29

##නිම්හිම් සේයා##
29

Can i meet mr mihiran pls

You miss?

Seeya..from youth tv

Ok wait….

ම් ටික වෙලාවකට පස්සෙ මට ඇතුලාට යන්න ලැබුනා..වෙනදට නම් බය නැතුව ඇතුලට යනවා..ඒත් අද ඉති න් ලොකූ හොර වැඩකටනෙ යන්නෙ..ම්..කොයි එකටත් සුදානම් පිට…පෝන් එක සයිලන්ස් දාලා තිබ්බා..ඒත් ශේන් අයියට කෝල් එකක් දෙන්න බලන් ලෑස්ති වෙලාම…

අද මිහිරාන් ඇදන් උන්නෙ තද රෝස පාට ශර්ට් එකක්..මිහිරාන්ග්ගෙ සුදු පාට හමට ඒ කලර් එක හොදට මැච් උනා..මාව දැක්ක ගමන් ඒ මූනේ අදුනු වල් හිනාව…

හායි සුවිට් හාර්ට්..ඉතින් ඉතින්..මේ දවස්වල හරියට මාව මතක් වෙනවා වගේ මාව…උදෙන්ම ඇවිත්…ම්ම්ම් මගෙ අද දවසම සුබ වෙවී…පුන්චි රෝස මලක් මගෙ ඔෆිස් එකේ පිපිලනේ…

අම්මෙ ඇති වර්නනාව…සමනලුන්ට ඇහුනොත් දුවන් එයි මාව හොයන්…

සමනල්ලු මොකටද කෙල්ලෙ මේ ඉන්නෙ මීමැස්සෙක් ම්ම්ම්ම්…

(ඔව් ඔව් මී මැස්සෙක්..පැනි බේරෙන…වැක්කෙරෙන..)

ඕන් ඕන් සුවිට් හාර්ට් කල්පනා කරනවා…ම්…ඉතින් මොනද බොන්නෙ…මට නම් මුකුත් බොන්න තියා කන්නවත් හිතෙන්නෑ…බඩ කට සිත මන සේරාම පිරිලා….ඒන්ජල්ව දැකලා…

මන් ම්..කී දෙනෙක්ට ඕම කියලා තියෙනවද ආ..ම්ම්ම්

ඔයත් එක්ක…

මිහිරාන් බොරුවට අතේ ඇගිලි ගනන් කරා..ලොකූ කල්පනාවක වගේ නිකටෙ ඇගිල්ලකුත් තියන්…

ම්ම් ඔයා විටරයි මගෙ සුදූ

අනේ මේ කියන බොරු වලට දැන් මෙතනම පොලෝ පලන් යන්න ඕනී…පෙනේද කියන බොරූ…

ට්‍රස්ට් මී බේබී..අයි ලව් යූ…

(ඔව් ඔව් බේබී කෙනෙක් නම් රැවට්ටුවාකී ඔය වචන වලින්.)

මුකුත්ම කියන්නෙ නෑ නී කෝ අද චැට බොක්ස්..ම්..මොකෝ මේ දකුනු අත බැන්ඩේජ් කරන්..

පොඩි ඇක්සිඩන්ට් එකක් අනේ..චූටි ඩැමේජ් එකක්…

මගෙ චූටීයට ගොඩක් තූල උනාද….කෝ ඉන්න

මිහිරාන් මගේ අත යාන්තමින් ඇල්ලුවා..

උහ් ආහ් රිදෙනවා අල්ලන්න එපා…

අලේ සොලි…

තව මෙයා එක්ක තොදොල් වෙන්නි ගියොත් ආපූ දේත් අමතක වෙනවා…

ශේන් අයියා දැන් ගන්න..කෝ…

තත්පර පහෙන් ශේන් අයියා කෝල් කලා..පලවෙනි රින්ග් එකෙන්ම මන් ආන්ස්සර් කලා…මිහිරාන්ගෙ කන මගේ පෝන් එකේ…

ම්ම් ඕ හා සර්..අනෙ කොහොමද බෑනේ..ලියන්නෙ කොහොමද අයියෝ..උහ් මගෙ අත…

අනේ අදම ඕනීද..මගෙ අත තුවාල වෙලා..අනේ ඔව් අයියො..

ඉස්සරහ අහ් ඔව් ඉන්නවා ඒත් කියන්නෙ කොහොමද ..හෙට බැරිද නැත්තම් ගෙදර ගිහින්..අනෙ

මිහිරාන් බලන් ඉන්නව..මන් අසරන විදියට මිහිරාන් දිහා බැලුවා..මිහිරාන් ඇයි කියන්න මන් දිහා බැලුවා..අසරණ අහින්සක පාට් එකෙන් පෝන් එක චුට්ටක් අයින් කරලා මිහිරාන්ට විස්තරෙ කීවා..

