැම සෛලයකටම දැනෙද්දි නිහඩවම අමීන් සුසුම් හෙලනවා..

ඇයි එදා කොල්ලට ඒ දේවල් විශ්වාස කරන්න බැරි උනේ..ඇයි පාරුල් වැරදි නෑ කියලා නොතේරුම් ගත්තේ..

ඒ.ඇස් වල තිබ්බේ ඉල්ලීමක්. අනේ මාව විශ්වාස කරන්න කියනවා වගේ ඉල්ලීමක්..

දැන දැනම අමීන් මලමිනියක් වගේ කෙල්ල දිහා බලන් උන්න හැටි මතක් වෙද්දි නොකීවාට ඒ හිතම වේදනා දෙනවා..

එදා අමීන්ට පාරුල්ගෙන් මේ හැමදේම අහන්න හිබ්බා කියලා දැනෙද්දි අමීන්ගේ හදවත ආයම පරන වේදනාවකින් රිදුම් දෙන්න ගත්තා..

මට සමාවෙන්න දෙයියනේ..මේ හැමදේම මගේම වැරදි..😭

මට සමාවෙන්න..මට සමාවෙන්න දෙයියනේ 🙏

කොල්ලා රුගත් ගුවන් යානය ලංකාවෙන් නික්මෙද්දි අමීන් අවසාන වතාවට ඒ හදවත වෙනුවෙන් සුසුම් හෙලනවා..

හැම මතකයක්ම අතීතයක් වෙද්දි අමීන් එයාගේ ටුවර් එකේ සාර්තක බැට්මන් කෙනෙක් වෙලා ලංකාවට ආයම ආවේ මාසෙකට පස්සේ..

තනූජ් වගේම අනිත් ඔක්කොම හිටියත් වෙනදට ආදරෙන් දුවගෙන ඇවිත් කොල්ලව සිබින ඒ රුව අද නෑහ් කියලා දැනෙද්දි කොල්ලා නිහඩම සුසුමක් හෙලලා තනූජ්ව වැලදගන්නවා..

ඔන්න යන්..මන් පුතාට රසට කෑම හැදුවා..😊

ඔන්න බලපන් තනූ..මේකි අපි දෙන්නා ලව්වා උයන් එයා ඉව්වා වගේ කතාව 😂

සනත් හිනා වෙලා ඇවිත් අමීන්ව බදාගෙන පිටට තට්ටුවක් දාලා යන් කීවාම තනූජ් යන්නේ අතීතෙන් හැමදේම අමතක කරලා..

කෑම කද්දි අමීන් නිහඩවම කද්දි තනූජ් කොල්ලා දිහා බලන් ඉන්නේ වේදනාවෙන්..

පුතාහ් 😐
ඔයාගේ වෙඩින්ග් එක අපි ගමු 🙂

ඒත් තාත්තා මට තාම හිත හදාගන්න බෑ තාත්තා ගෙනාව ප්‍රපෝසල් එකට 😕

ඒත් ඔහොම ඉන්න බෑනේ..අනික ඒ ලමයා මොනා කලාටද.මේක තමා මගේ වගේම අම්මාගෙත් ආසාව පුතා 😔

අනේග් තාත්තා 😣

හැමදේම වෙලා මාසයක් වගේනේ..ඉතින් ඇයි අපි මේ තරම් ඉක්මනට..මට තව කල් ඕන තාත්තා ඒ දේවල් අමතක කරන්න 😔

පුතා අඩුම අවීටවත් කතා කරන්නේ නෑ .ඒ දරුවා මොනා කලාටද..එයාලා වැරදි කාරයෝ නෙවේ පුතා මේ දේවල් වලට 😞

මන් දන්නවා.ඒත් තාත්තා තාත්තට හුත හදාගන්න පුලුවන් උනාට මන් මගේ ඇස් වලින් හැමදේම දැකලා හිත හදාගන්නේ කොහොමද 😪

ඒත් මේක මායි අම්මයි වෙනුවෙන් කරන්න දරුවෝ..මන් ආයම කිසි දෙයක් කරන්න කියන්නේ නැහැ 😓

තනූජ් අපි කතාව නවත්තමු බන්..කොල්ලා ආවා විතරයි තාම 😒

නැහැ සනා..මන් ආයම කිසි දෙයක් ඉල්ලන්නේ නෑ බන් .මේ දේවල් දරාගන්න මටත් බෑ බන්..උබලා දෙන්නා දන්නවා..😪

තනූජ් නිහඩවම නැගිටලා කෑම මේසෙන් නැගිටලා යන්න ගියාම අමීන් බලන් ඉන්නේ වේදනාවෙන්..

හැමදේම පාලුවට ගිහින් කියලා අමීන් නොදන්නවාම නෙවේ..ඒ උනුහුම නැතුව විදවන එකම කෙනාත් අමීන්ම නෙවේ..

ඒත් කොල්ලට කාලය ඕන. කාලය එක්ක හිත හදාගන්නයි අමීන්ට ඕන. තාමත් හිත ඒ හිතම වැරදිකාරයෙක් කරගෙන දඩුවම් දෙද්දි කොල්ලාට තවත් බෑ එයාට මූන දෙන්න..

තනිකරම අමීන් වෛර කරනවා ඒ හුස්මටත්..කොල්ලා දඩාස් ගහලා දොර වහගන්නේ මුලු හිතම වේදනා දෙද්දි..

💚💚💚💚💚💚💚💚💚💚💚💚

කොල්ලා ඇද උඩ තියන ඇදුම දිහා බලාගෙන මොහොතකට දිගම දිග කල්පනාවකට වැටිලා..

ඒ දවස් වල මුල්ම කාලේ පාරුල්ව මැරි කරන්න අදින ඇදුම පවා දෙන්නා ඩිසයින් කලා..
පාරුල් මුල්ම වතාවට මැරුනා කියලා දැනගද්දි කොල්ලා හඩා වැටුන හැටි අද ආයම ඒ ඇදුමම කොල්ලගේ ඇස් ඉස්සරහා.

කුර්තා එකෙයි නැශනල් එකෙයි මික්ස් එකක් වගේ තියන බ්ලැක් කලර් ඇදුම දිහා බලන් ඉදලා කොල්ලා ඇදුම අතට ගත්තා..

ඇදුම දාගෙන අමීන් කන්නාඩිය ගාවට ගිහින් බලන් හිටියේ ඒ කන්නාඩිය තුලින් පේන තමන් දිහා .

මොනාවවත් අයිති නැති ආදරයක් උරුම නැති ජීවිතයක් කියලා දැනෙද්දි කොල්ලා වැක්ස් එක අරගෙන කොන්ඩේ පිලිවෙලට හදාගත්තා..

වොච් එක අතට අරගෙන අතේ බැදගෙන කොල්ලා වෙලාව බැලුවා..

වෙලාව 9.23 a.m

මට ඒහ් ඇති තව වෙලාව තියනවා 😕

කොල්ලා ශූශ් දෙකත් දාගෙන පහලට ගිහින් බැලුවේ ජනිත්ලා ලෑස්ති වෙලාද කියලා..ඇතුලේ තුන් දෙනාගේ ගාල හෝට්ටිය ඇහෙද්දි කොල්ලා මැසේජ් එකක් දාලා කෙලින්ම ගියේ කාර් එක ගාවට.

අමීන් කාර් එක අරගෙන ගියේ ඒ අතීතේ අමිහිරි මතක ගෙනාව ඒ අසුන්දර සොහොන් කොත ලගට..

මංගල ඇදුමෙන් කොල්ලා එහෙම්මම ඒ සොහොන් කොත ගාව දන නැමුවා..

නිමක් නැතිව ඒ ඇස් වලින් කදුලු එද්දි කොල්ලා සොහොන වටා තිබ්බ පැලෑටි අයින් කලේ වේදනාවෙන්..

ගොඩක් අමාරුද ඔතන..රිදෙනවත් මගේ මැනික 😭

කොල්ලා සොහොනට අත තියගෙන අහන්නේ වේදනාවෙන්..
කොහෙදෝ ඉදන් ආව ඇහල මල් වැස්සක් ආයම සොහොන වට කරගත්තාම කොල්ලගේ මූනට හිනාවක් ආවා..