අනේ මිහිරාන් මේ ඩයලොග්ස් වගයක්..අද රෑට තියෙන ශූටින් එකක..මට පාඩම් කරගන්නල්ලු ලියාගෙන දැන්ම..ඒත් කොහොමද බබි ලියන්නෙ ම්ම් අත රිදෙනවා ගොඩාක් බබී..ඉස්සරහ කව්රුත් නැද්ද අහනවා

ඒත් බබි ඔයාට කියන්නෙ කෝමද බබී මේක ලියා දෙන්න කියලා..ම්ම්..

අසරණ අහින්සක සේයා ආයාචනාත්මකව මිහිරාන්ගෙන් උදව් ඉල්ලනවා…පුන්චි කෙල්ලෙක් වගේ…බබී කියන වචනෙ මිහිරාන්ව හෙල්ලුවා වගේ..මේන් මෙයා එයාගෙ ඔෆිස් සීල් එක තියෙන නෝට් බුක් එහෙකෞයි පෑනකුයි අතට ගත්තා..පස්සෙ ඔලුවෙන්ම මට කීවා කියන්න කියලා හරි කියලා….

ආහ් හරි සර් ඔව් වැඩෙ..මගෙ බබී ලියයි ඔව්..අහ් කියන්න..

දැන්නම් මිහිරාන්ට තවත් සැටිස් වගේ…මන් ඉක්මනට ඉක්මනට කට පාඩම් කරගත්තු ටික කියවන් ගියා..ශේන් අයියා හිනා වෙවි බනිනවා..අනේ අම්මපා මේ ශේනා හිනා වෙලා අද මාව අහු කරලා දෙන්නයි යන්නෙ…

මේ සේරම කරන්නෙ මට සුවිටි එක්ක සතුටින් ඉන්න..ඒකට නාකියා ඇනයක්..අනික නාකියගෙ දේපල…කෙමිකල්ස් වැඩෙ හරි..හෙට උදේට මිනිහයි මිනිහගෙ උරුම කාරයයි දෙන්නම ඉවරයි..එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි…

අහ් තව හරි..ඔව්…සයින් කරන්න..ඔතනින් සයින් කරන්න ..

මන් කීව කලබලේට මිහිරාන් මුකුත් නොහිතම කොලේට සයිනුත් කලා..ඔයාගෙ වල ඔයාම කපා ගත්තා මිහිරාන්..වන්චාවක් තමයි ඒත් ඔයාලා වගෙ අයත් එක්ක අපිත් ඉන්න ඕනේ මේ විදියට..කෙල්ලෙක්ගෙ එක බැල්මකට තමන්ගෙ ආත්මෙම ඔයා පාවලා දුන්නා..ඔයාගෙ දුර්වල කමින් ඔයා ඔයාටම වල කපා ගත්තා..සෝ සොරි..බට් හැපී….

මිහිරාන් දිහා ස්තූතී පූර්වකව බලලා මිහිරාන් අතේ තිවුනු නෝට් බුක් එකෙන් කොලේ කඩා ගත්තේ ආයෙ කියවලා සැකයක් ඇති කරගනි කියන බයටම….මේ වෙලේ මන් දාපූ ඇක්ටින් එක නාට්‍යක තිබ්බනම් වස්‍රෙ හොදම නිලියට මට සම්මාන ලැබෙනවා..හිත ඇතුලෙ බයක් නැතුවා නෙමි..මන් තාමත් ඉන්නෙ මිහිරාන්ගෙ ඔෆිස් එකෙ ,,අහ් හිතන්න ගිහින් කෝල් එකත් අමතක උනා..තව පොඩ්ඩෙන් වැඩෙ මාට්ටු වෙනවා…

ඔව් සර්..ලොකු බොස්ට කියන්න වැඩෙ ඕකේ කියලා..ඔව් මගෙ බබී ලියලා දුන්නා මට…ඔව් බබී..

(ඒ මෝඩී ඩීඑන් එස්ට ඇහුනොත් ඔය බබී කෑල්ල ඕකා මැරෙයි..මෝඩී ඉක්මනට එනවා ඔතනින්..ඕක ලියලා දුන්නට හරියන්න ගිලී මෝඩීව ඉක්මනට එලියට එනවා..)
ශේන් අයියා එහා පැත්තෙන් කියනවා…

හරි සර් ඕකේ එහෙම කරන්නම්..බායි..

පෝන් එක කට් කරලා මිහිරාන්ට ලොකූ හිනාවක් දැම්මා…

තැන්ක්‍යූ සෝඕඕඕ මච් බබි තැන්ක් යූ…

ඕකේ සුවිට් හාරට්…ඔයාට නොකරන උදව් කාට කරන්නද ම්ම්ම්…ම්ම්ම්ම්

මිහිරාන් මන් දැන් යන්න ඕනී…මේක පාඩම් කරන්න ..