හැමදාම වගේ බැන බැන ඕක එපා ඕක් කැතයි ඔහොම නෙවේ කියන්න ඔයා මන් ගාව නෑහ් තමා..

ඒත් ඔයා නිසා ඔයාගේ ආසව නිසා මන් ඒ ඇදුම ඇන්දා..ලස්සනද මන් 😰

ඔයා කොහේ හරි ඉදන් මන් දිහා බලාගෙන නේද ඉන්නේ..කියන්නේ ඔයාගේ සිංහ පැටියට ආශිර්වාද කරන්නේ නැද්ද 😔

කොල්ලා ගෙනාව ලස්සන සුදු රෝස මල් ටික සොහන උඩින් තියලා ඇස් වලින් ආව කදුලු වලින් ඒ සොහොන තෙත් කලා.

කවදා උනත් මන් බැදලා මන් මැරිලා යනකන්ම මේ ආදරේ ඔයාම විතරක් වෙයි..මන් දන්නවා හැමෝම දුකින්.උනේ ඒ දේවල් ඒයලා නිසා නෙවේ..

ඔයාගේ පන මන් නිසා. ඔයාගේ හුස්ම මන් නිසයි ඔයා ඒ හැමදේම කලේ..මට ආශිර්වාද කරන්න 🙏

කොල්ලා සොහොන සිබගෙනම නැගිටිද්දි කොල්ලාව නෑවිගෙන යන්න ආවම ඇහල මල් වැටුනාම කොල්ලා එතනින් එහාට එනවා..

කාර් එක අරගෙන අමීන් පල්ලියට යද්දිත් ජනිත් වගේම හිරුනත් කොල්ලා ඉස්සරහා..

ජීවන් මල්කිව බැදලා චූටි බබෙක් හම්බෙන්න කෙල්ලට..
ඒ එක්කම තියා අවී එක්ක ආවාම අමීන් පුන්චි හිනාවකින් අවීනාශ්ව පිලිගන්නවා.

අවී මට සමාවෙයන් බන් 😓

ඒකට කමක් නෑ. උබේ සතුට අපිට ඕන..මේ හැමදේම උනේ වෙන්න ඕන විදියට බන්..බලපන් උබ ඕකට අවුරුද්දක්ම මාව මගෑරියා..😪

අවිනාශ් කොල්ලගේ පිටට තට්ටුවක් දාලා යන්න ගියාම තනූජ් කොල්ලා ඉස්සරහට ඇවිත් යන් කීවා..

කොල්ලා ෆාදර් ගාව හිටගෙන ඉද්දි ඒ එන රුව දැක්කාම කොල්ලා මොහොතකට බලන් ඉන්නේ ඇස් වල කදුලු පුරවන්..

වේදනාවක් උනත් කොල්ලා නොදැක්කා වගේ ෆාදර් පැත්තට හැරෙන්න ගියත් තනූජ් ඇස් වලින් කෙල්ලව අල්ලලා ගන්න කීවාම අමීන් හිතහදාගෙන අත ඉස්සරහට දික් කරනවා..

බැල්මකින්වත් කෙල්ල දිගා නොබලා මුද්ද දැම්මාම ඊලග වතාවට කෙල්ලගේ වාරේ අමීන්ට මුද්ද දාන්න..

කෙල්ල මුද්ද දිහා බලාගෙන ඉදලා මුද්ද අමීන්ගේ අතට දාන්න ගිහින් කොල්ලගේ ඇස් දිහා බලද්දි ඒ සිව් නෙත් යාවෙනවා..

අමීන්ගේ හදවත වේදනා දෙද්දි කොල්ලා මුද්ද දාන්නත් කලින් අත ඇදලා ගන්න යද්දි කෙල්ල ආයම ඇස් වලින් එපා කීවාම අමීන් කෙල්ල දිහා බලන්නේ ඇස් වල කදුලු පුරවන්..

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අවසානම කොටසින් හමුවෙමු..😁😁
අඩාගෙන ඉන්න කස්ටිය මට බැන බැනම ඉන්නවා ඇති නේහ්.ඕහ් යාහ් මන් නපුලුයි..😂😂🔫

Like Comments. වලට තෑන්ස්..😊😊

Leave a Reply

Your email address will not be published. Required fields are marked *