අනේ යනවද ම්ම්ම්…

ඔව් බබි එහෙනම් වෙන දාක එන්නම්..මේ උදව්ව මට කවදාවත් අමතක වෙන්නෑ..ඇත්තමයි ඩාලීන්..යූ සෝ සුවිට්.

ඉතින් මෙච්චර ඉක්මනට යනවද යමුකො මොනා හරි බොන්න මගෙ කැබින් එකෙ තියෙනවා ම්ම්..බියර් එකක් බොමු කෙල්ලෙ එන්නකෝ..

ශේන් අයියා හරි ගිලින්න යන්නෙ මාව…දැන් නම් පපුව බයෙ ගැහෙනවා..දැන් මොකො කියන්නෙ …එක පාරම පැනලා ගියොත් මිහිරාන් සැක හිතාවි..කව්ද දන්නෙ මනුස්සයෙක් මැරෙන්න බෙහෙත් දෙන්න පුලුවන් මිනිහා මටත් මොනා හරි පොවයිද කියලා..මිහිරාන් දෙන ටොෆියක් වත් කන්න බයයි..අනික මෙතන එයත් එක්ක තනියෙන් ඉන්න එක ඊටත් වඩා බයානකයි..මිහිරාන් බලෙන් කෙල්ලන්ව ගන්නෙ නැති එක ඇත්තටම සහනයක්.නැත්තම් මන් මෙලහට ඉවරයි…දැන් මෙත්නින් ගැලවෙන්න ඕනී…ඔව්

අහ්හ් අහ්හ් ඌහ් අනෙ මිහිරාන් රිදෙනවා අත..මට බෑ ආහ්..උහ්..

මිහිරාන් ඇත්තටම කියලයි හිතුවෙ..ඒ තරමටම සේයාගෙ ඇක්ටින් වැඩෙ නැගලා යනවා…

ම්ම් යන් කෙල්ලෙ එන්න මන් ඇරලන්නම්..මොකේද ආවෙ..බයික් එකේද..

ම්ම් නෑ පාරෙ බස් එකෙ බයික් එක ඩ්‍ර්ව් කරන්නත් අමාරුයි ඒකයි..

ඇත්තටම මන් ආවෙ ශේන් අයියත් එක්ක…එයා පල්ලෙහා ඇති දැන් ඉතින් මේ මැටි හරකට ඒක කියන්න පුලුවන් යැයි..

යන් මන් ඩ්‍රොප් කරන්නම් යන ගමන් ම්මොනා හරි බොමු හරිද..ම්ම්

අපෝ අම්මො බෑ…මොනා පොවයිද කව්ද දන්නෙ..

ම්ම් මන් කැබ් සර්විස් එකකින් යන්නම්..තෑන්ක්ස් බබි ..තෑන්ක්ස්..

හ්ම්ම් හ්ම්ම් අපි එනවට කැමති නෑන්නී..ඕකේ ඕකේ..එහෙනම් ඉක්මනට ආයෙ එන්න සූටික්කියෝ..මට ඔයා නැතුව බෑ පැට්ටො..

හරි ඩාලීන්..යන්නම්..

අම්මො ඔයින් ගියා ඇති…බේරුනා..මන් ගැන හරියටම දැනගත්තු දාක මරාවි මිහිරාන් මාවත්..ආයෙ නම් මිහිරාන්ගෙ හෙවනැල්ල වත් වදින්න එන්නෙම නැ..නෑමයි..

මිහිරාන්ට පේන්න කැබ් එකකට නැගලා මගදි ශේන් අයියගෙ කාර් එකට නැග්ගා..

ම්ම් අයියා ඔන්න හරි..සේයා ඒකත් කලා..ෆිට් තමයි හොදේ…

ඇත්තමයි කෙල්ලෙ මට උඹව උස්සන් දුවන් යන්න තරම් සතුටුයි..අම්මෙ ඩීඑන් එස්ට කලින් හම්බුනානම් මටත්…නියම ඇක්ටින්..නියම සී අයි ඩී..නියමයි…නියමයි කියන්න වචන නෑ බන්..අපේ ගොන් හරකා මෙච්චර සල්ලි තියාන කරන්න බැරි උනු දේ ඔයා ඔයාගෙ රූපෙන් කරගත්තා..ඊලග නඩු දවසෙ ඔක්කොමල්ලා හෙල්ලෙයි ඔව් නියමයි …සුපිරි එලකිරි ගේම් එක..කෝ ආයෙත් දාමූ පහක්..

අහ් උහ්..රිදෙනවා

ඔය ඉතින් මටත් බොරුව..දැන් ඕක ගලෝනවා මෝඩී..

මේක බොරුවක් නෙමී මැට්ටො…උදෙ තුවාල උනා ඇත්තටම

මොකක්

ම්ම් ඔව්..අම්මට කැරට් කපලා දෙන්න ගිහින්..

ඈහ්..

ඔව් මේ දවස්වල ට්‍රේනින් මන්..කුකරි ක්ලාස්…

හික්ස්..

(මතු සබදි.. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *